5.20.2011

සරල රොබොට්ටෙක් හදමු....... 3 කොටස

කට්ටිය මග බලාගෙන ඇතිනෙ රොබෝව හදන්න. (අක්කිලා නංගිලා මෙව්වට නැතිපාටයි. එක comment එකක්වත් නෑනෙ. මොනවද හලෝ ගෑනු වගේ ඉන්නෙ නැතුව පොඩි ට්‍රයි එකක් දෙන්නකො :) )මෙන්න තුන්වෙනි කොටස. ඕගොල්ලො රොබෝව හදන්න ගන්න ඕන බඩු ගැන දන්නේ නැතිනම් පහල සබැඳියෙන් යන්න.

සරල රොබොට්ටෙක් හදමු....... 1 කොටස

මෙතෙක් රොබෝව හැදුව හැටි බලාගන්න.

සරල රොබොට්ටෙක් හදමු....... 2 කොටසට යන්න.

ඕගොල්ලෝ ඒ කොටස් දෙකේ හැටියට වැඩ කලානම් පහල රූපෙ විදිහට වැඩ ඉවර වෙලා තියේවි. ප්‍රශ්න තියෙනවනම් ඉතින් අහන්න.




දැන් තියෙන්නෙ රොබාගෙ සර්කිට් එක පාස්සන්න.

6 වෙනි පියවර - spdt ස්විච් දෙකේ NO අග්‍ර දෙකත් NC අග්‍ර දෙකත් පෑස්සීම.

මුලින්ම බවුත් එක රත් කරගන්න. ඊට පස්සෙ ඔය පහල රූපෙ විදිහට NO දෙකයි NC දෙකයි පාස්සන්න. කවුරුහරි පාස්සන්න බය කෙනෙක් ඉන්නවනම් වැඩිහිටියෙක්ගෙන් හරි පලපුරුදු කෙනෙක්ගෙන් හරි උදව් ගන්න ලජ්ජා වෙන්න එපා.


පහල සම්බන්ධ කරන්න කම්බි කෑල්ලක් පාවිච්චි කරලා තියෙන්නෙ. ඔයාලට පුලුවන් එතෙන්ට රෙසිස්ටර් එකක ඉතිරිවන අග්‍රයක් හරි නැත්නම් වෙන හීනි කම්බියක් හරි තියලා පාස්සන්න.

7 වෙනි පියවර - මෝටර් සම්බන්ධ කිරීම.

දැන් තියෙන්නේ මෝටර් දෙක සම්බන්ධ කිරීම. පහල රූපෙ බලන්නකො. ඔන්න ඔය විදිහට මෝටර් දෙක spdt ස්විච් දෙකට සම්බන්ධ කරන්න. ඔතන රූපයෙ කම්බි තිබුනට වයර් වුනත් යොදාගන්න ඔයාලට පුලුවන්.

මෙතනදි විශේෂ කාරණාවක් මතක තියාගන්න ඕනෙ. ඔයාලට ඔය විදිහටම වයර් සම්බන්ධ කරන්න වෙන්නෙ මෝටර් අලවද්දී මෝටර් දෙකේ අග්‍ර මරුකරලා ඇලෙව්වනම් තමයි. එහෙම කලේ නැතනම් හරි මෝටරේ අග්‍ර හොයාගන්න බැරිවුනානම් හරි විරුද්ධ දිශාවලට මෝටර් දෙක කැරකෙන විදිහට අග්‍ර සම්බන්ධ කරන්න ඕනෙ.

ඒකත් කරදරනම් දැනට තියෙන විදිහට පාස්සන්න පස්සෙ රොබා ඉස්සරහට යන්නෙ නැත්නම් අග්‍ර මාරු කරමු.


ඊලඟට මෝටර් දෙකේ විරුද්ධ අග්‍ර එකිනෙකට සම්බන්ධ කරන්න.


8 වෙනි පියවර -බැටරි සම්බන්ධ කිරීම.

ඊට පස්සෙ ඔය රූපෙ විදිහට වයර් එකක් පාස්සන්න.
ඊට පස්සෙ බැටරි දෙකේ ඉස්සරහ වයර් දෙකත් පාස්සගන්න ඕනෙ පහල රූපෙ විදිහට.


රතු වයර් එක ඉහලටත් කලු එක පහලටත් පාස්සන්න. ඔන්න පොතේ හැටියටනම් දැන් රොබාගෙ මෝටර් කැරකෙන්න ඕනෙ. බිම තියලා බලන්නකො රොබා යනවද කියලා.

රොබා කෙලින්ම යනවනම් වැඩේ ගොඩ.

පොඩි පොඩි අවුල් තියෙන්න පුලුවන්. ම්ම්...   රොබා හදලා ඉවර වෙලා විසඳනවද? දැන්ම විසඳනවද? දැන්ම විසඳමු.

9 වෙනි පියවර - Testing

ඔයාලගෙ කුරුමිණියා පත්තරේකින් පාරක් කාලා වගේ වටේ කැරකෙනවනම්. ඒ කියන්නෙ එක මෝටරයක් වැඩ නෑ. ඒ මෝටරේ මාරු කරන්න.

කුරුමිණියා හෙල්ලෙන්නේවත් නැත්නම් ඒ කියන්නෙ එක්කෝ මෝටර් දෙකම වැඩ නෑ. නැත්නම් බැටරි බැහැලා. නැත්නම් මතුපිට ඝර්ෂණය වැඩියි.කියන්න අමතක වුනා. කුරුමිණියා වැඩ කරන්න නම් පාස්සලා ඉවරවෙලා බැටරි දාන්න ඕනා හරිද.

ඔක්කොම වැඩ ඒත් කුරුමිණියා පාරෙ යන්නෙ බීලා වගේ නම් මොකද කරන්නෙ? ඕකට ඉතින් heat shrink දෙක අසමාන වීම තමයි ප්‍රශ්නෙ. ආයෙ පොඩ්ඩක් රත් කරලා බැලුවනම් හරි යයි.

කුරුමිණියා හපුතලේ කන්ද නගින ගොනා වගේ බඩගානවනම් ඒ කියන්නෙ බැටරිවල බලය මදි. බැටරි හතරක් දාලා බලන්න. අනික කුරුමිණියගෙ වේගෙට තහඩුවෙ (බැටරි අලවලා තියෙන )ආනතියත් බලපානවා. තහඩුවෙ දෙපැත්තම සමාන ආනති වලින් නවලා බලන්න.

හරි. මම හිතනවා දැන් ඔයාලා දෝශ ටික හදාගෙන ඇති කියලා. කුරුමිණියා කෙලින් ඉස්සරහට යනවනම් වැඩේ ගොඩ.

බලන්න ඕනෙ spdt දෙක හරියට වැඩද කියලා. spdt වල තියෙන ලීවර පහලට තදකරන්නකො tik tik ගානවානම් ඒ කියන්නෙ ස්විච් දෙක වැඩ. මුලින්ම වම් ස්විච් එක තදකරන්න. එතකොට වම් මෝටරේ කැරකෙන දිශාවත් දකුණු එක එබුවාම දකුණු මෝටරේ කැරකෙන දිශාවත් වෙනස් වෙන්න ඕනෙ.දෙකම එබුවාම දෙකම කැරකෙන දිශාව වෙනස් වෙන්න ඕනෙ.

කුරුමිණියා කෙලින් යනවානම් ස්විචුත් කියපු විදිහට වැඩ කරනවානම් ඒ කියන්නෙ වැඩේ සෑහෙන දුරට ඉවරයි.

10 වෙනි පියවර - අඬු සවිකිරීම.

අඬු දෙකෙන් තමයි කුරුමිනියා ඉස්සරහා තියෙන බාධක හඳුනා ගන්නෙ. දැන් spdt දෙක අරන් කවාකාරව නමා ගත්තු කම්බිකෑලි දෙක spdt දෙකට තියලා සවි කරන්න. ඊට පස්සෙ spdt ස්විච් දෙකේ ලීවර් දෙකටත් සවි කරන්න.   පහල රූපෙ බලමු.


ඔය කලුපාටට දාලා තියෙන්නෙ ලොකු heat shrink . එව්වා ඕනෙම නෑ. නිකං ලස්සනට දාලා තියෙන්නෙ. ඕනෙම කියලා හිතෙනවානම් කලුපාට ටේප් දෙකක් අලවන්න.


දැන් ඔයාලගෙ රොබා මේ වගේද බලන්නකො.


මූට පුලුවන් වෙන්න ඕනෙ බැටරි දැම්මම කෙලින් යන්න. ගිහින් බාධකයක් වමේ තිබුනොත් දකුණ රිවර්ස් කරලා හැරෙන්නත්, දකුණෙ තිබුනොත් වම රිවර්ස් කරලා හැරෙන්නත්, මැදට සෙට් වුනොත් ෆුල් රිවර්ස් එකක් දෙන්නත්.

ඉතුරු ටික ඊලඟ post එකෙන්. එතකන් කුරුමිණියා පැද පැද ඉන්න.

සරල රොබොට්ටෙක් හදමු....... 4 කොටස

කැමතිනම් ප්‍රතිචාරයක් දීලා බුකියෙ ලයික් එකක් දීලා යන්න.

-හරී-

11 comments:

  1. ස්තුතියි කියන එක තමා කියන්න තියෙන්නෙ ...... එල වැඩක් .....

    ReplyDelete
  2. @කල්හාර දිසානායක :ප්‍රතිචාරයට ස්තුතියි සහෝ.....

    ReplyDelete
  3. ගෙදර ගිය ගමන් අනිවා හදන්න ඕනේ. මාරම ආසාවක් ආවා මේ කුරුමිනියා දැකලා.

    ReplyDelete
  4. @ මධුරංග :හදමු හදමු...

    ReplyDelete
  5. Patta aaa....
    thama kiyawagena yanawa. meka nam aniwa hadanawa mai.

    ae me, eka newei.
    mu mage kellata ehema love karanna ganna ekak ne ne?

    neththan mu issarahata enakota mata thamai herila yanna wenne. :-D

    ReplyDelete
  6. @සිව්පෙතියා | Suren එන්. Semage: බයවෙන්න එපා...ඕකට හැඟීම් දෙන්නේ නෑනෙ...........

    රොබා හදමු එහෙනම්......

    ප්‍රතිචාරයට ස්තුතියි.........

    ReplyDelete
  7. මල්ලී වැඩේනම් එල කිරි මං හෙටම හදනවා...

    ReplyDelete
  8. @ Anonymous: හදලා මටත් පිංතූර කෑල්ලක් එවන්නකෝ එහෙනම්......

    ReplyDelete
  9. SPDT ස්වීච් දෙකක් පරණ මවුස් එකකින් ගලවගන්න පුළුවන්. හැබැයි තහඩුව තමයි අවුල. ඒ වෙනුවට හරියන විකල්පයක් යොදාගන්න පුළුවන්. ට්‍රයි කරලා බලන්න.
    -පොඩි එකා-

    ReplyDelete
    Replies
    1. ow එහෙමත් පුලුවන්..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...