2.07.2016

ලුණුදෙහි නොමිලේ

ගියපාර කෑම වට්ටෝරුව කීදෙනෙක් හදලා බැලුවද? ඕන ඔට්ටුවක් ඒ පෝස්ට් එක කියවපු අයගෙන් සීයට එකක්වත් හදලා බලන්න නැතුව ඇති. කමක් නෑ. එක එක මස් ජාති නොකන/කන එක එක්කෙනාගෙ කැමැත්තනෙ. ඉතින් ඒක හරි හෝ වැරදි කියලා තව කෙනෙක්ව විවේචනය කරන එක හෝ විනිශ්චය කරන එක හරි දෙයක් නෙමෙයි. ඒක නිසා ඒ කෑම හදපු නොහදපු හැමෝටම මෙන්න තවත් කෑමක්. මම හිතනවා ගොඩක් දෙනෙක් හදලා බලන්න උත්සාහ කරයි කියලා.
[1]

ලුණුදෙහි, නම ඇහුවාමත් කටට කෙළ උනනවා නේද? ලුණුදෙහි කියන්නෙ කවුරුත් එපා නොකියන කටට කෙළ උනන කෑමක්. ලුණුදෙහි හදන විදි කීපයක්ම තියෙනවා. ඒත් අද මම කියලා දෙන්න යන්නෙ ,සමහරවිට දන්නවාත් ඇති, කොහොමද ඉවත දමන දෙහි වලින් ලුණුදෙහි හදන්නෙ කියලා. කවුද බොලේ මේ දෙහි ගණන් කාලෙ දෙහි අහක දාන්නෙ? වැරදුනා. ඉවත දමන දෙහි වලින් නෙමෙයි දෙහි ලෙලි වලින්.

ඊට කලින් අපි බලමු ලුණුදෙහි හදන අනෙකුත් ක්‍රම. ඒ කිව්වෙ සාම්ප්‍රදායික ක්‍රම.

අව්වේ වේලන ලුණු දෙහි

 මේ ක්‍රමයෙදි කරන්නෙ දෙහි ගෙඩි හතරට පලලා මැද්දට ලුණු කැට පිරවීම. ඊට අමතරව ගෙඩි කීපයක් මිරිකලා අරගෙන දෙහි ඉස්ම ටිකකුත් එකතු කරගන්නවා.

දෙහි ගෙඩි හතරට පලලා මැද්දට ලුණු කැට පිරවීම [2]

ඊළඟට මේ ඔක්කොම හොඳින් වේලෙනකම් දවස් කීපයක් සමහරවිට සති කීපයක් අව්වේ තියනවා. ඊටපස්සෙ දෙහි ඉස්ම හොඳට කැකෑරිලා දෙහිගෙඩි වේලුනාම ඒ ඔක්කොම එක බෝතලේකට අඩුක් කරලා කාලයක් තියෙනවා හොඳට පදම් වෙන්න.

මේ ක්‍රමයෙන් හැදෙන ලුණුදෙහි මට නම් ටිකක් තිත්ත වගේ. ඉතින් මම එච්චර කැමති නෑ මේ ක්‍රමයට.

ක්ෂණික ලුණුදෙහි

මේ ක්‍රමයෙදි දෙහි කිලෝ එකකට ලුණු ග්‍රෑම් 500කුයි සීනි ග්‍රෑම් 250කුයි ඕනෑ. දෙහි ටික පොඩියට කපලා ලුණුයි සීනියි කලවම් කරලා ලිපේ තියනවා. දෙහි ටික බෙරි වෙනකන් හොඳට හැදිගාලා ඊටපස්සෙ උණුවෙන්ම බෝතල්වල අසුරනවා.

සීනි දාන හින්දමද මන්දා මේ ලුණුදෙහි වල මිහිරි රසයකුත් තියෙනවා ඇඹුල් රහත් එක්කම.

මේ තියෙන්නෙ දෙහි ලෙලි ක්‍රමය හෙවත් නොමිලේ ලුණුදෙහි ක්‍රමය

මේ ක්‍රමයෙදි වීදුරු බෝතලයක් අරගෙන ඒකට කෑලි මිරිස් ලුණු විනාකිරි දානවා බාගයක් විතර වැහෙන්න. ඊටපස්සෙ දවස ගානෙ මිරිකන දෙහි ලෙලි ටික දවසින් දවස අර බෝතලේට දානවා.

අපේ ගෙදර බෝතලේ
කාලයක් ගියාටපස්සෙ බෝතලේ පිරුනම ආයෙ කලවම් කරන්න තියෙන්නෙ. නිකම්ම ලුණුදෙහි. හැබැයි සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වෙනවා. 

හදලා බලමුද?

පින්තූර
[1]http://srilankans.com.au/sites/default/files/recipe/limepickle.jpg
[2]http://exploresrilanka.lk/wp-content/gallery/lunu-dehi/6-copy.jpg

31 comments:

  1. අන්න කරනවානම් වැඩක්...

    ReplyDelete
    Replies
    1. කරන්න නියම වැඩක් තමයි..

      Delete
  2. කාලයක් බලාගෙන ඉන්න එකනේ කරන්න අමාරු.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ක්ෂණික ලුණුදෙහි හදාගන්න තියෙන්නෙ. ඒවත් මාරම රහයි.

      Delete
  3. ගෙදර ලුණුදෙහි ඉවරවෙලා ලඟදීම ආයෙ හදන්න ඉන්නෙ.අපි හදන්නෙ පලවෙනි ක්‍රමේට.අනෙක් ක්‍රමත් අත්හදා බලන්න ඕන :)

    ReplyDelete
    Replies
    1. මම ක්‍රම තුනටම හදලා තියෙනවා. බලමු උත්සාහ කරලා. අන්තිම ක්‍රමයට නම් මහන්සිවෙන්න කියලා දෙයක් ඇත්තෙම නෑ. මිරිකන දෙහි ලෙල්ල කුණු කූඩෙට නොදා බෝතලේට දැම්මම හරි.

      Delete
  4. දෙහි ගණං කාලෙ ලෙල්ලවත් විසි කරන්නෙ නැතුව මේ වගේ වැඩක් කරන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. මම ක්ෂණික ක්‍රමයට ලුණුදෙහි හැදුවෙ ඉස්කෝලෙ යද්දි. ඒ කාලෙ දෙහි කිලෝ එකක් රුපියල් දහයටත් තිබුණා. ආයෙ ඒ වගේ කාලයක් එන එකක් නෑ.

      Delete
  5. අර උඩ පින්තූරේ පෙනෙන්නේ හරියට මිනිස් අක්මාවක පින්තූරයක් වගේ.

    ලුණු දෙහි වලට මම බොහොම මනාපයි. මේ දවස්වල දෙහි ලාබ නිසා හදලා බලන්න ඕනේ.

    යකෝ නාකි මට මේ පුංචි අකුරු කියවන්න බෑ. වහාම අකුරු ලොකු කරනු. නැත්තන් ජා ඇල පල්ලිය ඉදිරිපිටට ඇවිත් හොර පොල් ගහනවා.

    ReplyDelete
    Replies
    1. ctrl බටොන් එක ඔබාගෙන මීයගේ බෝලය උඩට කරකවන්න.. එතකොට ඉබේම අකුරු ලොකු වනු ඇත. හොර පොල් කැඩීමේ අවස්සයතාවෙන් ද නිදහස් වනු ඇත. :D

      Delete
    2. ඇයි යකෝ මේ වගේ ලණු දෙන්නේ. බෝලේ කරකවන්න ගිහින් කෑ ගහගෙන පුටුවෙන් වැටුණා. අපේ උන්දෑ ඇවිත් උස්සලා ගත්තා. වෙදමහත්තයා ලඟට ගිහින් පත්තුවක් බැඳගන්න උනා.

      Delete
    3. ඔබ වැරදි බෝලය කරකවා ඇත. නැවත වරක් උත්සාහ කරන්න.

      Delete
    4. @විචාරක,
      මිනිස් අක්මාවක්??

      මමත් එක පයින්ම කැමතියි. මාළු කිරට උයලා වට්ටක්කා එහෙම තියෙනදාකට ලුණුදෙහි කෑල්ලක් තිබ්බ නම් මරේ මරු.. දැනුත් කටට කෙළ උනනවා.

      අකුරු නම් සෑහෙන ලොකුයි විචාරක මහත්මයා. දැන් ඉතින් වයස නිසා පේනවා අඩු ඇති. වෙන වෙන බෝල කරකවන්න යන්නෙ නැතුව සෙන්නා කියන විදිහට කළා නම් හරි මමත් තව ටිකක් ලොකු කරන්න බලන්නම්.

      වෙච්චි දේ ගැන කණගාටුයි. ඒ උනාට දුක් වෙන්න එපා කොහොමත් පොල්ගස් නැගලා හමයන්න තිබ්බ එකනෙ. :D

      Delete
    5. @ සෙන්නා,
      ඔව් ඒ ක්‍රමය තමයි ලේසිම.

      දැන් 'ක්‍රමය' හරියට ලියන්න බෑනෙ. මොන කෙහෙල්මලක්ද මන්දා..

      @ ප්‍රසන්න,

      හික් හික්..

      Delete
    6. නොදකින් විතරක් වල් දෙමළ නයන්නා. උගේ කීම අහලා අනික් පැත්තේ බොලේ කැරකුවා. මේ පාර වැටුනේ පුටුවේ අනික් පැත්තට. ඇයි යකෝ තොපි මට මෙහෙම කරන්නේ?

      Delete
    7. යකෝ බෝල දේකේ මීයොත් ඉන්නවද ?? මම ඔය ඇහුවමයි...����

      Delete
    8. ඔයින් බේරුණා මදෑ..

      Delete
  6. අපේ ගෙදර තියෙන්නේ කූඩලු දෙහි (නම හරිද මන්දා). මම ඒකෙන් ජෑම් හදන විදියට ඉස්ම සහ ලෙලි දාලා සීනි වෙනුවට ලුනු දාලා තලපයක් හදනවා. ඒකත් නරක නෑ. ඔය සම්බන්ධ දෙයක් දන්නවද?

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙව්වා නේද?

      ඉස්සර හිනිදුම පැත්තෙ ලුණුදෙහි (ලුණු කූඩලු දෙහි ? ) විකුණන්න තිබුනෙ මේවලින් හදලා. රහ ටිකක් අමුතුයි වගේ.

      //ඔය සම්බන්ධ දෙයක් දන්නවද?// කිව්වනම් බලන්න

      Delete
    2. ඔය දෙහි නෙමෙයි තුනී ලෙල්ලක් තියෙන ඉදුනුවිට තැඹිලිපාට ගෝලාකාර වර්ගවක්.

      Delete
    3. මේ කියන්නේ අර ගහේ ගෙඩි පිරිලා හැදෙන, සාමාන්‍ය දෙහි වලට වඩා කුඩා වර්ගයද? ගෙඩි ඉදුනම ගහට ලයිට් දාලා වගේ.

      Delete
  7. ඈ බං. ලුණුදෙහි නම ඇහුවම කටට කෙළ උනනවද? මඟුලයි ! මට ලෙඩක්ද මන්දා. මට ඕවා දකිනකොටත් අප්පිරියයි. ඇඹුල් රස මට හරියන්නෙම නෑ බං. අපේ ගෙදරත් ඒ දවස්වල අක්ක ඉද්දි හැදුවා. ගෙදර අනිත් උන් බත් කනකොට එහෙම ඔය කෑල්ලක් දාගෙන කනව.

    ReplyDelete
    Replies
    1. //ලුණුදෙහි නම ඇහුවම කටට කෙළ උනනවද?// දෙහි ඇඹුල් වලට කෙළ උනනවා වගේ තමයි. මරු කෑමක්නෙ. කෑම රුචිය වැඩි කරන කෑමක් කියලනෙ ප්‍රසිද්ධ.

      ඔය වගේම දෙයක් තමයි අනික් ඔක්කොම දෙල් මරු කෑමක් කියලා මැරෙන්න හදද්දි මට කටේ තියන්න බැරි මල ජරාවක් වීම.

      Delete
    2. //අනික් ඔක්කොම දෙල් මරු කෑමක් කියලා මැරෙන්න හදද්දි මට කටේ තියන්න බැරි මල ජරාවක් වීම//

      අපොයි දෙයියනේ! ඒකනම් හරිම අවාසනාවක්. බත් එක්ක පොඩිකරන් කන්න තම්බපු දෙල් කෑල්ලක් තියෙනව නම් කොච්චර හොඳද. (හැබැයි සමහර දෙල් ගස්වල ගෙඩි තැම්බුවම ලෑලි පතුරු වගේ, ඒවනම් කොහොමත් හරිනෑ ළමයා. සමහර දෙල් නම් තැම්බුවම පුළුන්ගොඩ වගේ දැක්කම ආසයි. මම කිව්වෙ එහෙම ඒව ගැන, මඤ්ඤොක්කාවලටත් ඔය ලෙඩේම තියෙනව ඉතිං.)

      ආ... හරි හරි .. උඹ කියන්න ඕන නෑ, ලුණු දෙහිත් එහෙමයි කියල මම හිතාගන්නම්කෝ.

      Delete
    3. :D

      එහෙනම් මම මොකුත් කියන්නෙ නෑ. සමහරවිට මම කන්න පටන් අරන් තියෙන්නෙ වැරදි දෙල් ගෙඩියකින්ද දන්නෙ නෑ. ඒ උනත් අනිත් දෙලුත් කටේ තියන්න බෑනෙ.

      Delete
  8. මම කැමතියි අර ක්ෂණික ලුණු දෙහි රෙසිපියට.

    ReplyDelete
    Replies
    1. ටක්ගාලා හැදුවැකි. මම ඉස්කෝලෙ යද්දි හදලා නෑයො හැමෝටම වගේ බෙදුවා.

      Delete
  9. kela gileee

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  10. ලුණු දෙහි... මටත් සෙට් වෙන්නෙ සමහර වෙලාවට විතරයි.ඒත් අව්වෙ දෙහි වේලනකොට ඒකෙ දාල තියෙන ලුණු කැට නම් පට්ට රහයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මම එහෙම ලුණු කැට නම් කාලා නෑ. අව්වෙ දාපු ලුණුදෙහි නම් තිත්තයි කියලා දන්නවා.

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...