10.20.2012

හරී ජනපති ආරක්ෂකට අරී

මම සිස්සත්වෙ ඉවර කරලා ටික කලක් යනකොට අපිට ටිකක් හොඳ කල දසාවක් ලැබුනා. මුදල් හදල් එහෙම ටිකක් තිබුනා. ඒ පිහිටෙන් මට පුළුවන් වුනා රටේ තොටේ ලොකු ඉස්කෝලයක් කියලා හඳුන්වපු එකකට ඇතුල්වෙන්න. ඒ කාලෙ ජීවිතේ හරිම ලේසියෙන් ඇදිලා ගියා. හරියට පල්ලමක යන ෆුට් බයිසිකලයක් වගේ. කලින් වගේ ඉස්කෝලෙට පයින් ගාටන්නවත් පාන්දර නැගිටලා පුටාර් එකේ ලොකු අම්මලාගෙ දිහා යන්නවත් සිද්ධ වුනේ නෑ. උදේට ගේ ළඟට වෑන් එක ඇවිත් 'පෝප් පෝප්' ගාපුවම ඒකට නඟින්ඩ විතරයි තිබුනෙ. හවසටත් ශපාන් එකේ ඉඳගෙන ඇවිත් ගේ දොරකඩින්ම බැහැලා ගෙට එන්ඩ පුළුවන් වුනා.

10.05.2012

ස්වයං-විඳවීම 2

ස්වයං-විඳවීම 1 ලිපියේදී තමුන්ටම පහරදීගන්නා කසකරුවන් ගැනත් ජේසුස් වහන්සේ මෙන් කුරුසයේ ඇණගැසුම්කන්නන් ගැනත් අපි කතාකළානෙ. අද ලිපි මාලාවේ අවසාන ලිපිය බලමු.

10.03.2012

ස්වයං-විඳවීම 1


 කසයකින් තමුන්ටම ගහගෙන එහෙම නැත්නම් වෙන විදිහකින් තමුන්ගෙ ඇඟට රිදවීමක් කරගෙන ආගමික භක්තිය පෙන්වන මිනිස්සු ඉන්නවා කිව්වොත් විශ්වාස කරනවද? විශ්වාස කරන්ඩම වෙනවනෙ. බලන්ඩකො හින්දු පෙරහැරක් ඒකෙ කටුගහගත්තු අය කොයිතරම් යනවද? ඇයි දේවාලවල කෙරෙන ගිනි පෑගීම්. මම හිතන්නෙ පන්සල්වලත් තියෙනවා. ඒවාත් ඉතින් සිරුරට වදයක් දීමෙන් තමුන්ගෙ ආගමික භක්තිය පෙන්වීමක්ම තමයි. අද මම කියන්න යන්නෙ ඒ විදිහට සිරුරට වදදෙන කිතුනුවන් ගැන. එහෙනම් කියවමු ලිපිය.

Related Posts Plugin for WordPress, Blogger...