7.16.2012

ජින්නායි උපාලියි බේරුනේ කොහොමද?

අද පොඩි වෙනසකටත් එක්ක IQ ප්‍රශ්න දෙකක් අහන්න හිතුවා. හෝව්.. හෝව්.. කලබල වෙන්න එපා. පොරොන්දු වෙච්ච ලිපි ලියනවා. කරුණු හොයමින් යන්නෙ. මම කලිනුත් IQ ප්‍රශ්න ඇහුවා වගේම එව්වට හොඳ ප්‍රතිචාරත් ලැබුනා. 


මෙන්න අද ප්‍රශ්නය.  ඔයාලා කියවල ඇතිනෙ මඩොල් දූව. අර මාටින් ව්ක්‍රමසිංහ මහත්මයා අතින් ලියවුනේ. එන්න ඒකෙ ජින්නයි උපාලියි ගැන නොදන්නෙ කවුද? හැබැයි මාටින් මහත්මයා කතාව ලියනකොට ඇත්තම සිද්ධිය ලිව්වෙ නෑ. කතාව ලස්සන වෙන්නත් එක්ක කෑලි අතින්දාලා තමයි ලිව්වෙ. ඔන්න මම අද කියනවා ඇත්ත කතාව.

 දූපතක් වැව්වට මොකද ජින්නයි උපාලියි දෙන්න වස කම්මැලියො. දූපතට ගොඩබැහැපු වෙලේ ඉඳන් ගෙනාපු කෑම ටික කකා දවස් ගානක් හිටියා. ඔහොම ඉඳිද්දි කැලේ සරුවට වැවුනා. ඒ වගේම මතකද අර යවුල් විදිහට තියෙනවා කිව්ව කඩොල් උල් එව්වත් වැවුනා. දැන් දෙන්නට පුදුම වැඩක් වුනේ උල් නිසා දූපතෙන් එළියට බහින්න බෑ. දෙන්නට කල්පනා වුනා මෙහෙම හිටියොත් බඩගින්නෙ මැරෙන්න වෙන බව. ඒක නිසා තමුන් සන්තකවෙලා තිබුන එකම වස්තුව වෙච්ච ගිනිපෙට්ටියෙන් කැලේ ගිනි තියලා වවන්න සූදානම් වුනා. 

එදා බටහිරෙන් සුළං එන නිසා දූපතේ බටහිරෙන් ගිනි දැල්වුවා.  හොඳට සුළං අල්ලපු නිසා ගින්න බුර බුරා නැගුනා. ටිකකින් තමයි දෙන්නට වැඩේ පත්තුවෙන්නෙ මුලු දූපත පුරාම කැලේ තියෙන නිසා දූපතම ගිනි ගනීවි. දෙන්නම මැරේවි. ගඟට පනින්නත් බෑ උල් නිසා. ගින්න නිවන්න එකම උපකරණයක්වත් නෑ. කලින් කිව්වා වගේ සන්තකේටම තිබුනෙ ගිනිපෙට්ටිය විතරයි.  

ඉතින් මම අහන්නෙ මේගොල්ලො කොහොමද ගින්නෙන් බේරුනේ?

----------------------------------------------------------------------------

දැන් කියන්න යන්නෙ සතොසේ කතාවක්. අර සමූපකාර තොග වෙළඳ සංස්ථාව කියන්නෙ. බැලූ බැල්මට නිකම්ම කඩයක් කියලා පෙනුනට ඔතන බොහොම අරුම පුදුම තැනක්. උදලුතලත් මීයෝ කනවා කියන්නෙ. ඇත්තටම ඔතන පෞරාණික කමත් එක්ක එහෙම දේවල් නොවෙන එකත් පුදුමයක්. අර කවුද කියන්නා වාගේ ඕක හොයාගත්තෙත් රාවණා රජ්ජුරුවෝ ද කියන්න මම හරියටම දන්නෙ නෑ. ඒත් ගුත්තිල පඬිතුමාගෙ කාලෙ තිබ්බා කියලා නම් ටක්කෙටම කිව්වැකි. බොරුනම් බලන්ඩ අරක්කු බොන්ඩ සතොසට ආපු වල් මිනිහෙක් ගැන කවියක් නැද්ද කියලා.

කතාවෙන් කතාවෙන් කියන්න තියෙනදේ අමතක වෙනවා. ඉතින් මේ සතොසෙ සේවකයො දහයක් හිටියලු.  එක සේවකයෙක් සීනි කිලෝ එකේ පැකට් දහයක් හදලා ගෝනියකට දාන්න ඕනලු. වැඩේ තේරුනානෙ එක ගෝනියක් කිලෝ 10ක් බරයි. එතන සීනි කිලෝ එකේ පැකට් 10යි.

හැබැයි මෙතන හිටියලු තමුන්ගේ දරුපවුල මේ පුංචි පඩියෙන් නඩත්තු කරන්න බැරි නිසා පොඩි පොඩි දේවල් කරන චෞරයෙක්.  මිනිහා හදපු හැම පැකට් එකෙන්ම ග්‍රැරෑම් 100ක් ඉස්සුවාලු. ඒ කියන්නෙ මිනිහා හදපු පැකට් දහයම කිලෝ නමයයි. ග්‍රෑම් නවසීයෙ පැකට් 10යි.

 අහු නොවෙයි කියලා හිතුවට පළපුරුදු නාට්ටාමි අයියට ගෝනි උස්සද්දි එක ගෝනියක බර අඩුව තිබුන බව දැනෙනවා. හැබැයි ගෝනි ටික එකටම දැම්ම නිසා මේකයි කියලා පෙන්නන්න බෑලු. මිනිහා කෙලින්ම යන්නෙ මැනේජර් ළඟට. 'සර් මේ එක ගෝනියක බර අඩුයි. ගෝනිය ගෝනිය කිරමු. ගෝනි අඳුනාගන්න පුලුවන් නිසා හොරාව අල්ලාගත්තැකි'

ඒත් මැනේජර් මොළකාරයා. 'දහපාරක් ඕනෙ නෑ මම එකපාරක් කිරලා හොරාව අල්ලන්නම්.'

ප්‍රශ්නය තමයි සීනි කිලෝ එකේ පැකට් දහයක් දාලා හදලා තියෙන ගෝනි 9ක් අතර තියෙන ග්‍රෑම් නමසීයේ පැකට් තියෙන ගෝනිය එක පාරක් කිරලා හොයාගන්නෙ කොහොමද?

ඔන්න ප්‍රශ්න..

93 comments:

  1. කම්පනා කරලා කියන් නං

    ReplyDelete
    Replies
    1. කම්පනාවට ආවොත් කියන්න ඕනා හොඳද?

      Delete
  2. අර උඩ ප්‍රශ්නෙ වගෙ එකක් රජාත් ඇහුවා නේද හරී?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. දාලා නේන්නම්.. හපොයි අපසාදෙ මම ඒක කලින් දැක්කෙ නෑනෙ.. දැන් ඉතින් දෙවැනි එකටවත් උත්තරේ කියන්නලා..

      Delete
  3. පලවෙනි එකට උත්තරේ:අපි කොහොමද ඔය කතාව ඔය විදියට වුනි කියලා? හිතන්නේ.

    දෙවෙනි එකට:අනුමාන කරලා හරියටම කිලෝ නවයේ ගෝනිය කිරනවා.

    ReplyDelete
    Replies
    1. කරන්ඩ දෙයක් නෑ.. එහෙම හිතලා ගින්නෙන් බේරුනු හැටි කියන්ඩ වෙනවා.. ඔච්චර නහින්න දෙයක් නෑ.. අඩවි රජා කලින් මේ ප්‍රශ්ණෙම අහලා.. එතනින් බලන් ඇවිත් උත්තරේ මෙතන කොටහං..

      Delete
    2. මේ බ්ලොග්ස් පොට් අඩවියට මට සම්බන්ධ වෙන්න පුලුවන්ද කතුවරයෙක් විදිහට?

      Delete
  4. ප්‍රශ්න දෙක කියෙව්වෙමි :)

    ReplyDelete
    Replies
    1. කියවලා දුන්නු උත්තරේ හරිද?

      Delete
    2. ඒක තමා...කෝ හරී ඒක දාලා නෑ නේ :(

      Delete
  5. මෙහෙමනෙ,ඔක්කොම ටික පටවලා බර බල බලා එක ගෝනිය එක ගෝනිය අයින් කරනවා.එතකොට කිලෝ දහය දහය අඩු වෙනවා කියලා මීටරේ පේනවා.ඒත් එක තැනකදි කිලෝ 9 අයින් වෙන්නෙ.ඒක තමා අර ගෝනිය.

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න බෑනෙ මලේ.. මැනේජර් කියන්නෙ එකපාරින් බර හොයනවා කියලනෙ.. ඒ කියන්නෙ පාඨාංකය බලන්න පුලුවන් එකපාරයි..

      Delete
    2. එහෙම කරන්ඩෙ කොහොමද?

      ඉක්මනට කියන්ඩෝ.

      Delete
  6. පලවෙනි එක නම් හරියටම දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාසෙ කලින් ඔය ප්‍රශ්නෙට උත්තරේ පල වෙලානෙ..

      Delete
  7. අපොයි... මටනම් බෑ බං...

    ReplyDelete
    Replies
    1. මතකද මේ සිංදුව..

      බෑයි කියලා බෑයි කියලා බෑ..

      Delete
  8. ගින්නට විසඳුම 'ප්‍රති ගිනි වැට' මටනම් බැහැ ඔය සීනි කිර කිරා ඉන්ඩ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ප්‍රතිගිනිවැට කිව්වම මට තේරුනේ නෑ.. පැහැදිලි කොරාන්ඩ..

      "මටනම් බැහැ ඔය සීනි කිර කිරා ඉන්ඩ." අනුන්ගෙ සීනි කිරඩ ගියාම අතිනුත් දාන්ඩ වෙනවා කියනවානෙ :) මම හිතුවා සතොස ගැනවත් මොකුත් කියයි කියලා..

      Delete
    2. බටහිරෙන් කියන්නේ දූපතේ බටහිර වෙරළේ ඉඳලා ගිනි තිබ්බානම් ඒ දෙන්නට කිසිම ප්‍රශ්නයක් නැහැ ගින්නෙන්. ගින්න යන්නේ තමන් ඉන්න තැන ඉඳලා ඉදිරියට. ඊට ඇතුලෙන් ඉඳලා තමන්ගේ මූණ පැත්තට ගිනි අවුලුවාගන්නේ නැහැනේ කවුරුවත්. තමන් ගින්න අවිලුවාට පසු ගින්න තමන් දෙසට එනවානම් හැකි තරං ඈතට ගොස් පොඩි කමතක් වගේ කවාකාර ප්‍රදේශයක කැලය එලි කරලා වටේට ගිනි තියනවා. එවිට ඒ ගින්න තමන් සිටින තැන සිට පිටතටයි පැතිරෙන්නේ. එවිට දැනට ඇවිලෙමින් එන ගින්න, අතරමගදී මේ ගින්නට හමුවී, ගිනි ගැනීම අවසන් වෙනවා.

      Delete
    3. මෙතනට දුන්න රිප්ලයි එකත් ස්පෑම් වගේ. පොඩ්ඩක් බලන්න.

      Delete
    4. ඒක තියෙනවා.. උත්තරයක් වගේ වගේ නිසා පබ්ලිශ් කළේ නෑ..

      Delete
  9. හපොයි තව පොඩ්ඩෙන් මොළෙත් කුරුවල් වෙනවා....ඔන්න දෙවැනි ප්‍රශ්නෙට උත්තරයක්‌ හිතා ගත්තා....හරිද බලන්ට..

    දැන් ඔතන ගෝනි 10ක් තියනවනේ. පලවෙනි ගෝනියෙන් එක පැකට් එකකුත් දෙවැනි ගෝනියෙන් පැකට් 2 කුත් 3 වෙනි ගෝනියෙන් 3 කුත් මේ විදියට ගෝනි 10 න් පැකට් අරගෙන තරාදිය උඩින් තියනවා. එතකොට ඔනත මුළු පැකට් ගාන 50 යි. හරි විදියට බර තිබුනානම් තරාදියේ කිලෝ 50 ක් පෙන්නන්න ඕන.

    හැබැයි අර හොර ගෝනියෙන් ගත්ත පැකට් ඔතන තියන හින්දා තරාදියෙන් පෙන්නන්නේ ඊට අඩු බරක්. (උදා: හැටියට හිතමු 4 වෙනි ගෝනිය තමයි හොර ගෝනිය කියලා. ඒ කියන්නේ ඒකෙන් පැකට් 4 ක් තරාදිය උඩ තියලා නේ. එතකොට තරාදියේ පෙන්නන බර කිලෝ 49 යි ග්‍රෑම් 600 යි). එතකොට අපිට හොයා ගන්න පුළුවන් අඩු බර. මේ උදාහරනේ හැටියට නම් 50 - 49.6 = ග්‍රෑම් 400.

    ඒ කියන්නේ ග්‍රෑම් 100 ඒවා 4 ක් අඩු වෙලා. ඒකෙන් දැනගන්න පුළුවන් පැකට් 4 ක් තියපු ගෝනිය තමයි හොර ගෝනිය කියලා. ඒ කියන්නේ 4 වෙනි ගෝනිය.

    මිට වඩා ලේසි ක්‍රම තියද දන්නේ නෑ. කොහොම හරි මේ ක්‍රමේදී බර කිරන්න වෙන්නේ එක පාරයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න හරි උත්තරේ..

      Delete
    2. මම හිතන්නෙ ඕක කරන්න බෑ.හේතුව මම පහල දැම්මා.

      Delete
  10. මගේ මේ පැත්ත නම් "නිල්" :(

    …මඩොල්දූවේ කතාවට සමාන කතාවක් අඩවි රජා අහලා තිබුණා වගේ මතකයි

    ReplyDelete
    Replies
    1. දාලා නේන්නම්.. හපොයි අපසාදෙ මම ඒක කලින් දැක්කෙ නෑනෙ.. දැන් ඉතින් දෙවැනි එකටවත් උත්තරේ කියන්නලා..

      Delete
  11. හෆ්ෆා අර දෙවෙනි ප්‍රශ්ණේ ඕළුව අවුල්ම කලානේ..

    ReplyDelete
    Replies
    1. බේත් කිරනවා වගේ නෙමෙයි සීනි කිරන එක :)

      Delete
  12. උත්තරේ ලැබෙනකන් කට බලියන් බලන් ඉන්නවා
    කවුරු හරි උත්තරේ දාන්නේ නැතෑ !!! හික්ස් :)
    බලාගෙන ගියහම මම් මාර කම්මැලියෙක් නෙව !

    ReplyDelete
    Replies
    1. බකන් නිලන් බඩ උලන් ඉන්නෙ නැතුව හොයපං බං උත්තරේ..

      Delete
    2. කෝ උත්තරේ. අපිට වහාම උත්තර දෙනු !!!

      Delete
    3. ඔහෙ හිටු!

      Delete
  13. ඕන ඔට්ටුවක් උබට ඕවට උත්තර දෙන්න බෑ හා පුලුවන්නම් උත්තර දෙක කියහන් :D

    ReplyDelete
    Replies
    1. අනිත් කට්ටියට අවස්ථාව දෙමු බං..

      (හිමින්) කාටවත් කියන්ඩ එපා. මමත් දන්නෙ නැති නිසයි ඇහුවෙ.. :)

      Delete
  14. දැන්නම් බුද්ධි පරීක්ෂන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඔලුව වෙහෙසන්න කම්මැලියි. ඒත් අර පළවෙනි ප්‍රශ්නෙට උත්තරයක් තිබුණා මුලින්ම හරි මැදින් ගිනි තියන්න කියලා. මට මතක හැටියට අඩවි රජාගෙ තෑගි දෙන ප්‍රශ්ණ වැලේ එකක්.

    දෙවනි එක නම් අර නාට්ටාමි කියනවා නේ එකක බර අඩුයි කියලා ඒක තෝරගෙන කෙලින්ම කරලා බැලුවානම් වැඩේ ගොඩ

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙ කාලෙ ඔව්වට මහන්සි වුනාට දැන් මගෙත් මොලේ මලකඩ කාලා.. ඒත් මේකෙදි මුලින්ම බටහිර කොන අවුලවලා ඉවරයි.. ඊළඟට මොකෝ කරන්නෙ කියලයි අහන්නෙ..

      එහෙම කිරන්න බෑනෙ.. නාට්ටාමිට මතක නෑ මොන ගෝනියද බර අඩු කියලා..

      Delete
  15. සතොස කලමණාකරු එක ගෝනියකින් පැකට් 1ක් ගන්නවා. ඊලඟ එකෙන් 2ක් ගන්නවා. ඊලඟ එකෙන් පැකට් 3ක් ආදී වශයෙන් අවසන් එකෙන් පැකට් 10ක් ද අරන් ඔක්කෝම එකපාර කිරනවා.....
    උත්තරේ ඊට පස්සෙ ටික මම කියන්ඩද ඔයාලම කියනවද??? :-D

    ReplyDelete
  16. මගේ කමෙන්ට් එක ආවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. Spam අස්සෙ ගිහින් තිබිලා ඇදලා අරන් දැම්මා..

      Delete
  17. එක ගෝනියක කිලෝ එකක් සීනි අඩුයි නේ. ඔක්කොම ගෝනි එකපාර අරගෙන ගෝනියකට පස්සේ ගෝනිය ගානේ (එක උඩ එක) තරාදියට දානකොට හැම ගෝනියම කිලෝ 10 න් 10 වැඩිවෙන්න ඕනේ. එකක් දැම්මාම වැඩිවෙන්නේ කිලෝ 9. බඩු මාට්ටු.

    ReplyDelete
    Replies
    1. එහෙම කිරනවට මැනේජර් කැමති නෑනෙ.. මිනිහට ඕනෙ එක පාඨාංකයක් බලලා හොරා අල්ලන්න..

      Delete
  18. මඩොල්දූව ප්‍රශ්නේට උත්තරේ උඩ තියෙනවා...

    සතොස ප්‍රශ්නෙට උත්තරේ :

    ගෝනි ටික ලේබල් කරනවා 1 සිට 10 ට... ඊට පස්සේ පලවෙනි ගෝනියෙන් එක පැකට් එකක් දෙවෙනි ගෝනියෙන් පැකට් දෙකක් යනාදි වශයෙන් අරන් සේරම එකට කිරනවා... කිලෝ එකේ පැකට් සේරගෙන්ම එන්න ඕනේ මුළු ගනනෙන් ග්‍රෑම් 100ක් අඩුයි නම් ග්‍රෑම් 900 පැකට් තියෙන්නේ පළවෙනි ගෝනියේ... ග්‍රෑම් 200ක් අඩුයි නම් දෙවනි ගෝනියේ.. යනාදී වශයෙන්...

    ReplyDelete
  19. මෙන්න දැන් එහෙනම් මගෙන් ප්‍රශ්නයක්.. සතොසට සීනි ගේන ගමන් මග තියෙන සමූපකාරෙටත් සීනි ටිකක් බාගෙන යන්න කියලා කෝල් එකක් එනවා... සීනි පැකට් 1000ක් තියෙනවා...මේක ගෝනි 10කට දාන්න ඕනේ... හැබැයි සමූපකාරෙට ඕනේ පැකට් ගාන සීනි පටවන තැන අය දන්නේ නෑ... ලොරියේ ඩ්‍රයිවර් කියනවා මට මගදී ගෝනි ඇර ඇර ඉන්න බෑ සමූපකාරෙන් පැකට් කීයක් ඉල්ලුවත් ගෝනි ලෙහන්නේ නැතුව දෙන්න පුළුවන් විදියට ගෝනි වලට පැකට් ටික දාලා දෙන්න කියලා...

    උදා : සමූපකාරෙන් කිව්වොත් පැකට් 10 ඕනේ කියලා රියදුරා 5 ගෝනියයි 3 ගෝනියයි 2 ගෝනියයි දීලා යනවා...

    සමූපකාරෙන් ඉල්ලන ඕනේ පැකට් ගානක් ගෝනි ලෙහන්නේ නැතුව දෙන්න පුළුවන් විදියට සීනි පැකට් 1000 ගෝනි 10 යට දාන්නේ කොහොමද..?

    ReplyDelete
    Replies
    1. හපොයි.. අනුන්ගෙ සීනි කිරන්න ගිය මට වෙච්චි දෙයක්..

      Delete
    2. සුරේකා..සුරේකා. නෑ.. නෑ.. යුරේකා යුරේකා හොයාගත්තා උත්තරේ.. අනිත් අයටත් චාන්ස් එක දෙමු විසඳන්න.. ඔන්න බීටල්ට මම මේලයක් එව්වා..

      Delete
    3. කට්ටිය මේකටත් උත්තර දෙන්න

      Delete
    4. බීටල්ගෙ ප්‍රශ්නෙට උත්තරේ එන්න ඕනෙ මේ විදිහට.. මගෙ උත්තරේ හරිලු.

      ගෝනි 10ට දාන්න ඕනෑ.. 1,2,4,8,16,32,64,128,489 විදිහට.. යම සංඛ්‍යාවක් දෙකේ පාදයෙන් ලියන විදිහ හිතලා තමයි මම උත්තරේ කිව්වෙ.. අන්තිමේදි ගෝනි 10 එකතුව 1000 වෙන්න ඕනෙ නිසා 489 දැම්මා..

      Delete
    5. හරීට 256 ගෝනිය මඟඇරිලා...

      ඕනිනම් තව ප්‍රශ්ණ සෙට් එකක් මෙතන තියෙනවා... හැබැයි දෙකක් ඇරෙන්න අනිත් ටික විසඳලා තියෙන්නේ... :)

      Delete
    6. ස්තුතියි බීටල්..

      Delete
  20. දන්නේ නැහැ ...

    ReplyDelete
  21. අයියෝ කෝ උත්තරේ ???

    ReplyDelete
    Replies
    1. දෙන්නම් ඉන්ඩෝ..

      Delete
  22. හරී..... කෝ උත්තරේ??? :-" . කස්ටියට පොඩි ඉඟියක් දෙමුද?

    ReplyDelete
    Replies
    1. :-D අනේ චූටි ඉඟියක්.... කස්ටිය පවුනේ....

      Delete
  23. මට තේරුනේ නෑ අප්පා

    ReplyDelete
    Replies
    1. පහළ තියෙන ඉඟියවත් පාවිච්චි කරමු..

      Delete
  24. අනේ අප්පා,,

    ReplyDelete
  25. අනේ අප්පා,,

    ReplyDelete
  26. Replies
    1. තාම චූටි මොළේනෙ.. මෝරපුවාම හරියයි..

      Delete
  27. 1+2+3+4+5+6+7+8+9+10
    ඔය තියෙන්නේ උත්තරේ. වැඩි විස්තර ලියන්න කම්මැලියි අප්පා.......................

    ReplyDelete
    Replies
    1. @ Sampath(nepa) & all,

      මේක වැරදීමකින් පබ්ලිශ් වුනේ.. ඔන්න කට්ටියට පුලුවන් මේක ඉඟියකට පාවිච්චි කරන්න..

      Delete
    2. මේකත් හරි..

      Delete
  28. උත්තරේ අද රෑ අටට දෙනවා.. එතකන් ඉඟියත් පාවිච්චි කරලා බලන්න.. බීටල්ගෙ ප්‍රශ්නෙටත් උත්තර දෙන්න..

    ReplyDelete
  29. තව විනාඩි 45යිනෙ.. ඔන්න ඔහේ ඒකත් ඉවසන් ඉන්නවා... :-D

    ReplyDelete
    Replies
    1. අයියෝ වෙනි අයියේ විනාඩි 45කින් කොච්චර දේවල් කරන්න පුලුවන්ද?

      Delete
  30. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි

    ජින්නයි උපාලියි බටහිරෙන් ගිනි තිබ්බම බටහිරින් එන හුළඟ නිසා ගින්න දූපතේ නැගෙනහිර දෙසට ඇවිලෙනවා. ඉතින් ජින්නයි උපාලියි කරන්නෙ දූපතේ නැගෙනහිර කොන කිට්ටුව ප්‍රදේශයකට ගිනි තියන එකයි. එතකොට අර ගින්න එන්න කලින් ඒ ටික ඇවිලිලා ඉවර වෙනවා. එතකොට දෙන්නට පුලුවන් ඇවිලුනු කෑල්ලට වෙලා ඉන්න..

    මේ ප්‍රශ්නය කලින් බ්ලොගයක පළවූවක් කිව්ව නිසා මම ඒ උත්තරයට පිළිතුරු බලාපොරොත්තු වුනේ නෑ.. ඒත් විචාරක මහතා ඒ ප්‍රශ්නයටත් පිළ්ළිතුරු දී තිබෙනවා..

    දෙවැනි ප්‍රශ්නයට පිළිතුර..

    දැන් ඔතන ගෝනි 10ක් තියනවනේ. පලවෙනි ගෝනියෙන් එක පැකට් එකකුත් දෙවැනි ගෝනියෙන් පැකට් 2 කුත් 3 වෙනි ගෝනියෙන් 3 කුත් මේ විදියට ගෝනි 10 න් පැකට් අරගෙන තරාදිය උඩින් තියනවා. එතකොට ඔනත මුළු පැකට් ගාන 50 යි. හරි විදියට බර තිබුනානම් තරාදියේ කිලෝ 50 ක් පෙන්නන්න ඕන.

    හැබැයි අර හොර ගෝනියෙන් ගත්ත පැකට් ඔතන තියන හින්දා තරාදියෙන් පෙන්නන්නේ ඊට අඩු බරක්. (උදා: හැටියට හිතමු 4 වෙනි ගෝනිය තමයි හොර ගෝනිය කියලා. ඒ කියන්නේ ඒකෙන් පැකට් 4 ක් තරාදිය උඩ තියලා නේ. එතකොට තරාදියේ පෙන්නන බර කිලෝ 49 යි ග්‍රෑම් 600 යි). එතකොට අපිට හොයා ගන්න පුළුවන් අඩු බර. මේ උදාහරනේ හැටියට නම් 50 - 49.6 = ග්‍රෑම් 400.

    ඒ කියන්නේ ග්‍රෑම් 100 ඒවා 4 ක් අඩු වෙලා. ඒකෙන් දැනගන්න පුළුවන් පැකට් 4 ක් තියපු ගෝනිය තමයි හොර ගෝනිය කියලා. ඒ කියන්නේ 4 වෙනි ගෝනිය.

    සයුරිගෙ උත්තරය කොපි කරලම දැම්මා.. මේ සඳහා සයුරිත් බීටලුත් කන්නන්ගරත් නිවැරදි පිළිතුරු ලබා දුන්නා..

    ඔන්න ඒ ප්‍රශ්නෙත් ඉවරයි.. ප්‍රශ්න කියවා උත්සාහ කළ නොකළ හැමෝටම ස්තුතියි.. ඒ වගේ හරි උත්තරය ලැබෙනතුරු පුල පුලා බලාසිටි හැමෝටම ස්තුතියි!

    ReplyDelete
  31. කරන්න බැරි දෙයක්.මොකද කිරන අය දන්නෙ නෑනෙ පැකට් එකකින් කොච්චර ග්‍රෑම් ප්‍රමානයක් අඩු කරලද කියලා.ඒක නිසා ඔක්කොම ටික එකට දාලා කිරුවම එන බර කිලෝ 50ට අඩු වුනාට කොයි ගෝනියෙද අඩුවුනේ කියලා හොයන්න බෑ.

    මම හිතන්නෙ මම හරි.වැරදිනම් කියන්න.

    ඔන්න මේක පබ්ලිශ් නොකර ඉන්න එපා.

    ReplyDelete
    Replies
    1. මල්ලි කියන කතාව හරි.. මල්ලි හරි මල්ලි කතාවෙ හැටියට නම් පොඩි කොස්සක් තියෙනවා තමයි.. අපි මෙහෙම කියමු.. අර සේවකයා ගෙදර ගෙනියන්න හංගපු සීනි කිලෝ එකේ පැකට් එකක් අහුවුනා කියලා.. නැත්නම් පැකට් කරපු මිනිහා එක පැකට් එකකට ග්‍රෑම් 100ක් අඩුවෙන් දැම්මෙ කියලා මැනේජර්ට ඇනෝ කෙනෙක් කියනවා.. දැන් හලිනෙ..

      මල්ලි මේ ගැන හිතපු එක මම අගය කරනවා..

      "ඔන්න මේක පබ්ලිශ් නොකර ඉන්න එපා." අයියෝ මල්ලි මම කමෙන්ට් මොඩරේශන් දාන්නෙ මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් විතරයි.. අන් මත ඉවසමි..

      Delete
    2. Ranul අපිට නොසිතුන ආකාරයේ දෙයක් හිතලා.... ඒක ගොඩා...ක් වටිනවා...
      මම හිතන්නේ ඒක කතන්දරය නිර්මාණයේ දී හරී ට වුන පොඩි අතපසුවීමක්, ගණිත ගැටලුවේ අඩුවක් නෙවේ....
      @ හරී - ඊලඟ POST එක කවදද??? IQ ත් දාන්ඩ...

      Delete
    3. "....අපි මෙහෙම කියමු.. අර සේවකයා ගෙදර ගෙනියන්න හංගපු සීනි කිලෝ එකේ පැකට් එකක් අහුවුනා කියලා..."

      මේකත් සාර්ථක නෑ.මොකද කිලෝ එකක් තිබුනට පැකට් එකකින් කොච්චර ගානෙ ගත්තද කියලා දන්නෙ නෑනෙ.

      උදා:- පැකට් 4 කින් ග්‍රෑම් 250 ක් ගානෙ අරන් තිබුනොත් හොරේ අහුවෙන්නෙ නැතිවෙන්න පුළුවන්.

      කොහොම වුනත් අපිත් එක්ක මේ දේවල් බෙදාගන්න එකට තෑන්ක්ස්.

      Delete
    4. ඒ වගේම ඉක්මනට ඊලඟ ප්‍රශ්නෙත් දාන්න.එතකන් අපි බලාගෙන ඉන්නවා.

      Delete
    5. "....නැත්නම් පැකට් කරපු මිනිහා එක පැකට් එකකට ග්‍රෑම් 100ක් අඩුවෙන් දැම්මෙ කියලා මැනේජර්ට ඇනෝ කෙනෙක් කියනවා.. ..."

      මෙහෙම දැම්මොත් නම් හරි.ඒත් ඔයා දාලා තියෙන කතාව පිස්සුවක් වෙනවා.ඒ කියන්නෙ ඔයා කතාවෙදි දාලා තියෙනවනෙ මෙහෙම.

      ......සර් මේ එක ගෝනියක බර අඩුයි. ගෝනිය ගෝනිය කිරමු. ගෝනි අඳුනාගන්න පුලුවන් නිසා හොරාව අල්ලාගත්තැ...."

      ඉතින් එහෙමනම් කිරන්න ඕනා නෑනෙ.එක පාරම හොරාව අල්ලගන්න පුලුවන්නෙ.ඇයි ඉතින් ඇනෝ හොරාව දන්නවනෙ.

      sampath කිවුවා වගේ ඉතින් මේවා ගානෙ වැරදි නම් නෙමේ හොඳේ.

      (ආපෝ මේ Ranul ගෙන් තියෙන කරදරේ) [නේද?]

      Delete
    6. @ සම්පත්,

      ඔව් ගැටළුව අනුවර්තනය(සිංහලෙන් කස්ටමයිස්) කිරීමේදී සිදුවූ දෝශයක්.. මොකද ඕක පරිවර්තනය කරලා දැම්මොත් ගූගල් අයියගෙන් අහන්න පුලුවන්නෙ..

      ළඟදීම..

      Delete
    7. @ රනුල්,

      සීනි කිලෝ එක හරි නෑ කියලා හිතුනු නිසාම තමයි මම ඇනෝ කෙනෙක් කියනවා කිව්වෙ.. ඇනෝ සතොසට ආදරේ වුනාට පාවලා දෙන පොරක් නෙමෙයි.. මිනිහා නම කියන්නෙ නෑ..

      (රහසින්) අනේ සුපියල් පාක් දෙන්නම් දැන්වත් කටපියාගෙන හිටපන්කො..

      ඊළඟ එක කවදා වෙයිද මංවත් දන්නෙ නෑ..

      Delete
    8. @ රනුල්,

      කියන්න අමතක වුනා විචස්..විච්ස්ස.. විචක්ෂණශීලී බුද්ධියට සුභ පතනවා.. බොට උත්තරේ හොයාගන්න බෑ.. හරි එක දුන්නම ඒකෙ අඩුපාඩු නම් පේනවා.. :P

      Delete
    9. සුපියල් පාකට නම් කරන්න බෑ.බිංදු 4ක් 5ක් වත් අගට දාන්න ඕනා.

      විච්ස්ස.. විචක්ෂණශීලී බුද්ධියට සුභ පැතුවට තෑන්ක්ස්.

      හරි උත්තරේ දෙන්න උත්තරයක් තියෙන්නෙ එපැ.

      ඉක්මනට ඊලඟ එක දාන්ඩෝ.

      Delete
    10. හරි එක දුන්නම වැරදි හොයනවා නෙවේ.වැරදි එක දුන්නම හරි ගස්සනවා.

      :D

      Delete
    11. ආ.. මල්ලි

      5+0+0+0+0+0+0 ඔන්න 6ක්ම දැම්මා. ඇතිද?

      Delete
    12. + ලකුණු අයින් කලොත් නම් ඇති වෙයි.

      Delete
  32. මේකේ පොඩි අවුලක් තියනවා. ගෝනියේ බරත් එකතු උනාම සමහර විට බර වැඩි වෙන්නත් පුලුවන්.

    ඔය ප්‍රශ්නෙ මීට කලින් අහලා තියනවා. ඒත් උත්තරේ මතක නෑනේ. පස්සේ මතක් උනොත් කියන්නම.

    ReplyDelete
    Replies
    1. උත්තරේ උඩ දාලා තියෙනවානෙ..

      ගෝනියේ බර නොසැලකිය හැකි තරම් කුඩාය :)

      Delete
  33. හෆොයි ඉහොයාගෙන හොයාගෙන ආවම මොළේ කුරුවල් කරන ඒවා තමයි තියෙන්නේ.මගේ ඔළු ගෙඩිය මම තියං ඉන්නේ ආභරණයක් හැටියට නිසා පාවිච්චි කරන්නේ නැත.කවුරු හරි උත්තරේ දැම්මම 'ආ.... මේකද?' කියලා කියන එක ලේසියි ඕකෙ උත්තරේ හොයනවට වඩා නේද?

    ReplyDelete
    Replies
    1. ඇයි සහෝ උත්තරේ උඩ තියෙන්නෙ.. ඒක බැලුවනම් හරි :)

      Delete
  34. පරක්කුයි නේ මම.

    ReplyDelete
    Replies
    1. අපායෙ ගියත් කලින් යන්ඩ කියනවනෙ :)

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...