3.17.2016

කුළුඳුල් කොණ්ඩ කැපීම

පහුගිය ඉරිදා උදේ වටින් ගොඩින් එළිය වැටීගෙන එද්දි අපි හැමෝම ලෑස්ති උනේ විශේෂ ගමනක් යන්න. අපේ චුටි පුතාගෙ කොණ්ඩෙ කපාගෙන එන්න යන්න. කොණ්ඩ කපාගෙන එන්න යන එක විශේෂ ගමනක් වෙන්නෙ කොහොමද කියන එක ඔයගොල්ලන්ට හිතෙනවා ඇති. මේක එයාගෙ පළමුවෙනි කොණ්ඩ කැපීම. ඒ උනත් ඒකෙත්  විශේෂයක් නෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් මේ කෙටි ලිපිය ලියන්නෙ ඒ ගන පොඩි විස්තරයක් කරන්න.

සම්ප්‍රදායක් විදිහට කතෝලිකයෝ තමුන්ගෙ දරුවන්ගෙ කොණ්ඩෙ කපන්නෙ පල්ලියකදි. මේක පොඩි කාලෙ බව්තීස්ම කරනවා වගේ කතෝලිකයන් අනිවාර්යෙන් කළයුතු දෙයක් හෝ නිල වශයෙන් පිළිගන්නා දෙයක් හෝ නෙමෙයි. මේක පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රදායක් විදිහට කරගෙන යන දෙයක් වගේ. මේ විදිහට පල්ලියකදී මුලින්ම කොණ්ඩෙ නොකපන අයත් ඇති.

ගොඩක් දෙනෙක් මේ සඳහා තෝරාගන්නෙ ගර්භවාස දේවමාතාවන්ට (Mother of Expectation) කැපකළ දේවස්ථානයක්. මීගමුව කොච්චිකඩේ පැත්තෙත් ළදරුවන්ගේ කොණ්ඩ කැපීමට ප්‍රසිද්ධ දේවස්ථානයක් තිබුනත් අපේ පරම්පරාවෙම කොණ්ඩෙ ඉස් ඉස්සෙල්ලාම කපලා තියෙන්නෙ මට්ටක්කුලියේ ගර්භවාස පල්ලියේ තමයි. 
මට්ටක්කුලියේ ගර්භවාස පල්ලිය
මට්ටක්කුලියේ ගර්භවාස පල්ලිය අවුරුදු එකසිය පනහකට වඩා ඉතිහාසයක් තියෙන පල්ලියක්. කුඩා ළමුන්ගෙ කොණ්ඩා කැපීමට පැමිණෙනවාට අමතරව දරු ප්‍රසුතීන් සඳහා පිහිට උපකාර පතාත් ජනතාව මේ පල්ලියට එනවලු.
ළමුන් තබන තොටිල්ල

අපි යනකොටත් ළමුන් කිහිපදෙනෙකුගේ කොණ්ඩ කපනු දකින්නට තිබුණා. අපේ පුතාගේ කොණ්ඩ කැපීමෙන් පස්සෙ වී කුරුල්ලො රංචුවක් නිදහස් කරන්නත් අමතක කෙළේ නෑ. එහෙම කරන්නේ ඇයි කියන්න හේතුවක් දන්නේ නැතත් කාලයක ඉඳන්ම මිනිස්සු කුරුල්ලො නිදහස් කරනවාලු. වී කුරුල්ලො ටිකට ඉගිල්ලිලා නොපෙනී යන්න තත්පර දෙකක්වත් යන්න නැතුව ඇති. 

ගර්භවාස දේවමාතා පිළිරුවක්      

2.14.2016

බලාපොරොත්තු

බලාපොරොත්තු, මම කොහෙන් හෝ අහලා තියෙන විදිහට බලාපොරොත්තු මිනිසුන්ව ජීවත් කරවනවා. එහෙම නැත්නම් මිනිසුන් ජීවත් වෙන්නේ බලාපොරොත්තු මත. ඉපදුන දවසේ ඉඳලා මැරෙනකම්ම මිනිසුන්ට කියලාත් කොච්චර නම් බලාපොරොත්තු තියෙනවාද? තමුන්ට ජීවත් වෙන්න ඕනෙ මව්කිරි ටික පොඩි එකෙක් බලාපොරොත්තු වෙන්නෙ මෙලෝ දෙයක් ගැන තේරුම් ගන්නත් ඉස්සරවෙලා. ඒ එක්කම අම්මගෙ තාත්තගෙ උණුහුමත් රැකවරණයත් ආදරයත් බලාපොරොත්තු වෙන්නෙ තමන්ට ඉන්න එකම පිළිසරණය ඔවුන් බව කවුරුහරි තේරුම් කරලා දීලා වගෙයි.

2.10.2016

දකුණත කරන දෙය වමතට නොදැනේවා


අද අළු බදාදා. කිතුනුවන්ට විශේෂ දවසක්. ඒ ගැන විස්තරය කාලෙකට කලින් මධුරංග කියලා තියෙන නිසා ආයෙ කියන්න යන්නෙ නෑ. ඒත් අදට නියමිත ශු. බයිබල් පාඨය දැකපු වෙලාවෙ මට හිතුනා ඒක හැමෝම එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා.
              මෙතන තියෙන්නෙ ජේසුස් වහන්සේ කරපු ප්‍රකාශයක්. හොඳ දේවලට ආගම් බේදයක් නෑනෙ.

Related Posts Plugin for WordPress, Blogger...