2.24.2012

මම දුටු කොටි ................4

මේ කියාගන යන්නෙ මම ඇත්තටම කොටි දැකපු හැටි. අද මේ පැත්තෙ ආපු කෙනෙක් නම් හරි කලින් ලිපි මඟහැරිච්ච කෙනෙක් නම් පහළ සබැඳි වලින් ගිහින් පරණ ලිපි කියවලා එන්න.



එදා අපි හිටියෙ පණ්ඩිවිරිච්චාන් වල නාලා එන ගමන්නෙ. ඔය විදිහට දවසට තුන් හතර පාරක් නාන්න ඇඟ හෝදන්න අපි පණ්ඩිවිරිච්චාන් ගියා. ඒත් දවසක් ඒ පාර වහලා තිබුණා. වන්දනාකරුවන් මඩු කඳවුරෙන් එළියට යාම නිසා ඔවුන්ගේ ආරක්ෂාව ගැන තමුන්ට වග කිව නොහැකිබව එල්.ටී.ටී.ඊ. ය කියා හිටියා. මේක නිසාම දවසක් පණ්ඩිවිරිච්චාන් පාර වසා දැමීමට ඔවුන් කටයුතු කර තිබුණා. මේ බව අපිට දැන ගන්න ලැබුනේ දවල්ට නාන්න හිතාගෙන සෑහෙන දුරක් ආවටත් පස්සෙ. 

"මේ කාශ්ඨකේ නොනා ඉන්න පුලුවන්ද?" ගොඩක් දෙනෙකුගේ අදහස වුනේ කොහෙන් හෝ දවල්ට නා ගැනීම. පල්ලියෙන් ජලය සපයන ටැංකි තිබුනත් හිටපු ජනකායත් එක්ක ඒවාට ළංවෙන එක ලේසි නෑ. ඔය අතර තමයි ජලය ගැන හෝඩුවාවක් අපේ මාමාට ලැබී තිබුනෙ. ඒ හෝඩුවාව අනුව අපි ගියේ මඩු පල්ලියට උතුරින් පිහිටි පාලම්පිඩ්ඩි ගමට.

පාලම්පිඩ්ඩි ගමේ හරියට දෙමළ චිත්‍රපටිවල තියෙන කඩ වගේ පොඩි පොඩි කඩ ගොඩාක් තිබුණා. ඒ වගේම මෙව්වා ඔක්කොම තාවකාලික කඩ බවයි පෙනුනෙ. ස්ථිර කඩ දැක්කෙ පණ්ඩිවිරිච්චාන් වල විතරයි. ඒ ගැනත් කියන්නම්කො. පාලම්පිඩ්ඩි තිබුනෙ අභය භූමියේ ගොඩාක් ඇතුලට වෙන්න. ඒ හරියෙ කාටවත් සිංහල අකුරක්වත් බෑ. මට පෙනුන හැටියට නම් වෙළඳාමටයි ගොඩක් දෙනෙක් එකතුවෙලා තියෙන්නෙ. මට හිතුන හැටියට නම් පණ්ඩිවිරිච්චාන් පාර වැහීමේ යටි අරමුණ වෙන්න ඇත්තෙ මේ කඩ වීදියට මිනිස්සු යොමු කිරීම වෙන්න ඕනා. පටලවා ගන්න එපා මේ මඩු කඳවුර සමීපයේ තියෙන කඩ වීදිය නෙමෙයි. මේ කඩ වීදිය පල්ලියේ පාලනයෙන් සම්පූර්ණයෙන් බැහැර අභය භූමියේ ගොඩක් ඇතුලට වෙන්නයි තිබුනෙ.

ඒ අහල පහළම වැවක් තිබුණා. හැබැයි බාගෙට හිඳිලා. ඒ මදිවට වතුර ගානටම නාන්න මිනිස්සුත් හිටියා. අපි මඟින් දාගෙන ගිය කොල්ලො කට්ටියක් ගියා ඒකෙ නාන්න. අපි නම් කැමති වුනේ නෑ. ළඟ වතුර ටැංකි අපිට හිතුනෙ එහෙමයි. කීපයක් තියෙන බව ආරංචි වෙච්ච නිසා ඒවායින් නාන්න හිතාගෙන කඩමණ්ඩිය පැත්තෙ පොඩි රවුමක් දැම්මා.

මුලින්ම වගේ හම්බුනා මී පැණි කඩයක්. කඩේ පිරෙන්නම මී පැණි බෝතල්. බෝතල් කියන්නෙ ලොකු බෝතල් නැතුව කුප්පි නෙමෙයි. "හෑ..මෙච්චර මී පැණි ලිපේ තියලා හදන එව්වද?"  මීවද වල කෑලි උඩ පාවෙන්න දාලා තිබ්බත් සුවර් නෑ. ගාන නම් හරියට මතක නෑ. රු.500කට අඩු මිසක් වැඩි නෑ මට මතක හැටියට. 

තල් ගහෙන් බිමට එන තල් රා
තව තිබ්බා නියම පොට් එකක් රා පොට් එකක්. පොල් නෙමෙයි තල්. තල් ගහක් යට තියාගනම විකුනනවා. පොල් රා වගේම තමයි වෙනසකට තිබ්බෙ පොඩ්ඩක් පැණි රහයි. රා කඩේට එහා පැත්තෙ තිබ්බෙ ඉබි කඩයක්. දොරේ දාන ඉබ්බො නෙමෙයි කකුල් හතරෙවුන් මස් වලට විකුණනවා. ඉබ්බෙක් 1000ක් 2000ක් විතර කිව්වා. ඔව්වා නම් පව් වැඩ. මෙහෙ ඉබ්බා තහනම් වුනත් කොටි අඩවියේ එළිපිටම ඉබි කඩේ තිබ්බෙ මේ පැත්තෙ තියෙන කුකුල්මස් කඩයක් වගේ. ඒ ඉබ්බන්ගෙ අහිංසක මූණු බලාගෙන මොන ඉබි මස්ද? අපි ටක් ගාලා එතනින් මාරු වුණා.

 අවුරුදු දෙසීයක විතර ආයු කාලයක් තියෙන ඉබ්බෙක් තමුන්ගෙ දිව පිනවන්න මරාදැමීම නම් හරිම අපරාධයක්. ඉස්සර අපේ ගම් පළාත්වලත් ඉබිමස් කාලා තිබුනා. ඒක නැවතිලා තියෙන්නෙ මීට අවුරුදු ගණනාවකට කලින් ගමේ ඉස්කෝලෙට ආපු ගුරුවරයෙක් නිසා. ඉස්කෝලෙ පාඩමේදි ඉබ්බා ගැන ඇදිලා ආපු වෙලාවක සර් අහලා තියෙනවා මෙහෙම. "කෝ ගෙදර ඉබිමස් උයන ඉබිමස් කන ළමයි ඉන්නවානම් අත උස්සන්න"

ළමයි බොහෝදෙනෙක් අත ඉස්සුවලු. "මම ඔයාලට කියලා දෙන්නම් ඉබිමස් රහට උයන ක්‍රමයක්. ගෙදර ගිහින් අම්මලාට කියලා උයලා බලන්න. "

දැන් සර් උගන්නනවා ඉබිමස් උයන්න. "ඉබ්බා ගෙදර ගෙනාවට පස්සෙ මරන්න ඉස්සෙල්ලා අනිත් පැත්ත හරවන්න. ඊට පස්සෙ දියකරපු ලුණු පොල්කට්ටක් විතර ඉබ්බගේ හිල් පහෙන්. ඒ කිව්වෙ ඔලුවෙනුයි කකුල් හතරෙනුයි වක් කරන්න. ඊට පස්සෙ වෙනදා උයන විදිහටම උයලා ගන්නකො"

එදායින් පස්සෙ නෙමෙයිලු ගමේ කවුරුත් ඉබිමස් කෑවෙ. මෙතන ඉබිමස් කන අය ඉන්නවානම් ඔය ක්‍රමේට උයලා බලන්න. හැබැයි ඉබිමස් වලින් ඉන්ජක්සන් කට්ටක් නැමෙන තරම් හයිය මස් ගොබ ලැබෙනවා කියන එක නම් ප්‍රසිද්ධ කතාවක්.

ආයෙත් කතාවට. ඉබ්බා වෙනුවෙන් දුක් වෙච්ච අපිට ඊට පස්සෙ පෙනුනෙ වල් ඌරු මස්. එව්වා නම් නියම වල් ඌරුමස් කියලා පෙනුනා. දවල්ට දෙන්නම් වල් ඌරට කියලා එතනින් මස් ටිකක් ගත්තු අපි නාගෙන ආපහු ආවා. අපි වාහනේ දාගෙන ගිය කොලු රැළ වැවෙන් මාළු අල්ලා තිබුණා. ඒක හින්දා වල් ඌරුමසුත් වැව්මාලුත් අමතරව කෑම වේලට එකතුවුණා. හෝව්..හෝව්..තව පොඩ්ඩෙන් එකක් අමතක වෙනවා. වන්දනාකරුවන්ට අරක්කු එපා කියලා අරක්කු බෝතල් අරගත්තු කොටි පාලම්පිඩ්ඩිවල බාර් එකකුත් දාලා. ඒකෙ තිබ්බෙ කොටින්ගෙ ලයිසන් අරක්කු. පොල් නෙමේ තල්. අහල පහල හිටපු බීපු උන් නම්  කිව්වෙ පොල් වලට වඩා තල් වලින් වදිනවා කියලා. අපි අමධ්‍යපව හිටපු හින්දා තල් ටැස් කරන්න වුනේ නෑ.

දෙයියෝ හම්බුනහැටි ඊළඟ ලිපියෙන් කියන්නම්.

ප.ලි.: කලින් ලිපියෙදි විචාරක මහත්මයා යෝජනාවක් කළා සිතියමක් අනුසාරයෙන් විස්තරයක් කරන්න කියලා. මේ ලිපිය ඊට කලින් ලියලා තිබ්බ නිසා ඔන්න පලියට ඇමුණුවා. මතක් කරපු එතුමාට මාගේ විශේෂ ස්තුතිය.

1. මේ පේන්නෙ මරඳ මඩු දේවස්ථානය එහෙම නැත්නම් තේරෙන විදිහට කිව්වොත් මඩු පල්ලිය

2. දේවස්ථානයේ ජල අවශ්‍යයතාව සපුරන ලොකු වැව. බීමට ජලය ලබා ගන්නේ වැව මැද තියෙන ළිඳෙන්

3. ජලය සපයන පොඩි වැව

4. මඩු කඳවුර. වන්දනාකරුවන් කූඩාරම් ගසාගෙන ඉන්නෙ ඔය හරියෙ

5. එල්.ටී.ටී.ඊ. සොහොන් බිම තිබූ ස්ථානය

6. දෙයියෝ මුණගැසුනු පොළ (විස්තරේ ඊළඟ ලිපියෙන්)

7. මෝටරයලාගෙ ගේ

අද කතාවෙ තැන්
1. මඩු පල්ලිය

2. බාගෙට හිඳී තිබූ වැව

3. ඉබි කඩ, පැණි කඩ, රා කඩ තිබුනෙ මේ හරියෙ

ෆ්ලැට් වී ඇති කොටි සොහොන් බිම

1.මඩු පල්ලිය

2. කඳවුරු භූමිය - වන්දනාකරුවන් කඳවුරු බැඳගෙන ඉන්නෙ මේ හරියෙ. ඒ අයිනෙන් යන ඇළක් තමයි කඳවුරේ මායිම. ඔය හරස් අතට තියෙන්නෙ කඳවුර තුළ ගමනාගමනය සඳහා ඇති පාරවල්. එල්.ටී.ටී.ඊ. පොලිස් මුර්ස්පොළක්ද කඳවුර ඇතුළෙ තිබුනා..

44 comments:

  1. අපොයි අපිනම් කයි ඉබි මස්

    ReplyDelete
    Replies
    1. ව්‍යාකරණ අනුව අපි කිව්වොත් ආඛ්‍යාතය 'මු' යන්නෙන් ඉවර වෙන්න ඕනෙ..

      අපි ඉබිමස් කමු. වෙන්න ඕනෙ.:)

      මම දැක්කා බ්ලොගේ ලස්සන වෙලා තියෙනවා..

      Delete
  2. අද තමයි ඔයාගේ ලිපි ටික ඔක්කොම එක පාරට බලල ඉවර කලේ
    මේ විස්තර ටික ගොඩක් වටිනවා
    මටත් කවදාහරි මඩු පල්ලිය බලන්න යන්න ආසාවක් තියෙනවා
    බලමුකෝ ඉස්සරහට

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි!
      කට්ටියක් සෙට් කරගෙන යන්නයි තියෙන්නෙ වෙලාවක...

      Delete
  3. ibbata lunu dammama mokada wenne ban

    ReplyDelete
    Replies
    1. බලමුකො සහෝ කවුරුහරි දන්න කෙනෙක් කියයිද කියලා...නොකිව්වොත් මං කියන්නම්..

      Delete
  4. හරී මේක නම් පට්ට ට්‍රිප් එකක් බං...

    ReplyDelete
    Replies
    1. පට්ට නම් තමයි..
      හැබැයි වන්දනා ගමනක් කිව්වොත් තමයි හරි...මඩු කඳවුරෙන් එළියට ආවට පස්සේ තමයි ට්‍රිප් එකක් වුනේ..

      Delete
  5. රා කිව්වම කී බෝඩ් එකෙන් හිටන් කෙල වැක්කෙරෙන්න ගත්තා !
    අඩේ නිකන් රා නෙමෙයි කිතුල් රා !!!
    රා බොන්න නම් ආසයි.... ඒත් කොයි ?

    ReplyDelete
    Replies
    1. පිහගනින් පිහගනින්..ඕක සවුත්තු වෙයි..

      මම කිතුල් රා බීලා නෑ බං..පොල් හා තල් පමණයි..

      කොයි කොයි ගාන්නෙ මොකටද? 'රා බොමු' කියලා ගහලා තියෙන තැනකට ගියා බිව්වා...

      හැබැයි කලවම් තමයි..වතුර නම් අනිවා කලවම්..හොඳටම සවුත්තු නම් කැකුළු හාල් පාඬු දාලා එඳරු පොල්ලෙන් තලපුවා...

      Delete
    2. ඒක නෙමෙයි. දවසක ඔය පුත්තලම් හලාවත ලයින් එකේ කොහාට හරි සෙට් වෙන්ඩ තිබ්බා නම් මරු. ට්‍රේන් එකේ පුත්තලම් ගිහින් පුත්තලම කලපුව ලඟ ඉන්න පුලුවන්. පට්ට ප්ලේස් එක !!!

      කලපු හුලඟත් එක්ක පොල් රා ටිකක් කටේ හලාගෙන උම්බලකඩ වඩේ කෑල්ලක් කන්ඩ තියේ නම්... ආයේ වෙන මොනවෙයි. මම් එක වතාවක් නම් මලයත් එක්ක පුත්තලම් ගිහින් තියේ. !!!

      Delete
    3. 'ට්‍රේන් එකේ පුත්තලම් ගිහින්' උඹව කොටියා කාපිය..ඔයිට වඩා නම් එපා කරපු වැඩක් මතක් කරන්න එපා..ඒ පාරෙ කෝච්චි පට්ට සවුත්තුයි බං..පුත්තලම් ට්‍රේන් ඔක්කොම ස්ලෝ එව්වා..ඒ මදිවට ඉස්සරහෙන් එන අනික්වට ඉඩදෙන්න මඟ දිගට රිවස් කර කර යන්නෙ..මේ ඊයෙ පෙරේදා ගිහින් මට එපා වුනා..අනික දෙපැත්තෙ බලන්න මෙලෝ දෙයක් නෑ..ඊට වඩා හොඳයි වව්නියාව වගේ බස් එකක් නැග්ගානම් පැය දෙකෙන් පුත්තලමෙ..

      මම නම් තිස්පාරක් විතර ගියත් ඔහොම දෙයක් නම් කරලා නෑ..එහෙම යනවනම් කඩ රා හරියන්නෙ නෑ බං කවුරුහරි අඳුරන තැනකින් බාපුවා ගන්නවා මිසක්..දවසක යමු..

      අද දවල්ට රා ටිකක් බිව්වනම් හොඳයි වගේ..හි..හි..

      Delete
  6. මචන් අර විදිහට ලුණු දැම්මම මොකද වෙන්නෙ කියලත් කිව්වනම් හොඳයි..

    ගමේ ඉස්කෝලෙ කිව්වේ අපේ එකද ? කව්ද ඔය ගුරුතුමා.. ?

    උඹල මඩු පල්ලියේ ඉඳල සෑහෙන්න දුරක් ගිහිල්ලා නේද ? සිතියම දාපු එකනම් හරි වටිනවා..

    ඉබි මස් නොකන්ඩයි, ඌරු මස කන්ඩයි බලපාපු තියරි එක මොකක්ද ? ඌරත් එක්ක තරහද. :-)

    ReplyDelete
    Replies
    1. මම හිතලමයි කිව්වෙ නැත්තෙ..දන්න කියන පොඩ්ඩක් කල්පනා කරන කෙනෙකුට අවස්ථාවක් දෙන්න..දන්න කෙනෙක් පහළ කියයිනෙ..

      නෑ නෑ..ඔයාලගෙ ඉස්කෝලෙ නෙමෙයි වෙන එකක්...දන්න කියන ගුරුතුමෙක් වෙන්න බෑ..මේක කියලා තියෙන්නෙ පනස් ගණන්වල විතර..

      ඔව් හැමදාම වගේ ගියා..අපේ කාන්තා පාර්සවේ..ඒ කිව්වෙ අම්මලා නැන්දලා අක්කලා නම් ඔයිට වඩා දෙගුණයක් විතර දුර තැනකටත් නාන්න ගිහින් තිබුණා..

      සිතියමේ ක්‍රෙඩිට් එක නම් යන්න ඕනෙ විචාරක මහත්මයාට..ඒ බ්ලොග් එක පැත්තෙත් පොඩ්ඩක් යන්න...

      පිස්සුද බං උඹ එක්ක තරහ වෙනවද මම :) ඔන්න මෙහෙම කිව්වයි කියලා තරහා වෙන්න එපා හරිද? :)

      තියරිය ඩියුඩ්ටත් එක්කම කියන්නම්...

      Delete
  7. Sennaa කිව්වත් වගෙ හරී මොකක්ද හැබෑටම ඒ තියරිය ?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා හා ඩියුඩ්,

      මෙහෙමනෙ ඔය ඉබ්බො හිටියෙ පණපිටින් විකුණන්න..අපි ගාන කතාකරගෙන මේකා ඕනා කිව්වම මිනිහා කරන්නෙ ටිකක් ඈතට ගිහින් ඉබ්බාව මරලා සුද්ද කරලා මස්ටික ගෙනත් දෙන එක..එතකොට අපි ඉබිමස් ගත්තානම් ඉබ්බා මැරෙන්නේ අපි හින්දා..අපි ඉබිමස් නොගත්තා කියන්නෙ අපි හින්දා මැරෙන ඉබ්බෙක් වැළකෙනවා..වෙන කවුරුහරි ඇවිත් ගන්න එක වෙනම කතාවක්..අඩුම ගානෙ ඌ ජීවත්වන කාලෙවත් වැඩිවෙයිනෙ..

      ඌරා ගැන කියනවානම් ඌරො මරලා මස් තමයි විකුණන්න තිබුනෙ..ඉතින් අපි මස් ගත්තා හෝ නොගත්තා කියලා සතෙකුගෙ ජීවිතේකට අමුතුවෙන් හානියක් වෙන්නේ නෑ..

      ඔන්න ඕකයි තියරිය..

      අපි වෙනුවෙන් නොමැරූ සතෙකුගෙ මස් කෑවට පව් නෑ වගේ දෙයක් තියෙනවද?

      Delete
  8. හරී ඔබට මුලින්ම මගේ හද පත්ලෙන්ම ස්තුති කරන්න ඕනේ. ඔබ මගේ බ්ලොග් එකට ඇවිත් ලිපි සියල්ල කියවලා කමෙන්ට්ස් 10 ක් දාලා තිබුනා. මගේ බ්ලොග් එක 'අසමි දකිමි සොයමි' ඉදිරියේදී තවත් දේවල් ලියනවා, ඉඩ ඇති වෙලාවක ඇවිත් යන්න. මඩු ප්‍රදේශයේ සිතියමක් දාපු එක හොඳයි. නොමිලේ ඉන්ටර්නෙට් එකෙන් දෙන picture editing software එකක් බාගත්තානම් සිතියම්වල දක්වා ඇති අර ඊතල සහ අකුරු වගේ දේවල් ඉතා පැහැදිලිව සටහන් කරන්න පුළුවන්. කොල්ලෝ, උඹලා හරියටම අර සොහොන් පල්ලාගේ ලිඳෙන් තමයි නෑවේ. සිතියමෙන් ඒක තහවුරු වෙනවා. තල් රා සමග මුරුක්කු තමයි නැගලා යන්නේ. අපිට ලැබෙන්නේ තල රා ගොට්ට පිටින්. ඔන්න ඔන්න මමත් කට වරද්දගන්නවා. හරි හරි දිගටම ලියන්න. මමත් මගේ අත්දැකීම් කියන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සතුටින් බාරගන්නම්..

      හමුදා නිළධාරියෙකුගේ අත්දැකීම් බොහොම වටිනවා..ඒක නිසා දිගටම ලියන්න..සින්ඩි කීපයකටම දැම්මා නම් ගොඩ දෙනෙක් ඔබේ අඩවියට පැමිණේවි..

      සිතියම නිසා ලිපියට එළියක් වැටුණා කියලයි මට නම් හිතෙන්නෙ..ඒකෙ ගෞරවය යන්න ඕනෙ ඔබතුමාට..මේ ලිපිය 28වෙනිදා දාන්න හිටියත් සිතියම් දැම්මාට පසු පමා කරන්න හිතුනෙම නෑ..

      Windows 7 වල Snipping Tool එක තමයි පාවිච්චි කරේ..edit කරනකොට අපූරුවට තිබ්බත් upload කළපසු අපැහැදිලි වුනා..ඊටපස්සේ තමයි කළු ඉලක්කම් දැම්මෙ..

      ආයෙ කතා දෙකක් නෑ එහෙනම් ඒ ගෙදරින් වෙන්න ඕනෙ...

      අපිත් මුරුක්කු තමයි ගත්තෙ..ඒත් නිවී හැනහිල්ලෙ බොන්න ලැබුනේ නෑ...නාන්න ගිය ගමන්නෙ..

      ඔබතුමාගේ ශි‍ෂ්‍යභට ජීවිතය ගැනත් ලියන්න..මමත් ඒ ගැන ළඟදි ලියන්නයි ඉන්නෙ..

      Delete
  9. සික් ඔය වල් ඌරු මස් වැව් මාලු,ඉබ්බෝ මතක් කරන්න එපා බන්...අපිට දුක හිතෙනවා...
    මම නම් මඩු ගිහින් ඔච්චර ඇවිද්දේ නෑ,අපි හිටියෙත් නෑ,ඉන්න කියලා ගියාට දවසෙන් ආපහු ආවා,, ඒ 2004 අගෝස්තු අපි ගියේ

    ReplyDelete
    Replies
    1. එව්වල පිංතූර ටිකක් දාන්නද? :)

      මොකද එක දවසෙන් ආවෙ..අමු කට්ටක් වෙන්න ඇතිනෙ දවසක් ඇතුළත එහෙට ගිහින් ආපහු එන එක..

      Delete
  10. මම මඩු දේවස්ථානය හරහා කීපවරක්ම යාපන් සංචාරය කළා. ඒ එක වතාවකදි අපට අනුග්‍රහය දැක්වුවේ යාපනය රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන කීපයක්. අපි නැවතුනේ යාපනේ යාල් පාඩි හෝටලේ. එදා හවස අපේ සංචාරය භාරව හිටි යාපනේ සංවිධායක වූ දෙමළ යෙහෙළිය රෑ තල් රා ලීටර් 10 කෑන් එකක් ගෙනාවා. ඇයත් අපි එක්කම තල් රා බිව්වා. රාටික නම් මරු.උදේ බලන කොට ලීටර් 10 හිස්. ඒ ගමන නම් මරු.

    ReplyDelete
    Replies
    1. යාපනේ යද්දි මඩු හරහා ගියයි කිව්වෙ මන්නාරම හරහා ගිහින් සංගුපිටි පාරෙන්ද ඔබතුමන්ලා ගියෙ?
      නැතිනම් අමුතුවෙන්ම මඩු පල්ලි ගියාද?

      මට නම් තාම යාපනේ යන්න වුනේ නෑනෙ..

      ලීටර් 10ක්??? එක අතකට පුදුම වෙන්න දෙකුත් නෑ..රා වලට එච්චර වෙරි වෙන්නේ නෑනෙ..පුරුදු මිනිහට බඩේ ඉඩ විතරයි ඕනෙ.. :)

      ඒ අත්දැකීම් ටික ඔබතුමාගෙ බ්ලොගේ ලියන්න පුලුවන් නම් හොඳයි...

      Delete
    2. නැහැ. මට තාම මන්නාරම පැත්තේ යන්න බැරි වුණා. අපි යාපනේ ගිය හැම වාරෙම අනුරාධපුරය හරහා මැදවච්චියට, එතැනින් මන්නාරම් පාරෙන් මඩු දේවස්ථානයට, එතැනින් ආපහු වව්නියාවට ඇවිත් යාපනේ ගියේ.

      මමත් පළමු වරට තල් රා බිව්වේ එදා. තල් රා වලට ඒ තරම් වෙරි නොවෙන වග දැනගත්තත් එදා. හැබැයි ඊට පසුවදා නාගදීප සංචාරයක් සූදානම්කරල තිබුණා. ඒ යන අතරමග වේලනෙයිවලත්, පුන්කුඩිතිවු වලත් තමයි දවසේ වැඩිහරියක් ගත වුනේ. මොකද ගිය කට්ටියට තල් රා බීමේ අවශ්‍යතාවය වැඩිවෙලා තිබුණේ.එදා තමව සිංහල දෙමල ජාතිග සමගිය කොයිතරම්ද කියලා අපේ අයගෙන් පෙනුනේ. රා පොලවල්වල එක් රාකට්ට බෙදාගෙන බොන්න සිදුවුණාම.කිසිම ජාති බේදයක් අපි අතර තිබුනෙ නෑ.

      හරී.. මට ඔබතුමා කියන්න නම් එපා. මමත් මේ පොලවෙ පය ගහලා ඇවිදින ඔබ වගේම සහෘදයෙක්. ඔබතුමා කිව්වාම අපි අතර දුරස්බවක් හිතට දැනෙනවා.අනෙක් ඔනෑ විදයකට කැමතියි.

      සිත් ගත් සංචාර කීපයක්ම තියනවා. ඒත් ලියන්න වෙලාවක් නෑ.බලමු ඉදිරියේදි.

      Delete
    3. තකහනියක්ම මඩු පල්ලි ගිහින් වගේ..

      විල්පත්තුව හරහා පාර හැදුනොත් කොළඹ ඉඳලා මන්නාරම් පැත්තෙන් මඩු වගේම යාපනේ යන්නත් පුලුවන් වේවි...එතකොට අ'පුර , වව්නියාව හරහා යනවාට වඩා දුර අඩුවේවි..

      හැබැයි දෙමළ සමහර අය ඒ ගොල්ලන්ගේ කඩවලට සිංහලයෝ එනවට කැමති නෑ...ඒකට හේතුව ජාති භේදයක් නෙමෙයි..සිංහලයෝ කෝප්පවලට කට තියලනෙ බොන්නෙ..ඒ මනුස්සයො වගේ උගුරට හලාගන්නෙ නෑනෙ..

      එහෙනම් මීට පස්සෙ ඔබතුමාට..නෑ නෑ..ඔයාට එහෙම නොකියා ඉන්නම්කො..හි..හි..

      මටත් ලියන්න එව්වා නම් ගොඩයි..ඒත් ලියන්න වෙලාව නැතිකම එකක්..අනික එක දිගට ලිව්වොත් කියවන අයටත් අමාරුයිනෙ..

      Delete
  11. කතාව ආසාවෙන් කියෙව්ව, කව්රුත් අහන ප්‍රශ්නෙ තමා මටත්. ඉබ්බට ලුනු දැමීම ?

    ReplyDelete
    Replies
    1. අයියෝ මම හිතුවා ඔබා මාමා දන්නවා ඇති කියලා..

      බලමුකො දන්න කවුරුහරි ඉන්නවාද කියලා..

      Delete
  12. හරී අයියේ පොඩි පැමිණිල්ලක් තියනවා. ඔය වම් පැත්තෙන් ෂෙයාර් කරන්න තියන මෙව්ව කෑලි ටික නිසා බ්ලොග් එක කියවන්න අමාරුයි. මං හිතන්නෙ ගොඩක් ලැප් කාරයොන්ට එහෙම වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ඔන්න මල්ලී අයින් කළා දැන් හරි නේද?

      ලැප් එකේ ප්‍රශ්නයක් නෙමෙයි..පාවිච්චි කරන බ්‍රවුසරේට හරියන්න කෝඩ් එක වැඩකරන්නේ නැතිවීමයි ප්‍රශ්නෙ..

      Delete
    2. ඒවගේම ස්තුතියි දැනුම් දුන්නට තව මොනාහරි ප්‍රශ්න තියෙනවනම් කියන්න..ඉස්සෙල්ලා ලිපියෙ දුන්න උත්තරේ තේරුනා නේද?

      Delete
  13. ලිපිය නම් නියමයි ඒත් අර ඉබි කේස් එකේදි ඔළුව ටිකක් පිස්සු වැටෙනවා හැබෑට මොකද වෙන්නේ එහෙම උනාම....අර තිබුනයි කියපු මී පැණි ඇත්තම මී පැණිද කවලම්ද....එතකොට දවස් කීයක් ට්‍රිප් එක ගියාද...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!..මම හිතන්නෙ මල්ලී මඤ්ඤ්ං වෙන්න ඇත්තෙ ඉබිමස් කන්න කියනවද එපා කියනවද කියලා හිතා ගන්න බැරුව වෙන්න ඇති..

      අපි ගත්තේ නැති හින්දා කියන්න බෑ මල්ලී..මම හිතන හැටියට නම් කලවම් වෙන්න ඇති..නිකමට හිතන්නකො බාර් එකක් අරක්කු බෝතල් වගේ කඩේක මී පැණි තියෙනවා කිව්වම..

      කොටි ඉන්න කාලෙ මම දෙපාරක් මඩු ගියා..දෙපාරෙම විස්තර එකට දලයි ලියලා තියෙන්නෙ..ඒ ඒ සිද්ධි වුනේ මොන සැරේද කියලා බේරුම් කරගන්න බැරි නිසා..
      දින ගණන කියනවානම් ගමන් දෙකේම අපි මෙහෙන් ගියෙ අගෝස්තු 11 මඩු වලින් ආවෙ 16 වෙනිදා විතර එක පාරක් ට්‍රින්කො ගියා අනික් පාර අ'පුර ගියා ඒවට වෙනම දවස් දෙකයි..11-19 වෙනකන්..8ක් නේද?

      ඔය වන්දනා ගමන් යාම ගැන කතෝලික චාරිත්‍ර යටතේ ලිපියක් දාන්නාම්කො..

      Delete
  14. @බට්ටා :
    ලැප් කාරයන්ට විතරක් නෙමෙයි සාමාන්‍ය මොනිටර් පාවිච්චි කරන අපටත් ඔය විජට්ටුව වදයක් වී ඇත !
    හරී !!! මේ ඔබේ අවධානය පිණිසයි !

    ReplyDelete
    Replies
    1. හපොයි අමාරුවෙන් දාගත්තු එක..මට නම් අවුලක් නෑ..කිරි ටොයියා වගේ තියෙනවා..

      ඕං එහෙනං ගැලෙව්වා..

      Delete
    2. මටත් එව්ව එකෙන් මුකුත් මෙව්ව එකක් නම් උනේ නැහැ. මචන් එව්ව එකෙන් මෙව්ව වෙනවද බලන්ඩ ආයේ එව්ව එක, මෙව්වා කොරන්ඩ බැරිද.. හිහ් හිහ්..

      Delete
    3. @ සෙන්නා:
      එක් කෙනෙකුට හරි කරදර නම් තියන එක හරි නෑනෙ..බ්‍රවුසර්වල තමයි අවුල තියෙන්නෙ...
      වෙන මොකක් හරි කරන්නම්කො..

      අපේ බැච් එකෙත් හිටියා ඔය වගේ පොරක්..වාක්‍යය ඇතුළේ නාම පද ක්‍රියා පද මොකුත් නෑ..එව්වයි මෙව්වයි විතරයි...හි..හි..

      Delete
  15. ඉබි මස්??,වල් ඌරු මස්??,කිබුල් මස්,කොටි මස් මස් මස් මස් :D
    මම මුකුත් නොපවසමි.

    ReplyDelete
    Replies
    1. මම බැලුවා මොකෝ පරක්කු කියලා..පෝස්ට් එක ලියනකොටත් මට හිතුනා උඹ ඇවිත් ඉබිමස් වලටත් මාව පටලවයි කියලා.. :)

      මට පෙන්නෙ මම කාලා තියෙන මස් ගැන පෝස්ට් එකක් දාන්න වෙනවා.. :P

      ඔබා මාමාගෙන් ඇහුවොත් කියාවි කන්ගරුමස්වල රහත්..

      Delete
    2. කාපු මස් ගැනත් එහෙනම් පොස්ට් එකක් ලිව්වා නම් අපිට දැනගන්නත් එක්කලා?.ඔන්න හැබැයි ඔක්කොම මස් ගැන දාන්න ඕන

      Delete
    3. හික්..හික්..උඹ හිතුවෙ මම සිරාවට කිව්වා කියලද?

      Delete
  16. ඉබ්බෝ කතාව ගැන දන්නා කෙනෙක් තවත් නෑ වගේ. මම නිකම්ම කියලා දානවාට වඩා කවුරුහරි ඒ ගැන හිතලා දෙන උත්තරයක් තමයි වටින්නෙ..

    උදව්වක් කරන්නම්..

    සාමාන්‍යයෙන් ඉබ්බා කියන්නෙ උභය ජීවියෙක්.. උන් නිතරම ගැවසෙන්නෙ තෙතමනය තියෙන තැන්වල..

    තෙතමනය තියෙන තැන්වලදී අපි ලුණු භාවිතා කරන්නේ මොන වගේ දේකටද කියලා ටිකක් හිතුවානම් ඉබ්බාගේ ඇතුළට ලුණු දැම්මාමත් මොකද වෙන්නෙ කියලා හිතේවි..

    ලුණු වෙනුවට සබනුත් දාන්න පුලුවන්..දැන්නම් උත්තරය කටේ...

    හෙට රෑට උතරේ දානකම් ටිකක් හිතන්නකො..

    ඔය වගේම මඤ්ඤයි පඤ්ඤයි කතාවෙ ඉළ ඇට ගැන කියපු සීන් එක කාටවත් මීටර් වෙලා තිබූනෙ නෑනෙ..

    ReplyDelete
  17. උඹේ සටහන නම් මරු මචං....ලස්සනට ලියාගෙන යනවා.....හරිම ආසාවෙන් කියවන්නේ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි..

      Delete
  18. තාම ඉබි මස් උත්තරෙ දාලා නෑනෙ.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...