7.12.2011

අයින්ස්ටයින්ගේ තේරවිල්ල......



මේ post එක බොහොම ඉක්මනට ලියලා දාන්නයි යන්නේ. අද මම කියන්න යන්නේ අයින්ස්ටයින් 1800 ගණන් වල ලෝකයට හඳුන්වලා දීපු තේරවිල්ලක්. එයා කියලා තියන විදිහට නම් ලෝකයේ 98% දෙනාට මේක විසඳන්න බෑලු. ඒත් ඇත්තටම ඒක හිතන තරම අමාරු නෑ. මමත් විසඳුවා.  මෙන්න මේකයි තේරවිල්ල.

 එක්තරා පාරක ගෙවල් පහක් තියෙනවලු. ඒවා පාට කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් පාට පහකින්. හැම ගෙදරකම මනුස්සයෙක් ඉන්නවලු. හැබැයි ගෙවල් පහේ මනුස්සයෝ අයිති ජාති පහකටලු. උදාහරණයක් කිව්වොත් බ්‍රිතාන්‍ය, ජර්මන් වගේ ජාති. ඒගොල්ලෝ වැඩියෙන්ම බොන්න කැමති බීමත් වෙනස් ජාති පහක්ලු. බොන සිගරට් ජාතියත් වෙනස් ජාති පහක්ලු. සුරතලේට ඇතිකරන්නෙත් වෙනස් ජාති පහක සත්තුලු. ප්‍රශ්නය මේකයි කොයි ගෙදරද මාලුවෙක් සුරතලේට ඇති කරන්නෙ?

දැන් ඉතින් ප්‍රශ්නය විසඳන්න තමා තියෙන්නෙ. Try කරලා try කරලා බැරිම නම් පහල තියෙන උපකාර අවස්ථා ගන්න පුලුවන්. ඒවා නැතිව විසඳන්න පුලුවන්නම් තමයි ඉතින් හැබෑ හපනෙක් වෙන්නේ.



1.බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට ගාලා තියෙන ගෙදර.
2.ස්වීඩන් ජාතිකයා සුරතලේට බල්ලෙක් ඇතිකරනවා.
3.ඩෙන්මාර්ක් ජාතිකයා බොන්න කැමතිම තේ.
4.සුදු පාට ගාපු ගෙදරට අල්ලපු ගෙදර තමයි කොලපාට ගාපු ගේ. ඒක තියෙන්නෙ සුදු ගෙදරට වම් පැත්තෙන්.
5.කොල පාට ගාලා තියෙන ගෙදර අයිතිකාරයා බොන්න කැමතිම කෝපි.
6.Pall Mall කියන සිගරට් බොන මනුස්සයා කුරුල්ලෙක් සුරතලේට ඇති කරනවා.
7.කහපාට ගෙදර මිනිහා බොන්නේ කියන Dunhill සිගරට්.
8.ගෙවල් පහේ මැද තියෙන ගෙදර මනුස්සයා බොන්න කැමතිම කිරි.
9.නෝර්වේ ජාතිකයා ඉන්න ගේ තමයි ගෙවල් පහේ පලවෙනි ගේ.
10.සුරතලේට පූසො ඇතිකරන ගෙදරට එහා පැත්තෙ ගෙදර මිනිහා කැමතිම සිගරට් ජාතිය Blends.
11. Dunhill සිගරට් වලට කැමති මිනිහගේ ගෙට අල්ලපු ගෙදර මිනිහා අශ්වයෙක් ඇති කරනවා.
12. එක මිනිහෙක් බියර් බොන ගමන් Blue Master සිගරට් බොනවා.
13.ජර්මන් කාරයා බොන්නේ Prince කියන සිගරට්.
14.නිල්පාට ගෙදරට අල්ලපු ගෙදර තමයි නෝර්වේ ජාතිකයා ඉන්නෙ.
15.එක මිනිහෙක් වතුර බොද්දී අල්ලපු ගෙදර මිනිහා Blends සිගරට් බොනවා.

ඔච්චර තමයි ඉතින් උදව් කොරන්න පුලුවන්. මාලුවා ඉන්නෙ කාගෙ ගෙදරද කියමු බලන්න.

-හරී-

2011/07/15 දා යාවත් කාලීන කිරීම

බර වැඩිද මන්දා... update කිරීම කියමුකො......

"Try කරලා try කරලා බැරිම නම් පහල තියෙන උපකාර අවස්ථා ගන්න පුලුවන්. ඒවා නැතිව විසඳන්න පුලුවන්නම් තමයි ඉතින් හැබෑ හපනෙක් වෙන්නේ." කියලා කිව්වට ඔය උපකාර නැතුව මොන ජගතෙකුටවත් විසඳන්න බෑ. (බෑ කිව්වට 20%ක සම්භාවිතාවක් තියනවා)

මුලින්ම කරන්න ඕන ගෙවල් පහයි කියපු එක එක කරුණුයි පේන විදිහට වගුවක් ගහ ගැනීම.
මුල් වාක්‍යය වලින් ගෙවල් පහේ පිහිටීම ගැන කිසිම අදහසක් නෑ. 8වෙනි වාක්‍යය මුලින්ම ගත්තනම් හරි. කෙලින්ම පුලුවන්නෙ මැද ගෙදර බීම කොටුවට කිරි දාගන්න.

9ත් එහෙමම හැදුවැකි. එක පැත්තක් එක කියලා ගන්න.ඔය විදිහට කල්පනාවෙන් එක එක දාගෙන යන්න ඕනෙ.

උත්තරය තමයි. මාලු ඇතිකරන්නේ ජර්මානු වැසියා. මම ඔය තේරවිල්ල ගත්තේ මෙන්න මෙතනින්. ඕක කඩ්ඩෙන් තියෙන්නේ විසඳන හැටි කියවලා බලන්න පුලුවන්. ඕනෙ නම් කියන්න මම පරිවර්තනය කරලා දාන්නම්. මේ දවස්වල ඇක දාන නිසා වෙලා මදි. ඒකයි වැඩි විස්තර දාන්න නොගියේ.

ගැටලුව විසඳපු try කරපු හැමෝටම ස්තුතියි. තව comment කරපු like කරපු ඔක්කොටමත් ස්තුතියි.

42 comments:

  1. පොඩිකාලෙ ආසවෙන් ක‍රපු දෙයක්
    මට ආවෙ ජර්මන් කාරයා තමයි මාලුවා ඇතික‍රන්නෙ

    ReplyDelete
  2. මට හිතෙන්නෙ ජර්මන්කාරය තමා ඔය මාලුකාරයා. අයින්ස්ටයිනුත් ජර්මන්කාරයෙක් නේද?

    ReplyDelete
  3. අඩේ මං මාරම ටියුබ් ලයිට් එකක් නේ. මට නම් තාම මොකද උනේ කියලා හිතාගන්න බෑ. දන්න කට්ටිය කියනකන් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  4. දෙන්නෙක් උත්තරේ කිව්වා...අනිත් අයත් ට්‍රයි කරන්න...... කොලේකුයි පෑනකුයි අරං...

    මම උදව්වක් කරන්නම් ගෙවල් පහක් ඇඳලා ඒවට ඔය යටින් කියලා තියන විදිහට එක එක ජාති දැම්මනම් හරි..........

    ReplyDelete
  5. හරි විදියට කරනවං නං ඔය කරුණු ටික සැලකිල්ලට අරගෙන තමයි කරන්න වෙන්නේ. " Try කරලා try කරලා බැරිම නම් පහල තියෙන උපකාර අවස්ථා ගන්න පුලුවන්. ඒවා නැතිව විසඳන්න පුලුවන්නම් තමයි ඉතින් හැබෑ හපනෙක් වෙන්නේ." කියන කතාවෙ තේරුම මොකක්ද කියල හිතාගන්න බෑ.

    හොඳයි එහෙමම ඕන කියල කියපු නිසා මම ඔය එකක්වත් කියවන්නෙ නැතුව google එකෙං අහලා කෙලිංම උත්තරේ ගත්තා.

    ජර්මන් මනුස්සයා තමයි සතෙක් ගැන හරියටම සඳහනක් නැති එකා. ඒක නිසා මාළුවා ඉන්නවනං ඉන්න ඕන එයැයි ගාව. මාළුවා නැතුව මකුළුවා, මදුරුවා, මයිනා උනත් වෙන්න පුළුවන්.

    ReplyDelete
  6. මාළුවා ඇතිකරන්නේ, කෝපි සහ Prince සිගරට් බොන, කොල පාට ගෙදර ඉන්න ජර්මන් ජාතිකයා ය.

    ReplyDelete
  7. මේක කොලේකුයි පැන්සලකුයි අරගෙන ටිකක් වෙලා කලොත් ගොඩ දාගන්න පුලුවන්.. ආරම්භය අංක 9..

    ReplyDelete
  8. අනේ බන් මේ හොඳට තියෙන මොලේ කොලොප්පන් කරන්නේ නතුව හිටපන් . . .

    ReplyDelete
  9. හෆොයි! පැය 2ක් විතර ට්‍රයි කොලා....ඉස්සල්ල පාට හෙව්ව. ඊටපස්සෙ බීම, සත්තු, සිගරට් ඔය විදිහට හෙව්ව හෙව්ව හෙව්ව :(
    වැඩේ හරියන්නෑ! වැඩිපුර එකක් එනව :D

    මාලුව ඔහෙ හිටපු තැනක හිටපුවාවයි මටනම් බැරෝ............................

    (හරියා අපිව අන්දන්නද දන්නෑ මේක දැම්මෙ, විලි ලැජ්ජාවයි :D)

    ReplyDelete
  10. ජර්මන්කාරයගෙ ගෙදර
    (සජී)

    ReplyDelete
  11. හරි යන්නේ නෑ හරී. කවද්ද මේකේ උත්තර ටික දාන්නේ ? ඉක්මනට ඒකත් දාන්න.

    ReplyDelete
  12. නෝර්වේ ජාතිකයද?

    ReplyDelete
  13. හරි හරි. හොයාගත්තා. මාළුවා ඉන්නේ ජර්මන් කාරයාගේ ගෙදර !!!! හුරේ හිපිප් හුරේ !!!!!

    ReplyDelete
  14. හරී,
    මේ තේරවිල්ල හොයාගත්තෙ කොහෙන්ද ? තව මේ වගේ එව්ව තියෙනවද?

    ReplyDelete
  15. නෑ මං හිතන්නෙ ජර්මන් එක්කෙනා.

    ReplyDelete
  16. ම්ම්ම් හරිද දන්නැහැ
    නෝර්වෙ ඩෙන්මාර්ක් බ්‍රිතාන්‍ය ජර්මන් ස්වීඩන්
    කහ නිල් රතු කොල සුදු
    වතුර තේ කිරි කෝපි බියර්
    පූසා අශ්වයා කුරුල්ලා මාලුවා බල්ලා
    dunhill blend pollmoll prince blue master

    ReplyDelete
  17. අද දවසම මේ ප්‍රස්නෙං තමයි හිටියෙ :D
    දවසම උත්තරේ හෙව්ව, හිතුව අන්තිමට හම්බ උනා :D (කොහොමද කියල අහන්න එපා!)

    උත්තරේ - මාළු ටැංකියක් තියන ගෙදර තමයි මාළුවෙක් හුරතලේට ඇති කරන්නෙ

    හරී හරිද? :D

    ReplyDelete
  18. @මධුරංග :කොහොමහරි උත්තරේ හොයාගත්තනේ...පස්සෙ පබ්ලිස් කොරන්නං ගැටලුව විසඳුවාට ස්තුතියි....

    @පිටස්තරයා:කතාව ඇත්ත කොලයක් පෑනක් නැතුවත් බෑ... එකෙන් පටන් ගත්තොත් වැඩේ ඇනෙනවා... ස්තුතියි......

    @දුකා :හි හි... කොලොප්පන් උනාම අඩුම ගානෙ පාවිච්චි නොකෙරුවාට මොලයක් තියෙනවා කියලවත් මතක් වෙයිනෙ... ස්තුතියි සහෝ ප්‍රතිචාරයට......

    @සසීන්ද්‍ර වීරසිංහ: අන්දන්න නෙමෙයි බොලං ඕක ඇත්තටම interview වල අහන IQ එකක්.. කොහොමද interview board එක ඉස්සරහා ඕක හදනකොට ආතල් එක.........

    දෙවෙනි comment එකෙන් දුන්න උත්තරේ ශෝයි....මාලු ටැංකියක් තියෙන්න එපැයි මාලු හදන්න...

    ස්තුතියි සහෝ....

    @චතුරංග පෙරේරා | chathuranga Perera :අපෙ අප්පේ මැරෙන්න ඕනෙ නෑ ඕක හදන්න...ඔය නියුරෝන පොඩ්ඩක් එහාට මෙහාට කොලාම ඇති.......

    @ Ano:ඉවර නෑ තව තියෙනවා... හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙටනෙ.... හොයාගත්තු තැන උත්තරෙත් තියෙනවා... ඉතින් පස්සෙ දෙන්නම්කෝ......

    මේ comment වලින් කීපයක් විතරයි උත්තර තියෙන ඒවා පබ්ලිස් කොලේ නෑ.....

    ReplyDelete
  19. හලේ.. දැක්ක ගමන් මොලේ කොලොප්පන් වුනා. ආයේ කොළ පෑන් අතට ගන්නවත් බෑ වගේ.. :P

    ReplyDelete
  20. @ප්‍රාර්ථනා :අපෝ කම්මැලියා.... කම්මැලි නැතිව හදමු... හදමු... කට්ටක් වුනත් කෑවට පස්සෙනෙ රහ දැනෙන්නෙ.....

    ස්තුතියි........

    ReplyDelete
  21. @Malith: ඔයා හරි...ප්‍රතිචාරයට ස්තුතියි මලිත්.......

    @1 Ano: ඔයත් හරි... අයින්ස්ටයිනුත් ජර්මන්කාරයෙක් තමයි ... ස්තුතියි

    @budhajeewa: ඒක පොඩ්ඩක් joke එකට වගේ දැම්මෙ.. අපහසුතවයකට පත් වුනා නම් සමාව භජනය කරන්න ඕනෙ... මගේ යලුවෙක්ටත් link එක දුන්නම මිනිහා කරෙත් හපනා වෙන්න හදපු එකයි...

    ඔයාගෙ උත්තරේ හරි... thanxxxxxx...

    @ පාඨකයා :හහ් හා... ඔව් ඔව්...........

    ReplyDelete
  22. @Chanaka Aruna Munasinghe : කනගාටුයි... ඔබගේ පිලිතුර බාරගත නොහැක...
    අවුලක් නෑ සහෝ.... try කරපු එකම වටිනවා.... ඇයි ඊටත් වැඩිය comment කරපු එක..........ස්තුතියි......

    @ 2Ano: ඔයා හරි සජී...

    @මධුරංග :ඒකනෙ කියන්නෙ try කරොත් ඕනෙ එකක් ගොඩදාගන්න පුලුවන් කියලා...

    try and try and try
    one day you can fly

    @කඩේ හාමිනේ : ඔයාගෙ දෙවෙනි උත්තරේ හරි.... මම තව ඉස්සරහටත් මේ වගේ ගැටලු දානවා ඒවටත් උත්තර දෙන්න ඕනා හොඳද?
    ස්තුතියි.......
    ආහ්හ්... ඔයා උත්තර තුනක් එවලා...විස්තරාත්මක එකකුත් තියෙන්නෙ හොඳයි හොඳයි.......

    ReplyDelete
  23. @ 3 Ano: උඩ දාලා ඇති....

    @ Shenya de Silva : ඔයා හරි .... ස්තුතියි....

    ReplyDelete
  24. ඒකනේ ගූගල් ඉන්නකන් අපි ෆ්ලයි කියලා කියන්නේ. මම් ගූගල් දෙයියාගෙන් අහුවා. තාමත් විසදන හැටි නම් දන්නේ නෑ. පුලුවන් නම් ඒක පරිවර්තනය කරලා දෙන්න. !!!!!

    ReplyDelete
  25. මම වෙන දේ බලා ඉන්නම්කෝ, ඒක ලේසියි වගේ ........

    ReplyDelete
  26. \ඒවා නැතිව විසඳන්න පුලුවන්නම් තමයි ඉතින් හැබෑ හපනෙක් වෙන්නේ./ මං ආශයි හැබ හපනන්ට... කරුණා කරල ඔය උපකාරක අවස්තා ගන්නෙ නැතිව විසදන විදිය කිව්වනම්... :)

    ReplyDelete
  27. එක ගෙයක්වත් නෑ/ මොකද ගෙවල් වල ඉන්න මිනිස්සුනෙ මලුවව හුරතලෙට අතිකරන්නේ......
    එහෙම නෙද ප්‍රශ්නෙ තෙරුම් ගන්න ඔන??????

    ReplyDelete
  28. @පන්සල් හංදිය :ස්තුතියි අයියා ප්‍රතිචාරයට.... පොඩි try එකක් දෙන්නනෙ තිබුනෙ... :)

    @සුළඟිල්ල | pinkie :හැක්... හැක්... උපකාරක අවස්ථා නොගෙන විසඳිය හැකි එකම ක්‍රමය කනා ගැහීමය.. ප්‍රතිචාරයට ස්තුතියිය... ලොල්ය..

    @කුරුළු: ඒකනෙ... බලන්න යනකොට අයින්ස්ටයින්ටත් හිතිච්ච නැති ඒවනෙ අපේ වුන්ට හිතෙන්නෙ... හි...හි...
    ස්තුතියි කොටලා ගියාට......

    ReplyDelete
  29. හර්‍මබවෙන පඩීය ගෙදර වියදමට හරියට බෙදන්න බැරිමම කොහොමද බං ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------මෙවුවා දාන්ඩ එපො

    ReplyDelete
    Replies
    1. ඇයි අයියෙ බෙදන්ටකො.. මේකට මෙච්චරයි මේකට මෙච්චරයි කියලා...

      මුලින්ම කරන්ඩ ඕනෙ ඉතිරි කරන ගාන අයින් කරන එකලු.. ඊට පස්සෙ අනික් වියදම්..

      Delete
  30. අම්මෝ සැලකිය යුතු වෙලාවක් ගියා. පැය එකහමාරක් වත් යන්නැති.. ජර්මන් කාරයා තමයි මාළුවාව ඇති කරන්නෙ. අනිත් විස්තරත් හරිද බලන්නකො

    1.නෝර්වේ කාරයා- කහපාට ගෙදර ඉන්නෙ, ඩන්හිල් සිගරට්, වතුර බොන්නෙ, පූසෙක් ඇති කරන්නෙ

    2.ඩෙන්මාර්ක් කාරයා- නිල්පාට ගෙදර ඉන්නෙ, බ්ලෙන්ඩ් සිගරට්,අස්සයෙක් ඇතිකරන්නෙ

    3.ඉන්ගිරිස් කාරයා- රතුපාට ගෙදර ඉන්නෙ, පොල්මෝල් ද මොනවද සිගරට් බොන්නෙ, කිරි වලට කැමතියි, කුරුල්ලෙක් ඇතිකරන්නෙ

    4.ජර්මන් කාරයා- කොළපාට ගෙදර ඉන්නෙ,ප්‍රින්ස් සිගරට්,කෝපි බොන්නෙ, මාළුවෙක් ඇතිකරන්නෙ

    5.ස්වීඩන් කාරයා - සුදුපාට ගෙදර ඉන්නෙ, බල්ලෙක් ඇතිකරන්නෙ.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි.. උත්සාහවන්තයා ජය ගනී කියන්නෙ ඕකට තමයි..

      Delete
  31. 10.සුරතලේට පූසො ඇතිකරන ගෙදරට එහා පැත්තෙ ගෙදර මිනිහා කැමතිම සිගරට් ජාතිය Blends.

    එහා පැත්තෙ wenuwata අල්ලපු ගෙදර wunaanam confuse wenna thiyena ida adui mchn!

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ නෑ එහෙම වෙයි කියලා..

      Delete
  32. උඹ නිකං අපිව කඩේ යවන්න... අපි අහුවෙයි.... ඒ මදිවට මාළුවා ඉන්න තැන අහනවා... :P

    ReplyDelete
  33. norway yellow water cat dunhill
    denmark blue tea horse blends
    british red milk bird pallmall
    german green coffee fish prince
    sweeden white beer dog blue master

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...