12.09.2016

ජූරියේ තීරණය

එක ජූරියක්. පුද්ගලයන් දොළොස් දෙනෙක්. එක තීරණයක්. ළමයෙකුගේ ජීවිතය හෝ මරණය තීරණය වෙන තීරණයක්. මම මේ විදිහට හැඳින්වූයේ 1957 වර්ෂයේ විකාශනය වෙච්චි 12 Angry Men (1957) කියන චිත්‍රපටිය ගැන. 

කාලයකට කලින් බලන්න කියලා අරන් තියාගත්තේ IMDB ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් තියෙන චිත්‍රපට මම එකින් එක බලාගෙන යමින් තියෙන හින්දා. රූපරාමු දැක්කම නම් මට හිතුනේ එච්චර සාර්ථක චිත්‍රපටියක් කියලා නෙමෙයි. ඒත් අන්තිමේදී කතාව රසවත්. 

පොතේ ලියවී ඇති නීතිය රීතිය කුමක් වුවත් එකිනෙකාගේ තීරණ වලට ඔවුන්ගේ පෞද්ගලික මතය එහෙම නැත්නම් අභ්‍යන්තරයෙන් එන සිතුවිල්ල කොතරම් බලපානවද කියන එක මනාව ප්‍රදර්ශනය වන තැනක් තමයි මේ චිත්‍රපටිය. 

ඕගොල්ලොත් වෙලාවක් තිබුනොත් බලන්න. 

15 comments:

  1. ඇන්ග්‍රි මෙන් ලා ජූරියක ඉන්න එක හරි භයානකයි නේ...

    ReplyDelete
    Replies
    1. මේ චිත්‍රපටියේත් ඒ දේම තමයි පෙන්වන්නෙ. බුද්ධියෙන් නැතුව හදවතින් තීරණ ගතයුතු බව.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. http://www.baiscopelk.com/12-angry-men-1957-දොලොස්දෙනෙකුගේ-අදහස්/

    ReplyDelete
    Replies
    1. මේ ලින්ක් එකට බොහෝම ස්තූතියි ඇනෝ.

      Delete
    2. ඇනෝට මගෙත් ස්තුතිය

      Delete
  4. බාගෙන බලලා යමක් කියන්නම්.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතුවෙම විචාරක මහත්මයා මේක අනිවාර්යෙන් බලලා ඇති කියලා. බලලම කියන්නකො එහෙනම්.

      Delete
  5. ඔය ලිස්ට් එකේ ඉහළින්ම තියෙන ෆිල්ම් කීපය මගේ ළඟත් තියෙනවා, මේ ෆිල්ම් එකත් ඇතුළුව. හරීටත් ටිකක් වෙනස්ම තේරීම් නේ තියෙන්නෙ. ආ....

    මම මේ සිනමාපටය දැනට තුන්පාරක් බැලුවා. ඒත් එපා වෙන්නෙ නැති කතාවක්. මේ මුළු කතාවම වගේ දිවෙන්නෙ එකම කාමරයක් ඇතුලෙ, විවිධ දර්ශන තල නෑ. ඉතිං මමත් මුලදි හිතුවෙ එපා වෙයි කියල, ඒත් එක පාරක් බැලුවම ඒක අමුතුම අත්දැකීමක් වුනා. අනික මේකෙ චරිත නම්වලින් හඳුන්වන්නෙ නෑ. චිත්‍රපටය ඉවර වෙන වෙලාවෙ චරිත දෙකක් තමන්ගෙ නම කියනව ඇරෙන්න චරිතවලට නමක්වත් නෑ. අපි බලන අනෙක් ෆිල්ම් එක්ක බැලුවම ඇත්තටම මේක අමුතුම අත්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. මමත් එකින් එක බලාගෙන යනවා. :) වෙනස්ම කියන්නත් බෑ ඉතින්. ඒත් ලංකාවෙ බහුතරයට වඩා වෙනස්. :)

      මම කොහොමත් බලන්න කලින් ටිකක් තැනින් තැනින් බලනවා කොහොමද කියලා. මේකත් එහෙම බලලා පැත්තකට දාලා තිබිච්ච එකක්. පස්සෙ විකියෙන් කතාව කියෙව්වම තමයි බලන්න හිතුනෙ.

      ඇයි කාන්තා චරිතයක් නැතිවීම.

      Delete
  6. මං පෙරේදා memories of murders (2003)බැලුවා,මං තාමත් ඒකෙ මිනීමරුවා කවුද කියල කල්පනා කරනවා.

    ReplyDelete
  7. මෙය පදනම් කරගෙන වේදිකා නාට්‍යයක් හැදුවා වගේ මතකයි. 'දොළහක්' වගේ තමයි නම මතක.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...