1.24.2013

පාප්තුමා හා මෝරා

දවසක් උදේ පාන්දර පාප්තුමා මුහුදු වෙරළක ඇවිදිමින් හිටියා. ටිකකින් පාප්තුමා දැක්කෙ ඇස් අදහාගන්න බැරි දර්ශනයක්. එංගලන්ත රගර් ජර්සියක් ඇඳගෙන හිටපු මනුස්සයෙක්ව කන්න යනවා ලොකු මෝරෙක්. දත් විලිස්සාගත්තු මෝරා මිනිහාව හපනවා. ඒ මිනිහා පුළුවන් තරම් දඟලනවා බේරෙන්න. එහෙට දඟලනවා. මෙහෙට දඟලනවා. මූදෙ වතුරත් ලේ පාට වෙලා. පාප්තුමාට කරන්ඩ දෙයක් නැතුව දුකෙන් බලාගෙන හිටියා.

මෙන්න එකපාරටම බෝට්ටුවක් කඩාගන බිඳගෙන යනවා මෝරා ඉන්න තැනට. ඒකේ හිටපු තුන්දෙනාගෙන් කෙනෙක් මණ්ඩයකින් ගහනවා මෝරට. මෝරා දඟලද්දි අනිත් දෙන්නා එංගලන්ත මනුස්සයාව බේරාගෙන බෝට්ටුව පටෝගන්නවා. ඒ වගේම මනුස්සයව කන්ඩගිය මෝරට ගහලා ගහලා ගහලා ගහලා මරලා බෝට්ටුවට දාගන්නවා.

මෝරාවයි මනුස්සයවයි දාගෙන බෝට්ටුව ගොඩට එන තැනට පාප්තුමා දිවයන්නෙ බොහොම සන්තෝසෙන්.  බෝට්ටුවේ හිටපු තුන්දෙනා ඇඳගෙන හිටපු ස්කොට්ලන්ත රගර් ජර්සි දැකපු පාප්තුමාට මාර පුදුමයි. "මම ඔබලාට ආශිර්වාද කරනවා දරුවනේ. ඔබලා කරේ ඉතා උතුම් ක්‍රියාවක්. මම අහලා තිබුනෙ ස්කොට්ලන්ත රගර් ෆෑන්ස්ලයි එංගලන්ත රගර් ෆෑන්ස්ලයි නයි වෛරයි කියලා. ඒත් ඔබලා ඒ කතාව බොරු කරා. ඔබලාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරාවි"
Rugby Shark 
පාප්තුමා ඔවුන්ට ආශිර්වාද කරලා ඒ වගේම නොසෑහෙන්න ප්‍රශංසා කරලා පිටව යනවා.

"කවුද බන් ඒ නාකි මනුස්සයා"

"අර පල්ලියේ පාප් කියන්නෙ ඒ මනුස්සයට තමයි"

"මට නම් මිනිහා කියපු මොකුත් තේරුනේ නෑ. මිනිහට මොළේ හොඳ නැද්ද?"

"හරි..හරි.. කතා ඇති. අපි අපේ වැඩේ කරමු. මොකද කියන්නේ මේ ඇමම ගහනවාද? නැත්නම් තව සුද්දෙක්ව අල්ලන් එනවද?"

-පරිවර්තනයකි-

44 comments:

  1. හෙහ්.. හෙහ්.. හෙහ්.. මාරු කතාව බං!

    ReplyDelete
  2. හපොයි! මම මුලින්ම හිතුවේ ඉන්ග්ලන්ඩ් රග්බි ටීම් එකට ගහපු මඩක් කියලා.. මේ දවස්සොල පර්ෆෝමන්ස් එහෙමත් බැහැලා නේ.. :D

    ReplyDelete
    Replies
    1. රග්බි වලට ආසා වුනත් මැච් එහෙම බැලෙන්නේ නෑ බුරා අයියේ...

      Delete
  3. අනේ දෙයියනේ !

    ReplyDelete
  4. හැහ් හැහ්.. මාර මාළු බෑමක්නෙ ඒක...

    ReplyDelete
  5. ඒකාකාරීත්වය කඩලා දාන්න වගේ :)

    ReplyDelete
    Replies
    1. හැමදාම එකම හෝටලෙන් කනකොට එපාවෙනවනෙ හසිත..

      Delete
  6. හපොයි.. හරිම භයානකයි නේ..!

    ReplyDelete
  7. මම හිතුවේ අර පරණ කතාවෙම කොටසක් කියලනේ...:D

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වෙ පාප්තුමා ගැන කියපු කතා ටිකේද? :D

      Delete
  8. අන්න බලාපං ඒකෙත් හැටි. මරු කතාව. උඹ දන්නවනෙ, උඹ ආගමික කතා අතරට මේවගේ කතාවල් දාන එකට මම කොච්චර කැමතිද කියලා. එතකොට ඒකාකාරිත්වය බි‍ඳෙනවා. උඹට මතක ඇති මම මේක කලිනුත් කියලා තියෙනවා. අරවා විතරක් ලිව්වොත් හරියෝ, උඹේ බ්ලොග් එක අර බුදුසරණ පත්තරේ වගේ වෙනවා.

    උඹ පාප් වහන්සේ ගැන විකට කතාවක් ලිව්ව නිසා මාත් එකක් ලිව්වොත් ඒක ජනවාර්ගික හෝ ආගමික සමගියට බාදාවක් වේවි කියලා හිතලා ලියන්නෙ නෑ හරී.

    ReplyDelete
    Replies
    1. මේකනෙ හෙන්රි අයියෙ වැඩේ.. මමත් කැමතී විවිධත්වයක් ඇතුව ලියන්න..

      ඒත් සමහරු කියන්නෙ 'අපි මෙතනට එන්නෙ බුදුසරණ බලන්න මිසක් දිනමිණ වත් සිරිකතවත් බලන්න නෙමෙයි. අපිට එව්වා බලන්න වෙන තැන් තියෙනවනෙ'

      තව සමහරු 'මේ හොඳින් කියන්නෙ බුදුසරණ පත්තරේ හොඳි තියාගන්ඩ. ඒ මැද්දට නාඹර ගැටිස්සියන්ගේ පින්තූරු දාලා ඒක කන්න එපා' :)

      බලමුකො ඔය හැමෝම සතූටු කරගෙන ගමනක් යන්ඩ..

      "උඹ පාප් වහන්සේ ගැන විකට කතාවක් ලිව්ව නිසා මාත් එකක් ලිව්වොත් ඒක ජනවාර්ගික හෝ ආගමික සමගියට බාදාවක් වේවි කියලා හිතලා ලියන්නෙ නෑ හරී." කිසිම ප්‍රශ්නයක් නෑ හෙන්රි අයියේ.. බහුතරයක් කතෝලිකයෝ එහෙම හිතන්නේ නෑ..
      අපහාස නොවෙන විහිළු කෙරුවාට හිත් රිදවාගන්නේ නෑ වගේම මරාගන්න එන්නෙත් නෑ..

      ලියන්ඩ.. ලියන්ඩ..

      Delete
  9. හික්ස්.... අයියෝ...

    ReplyDelete
  10. හතර පස් වතාවක් ආපහු පිටුව රිෆ්‍රෙෂ් කලා හරීගේ බ්ලොග් එකමද වැරදිලාද බලන්න..:D
    පස්සෙ මතක් වුනේ අද 25නේ...!!

    ReplyDelete
    Replies
    1. "පස්සෙ මතක් වුනේ අද 25නේ...!!" තේරුනේ නෑනෙ..

      Delete
    2. අයියෝ හරී..ඔයාට 25 කියන්නෙ නොනගතේ/රාහු කාලය නේ..හික්ස්..
      ඔයා ලියන්නේ 7,14,21 හා 28 කෙම්මුර දවස්වල විතරයිනේ..:D

      Delete
    3. ආ.. එහෙමනම් කමක් නෑ.. ඒත් මට හිතුනා මේ නොකියා කියන්නේ පෝය ළඟයි කියලාවත්ද? කියලා..

      Delete
  11. Moral of the Story

    හොඳ කරන/හිතන කෙනෙකුට නරක දෙයක් වුවත් හොඳ ආකාරයෙන් දැකිය හැක.

    ReplyDelete
    Replies
    1. මට මේක හිතුනේ නෑනෙ සුදීක අයියේ..

      ඇත්ත තමා..

      Delete
  12. හරීගේ කතාවලින් පිට පැන්නම නිකං අඤ්ඤකොරොස් වෙලා යනවා. මොකද මේවා ලියන්නේ ඉඳහිටල නේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් දයා අයියා හොඳ සීරියස් මූඩ් එකකින් කතාව කියවාගෙන ඇවිත්.... :)

      Delete
  13. අයියෝ උඹත් ලියන ඒවා.

    ReplyDelete
  14. හික්ස්..
    අපිටත් බැරිද දන්නෑ එහෙම මාලු බාන්න..

    ReplyDelete
    Replies
    1. දේශ ද්‍රෝහීන් ටිකක් අල්ලාගත්තා නම් හරි..

      ඒත් වැඩේ කියන්නෙ අද දේශ ප්‍රේමියා හෙට දේශ ද්‍රොහියා..අද දේශ ද්‍රෝහියා හෙට දේශ ප්‍රේමියා..

      Delete
  15. මාත් බැළුව පාප් වහන්සේට මෝරෙක් සම්භන්ද වුනේ කොහොමද කියල. නාට්‍ය මැදට කමර්ෂල්ස් වාතයක් උනාට මේ විරාමය සාර්තකයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් තව එකක් දාන්නද? :)

      Delete
  16. මෙහෙම පොඩි කතාවක් දාන එකත් හොදා අර පෝස්ට් යන අස්සේ

    ReplyDelete
    Replies
    1. ඔව්.. මටත් එකම ශෛලියෙන් ලියලාම ඇතිවෙලා..

      Delete
  17. නාට්‍යය අතරතුර අනුග්‍රාහක භවතුන්ගේ දැන්වීමක්.

    ReplyDelete
  18. අදමයි ඇහුවේ. හාස්‍යය උපරිමයි. ඒ යටින් තිබෙන මානව ක්‍රියාකාරකම් පිලිබඳ දර්ශණය සංවේග ජනකයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හාස්‍යයක් ඇති වුනානම් හොඳයි.. මට ඒත් හිතුනා කිතිකවන් හිනාවෙන්ඩ වෙන කතාවක්දෝ කියලත්..

      Delete
  19. හි හි.. පාප් තුමා වටාත් රස මුසු කතා ගෙතිලා නේ

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න කතා තියෙනවා..

      Delete
  20. ඇමක් දාලා තියෙන්නේ. හික්ස් :)

    ReplyDelete
  21. අඩෝ පට්ටයි කියහන්කෝ , :D , මට හෙන හයියෙන් හිනා ගියා

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...