6.15.2012

සාන්ත අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා (2 කොටස)

අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා (1 කොටස) කියවපු අය නම් දන්නවා ඇති මම මේ කියාගෙන යන්නෙ සාන්ත අන්තෝනි මුනිතුමා ගැන බව. මම කලින් කොටසෙදි එතුමාගේ ජීවිත කතාව ගැන විස්තර කිව්වනෙ. ඒ ලිපිය මගහැරුණා නම් මෙතනින් ගිහින් කියවලාම එන්න. නැතිනම් මෙලෝ දෙයක් තේරෙන එකක් නෑ.කලින් ලිපියෙදි පොරොන්ඳු වූ පරිදි අද ලිපියෙදි මම කියන්න යන්නෙ එතුමාගේ අනුහසින් සිදුවූ ප්‍රාතිහාර්‍යය පිළිබඳව. එතුමා ජීවත්ව සිටි කාලයේදී මෙන්ම මියගිය පසුත් ගණන් නොකළ හැකි තරම් බොහෝ ප්‍රාතිහාර්‍යය සිදුවී තිබෙනවා. ඔය ඔක්කොම ඉතින් මෙතන කියන්න බෑනෙ. ඒක නිසා එතුමාගේ ජීවිත කාලයේදී සිදුවූ ප්‍රාතිහාර්‍යය කීපයක් සඳහන් කරන්නම්. ඊට අමතරව ලෝ වැසි ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වන එතුමාගේ ශු. ධාතු ගැනත් සඳහන් කරන්නම්. එහෙනම් ලිපියට යමු.
 ------------------------------------------------------------------------------------------------------------


කාලෙන් කාලෙට ආගම් වල වුනත්  විවිධ මතවාද ඇතිවෙනවනෙ. අන්තෝනි පියතුමා ජීවත්වෙච්ච කාලෙත් කතෝලික සභාවේ විවිධ කොටස් තුළ මතවාද ඇතිවෙච්ච කාලයක්. වඩාත් පැහැදිලිව කියනවානම් ඇල්බිජෙන්ස්වාදය (albigense) දරුණුවට පැතිරගිය කාලයක්. යම් කතෝලික පිරිසක් ආගමේ යම් යම් සංකල්ප විවේචනය කරමින් කල්ලියක් ඇතිකරගන්නවා. ඔවුන් කියන්නෙ දිව්‍ය සත්ප්‍රසාදය, පාපොච්චාරණය ආදී දේවල් පුහු දේවල් ලෙස. මේ ගැන ලොකුවට කියන්න ගියොත් ට්‍රැක් පනින නිසා ඔය ඇති කියා හිතනවා. ඇල්බිජෙන්ස්වාදයෙන් කතෝලිකයන් මුදවා ගන්න අන්තෝනි මුනිතුමා කරපු සේවය ප්‍රශංසනීයයි.

මේ සිද්ධිය වෙන්නෙ අන්තෝනි පියතුමාගේ ආශ්චර්යමත් දේශනාවට පස්සෙ. කලින් ලිපියෙ කිව්ව මතක ඇතිනෙ. ඒ කියන්නෙ අන්තෝනි පියතුමාට නගරයේ යම් පිළිගැනීමක් තියෙන කාලෙ.

 රොමානා නගරයේ රිමිනි කියන ගමේ  මතවාදය සීඝ්‍රයෙන් පැතිරීමට පටන් ගන්නවා. විශාල වශයෙන් ජනතාව ඒ වටා රොක්වී සාම්ප්‍රදායික කිතුණු ඇදහිල්ල ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. පල්ලියෙන් ඈත්වෙනවා. එම පදවියේ රදගුරුතුමා කොපමණ උත්සාහ කළත් සාර්ථක වන්නේ නෑ. අවසානයේ එතුමා උදව් පතන්නේ රොමානා නගරයේ ප්‍රැන්සිස්කන් තාපසාරාමයෙන්. තාපසාරාමයේ අධිපති පියතුමා වගකීම පවරන්නේ චතුර කථිකත්වයක් ඇති අන්තෝනි පියතුමාට. රිමිනි ගමට ගොස් ජනතාව මිථ්‍යා මත වලින් ගලවාගෙන පැමිණීමට යවන්නේ අන්තෝනි පියතුමාව. අන්තෝනි පියතුමා ඉතා කැමැත්තෙන් වගකීම භාරගන්නවා.

 අන්තෝනි පියතුමා යනවිට රිමිනි ගමේ පල්ලිය පාළුවට ගිහිල්ලා. එතුමා මිනිස්සුන්ට දේශනා කිරීමට උත්සාහ කරනවා. හරි වැරැද්ද පැහැදිලි කිරීමට යනවා. මිථ්‍යාමතයක පැටලී ඇති  රිමිනිහි මිනිස්සු ඒවා තුට්ටුවකටත් ගණන් ගන්නේ නෑ. කවුරුවත් තමුන්ගේ දේශනා නොඇසීම ගැන හොඳටම කලකිරුණු එතුමා රිමිනි ගම අසලින් ගලා ගිය Marecchia ගඟ ළඟට එනවා. ගඟ දෙසට අත් ඔසවා "මාළුවනේ වරෙල්ලා, දේව වචනය අහපල්ලා. බොරුමත වලින් අන්ධවෙලා ඉන්න මේ මිනිස්සුන්ට ලජ්ජා කරපල්ලා" කියමින් මාළුන්ට අඬගසනවා.

අහන් හිටපු මිනිස්සුන්ට හිතෙන්නැති මේ මිනිහට පිස්සු කියලා. ඒත් ටික වෙලාවකින් වටේ හිටපු මිනිස්සු පුදුමයට පත් කරමින් ගඟේ හිටපු මාළු ඔක්කොම දියමතුපිටට පැමිණෙනවා. වටේ පිටේ මිනිස්සු ගඟ ළඟට දුවගෙන එන්නෙ මොකද මේ ආශ්චර්‍යය බලන්න. ඒත් මාළු නෙමෙයි හෙල්ලෙන්නෙ. අන්තෝනි පියතුමා දෙවියන් වහන්සේගේ තේජස හා කරුණාවන්තකම ගැන මාළුන්ට දේශනා කරනවා. මාළු ටික යන්නෙ දේශනාවෙන් පස්සෙ අන්තෝනි පියතුමාගෙ ආශිර්වාද ද ලබාගෙන. අන්තෝනි පියතුමා හැරී එනවා. ජනතාව තමුන්ගෙ මිත්‍යාමත අතහැරදමනවා.

-------------------------------------------------------------------------------------------------------------

මේ තවත් කතාවක්. Ferrara නගරයේ එක්තරා ප්‍රභූ පවුලක හිටපු ප්‍රභූවරයෙකුට හිටියා ඉතාම රූමත් භාර්යාවක්. මේ කාන්තාව හරිම සමාජශීලීයි හැමෝ එක්කම හරිම ප්‍රියමනාපව කථාබහ කළා. නමුත් ඇගේ සැමියට මේක දිරෙව්වෙ නෑ. ඇයව නිතරම සැක කළා. ඇගේ කුසට පැමිණි දරුවාගේ පිතෘත්වය ප්‍රතික්ෂේප කරමින් ඇයට හිරිහැර කරන්න වුණා. කාලෙකට පස්සෙ ළමයා ඉපදුනාම තත්වය හොඳටම දරුණු උනා. 

අන්තෝනි පියතුමා  Ferrara නගරයට එන්නෙ ප්‍රභූවරයා තම භාර්යාවත් අලුත් ඉපදුන දරුවාත් මරන්න කුමන්ත්‍රණය කරමින් ඉන්දැද්දි. ප්‍රශ්නය විසඳා ගැනීමට අන්තෝනි පියතුමාගේ මැදිහත්කම පතන්න තීරණය කළ දරුවාගේ මවත් ආච්චීත් එතුමා බැහැදකින්න යනවා. අන්තෝනි පියතුමා ප්‍රභූවරයා හා කතාකොට එකඟතාවයක ඇති කරගැනීමට පොරොන්ඳු වනවා. 

හවස්යාමේ ප්‍රභූවරයාට පැයගණනක් තිස්සේ කළ කරුණු පැහැදිලි කිරීම සාර්ථක වන්නේ නෑ. ඒ කාලෙ D.N.A. පරිස්සන තිබ්බෙත් නෑනෙ. "ළදරුවා අරගෙන එන්න" අන්තෝනි පියතුමාගෙ ඉල්ලීමෙන් හෙදිය ළදරුවාත් රැගෙන අන්තෝනි පියතුමාත් ප්‍රභූවරයාත් සිටි කුටියට පැමිණෙනවා. අන්තෝනි පියතුමා කථාකරන්නෙ අලුත උපන් බිළින්ඳාට "ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් මට කියන්න දරුවෝ කවුද ඔයාගෙ තාත්තා."

අලුත උපන් දරුවා "මේ ඉන්නෙ මගේ තාත්තා" කියමින් ප්‍රභූවරයාගේ දෙසට දිගුකරන ඇගිල්ල දැකීමෙන් ඔහුගේ ඇස් කඳුලින් තෙමෙනවා.  දරුවත් වඩා ගන්න ඔහු ගෙදරට යන්නෙ සියලු සැක සංකා දුරුකරගනිමින්.

--------------------------------------------------------------------------------------------------------------

මම කලින් ලිපියෙ මුලින්ම දාලා තිබුනු ශු. අන්තෝනි මුනිතුමාගේ පින්තූරය දකින්න ඇතිනෙ.  ඕගොල්ලො දන්නවනෙ රජ කෙනෙකුගේ හෝ වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ සිතුවමකදී අදාළ පුද්ගලයකුගේ ජීවිතයට සම්බන්ධ දේවල් නිරූපණය කරනවා. උදාහරණයකට කියනවා නම් බුද්ධදාස රජතුමාගේ සිතුවමක අඳින්නෙ වෙදකමට සම්බන්ධ දේවල්. ඉතින් ශුද්ධවන්තයන්ගෙත් එහෙම තමයි. සාන්ත අන්තෝනි මුනිතුමාව නිතරම නිරූපණය කරලා තියෙන්නෙ දුඹුරු පැහැ ප්‍රැන්සිස්කන් නිකායික ලෝගුව හා බිළිඳෙක්, පොතක්, ලිලී මල් කිනිත්තක් සහිතවයි. එතුමා පාන් ගෙඩියක් අත තබාගෙන සිටින සිතුවම්ද මා දැක තිබෙනවා. රෝසකුමාරි කලින් ලිපියෙදි මතක් කළා වගේ ඊට හේතු කියන්නයි මේ යන්නෙ. ඒ බිළිඳා තමයි ජේසු බබා. ක්‍රි. ව. එක්දාස් දෙසිය ගණන්වල මොන ජේසු බබෙක්ද? කියලා හිතෙනවා ඇති. මම පැහැදිලි කරන්නම්.

මේ සිද්ධිය වෙලා තියෙන්නෙ එතුමා ප්‍රංශ විශ්ව විද්‍යාලයක උගන්වමින් සිටි කාලෙ. එක්තරා ප්‍රභූවරයෙක් ආරාධනා කරලා තියෙනවා එදින රාත්‍රියෙ තම මාළිගාවේ නවාතන් ගැනීමට.  ප්‍රභූවරයාගෙන් ලැබුණු රාත්‍රී කෑමෙන් පස්සෙ අන්තෝනි පියතුමා තමුන්ට වෙන්කරලා දුන්න කුටියට වැදිලා තියෙනවා. දවසේ සිදුවූ දෙවල් මෙනෙහි කළායින් පස්සෙ යාච්ඤා කරමින් තමයි එතුමා ඉඳලා තියෙන්නෙ. ඔය වෙලාවේ ගෙදර අයිතිකාර ප්‍රභූවරයා තමුන්ගේ නිදන කාමරයට ගමන් කරමින් ඉන්නෙ. මුලු මන්දිරයම අඳුරෙ තියෙද්දි අන්තෝනි පියතුමාගේ කුටියේ දොරේ සිදුරු වලින් ඉතා විශාල ආලෝකයක් දකින ඔහු  පුදුමයට පත් වී දොර සිදුරකින් එබී බලනවා. ඇස් අදහාගන්නටත් බෑ. ජේසු බබා අන්තෝනි පියතුමාගේ දෙවුර අල්ලාගෙන සිටිනවා. පියතුමා දණින් වැටී යාච්ඤා කරනවා. මුලු කාමරයම ජේසු බබාගෙ ආලෝකයෙන් බබලනවා.

සිද්ධියෙන් පසු අන්තෝනි පියතුමා දැනගන්නවා නිවසේ හිමිකරු සිද්ධිය දැනගත් බව.  එතුමා කැමතිවන්නේ නෑ මේ ගැන බාහිර ලෝකයා දැනගන්නවාට. තමාගේ මරණය තෙක් මේ රහස රැක ගැනීමට නිවසේ හිමිකරුව ගිවිසා ගැනීම නිසා අන්තෝනි පීයතුමාගේ මරණින් වසර 10ක් පසුවෙනතුරුත් මේ සිද්ධිය බාහිර ලෝකයා දැනසිටියේ නෑ.

එතකොට ලිලී මලක්?  ලිලී මල පිවිතුරුකමේ සංකේතයක් විදිහට තමයි හැඳින්වෙන්නෙ. ලිලී මල ඇවිත් තියෙන්නෙ මෙහෙමයි.  Corsica රටේ Marcasso කියන නගරය විප්ලවයකට අහුවෙලා තියෙනවා. ඒක නිසා කිතුනු පියතුමන්ලාව රටින් පිටුවහල් කරලා. ආගම් ඇදහීම තහනම් කරලා තිබිලා තියෙන්නෙ. ඒත් ගිහියො ටික මණ්ඩපයක් හදලා හොරෙන්ම ශු. අන්තෝනි මුනිතුමාගෙ මංගල්ලය පැවැත්වූවාලු.  දේව මෙහෙය අවසානයේ හදිසියේම ඔවුන්ට විසිර යාමට සිදුවූ නිසා මංගල්ලය පැවැත්වූ ස්ථානය අස්පස් කරන්න සිදුවෙන්නේ නෑ. කොහොමහරි නැවතත් පිරිසට එතනට එන්න වෙලා තියෙන්නෙ මාස 7කට පස්සෙ. ශු. අන්තෝනි මුනිතුමාගේ ප්‍රතිමාව අසල තිබූ අනික් සියලුම මල් පරඬැල් වී තිබුනත් ලිලී මල් සියල්ල එදා කැඩූ ඒවා මෙන් තිබුනාලු. මේ සිද්ධියත් සමග තමයි ලිලී මල අන්තෝනි මුනිතුමාට බද්ධවී ඇත්තෙ. ශු. අන්තෝනි මුනිතුමාගේ මංගල දිනදී ලිලීමල් ආශිර්වාදකොට බෙදාහැරීමත් සමහර රටවල චාරිත්‍රයක් ලෙස දැනටත් කරනවාලු. 1680දී ඔස්ට්‍රියාවෙ ප්‍රතිමාවක රැඳවූ ලිලී මලක් වසර පුරාම දැන් කැඩුවාක් මෙන් තිබුනාලු. එය ඉවත්කර ඊළැඟ අවුරුද්දේ මල් දෙකක් තැබූවිට ඒවාත් වසරපුරා එලෙසම තිබුනාලු.

පොත?  ශු. අන්තෝනි මුනිතුමාගේ ධර්ම ඥානය නිරූපණයට තමයි පොතක් ඇඳලා තියෙන්නෙ.

-------------------------------------------------------------------------------------------------------------

මෙන්න තවත් කතාවක්. පියතුමෙක් වුනාම ජනතාවගේ පාපොච්චාරණ අහනවනෙ.  මේ ඒ වගේ වෙලාවක වුනු වැඩක්. දාහක් සිල්වතුන්ට වඩා පසුතැවිලිවී පාපයෙන් හැරී එන පව්කාරයා වටිනවා කියනවානෙ. අන්තෝනි පියතුමා තමුන්ගෙ අසනීපකම් නොතකා පාපොච්චාරණය ඇසීමට දවසේ බොහෝ වේලාවක් වැය කළාලු. දවසක් පාපොච්චාරණය කරන්න ආපු මිනිසෙක් තමුන්ගේ පව් ගැන කෙතරම් පසුතැවිලි වුනාද කියනවා නම් තමුන්ගේ පව් කියාගන්න බැරි වුනාලු. මිනිසාගේ අවංක පසුතැවිල්ල හා අපහසුතාවය දුටු එතුමා "දරුවා කියන්න අපහසු නම් පව් ටික කොළයක ලියාගෙන ඇවිත් මට දෙන්න" පැවසුවාලු.

දෙවෙනිවර පාපොච්චාරණයට ඔහු ආවෙ කොළයත් රැගෙන. අන්තෝනි පියතුමාගේ උපදෙස් පරිදි කොළේ බලාගෙන පව් කියද්දි කියවන කියවන පව කොළෙන් අතුරුදහන් වුනාලු. අන්තිමට ඉතිරිවෙලා තියෙන්නෙ හිස් කොළේ.

--------------------------------------------------------------------------------------------------------------

කලින් ලිපියෙදි මම කිව්වනෙ රෝගී තත්වය උත්සන්න වුනාම  එතුමා Camposampiero ගමට විවේක ගන්න ගියා කියලා. තිරිඟු කෙතක් අසල තිබූ ගසක තැනූ අට්ටාලෙක තමයි එතුමා විවේක ගන්න හිටියෙ. ඒත් මොන විවේකයක්ද ? එතුමා ආවා කියන ආරංචියට දහස් ගණන් මිනිස්සු එතනට ආවලු. තිරිඟු කෙත ඉවරයිලු. දහස් ගණන් මිනිස්සුන්ගෙ පයට පෑගිලා තිරිඟු වගාවෙ ගන්න දෙයක් තිබුනෙ නෑලු. එදා හැන්දැකොරේ ආපු කෙතේ අයිතිකාරයා මේ ගැන එතුමාට පැමිණිලි කළාලු. 

"හොඳයි, මිනිස්සු එන්න කලින් හෙට උදෙන්ම ඇවිත් අස්වැන්න කපා ගන්න" අන්තෝනි පියතුමා කිව්වෙ එච්චරයි. කීම විශ්වාස කරපු අයිතිකරු මෙහෙකරුවෝ සමග පහුවදා කෙතට ඇවිත් බලනකොට හොඳට පැහිච්ච තිරිඟු අස්වැන්න දිලිසි දිලිසි තිබ්බලු.

 --------------------------------------------------------------------------------------------------------------

 මම උඩින්ම කිව්වනෙ ඇල්බිජෙන්ස්වාදය පිළිගත්තු මිනිස්සු දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ විශ්වාස කළේ නෑ කියලා. රිමිනි වල හිටපු ඇල්බිජෙන්ස්වාදියෙක් අන්තෝනි පියතුමාට අභියෝගයක් කළාලු. අන්තෝනි මුනිතුමාව අපහසුතාවයට පත්කරන්න යොදපු උපයක් ඒක. "මම මගේ අශ්වයාව නගරයට අරගෙන එන්නම්. ඔබතුමා දිව්‍ය සත්ප්‍රසාදය අරන් එන්න. මගේ අශ්වයා දිව්‍ය සත්ප්‍රසාදයට වැන්දොත් මම මගේ මතය අහක් කරගන්නම්" මිනිසාගේ අභියෝගය අන්තෝනි පියතුමා පිළිගත්තාලු. 

ගෙදර ගියපු මනුස්සයා තමුන්ගෙ අශ්වයාව දින තුනක් තිස්සෙ කුසගින්නෙ තියලා නගරයට ගෙනාවලු.  මේ ආරංචියට බොහෝ ජනකායක් නගරයට රැස් වුනාලු. දිව්‍ය සත්ප්‍රසාද කරඬුවත් රැගෙන අන්තෝනි පියතුමා එද්දිම ඇල්බිජෙන්වාදියො එකතුවෙලා බඩගිනි වෙච්ච අශ්වයා ඉදිරිපිටට කෑම දැම්මලු. දින තුනක් තිස්සෙ බඩගින්නෙ හිටියත් ඌ නෙමෙයිලු කෑම ගණන් ගත්තෙ. අයිතිකාරයගෙ ඇස් අරවමින් ඌ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට වැඳගෙන හිටියාලු.

 --------------------------------------------------------------------------------------------------------------

ඔන්න ප්‍රාතිහාර්‍යය ගොන්නෙන් හයක්ම කිව්වා.  තව ඕනතරම් තියෙනවා. ඔක්කොම කියන්න ගියොත් කියවන මටත් ලියන ඔයාලටත් එපා වෙයි. ඒක නිසා මෙතනින් නවතින්නම්. ප්‍රාතිහාර්‍යය තව දැනගන්න ඕන අයට ලින්ක් දෙකක් දෙන්නම්. හැබැයි ඉංගිරිසියෙන් තියෙන්නෙ. මොකෝ අපිට ඉංග්‍රීසි බැරිද කියලා හිතන්නෙපා ඉතින්.


ශු. ධාතු ගැන ඊළඟ ලිපියෙන් බලමු.

මූලාශ්‍ර : උඩ ලිපි දෙක හා The Wonder Worker of Padua

63 comments:

  1. සෑම ආගමකටම, ඒ වගේම ආගම් කර්තෘ වරුන්ට, අභියෝග එල්ලවූ අවස්ථා තිබෙනවා. එහෙත් කිසි දිනකත් පරම සත්‍යය වසන් කල නොහැකියි. ඒ පරම සත්‍යය සෑම විටම ජයගන්නවා. මේ කතාවෙනුත් එය පැහැදිලි වෙනවා. පුද්ගලයකු කිසියම් මතයක එල්බගෙන සිටිය යුත්තේ ඒ පිලිබඳ ප්‍රයෝගිග සත්‍යය අවබෝධ කරගැනීමෙන් මිස, හුදු සංකල්ප වලට පමණක් සීමාවීමෙන් නොවේ. ඒ බව මේ කතා ප්‍රවෘත්ති වලින් පැහැදිලි වෙනවා. ඕනෑම ආගමක උගන්වන ආත්ම විස්වාශය මෙන්ම නොනැසෙන භක්තිය තබාගැනීමේ වැදගත්කමද මෙයින් පිළිබිඹු වෙනවා. බොහොම ස්තුතියි මේ කරුණු කියාදීම පිළිබඳව.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ජේසුස් වහන්සේටත් හතුරො හිටියනෙ බොරු චෝදනා නගලා උන් වහන්සේව කුරුසියෙ ඇණ ගහලා මැරුවත් එක්ක.. ඒත් ධර්මය නැතිවුනේ නෑනෙ..ඒවගේම මම අහලා තියෙනවා බෞද්ධ අය කවුරුහරි කරදර කරනකොට කියනවා "බුදුහාමුදුරුවන්ටත් දේවදත්තයො හිටියනම් අපිට නොහිටීද ?" කියලා..

      "ඕනෑම ආගමක උගන්වන ආත්ම විස්වාශය මෙන්ම නොනැසෙන භක්තිය තබාගැනීමේ වැදගත්කමද මෙයින් පිළිබිඹු වෙනවා." සහතික ඇත්ත..

      Delete
  2. මම එක.

    මම කතෝලිකයෙක් වුනාට ජීවිතේට මේ කතා අහලා තිබුනේ නෑ.. ස්තූතියි හරී දැනුවත් කළාට.

    මෙතුමාටත් අර ආනන්ද හාමුදුරුවන්ට වගේ ධර්ම භාණඩාගාරික කියන්ඩ පුලුවන් ඇති මයෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. ඔහ්.. විචාරක මහතා ඉස්සර වෙලා නොවැ.

      Delete
    2. 'ඔහ්.. විචාරක මහතා ඉස්සර වෙලා නොවැ.' හි..හි..

      සමහර කථා මම ඇහුවෙත් පෝස්ට් එකේ ලියන්න කරුණු හොයද්දි.. ඉංග්‍රීසි කථා ටිකත් කියවලා බලන්න.. එතන හැටහුටාමාරක් ප්‍රාතිහාර්‍යය තියෙනවා..

      Delete
    3. කසිකබල් බ්ලොග්වලත් එක වෙන්න පොරකන වුන් ඉන්නවනෙ

      Delete
    4. මේක කසි කබල් බ්ලොග් එකක් වෙන්නේ කොහොමද කියවපිය ලියල තියෙන දේ. වෙනත් ආගමක ඉතිහාසය හා තවත් වැදගත් කරුණු.

      Delete
    5. සොරි ඇනෝ.. සමාවෙන්ඩ..ඔබ තුමා කියනකම් මට ඕක තේරුනේ නෑනේ.. මේක කසිකබල් බ්ලොග් එකක් නේන්නම්.. කුණුහරුප මුකුත්ම නෑ.. ඉතින් කොහොමද නේද ?

      මේ මට එකට පොරකන්ඩ ඕනා වැදගත් බ්ලොග් ටිකේ නම් ටික දෙනවද.. අම්මපා ඇත්තයි කොහොම හරි පොරකාලා එක වෙනවා ඒවයෙ.

      Delete
    6. මේ ඇනෝ ගේ බ්ලොග් එක කසිකබල් වෙන්න ඇති මයේ හිතේ,

      Delete
  3. මේ කරුණු ගැන අහන්න දැනගන්න තියෙන අවස්ථා අඩුයි ,බොහොම ඉස්තුතියි දැනුවත් කලාට ...

    ReplyDelete
    Replies
    1. මාව දිරිමත් කරනවාටත් ස්තුතියි!

      Delete
  4. ඇත්තටම ශාන්ත අන්තෝනි මුණි තුමා ගැන මේ තරම් විස්තර කිසිවක් දැන සිටියේ නැහැ. මේවගේ දේවල් කියවන්න ලැබුණාමත් හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඕනෑම ආගමක පවතින පියවි ඇසට නොපෙනෙන බලය ඒ ආගම පිලිබඳව ජනතාව තුළ තහවුරු වීමක්.

    මම පුංචි අතුරු ප්‍රශ්ණයක් අහන්නම්.
    මම බෞධ්දයෙක් නිසා දන්නවා ඉතිහාසයේ නොයෙක්වර දළදා වහන්සේ සහ ජයශ්‍රීමා බෝධීන් වහන්සේ යම් යම් අවස්ථාවන් හිදී ප්‍රාතිහාර්යය පෑ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

    ඒ අකාරයෙන් ලංකාව තුළ ඉතිහාසයේ දේවස්ථානයන් හිදී සිදුවී ඇති දේව ප්‍රාතිහාර්යයන් තිබෙනවාද තිබෙනවා නම් ඒගැනත් කියවන්න කැමැත්තෙන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. බොහෝ කතෝලිකයො පවා යම් යම් ආගමික කරුණු දන්නේ නෑ.. මේ ලිපි ලියන්න කරුණු හොයද්දී තමා තේරෙන්නෙ මම අදහන ආගම වෙලත් ඒ ගැන මම දන්නේ කොච්චර සුලු ප්‍රමාණයක්ද බව..

      රෝමානු කතෝලික සභාවේ ප්‍රාතිහාර්‍යය ගැන තියෙන ආකල්පය මෙහෙමයි.. යම් යම් දේ සිදුවුනා යැයි කී පමණින් එය ප්‍රාතිහාර්‍යයක් යැයි නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ නෑ.. ඒ සඳහා සම්මත කරගත් ක්‍රියාවලියක් තිබෙනවා.. යම් සිද්ධියක් ප්‍රාතිහාර්‍යයක් දැයි
      හඳුනාගැනීමට අවශ්‍ය වූ විට විද්‍යාඥයින්ට ගවේශකයන්ට ඒ පිළිබඳ පරීක්ෂණ කිරීමට භාරවෙනවා.. මේ විද්‍යාඥයන් විවිධ ආගම් අදහන අයගෙන් තෝරාගන්නේ අපක්ෂපාතිත්වය පවත්වා ගැනීමට.. ඔවුන්ගේ පරීක්ෂණ වලින් පසු සිද්ධිය විද්‍යාත්මකව පැහැදිලි කිරීමට නොහැකි වුනොත් තමයි ඉදිරි පියවර වලට යන්නෙ..

      ශ්‍රී ලංකාව තුළ තත්වය කියනවා නම් ප්‍රතිමාවලින් ලේ,කඳුළු පැමිණීමේ සිද්ධි.. විවිධ ඡායා මතුවීමේ සිද්ධි තිබුනත් මම දන්නා තරමින් ඒවා පරීක්ෂණ මගින් තහවුරුකොට නෑ..

      අද ලිපියේ කතානායක ශු. අන්තෝනි මුනිඳුන්ගේ ධාතු ලංකාවට ගෙන ආ මොහොතේ මාර්ගය සැරසීමට ගිය තරුණයන් කිහිපදෙනෙකු අත තිබූ යකඩ බම්බු කිහිපයක් අධිබල විදුලි රැහැනක වැදුනත් ඔවුන්ට විදුලිසැර වැදී නැතැයි ද විදුලියෙන් යකඩ බම්බු අග පිලිස්සී ඇතැයිද පුවත්පතක කියවූවා මතකයි.. එම ධාතු ලංකාව තුළ හෙලිකොප්ටරයකින් ගෙන යන විට මුහුදේ මාලු රංචු පිටින් දිය මතුපිට කරණම් ගසනු දුටු බව සමහර පියතුමන්ලා කියාතිබුනා.. මේ සිද්ධි දෙක මට හරියටම මතක නෑ.. වැඩි විස්තර දන්න කෙනෙක් කියන්න..

      'ලංකාවේ අපෝස්තුළුවරයා'වන ජුසේවාස් පියතුමාගේ අනුහසින් සිදුවූ ප්‍රාතිහාර්‍යය නිල වශයෙන් පිළිගත් ප්‍රාතිහාර්යය ලෙස හඳුන්වන්න පුලුවන්.. ඒවා ඉදිරි ලිපියකින් කියන්නම්..

      Delete
    2. ඍද්ධි ප්‍රාතිහාර්ය පෑම බුදුහාමුදුරුවොත් අනුදැන වදාරා තිබෙන්නේ, නොදක්වාම බැරි අවස්ථාවකදී පමණක් කලයුතු දෙයක් හැටියටයි. වරක්, උන ගසක් රිටක් ලෙස සිටුවා, එහි මුදුනේ තැබූ පාත්‍රයක්, තම ඍද්ධි බලයෙන් අහසට නැග රැගෙන පෙන්වූ රහතන් වහන්සේ නමකට බුදුහාමුදුරුවෝ අවවාද කලේ, එය රහතන් වහන්සේ නමකට නොගැලපෙන ක්‍රියාවක් බවයි. ඒ වගේම බුදුහාමුදුරුවන් ජීවමානව වැඩවිසූ යුගයේ, සිත දියුණු කරගැනීම තුලින්, විවිධ ප්‍රාතිහාර්ය පෑ හැකි ඍෂීන්, සාධූන්, ඉන්දියාවේ සිටියා. එක දිනක් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ද සමග ප්‍රත්යන්තයකට වඩින අතර, ගඟකින් එතෙර වීම සඳහා, ඔරුව මෙගොඩට එනතුරු බලාසිටියා. ඒ වෙලාවේ ඒ තොටුපොලෙන්ම එගොඩ යාමට පැමිණි ඍෂී වරයෙක්, තමන් අත තිබුණු පෙරහන්කඩය (වතුර පෙරා බීමට යොදාගන්නා රෙදි කැබැල්ල. ලේන්සුවක් වැනි) ගඟේ දියමතුපිට එලා, ඒ මත නැගී ගඟෙන් එගොඩ වෙන්නට පටන්ගත්තා. ඒ තම ප්‍රාතිහාර්ය ශක්තිය පෙන්වමින්. ආනන්ද හාමුදුරුවන්ට මේ වැඩේ ඇල්ලුවේ නැහැ. මේ වැඩේ නිකම් බුදුහාමුදුරුවන්ට අභියෝග කළා වගේනේ. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට කිව්වා, 'ස්වාමිනි ඔබ වහන්සේටත් ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වමින් අර වගේම ගඟෙන් එගොඩට වඩින්න පුළුවන් නිසා එසේ කරමු' කියා. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, 'ආනන්දය ගඟෙන් එතෙරවීමට ගාස්තුව කීයද' කියා. අපි හිතමුකෝ දෙකයි පනහයි කියා. ආනන්ද හාමුදුරුවෝ පිළිතුරු දෙනවා 'ස්වාමිනි දෙකයි පනහයි' කියා. එවිට බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියනවා. 'ආනන්ද, එහෙනම් මතක තබාගන්න අර ඍෂී වරයා පෙන්නුවේ දෙකයි පනහේ ප්‍රාතිහාර්යයක්. ආනන්දය, ඍද්ධි ප්‍රාතිහාර්ය කියන්නේ මෙලෙස නොකල්හි, අනවශ්‍ය තන්හි ප්‍රදර්ශනය කරන්නක් නොවේ' කියලා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. @ wichaaraka,

      මම ඔය කතාව අහලා තියෙනවා.. ප්‍රාතිහාර්‍යය පෑමේ හැකියාව යොදාගන්න ඕනෙ තමුන්ගෙ වැඩ පෙන්වන්න නෙමෙයි පොදු යහපතට..

      Delete
    4. ඔන්න මමම හොයාගත්තා.. මේ ලිපියෙ තියෙනවා කලින් කියු කතා දෙකම.. යකඩබට කතාවයි මාලු කතාවයි..

      http://www.messengersaintanthony.com/messaggero/pagina_articolo.asp?id=509&nwl=217

      Delete
    5. @ wichaaraka, හරී

      "වරක්, උන ගසක් රිටක් ලෙස සිටුවා, එහි මුදුනේ තැබූ පාත්‍රයක්, තම ඍද්ධි බලයෙන් අහසට නැග රැගෙන පෙන්වූ රහතන් වහන්සේ නමකට බුදුහාමුදුරුවෝ අවවාද කලේ, එය රහතන් වහන්සේ නමකට නොගැලපෙන ක්‍රියාවක් බවයි"

      එක් සිටුතුමෙක් සඳුන්වලින් පාත්‍රයක් තනලා උණ රිටක් මුදුනේ රඳවලා සැබෑ රහතුන් කෙනෙක් සිටී නම් අහසින් ගිහින් ඒ පාත්‍රය අරගන්න කියලා අභියෝගයක් කරනවා. බුද්ධ කාලේ සිටිය බොහෝ ආගමික කොටස් මේ අභියෝගය භාරගන්න ආවත් සාර්ථක වෙන්නේ නැහැ.

      ඒත් පිණ්ඩෝල භාරද්වාජ හාමුදුරුවෝ අහසින් එතනට වැඩම කරලා පාත්‍රය ගන්නවා. පස්සේ ඒ සිටුතුමා ඇතුළු උදවිය බුදුන් සරණ යනවා. නමුත් මේ පාත්‍රය අරගෙන බුදුන් වහන්සේ සමීපයට ගියාම උන් වහන්සේ කරන්නේ පාත්‍රය කැබලි කර ඖෂධ විදිහට භාවිතා කරන්න දීලා සෘද්ධි ප්‍රාතිහාර්යය පෑම සෘද්ධිමතුන්ට තහනම් කිරීම

      මේ තත්වය ප්‍රයෝජනයට ගත්තු අන්‍යාගමිකයෝ බුදුන් වහන්සේගේ සෘද්ධිමය හැකියාව ගැන අභියෝග කරනවා. මේ අවස්ථාවේ උන් වහන්සේ ගණ්ඩබ්බ අඹ රුක මුලදී බුදුන් කෙනෙකුන්ට පමණක් කළ හැකි යමා මහ පෙළහර පාමින් අන්‍යාගමිකයන්ගේ මත බිඳ හෙලනවා වගේම මේ සිදුවීම නිසා බොහෝ දෙනා බුදුන් සරණ යනවා

      Delete
    6. @ හසිත ,

      විස්තරයට ස්තුතියි!

      යමා මහ පෙළහර??

      Delete
    7. ඒක නාස් පුඩුවකින් ගින්දරත් අනිත් නාස් පුඩුවෙන් ජලයත් පිට කිරීම. හසිත මිට වඩා හොඳින් විස්තර කරාවි.

      Delete
    8. @ හරී, අසරණයා

      යමා මහ පෙළහර/ යමා මහා ප්‍රාතිහාර්යය කියලා හඳුන්වන්නේ ලොවුතුරා බුදු කෙනෙකුන්ට පමණක් සිදුකළ හැකි ප්‍රාතිහාර්යයක්.

      ගෞතම බුදුන් වහන්සේ යමා මහ පෙළහර පාපු අවස්ථා තුනක් බෞද්ධ සාහිත්‍යයේ හමුවෙනවා. ඒව අවස්ථා තුන පිළිවෙලින් දැක්වුවොත්
      බුද්ධත්වය පත්වෙලා පළමු සතියේදී බෝසතාණෝ බුදුවුනාද කියලා දේවතාවන්ට ඇතිවුනු සැකය දුරු කරන්න
      තමන්ගේ ඥාතීන් දකින්න කිඹුල්වත් පුරයට වැඩම කළ අවස්ථාවේ ශාක්‍යයන්ගේ මානය බිඳින්න
      ඉහත දක්වපු අවස්ථාව

      මෙහිදී සිදුවෙන්නේ එක් එක් ධ්‍යානවලට බුදුන් වහන්සේ සමවදිමින් ගිනි සහ ජලය පිටවන සහ ඇතුළු වෙන ආකාරයක් පෙන්වීම.

      පිළිවෙලින් දැක්වුවොත් යමා මහ පෙළහර ආරම්භ වෙන්නේ බුදු සිරුරෙන් නිකුත් වෙන ආලෝකයෙන් දස දහසක් සක්වල සතර අපා, සදෙව් ලොව ආදි සෑම තැනම ආලෝකමත් වෙන එක. මීළඟට බුදුන් වහන්සේ අධිෂ්ඨාන කරනවා තමන් වහන්සේම මේ සෑම ලෝක ධාතුවකම සිටින සත්වයන්ට පෙනේවා කියලා.

      ඒ වගේමයි ඔවුනොවුන් පවා පෙනේවා කියලාත් අධිෂ්ඨාන කරනවා. ඒකට උදාහරණයක් කිව්වොත් මිනිසුන්ට දෙව් බඹුන් පේනවා.....

      මීළඟට බුදුන් වහන්සේ සමාපත්තියට සමවැදිලා නාභියෙන්, ඇස්වලින්, ඇඟිලිවලින්, මුඛයෙන්, කන්වලින්, නාස්වලින් ආදී වශයෙන් බුද්ධ ශරීරයේ සෑම තැනකින්ම නහඹ තල් කඳක් ප්‍රමාණයේ ජල කඳක් සහ ගිනි කඳක් පිට වෙනවා වගේම ඇතුල් වෙන ආකාරය පෙන්නුම් කරනවා.

      මේ ජල කඳෙන් සහ ගින් කඳෙන් කිසිවෙකුටත් හානියක් වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් මේ ක්‍රියාවලිය ඉතා වේගවත්ව සිදුවෙනවා. අවසාන වශයෙන් තමන් වහන්සේ හා සමාන තවත් බුදුරුවක් මවා ගෙන ඒ ප්‍රාතිහාර්යය පෑමත් බුදුන් වහන්සේ සිදු කරනවා.

      තවත් අතුරු විස්තර තියෙනවා. සරලව යමා මහ පෙළහර කියන්නේ මේකයි කියලා හිතාගන්න පුලුවන්

      Delete
    9. @ අසරණයා & හසිත,

      දෙන්නටම ස්තුතියි..

      Delete
    10. බංගදෙනිය ශු.අන්තෝනි මුනිතුමාගේ පල්ලියේ ඒ නොපිලිස්සුනු බට ගැන පින්තුර එහෙමත් දාලා තියෙනවා.

      Delete
    11. ඒ වගේමයි ප්‍රාතිහාර්ය නම්ම් ඕනා තරම් තියෙනවා. අපේ පල්ලිවලත් ඉස්සර ශු. සෙබස්තියන් උන්වහන්සේ කඩුවක් අරන් අස්සයාගේ පිටේ නැගලා පල්ලිය වටේ රෑට යනවා ඒ කාලේ අපේ ආච්චිලා දැකලා තියෙනවා. සමහරුන්ට ඒ අශ්ව කුර සද්දේ ඇහිලා තියෙනවාලු.

      Delete
    12. @ වර්ණා,

      තොරතුරට ස්තුතියි.. කතෝලික ජනතාවගේ දෙවැනි ජනප්‍රිය මුනිතුමා ශු. සෙබස්තියන් මුනිතුමා එතුමා ගැනත් ඉදිරියට ලියන්නම්..

      Delete
  5. මෙහෙම කතා ටිකක් මම ඇහුවමයි තව ටිකක් දැම්මා නම් ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. දහයක් විතර ලියන්නයි හිටියෙ.. ලියන්න ගත්තාමනෙ අමාරුව තේරෙන්නෙ.. මම මැශිම උස්සන් වෙන තැනකට ගිහින් හිටියෙ.. සිග්නල් නාමයක් නෑ.. එපා වෙලා එපා වෙලා එපා වෙලා ඉඳලා යන්තම් උදේ පෝස්ට් කළා..

      Delete
  6. ලිලී මලේ කතාව, තිරිඟු අස්වැන්න, පාපොච්චාරණය, දරුවා තාත්තව හඳුන ගැනීම ... මේ කතා ටික මම කළින් දැනගෙන හිටියෙ නැහැනෙ... හරිම සතුටුයි....

    ඉංග්රීදසියෙන් කියවන්න මම නම් කම්මැලි... ඒ නිසා ඔයාගෙ මේ බ්ලොග් එක හරිම වටිනවා.... ටයිප් කරන ඔය දෑතට, අන්තර්ජාලය පුරා කරුණු හොයන ඇස්වලට, ඒ හැමදේම අපි එක්ක බෙදා ගන්න හොඳ හිතට වැඩි වැඩියෙන් දේවාශිර්වාද ලැබේවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබතුමීටත් වැඩි වැඩියෙන් දේවාශිර්වාද ලැබේවා... ජේසු පිහිටයි!

      Delete
  7. උපතින් මම බොදුණුවෙක්. ඒත් කතෝලික ආගම ගැන මගේ තියෙන්නේ ප්‍රසාදයක්. අද තමා මම ඉස්සරලාම ආවේ. දැන් ඉතිං දිගටම එනවා. හොඳ ලිපියක් හරි.. ස්තුතියි ලියමනට.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.. දන්නා ආගමක නොදන්නා කරුණු දැනගැනීමට ආයෙත් මේ පැත්තට එන්න..

      අගය කිරීමට බොහෝමත් ස්තුතියි!

      Delete
  8. ලිලී මල් ගැන කියන අමතක වුනානේ. නුවරඑළියේ අපේ කඳවුරේ තිබෙනවා ස්වභාවිකව හැදුනු ලිලී මල් පඳුරු ගොඩක්. ඒ අසලමයි රණවිරු ස්මාරකය තියෙන්නෙත්. ඒ ලිලී මල් වලින් අමුතුම අභිමානයක් සහ අලංකාරයක් එක්කරනවා රණවිරු ස්මාරකයට.

    http://jangun.files.wordpress.com/2012/06/monument.jpg

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මෙදා අපේ මාමලාගෙ ගෙවල් ගාව ප්‍රතිමාවෙ මංගල්ලෙට සුදු ලිලීමල් ගෙනත් තියන්න හිතුනා.. හෙට තමයි මංගල්ලෙ පටන්ගන්න කොඩිගහ ඔසවන්නෙ.. ජයටම කෑම බීම තියෙන දවසක්.. :)

      Delete
    2. කලින් කිව්වනම් ලිලී මල් ටිකක් හොයාගන්න උදවු කරන්න තිබුනා. නමුත් ඔය පැත්තේ පල්ලියකුත් නුවරඑළියේ පල්ලියකුත් දුරකථන මගින් සම්බන්ධ වුනානම් කෝච්චියෙන් ලිලී මල් කූඩයක් ගෙන්වා ගැනීම එච්චර ලොකු වැඩක් නෙවේ.

      ජයට කෑම බීම තියන දවසක් හ්ම්ම් . . . . . . . . . . . .

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. කෑම බීම කිව්වට සැර ජාති අනං මනං නෙමෙයි.. :)
      කිරිබත්, බනිස්, රෝස්පාන්, බත් වගේ එව්වා.. කොඩි ගහ ඉස්සුවාට පස්සෙ ගමේ මිනිස්සු එතනට ගෙනැල්ලා එක එක ජාති බෙදනවා.. ඕවා ගන්න එකත් ලේසි නෑ.. පොරකන්න වෙනවනෙ..

      Delete
    4. අම්මෝ ඔව්ව්.. කොඩි ගහ උස්සන වෙලේ බෙදන ඒවා ගන්න පොර කන එකත් ආසාවෙන් කරන්නේ මිනිස්සු. අපිත් පොරකාලා තියෙනවා :))

      Delete
    5. @වර්ණා,

      පොර කෑම් ගැන නම් කතා කරන්න එපා.. මේ පාර තමයි ලොකුම පොරකෑම තිබ්බෙ.. රටේ ආර්ථික අහේනිය හින්දද මන්දා.. එක සුරුවමක් ගාව ඔලුත් පලාගෙන තිබුනා...

      පොර කද්දි යටවෙච්ච මිනිස්සු බේරගන්න දෙතුන් දෙනෙක්ව තල්ලුකරලා දාන්න වුනා.. අන්තිමේ මගෙ හිතටම දුකයි ඒ මිනිස්සු මම ගැන මොනවා හිතුවද කියලා..

      Delete
  9. කම්මැලිකම පැත්තකින් තියලා අන්තෝනි මුනිතුමාගේ මංගල්ලේ තියෙන දවස්වල ඉතුරු ප්‍රාතිහාර්ය ටිකත් පරිවර්තනය කරලා දාන්න බැරි ද. කඩ්ඩෙන් කියවන්න මාර කම්මැලියි බොල. :)

    අර පලවෙනි ප්‍රාතිහාර්ය නම් අපේ අම්මා අපිට පොඩි කාලේ කියලා දීලා තියෙනවා. ඒ නිසා ඒක ගැනත් දන්නවා. ඒ වගේම අර දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට වැන්ද කතාවත් මම් අහලා තියෙනවා. ඒ ඇරෙන්ඩ අනිත් ඒවා නම් අහලා නෑ.

    මට මතකයි මම් පොඩිම කාලේ අර අන්තෝනි මුනිතුමාගේ පොත උඩ ජේසු බබා ඉන්න එක ගැන කතාවක් කියලා තාම අපේ අම්මා ඒ කතාව අල්ලගෙන චාටර් කරනවා. හික්ස් :)

    අහ් තව දෙයක් !!! මේ පෝස්ට් එකට සම්බන්ධ නැති උනත් කියන්ඩ ඕන අපේ අම්මා ශු. ඇනා මුනිස්වරියට කැප කරලා තියෙන ලංකාවේ පල්ලි ටික මතක තියාගන්ඩ වාක්කියක් කියලා දුන්නා. ඒක තමයි,

    තලවිල වැලිවිට වැලිගම්පිටිය ද
    නවගමු වත්තල පලඟතුරේ !!!!

    මම් ආයි අහද්දි ඕක පාඩම් කරගෙන තියා ගන් !! හරි ද :)

    ReplyDelete
    Replies
    1. ඉංගිරිසි හැදෙන්නත් එක්ක කියවන්න ළමයා.. මේ ටිකේ පොඩි මංගල්ලයක් තියෙනවා.. ලියන්න වෙන එකක් නෑ සහෝ..

      "මට මතකයි මම් පොඩිම කාලේ අර අන්තෝනි මුනිතුමාගේ පොත උඩ ජේසු බබා ඉන්න එක ගැන කතාවක් කියලා තාම අපේ අම්මා ඒ කතාව අල්ලගෙන චාටර් කරනවා." කියන්නකො බලන්න කතාව..

      හිනිදුම පල්ලියත් ආනා මුනිතුමියටනෙ... තව ඇති..

      Delete
    2. "හිනිදුම පල්ලියත් ආනා මුනිතුමියටනෙ..."

      ඒක ලඟදි හදපු එකක් වෙන්ටෑ......හික්ස් :)

      Delete
    3. ඒක සිද්ධස්ථානයක්නෙ..

      Delete
    4. හිනිදුම කල්වාරියනේ තියෙන්නේ. අපි එක පාරක් ගියා, හරිම ආසයි..

      ආනා මුනිතුමියට තලවිල තමයි ප්‍රසිද්දම පල්ලිය ආනා මුනිතුමියට කැපකරපු. හැම අව්රුද්දකදිම මංගල්ලෙට එන සෙනග දැක්කම.. අම්මෝ.. සුරුවම උඩට ඔසවනකොට ඇහෙන් කඳුළු වැටෙනවා

      Delete
    5. කල්වාරිය ප්‍රසිද්ධ වුනාට පල්ලිය ආනා මුනිවරියටනෙ කැපකරලා තියෙන්නෙ..

      මමත් පොඩිකාලෙ අඬනවා තලවිල පල්ලියෙ වීදියනකොට.. මටත් පස්සෙන් යන්න ඕනා කියලා..

      Delete
  10. ස්තුතියි කතා ගොන්නට.

    අද ප්‍රශ්න කිසිවක් නොමැති බව කරුණාවෙන් සළකන්න :D

    ReplyDelete
    Replies
    1. හයියෝ ප්‍රශ්න නැද්ද? :D

      Delete
    2. අදට විතරයි :P

      Delete
  11. ම්..මගෙත් ප්‍රශ්න ගොඩක් නිරාකරණය වුනා..එත් අතුරු ප්‍රශ්නයක්වත් නොදී හරීට ගැලවෙන්න අරින එක හරි නෑ..
    ශාන්ත අන්තෝනි මුනිතුමා වගේ තවත් මුනිවරු ඉන්නවද? එයාලා ගැනත් ඉස්සරහට කියන්න හොඳේ...

    හැමදාම වගේ මේ ලිපියටත් ගොඩක් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. රූ අක්කා මේ ලිපියෙදි අහන්නම් කිව්වට එව්වත් නිරාකරණය වෙලානෙ..

      5000ක් විතර ඉන්නවා අක්කෙ.. ඒ ඔක්කොම විස්තර දන්නෙත් නෑ.. කියන්ඩ ගියොත් කට්ටිය මගේ බ්ලොගේ පැත්ත පලාතක එන එකක් නෑ..

      කෙනෙක් ශුද්ධවන්තයෙක් වෙන්නෙ කොහොමද කියන එක පහල ලිපියෙන් බලන්න..

      <a href="http://dreamsofharee.blogspot.com/2011/12/blog-post_30.html>http://dreamsofharee.blogspot.com/2011/12/blog-post_30.html</a>

      මේක අක්කා කියවන්න නැතිව ඇති..

      Delete
  12. මෑත කාලේ ඒ වගේ ප්‍රාතිහාර කරන්න පුළුවන් මුනිවරයෝ ඉන්නවද?

    මේ ප්‍රශ්නේ කලින් ලිපිය සම්බන්දවයි.

    1200 ගණන් වල මොරෝක්කොවට යන පුජකයෝ ඝාතනය වෙනවා මුස්ලිම් අන්තවාදීන් අතින්. ඒ වෙද්දී ඉස්ලාම් ආගම ආරම්හ වෙලා මම හිතන විදියට අවුරුදු 200 ක් වත් නැහැ. අන්තවාදීන් ඒ කාලෙත් හිටියද?

    ReplyDelete
    Replies
    1. හොද ප්‍රශ්නයක්

      Delete
    2. @ අසරණයා,
      මුනිවරයෙක් වෙන්නෙ කෙනෙකු මියගියාට පසුව.. ඒක නිසා මුනිවරු ජීවත්වනවා යැයි කියන්න බෑ.. යම් කෙනෙක් මුනිවරයෙක් වන්නේ කෙසේද? කියන එක පහත ලින්කුවෙන් කියවන්න පුලුවන්...

      http://dreamsofharee.blogspot.com/2011/12/blog-post_30.html

      දයා අයියාට දුන්න උත්තරෙත් කියෙව්වනම් තේරෙයි සිදුවන අරුම පුදුම දේ වුනත් ලේසියෙන් ප්‍රාතිහාර්‍යය ලෙස නම් නොකරන බව..

      මෑතකම (1968) සිදුවෙච්ච දෙයක් තමයි පියෝ පියතුමාගේ අත් දෙකේත් ජේසුස් වහන්සේගේ අත් දෙකේ මෙන් වණ කැලැල් ඇතිවීම..

      කලින් ලිපියෙ ප්‍රශ්නය...
      නබිතුමා ජීවත්වෙලා තියෙන්නෙ ක්‍රි.ව.600 ගණන්වල නේද? එතකොට ඉස්ලාම් දහම ඇතිවෙලා අවුරුදු 600ක් වෙන්න ඕනා.. දන්න කෙනෙක් කියන්ඩෝ..

      අසර් ප්‍රශ්නය අහපු නිසා මම වැඩිදුර හෙව්වා.. මුස්ලිම් අන්තවාදීන් කියන යෙදුම වෙනස් කරන්න වෙනවා.. එතුමන්ලාව හිසගසා ඝාතනය කරලා තිබෙන්නේ මුස්ලිම් රජ කෙනෙක් විසින්.. පහළ ලින්කුව බලන්න..

      http://en.wikipedia.org/wiki/Franciscan_protomartyrs

      @ අටර්‍මපහුර,
      ඔන්න උත්තරේ දුන්නා..

      Delete
  13. ලිපි දෙකම තාම හරියට කියවගන්න හම්බවුනේ නෑ. කියලවාම මගේ අදහස් කියන්නම්. ලබන 27 වෙනකම් විභාග.

    ReplyDelete
    Replies
    1. හදිසියක් නෑ.. හිමින් සැරේ කියවලා බලන්න..

      Delete
  14. ගොඩාක් හොඳයි අයියේ.. අපි මෙදාපාර ශු. අන්තෝනි මුනිතුමාගේ නුවානයක්‌ කළා බන්ගදෙනියට ගිහින් පවුලේ කට්ටිය. එක ඒ කාලේ ඉදන්ම කරන දෙයක්..
    ඇත්තටම ගොඩාක් දේවල් හිතට වැදුනා.
    ජේසු පිහිටයි,...

    ReplyDelete
    Replies
    1. @ වර්ණා

      නුවානයක්‌ ???

      Delete
    2. ඔව්ව් පල්ලියක් සාමාන්යෙන් කාටහරි කැපකරලා තියෙනවා. ඉතින් ඒ කැපකරපු මුනිවරියගේ හෝ මුනිවරයාගේ දිනයේදී ඒ පල්ලියේ මංගල්‍යය ගන්නවා. මංගල්‍ය මහා ගායනා පුජාව කියලා. එදාට තමයි සමහර මිනිස්සු මංගල්‍යයේ සතුටට පාටි දන්නේ. ඒ මන්ග්ල්යට සුදානමක් වශයෙන් නුවාන පවත්වනවා. පියතුමෙක්ව පිට මීසමකින් ගෙන්වලා හරවත් දේශනාවක් සමග පැය 2 කට ආසන්න කාලයක් තුල සිදු කරන පුජාවක්.පුජාවට කලින් කොන්තය (ROSARY) කියවීම සිදු වෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් නුවානය හදුන්වන්නේ Novena කියලා. මංගල්‍යට දින 9 කට කලින් කොඩි ගස ඔසවීමෙන් පසු තමයි නුවානය ආරම්බ වන්නේ. දිනපතා පැවැත්වෙනවා. ඉතින් මිනිස්සු නුවාන භාර අරගෙන කරානවා. එදාට එන පියතුමාලට ආහාර, පල්ලිය සැරසීම, කියවීම් ලෑස්ති කිරීම, පඬුරු ලෑස්තිකිරිම වගේ දේවල් තමයි කරන්නේ ඒ භාරගත්ත පිරිස විසින්.

      Delete
    3. @ වර්ණා

      …බොහොම ස්තුතියි

      Delete
    4. බොහොම සන්තෝසයි..

      Delete
    5. @ හරී

      …කෝ අලුතෙන් මොකුත් ලියන්නේ නැද්ද ??

      Delete
    6. එකක් ලියන්න ගත්තා විතරයි

      Delete
  15. සහෝදරයා තව ලියන්න !

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...