1.14.2013

ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 1 කොටස

ස්ථානය : කළුතර, කලමුල්ලේ මුදලාලි කෙනෙකුගේ නිවසක්.
දිනය/වේලාව : 17 වෙනි ශතවර්ෂයේ අගභාගයේ අවුරුද්දක දෙසැම්බර් මස 24 වෙනිදා / දහවල්

වැරහැලි ඇදගත් යාචකයෙක් මුදලාලිගේ නිවස අසලට පැමිණෙයි. "මුදලාලි මහත්තයෝ කෑමට යමක් දෙන්න පුළුවන්ද?"

මුදලාලි මහ හඬින් සිනාසෙයි. "මොකද බැරි. උඹ හරිම වාසනාවන්තයි. අද මෙහෙන් විතරක් නෙමෙයි. මේ පළාතෙ ඕනෑම ගෙදරකින් කෑම හොයාගත්තැකි. අද රෑ නත්තල්නෙ මනුස්සයො. අපේ ජේසු ස්වාමිදරුවො ඉපදිච්ච දවස. අද අපේ ගෙවල්වල කෑම බීම ඕනෙතරම් " කිසිදු වෙනසක් නොපෙන්වන යාචකයා බයාදු පෙනුමෙන් බලාසිටී.

"හොඳයි. උඹට කෑම දෙන්නම්. ඒත් කෑම ලෑස්ති වෙනකම් ටිකක් වෙලා ඉන්න වෙනවා. අතනින් ඉඳගෙන ඉඳින්" මුදලාලි යාචකයාට අසුන් ගැනීමට තැනක් පෙන්වා ඔහුගේ වැඩ කටයුතු සඳහා ඔබ මොබ යයි.

නිවැසියෝ නත්තලට ලහි ලහියේ සූදානම් වන අතර යාචකයාගේ විමසුම් ඇස් තමාට අනතුරක් නැතිබව සක්ෂාත් කරගනු සඳහා වමටත් දකුණටත් දකුණටත් වමටත් යයි. සියල්ල නිවැරදිය. අනතුරක් නැත. ඔවුනට ලකුණක් දියයුතුය. යාචකයා කල්පනා කරයි.

එතනින් එහා මෙහා යන අතර මුදලාලි යාචකයා වෙත බැලුම් හෙලයි.  යාචකයාගේ වැරහැලි අතරින් දිලිසෙන යමක් මුදලාලිගේ නෙත ගැටෙන්නේ මේ අතරය. "ජපමාලයක්" මුදලාලිගේ දෑස් ලොකුවිය.
"උඹ කතෝලිකයෙක්ද?" මුදලාලි උනන්දුවෙන් ප්‍රශ්න කරයි.

මඳ සිනාවක් මුහුණට නඟාගන්නා යාචකයා වැරහැලි වලට යටින් තිබූ කුරුසිය ඔහුට පෙන්වයි.  මුදලාලි ප්‍රීතියෙන් ඉපිලෙයි. යාචකයා ඉදිරිපිට දණින් වැටේ. "ජේසු ක්‍රිස්තු ආරාධිත වේවා. දෙවියො මෙදා නත්තලට අපිට පියතුමෙක් එවලා. මම ජීවිතේට හම්බෙච්ච හොඳම නත්තල මේක වේවි. "

"ස්වාමිනී, පියතුමෙක් සැරිසරන බව මට කනින් කොනින් ආරංචි උනා. ඒත් ස්වාමිනී මම හිතුවෙ නෑ ඔබ වහන්සේ මගෙ ගෙදරටම එයි කියලා. "  ආරංචිය ලැව් ගින්නක් සේ පැතිරෙද්දී ගමේ මිනිසුන් තමුන්ට දෙවියන් වහන්සේ එවූ නත්තල් තෑග්ග බැලීමට පැමිණෙති. ඒ අතර මුදලාලි සේවකයන් ලවා අවට වත්ත එළිපෙහෙළිකොට මඩුවක් තනන්නේ නත්තල් දින රාත්‍රී දිව්‍ය පූජාවකට සහභාගිවීමේ අටියෙනි.

වසර ගණනාවකට  පසු කළමුල්ල ගම් වැසියෝ ප්‍රීතියෙන් නත්තල සැමරුවෝය. ලහි ලහියේ ඉදිවූ පොල් අතු මඩුව අද කළුතර, කළමුල්ල ජේසු බිළිඳු දේවස්ථානයයි.
 ---------------------------

ජුසේ වාස් පියතුමා උපන් නිවස
ක්‍රි. ව. 1651 අප්‍රියෙල් 21 වෙනිදා ඉන්දියාවේ ගෝවේ නගර සීමාවට අයත්ව තිබූ සැන්කෝල් ගමේ ජීවත්වූ ක්‍රිස්ටෝපර් වාස්ටත් මාරියා ද මිරැන්ඩාටත් වැදගත් දවසක් උනා. ඒ ඔවුන්ගේ තෙවෙනි දරුවාවූ ජෝසප් වාස්ගේ (සිංහල ඌරුවට ජුසේ වාස්) (Joseph Vaz) උපත සිදුවූ නිසායි. ක්‍රිස්ටෝපර් වාස්ගේ දිනපොතේ තියෙන විදිහට ඔහුට එදා මහා දවාලෙ අහසේ තරුවක් පෙනිලා තියෙනවා. ඒක නිසා ඔහු ලියා තිබෙනවාලු තමුන්ගේ පුතා අනාගතයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු වේවි කියා.

ජුසේ වාස් පියතුමා උපන් නිවස ඉදිරිපිට ඇති එතුමාගේ ප්‍රතිමාව
පොඩිම කාලයෙදිත් ජුසේ වාස් කොලුවා සම වයසේ අනික් ළමයින්ට වඩා  ආගම දහමට නැඹුරුව හිටිය බවත් ගමේ මිනිසුන් ඔහුට 'කුඩා සාන්තුවරයා' කියා ආමන්ත්‍රණය කළ බවත් සඳහන් වෙනවා. ආගම දහමට නැඹුරුව කුඩා කල ගෙවූ ජුසේ වාස් නව යොවුන් වියට එළඹෙත්දීම පූජකවරය පතා සෙමනේරියට ඇතුළත් වෙනවා. වසර කීපයක් ඉගෙනගැනීමෙන් පස්සෙ ඔහුට පූජකවරම් ලැබෙනවා.  පූජකවරය ලැබූ පසු අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීමට තීරණය කළ ජුසේ වාස් පියතුමා එදා පටන් කිසිම දිනක පාවහන් පැළඳුවේ නැතිලු.  ආහාරයට ගත්තෙ ඒකාලෙ එම ප්‍රදේශයේ දුප්පතුන්ගේ ආහාරය වෙච්ච සව් කැඳලු (kanji).  කටට රහට කෑමක් කෑවේ බොහොම කලාතුරකින් කියලයි සඳහන් වෙන්නෙ.
  --------------------------- 

1505 දි ශ්‍රී ලංකාවට ගොඩ බැහැපු පෘතුගීසින් මී හරක් හමක් එලාගන්ඩ ඉඩ ඉල්ලාගෙන පස්සෙ මුළු මුහුදුබඩ කලාපයම යටත් කරගත් බව ඉතින් අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑනෙ. ඔවුන්ගේ මූලිකම අරමුණ උනේ වෙළඳාම ශක්තිමත් කරගැනීම. ඒ සඳහා දේශපාලන බලය අල්ලාගැනීම ලොකු උපකාරයක් උනා වගේම ඒ බලය රැක ගැනීමට ආගම පාවිච්චි කිරීමට තරම් ඔවුන් කපටියන් උනා. කොච්චර කපටි උනාද කියනවා නම් ආගම ප්‍රචාරය කිරීම සඳහා ඔවුන් පාප්තුමාගෙන් විශේෂ අවසරයක්ද ලබාගෙන තිබුනා. ඒ වගේම රෝමානු කතෝලික ආගමේ ආරක්ෂකයින් තමුන් බව වතිකානුවට පෙන්වන්නත් ඔවුන් අමතක කළේ නෑ. ඒ සඳහා ඔවුන්ගේ ආගමනයට පෙර ආසියානු රටවල සිටි කිතුනුවන් මිත්‍යාදෘශ්ටිකයින් ලෙස හංවඩු ගහන්නත් ඔවුන් අමතක කළේ නෑ.

ඒත්  පෘතුගීසීන්ගේ පාලනය රඳවා ගතහැකිවූයේ 1638 වෙනතුරු පමණයි. ඊටපස්සෙ එනවනෙ 'මිරිස්' හෙවත් ලන්දේසීන්. ලන්දේසීන් කියන්නෙ 'කැල්වින්වාදය' (Calvinism) අදහපු මිනිස්සු. කැල්වින්වාදය කියන්නෙ මොකක්ද කියලාත් කියන්න වෙයි නේද? :) 1530 දි  රෝමානු කතෝලික සභාවේ තියෙන සංකල්පවලට වෙනත් අර්ථකථන සපයන ජෝන් කැල්වින්(John Calvin) නම් දේවගැතිවරයා රෝමානු කතෝලිකයන් පිරිසක් සමඟ කතෝලික සභාවෙන් වෙන්වී ගොස් වෙනත් ඇදහිල්ලක් පටන්ගන්නවා. ඒකට තමයි 'කැල්වින්වාදය' කියන්නෙ. 'රෙප්‍රමාදු' (Reformed faith) කියලත් කියනවා. ඉතින් මේ කැල්වින්වාදය, පාප්තුමාගේ අණෙන් මිදීමට බලාසිටි යුරෝපයේ සමහර රටවල් වැළඳගන්නවා. ඉතින් ලන්දේසීනුත් කැල්වින්වාදය වැළඳගත්තු පිරිසක්.

පෘතුගීසි Vc. ලන්දේසි
ලන්දේසීනුත් පෘතුගීසීන් වගේම වෙළඳාම සඳහා දේශපාලනයත් ආගමත් අවියක් කරගන්නවා.  ඔවුන්ගේ නිල ආගම වෙන්නේ රෙප්‍රමාදු ආගම. ලංකාවේ වෙරළබඩත් ලන්දේසි පාලනය පිහිටුවීමෙන් පස්සෙ නිල ආගම ලෙස රෙප්‍රමාදු ආගම නම් කරනවා. එයින් නොනැවතී අනෙක් සියලුම ආගම් ඇදහීම තහනම් කරනවා. අනෙක් ආගම් කෙසේවෙතත් ලන්දේසීන් තමුන්ගේ ප්‍රධාන හතුරා විදිහට දකින්නෙ රෝමානු කතෝලිකයන්ව. 

රෝමානු කතෝලිකයින් යනු තමුන්ගේ පරම හතුරන්වූ පෘතුගීසීන්ට පක්ෂපාතවූවන් ලෙස සළකන ලන්දේසීන් කතෝලික පීඩන සමය ආරම්භ කරනවා. කතෝලිකයන්ට රෙප්‍රමාදු ආගම වැළඳගන්නා ලෙස බලපෑම් එල්ල වෙනවා. රෙප්‍රමාදු ආගම වැළඳගන්නන්ට වස්තු සම්පත් තානාන්තර ලැබෙද්දී ප්‍රතික්ෂේප කරන්නන්ට කොන් කිරීමේ සිට හිරේ විලංගුවේ වැටීම හා මරණය දක්වා දඬුවම් ලැබෙනවා. කතෝලික පල්ලි ගිනිබත්වෙනවා. බොහෝ පූජකවරුන්ට මරණය හිමිවෙන අතර සමහර පූජකවරුන් රටින් පිටුවහල් කරනවා. මේ විදිහට රෝමානු කතෝලික ආගම ඇදහීම ඉතා රහසේ කළයුතු කටයුත්තක් බවටයි පත්වෙන්නෙ.
 --------------------------- 

ලංකාවේ ලන්දේසී පීඩන සමයේදී අපේ කතානායකයා වෙච්ච ජුසේ වාස් පියතුමා තමුන් ඉගෙනගත් සෙමනේරියේම ලතින් භාෂාව උගන්වමින් තමයි ඉන්නෙ. එහෙත් ලංකාවේ කතෝලිකයන්ට සිදුවන හිරිහැර දකින එතුමා සියල්ල අතහැර ලංකාවට පැමිණීමට තීරණය කරනවා. තම රදගුරුතුමාගෙන් ඊට අවසර ඉල්ලනවා. රදගුරුතුමාත් ඊට කැමැත්ත පලකරනවා. ඒත් වාසනාවට හෝ අවාසනාවට නිල අවසරය නිකුත් කිරීමට පෙර රදගුරුතුමා මිය යනවා. 

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කැනාරාව
මම කලිනුත් කිව්වානෙ පෘතුගීසීන් ආගම ප්‍රචාරය සඳහා පාප්තුමාගේ විශේෂ අවසරයක් ලබාගත් බව. මේ අවසරයෙන් පෘතුගීසීන් යටතේ බිහිවූ ධර්මදූත කණ්ඩායමත් (Padroado) පාප්තුමාගේ ධර්මදූත කණ්ඩායමත් (Propaganda Fide) අතර ගැටුමක් ඇතිවෙනවා. ඒ ඉන්දියාවෙ කැනාරා (Canara) වල. එවලෙ ඉන්දියාවේ කැනාරාවේ ධර්මදූත කටයුතු භාරව පවතින්නෙ පෘතුගීසි පාලනාධිකාරියට යටත් ධර්මදූතයින් පත්කළ අගරදගුරුවරයෙකුට. ඒ අතර තමයි තෝමස් ද කස්ත්‍රො කියන රදගුරුතුමාට මීසම් කිහිපයක නායකයෙකු (Vicar Forane) ලෙස උසස්වීමක් ලැබෙන්නෙ. ඒ උසස්වීම ලැබෙන්නේ වතිකානු පාර්ශවයෙන් නිසා පළාතේ අගරදගුරුතුමා එය පිළිගැනීම ප්‍රතික්ෂේප කරනවා.

මේ හේතුවෙන් කැනාරාවෙ කතෝලිකයෝ දෙකඩ වෙනවා. පිරිසක් අගරදගුරුතුමාගේ පැත්ත ගන්නා අතර පිරිසක් තෝමස් රදගුරුතුමා වටා එකතුවෙනවා. තත්වය කෙතරම් දරුණු වෙනවාද කිවහොත් 'මේ අගරදගුරුතුමාගේ පල්ලියක්' 'මේ රදගුරුතුමාගෙ පල්ලියක්' කියමින් දේවස්ථාන තෝරාබේරාගන්නා තත්වයට කැනාරාවේ කතෝලිකයින් පත්වෙනවා. 

ඉතින් මේ තත්වය සමනය කරලා තෝමස් රදගුරු තුමාට එරෙහිව නීතිමය පියවර ගැනීමට  පෘතුගීසි පාලනාධිකාරියට යටත් ධර්මදූතයින් කැනාරාවට යවන්නෙ ජුසේ වාස් පියතුමාව. ඒ 1681දි. ලංකාවට යෑමට කළ ඉල්ලීම ඉවත දැමෙනවා. නීතිමය පියවර ගැනීමට එව්වත් ජුසේ වාස් පියතුමා පියවරගන්නෙ සාමකාමී විසඳුමක් ලබාගන්න.  එතුමා තෝමස් රදගුරුතුමා සමඟ සාකච්ඡා කරනවා. ඒ අතර හදිසියේ හිටපු පාප්තුමා ස්වර්ගස්ථ වීම නිසා නව පාප්තුමෙක් පත්වෙනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ජුසේ වාස් පියතුමා නව පාප්තුමාගේ නියෝගයක් පැමිණෙනතුරු මෙතෙක් පැවති ලෙසම ධූරවල ක්‍රියාකිරීමට දෙපාර්ශවයට යෝජනා කිරීම ප්‍රශ්නයට විසඳුමක් වෙන්නෙ දෙපාර්ශ්වයම ඊට කැමතිවීම නිසා.

මෙසේ ප්‍රශ්නය නිමාවට පත්වෙද්දි ජුසේවාස් පියතුමා කැනාරාවේම නැවතී ඉගැන්වීම් කටයුතුවල යෙදෙනවා. ඒත් වැඩිකල් යහතින් ඉන්න ලැබෙන්නේ නෑ. කැනාරාවේ කතෝලිකයන්ගේ දෙකඩවීමෙන් කතෝලිකයන්ගේ විනාශය සිදුවෙතැයි සිතා සිටි සමහර හින්දු ජන කොටස් ජුසේ වාස් පියතුමා සමඟ වෛර බැඳගන්නවා. පියතුමා මරාදැමීමටයි උත්සාහ කරන්නෙ.

දිනක් මහා රෑ පිරිසක් එතුමාගේ වාසස්ථානයේ දොරට තඩිබානවා.  "පියතුමෙනි දොර අරින්න. ලෙඩෙකුට මරණාසන්නයි" ඒ පිරිස කතා කරන්නෙ මරණාසන්න රෝගියෙකුට අන්තිම ආලේපය ලබාදෙන්න. අන්තිම ආලේපය ගැන කිව්ව ලිපියෙදි මම කිව්වා මතක ඇතිනෙ ඕනෑම මොහොතක අන්තිම ආලේපය දෙන්න යන්න පියතුමන්ලා සූදානම් බව. ඉතින් ජුසේවාස් පියතුමාත් ලෝගුවක් දාගෙන ඔවුන් සමඟ යාමට පිටත්වෙනවා. 

ගල්තලාව සිදුරුවී ජලය මතුවීම
ඒත් වැඩිදුර යාමට ලැබෙන්නේ නෑ. ගල්තලාවක් උඩදී ඔවුන් එතුමාට පහරදී එතුමාව මරා දැමීමට උත්සාහ කරනවා. හැඩි දැඩි පිරිසක් අතර කිසිත් කරකියාගැනීමට නොහැකිව අසරණ වන එතුමා ගල්තලාව මත දණගසන්නෙ තමුන් අතේ තිබූ සැරයටියට වාරුවෙමින්. එවිටම මිනීමරුවන් විශ්මයට පත් කරමින් එතනින් විශාල ආලෝකයක් නිකුත් වෙනවා. ඒවගේම ගල්තලාව සිදුරුවී ජලය මතුවෙනවා. මෙයින් බියටපත්වන පුද්ගලයෝ එතුමා හැරදමා පලායනවා. 

කැනාරාව අවට පුරාවෘත්ත වල කියවෙන විදිහට ජුසේවාස් පියතුමා සම්බන්ධව බොහෝ ප්‍රාතිහාර්‍යයන් සිදුවී තිබෙනවා. දැන් මේ ස්ථානයේ ජුසේවාස් පියතුමා නමින් සිද්ධස්ථානයක් ඉදිවී ඇති අතර වසරකට දහස් ගණන් බැතිමතුන් තම රෝගවලට සුවය පතා මෙතනට ඇදෙනවාලු.

ප්‍රාතිහාර්‍යය සිදුවූ තැන අද ඉදිවී ඇති දේවස්ථානය
සිදුරුවූ ගල්තලාව
ඊට පස්සෙ ටික කාලෙකින්ම කලින් ප්‍රශ්නයට තුඩුදී හිටපු අගරදගුරුතුමා මිය යනවා. නව අගරදගුරුතුමෙක් පත්කර එවන්නෙ පෘතුගීසි පාලනාධිකාරියට ලැදි ධර්මදූතයින් විසින්. ඔහු එන්නේම ජුසේ වාස් පියතුමා හා අමනාපයෙන්. නීතිමය පියවර ගන්ඩ ඇවිත් ගිවිසුම් ගැහීම පිළිබඳව දෝෂාරෝපණය නිතරම ජුසේ වාස් පියතුමාට එල්ල වෙනවා. ගෝවට නැවත යන්ඩ අවසර ඉල්ලුවත් එය ලැබෙන්නෙත් නෑ. ඒත් අවසානයේදී ඒ අගරදගුරුතුමාත් මියයනවා. වාස් පියතුමා පාලනාධිකාරියෙන් අවසර ගෙන නැවතත් ගෝවෙට එනවා. ඇවිත් තම නිකාය හැරදා ඔරතෝරියානු නිකායට ඇතුළු වෙනවා. මේ සියලු දේවල් සිදුවී ඇත්තේ 1681ත් 1687ත් අතර බොහෝම කෙටි කාලයකදියි.

ගෝවේ නගරයේ ඇති ජුසේ වාස් පියතුමාගේ ප්‍රතිමාවක්
පියතුමාගේ දක්ෂතාවය මත කෙටිකලකින්ම ඔරතෝරියානු නිකායේ තනතුරක් ලැබුනත් ලංකාවේ කතෝලිකයන්ගේ ඉරණම එන්න එන්නම දරුණු වෙනබව දකින එතුමා සියල්ල හැරදා  තම සහයක ජෝන් ද සමඟ ලංකාව බලා පිටත් වෙනවා. ඒ ඉන්දියානු සන්නාසීන් දෙදෙනෙකු මෙන් වෙස් වලාගෙන. 

ලංකාවෙදි මොකද උනේ?

මූලාශ්‍ර : 
  • http://en.wikipedia.org/wiki/Calvinism
  • http://en.wikipedia.org/wiki/Padroado
  • http://en.wikipedia.org/wiki/Congregation_for_the_Evangelization_of_Peoples
  • http://en.wikipedia.org/wiki/Vicar_Forane
  • http://en.wikipedia.org/wiki/Joseph_Vaz

91 comments:

  1. කලින් අහලා තිබුනේ නැති ලස්සන කතාවක්! හරී බොහොම සිත් ඇදගන්නා විදියට කතාව ලියලනේ. ඉවර වෙනකල් දැනුනෙත් නෑ.

    //සම වයසේ අනික් ළමයින්ට වඩා ආගම දහමට නැඹුරුව හිටිය බවත් ගමේ මිනිසුන් ඔහුට 'කුඩා සාන්තුවරයා' කියා ආමන්ත්‍රණය කළ බවත් සඳහන් වෙනවා.//

    අපෙත් ඉන්නවා මෙහෙම දෙන්නෙක්. හරී සහ හසිත...:D

    අර උඩ ඉන්නේ සාරංග නේද?

    ඔන්න මම අද එක ලකුණු කලා.:)

    ReplyDelete
    Replies
    1. @ පොඩ්ඩි,

      "හරී බොහොම සිත් ඇදගන්නා විදියට කතාව ලියලනේ" බෝම ස්තුතියි..

      "ආගම දහමට නැඹුරුව" හික්..හික්.. එහෙමද හිතන් ඉන්නෙ? එහෙනම් මුණ නොගැහෙන එකමයි හොඳ.. :)

      "අර උඩ ඉන්නේ සාරංග නේද?" නළුවා නෙමෙයි චරිතය බලන්න දරුවා.. :)
      ජුසේවාස් පියතුමාගේ හැබෑ හැඩරුවත් සාරංග වගේමලු.. ඒ කිව්වෙ ඒ තරමට උස වගේම හීන්දෑරීලු..

      @ හසිත,

      හසිත හිනාවුනේ
      "හරී බොහොම සිත් ඇදගන්නා විදියට කතාව ලියලනේ." මේකටද?
      "අපෙත් ඉන්නවා මෙහෙම දෙන්නෙක්." මේකටද?
      "අර උඩ ඉන්නේ සාරංග නේද?" මේකටද? නැත්නම්
      "ඔන්න මම අද එක ලකුණු කලා.:)" මේකටද? :)

      Delete
    2. @ හරී

      උත්තර හතරක් තියෙන නිසා ෆිෆ්ටි ෆිෆ්ටි චාන්ස් එක ගන්න බැරිද ? නැත්නම් කෝල් අ ෆ්‍රෙන්ඩ් චාන්ස් එක ගන්න පුලුවන් :P

      ඔන්න ඔහේ කියන්නම් උත්තරේ. පිළිතුර අංක 2 :D

      Delete
    3. හරී හසිත දෙන්නම හිනාවෙන විදිහට පොඩ්ඩිගෙ නිගමනය ගැන මට සාධාරණ සැකයක් ඇති වෙනවා..:P

      Delete
    4. @ රූ,

      ඒ මොකෝ..

      @ පොඩ්ඩි,

      මේ රූ අක්කා ගැන සාස්තරයක් කියන්ටකො..

      Delete
  2. හොඳම කාලයේ හරී මේ ලිපි පෙළ ආරම්භ කරන්නේ, මොකද ජනවාරි 16 එතුමාගේ මංගල්‍යය නිසා.

    සුභ පැතුම් ලිපි පෙළට.

    ReplyDelete
    Replies
    1. @ Gihan

      සහෝදරතුමා ජනවාරි 16 එතුමාගේ මංගල්‍යය විදිහට යොදාගන්න විශේෂ හේතුවක් තියෙනවාද ?

      Delete
    2. @ ගිහාන් සහෝදරතුමා,

      කාලය, දීපය, දේශය බලලායි පටන් ගත්තෙ.. :)

      ඇත්තටම 16 වෙනිදා එක ලිපියක් දානවා කියලා හිතන් පටන් ගත්තත් කරුණු ගොඩක් ලියන්න තියෙනවා වගේම කතාවත් රසවත් (මට).. ඒක නිසා කොටස් කීපයකට කඩන්න උනා..

      සුභ පැතුම් සතුටින් පිළිගන්නම්...

      @ Hasitha,
      ඉවසලා ඉන්න දරුවා :)

      Delete
    3. @ හරී

      කියන නිසා ඉවසමි :P

      Delete
  3. //...ඒ සඳහා දේශපාලන බලය අල්ලාගැනීම ලොකු උපකාරයක් උනා වගේම ඒ බලය රැක ගැනීමට ආගම පාවිච්චි කිරීමට තරම් ඔවුන් කපටියන් උනා. කොච්චර කපටි උනාද කියනවා නම් ආගම ප්‍රචාරය කිරීම සඳහා ඔවුන් පාප්තුමාගෙන් විශේෂ අවසරයක්ද ලබාගෙන තිබුනා....//

    දේශ ගවේෂණයට පෘතුගාලයට වගේම ස්පාඤ්ඤයට තිබුණු තදියම නිසා පාප්තුමා මැදිහත් වෙලා මේ දෙගොල්ලන්ටම සමානව දේශ ගවේෂණයට ප්‍රදේශ බෙදලා දුන්නා. ඒ යටතේ එයාලා පාප්තුමාට පොරොන්දු වුණා ආගම ව්‍යාප්ත කරනවා කියලා.

    ඉන්දියාවට මුලින්ම ගොඩ බැහැපු වස්කෝද ගාමා කිව්වලුනේ අපි කුළුබඩු සහ ක්‍රිස්තු භක්තිකයන් හොයාගෙන ආවා කියලා. [මොකද ඒ කාලේ යුරෝපීයෝ විශ්වාස කළාලු ප්‍රෙස්ටර් ජෝන් කියලා බලවත් කතෝලික අධිරාජයෙක් යුරෝපයේ ඉන්නවා. එයාගේ උදව්වෙන් කුරුස යුද්ධ ජයගන්න පුලුවන් කියලා]

    //...දුප්පතුන්ගේ ආහාරය වෙච්ච සව් කැඳලු (kanji)...//

    තවමත් සව් කංජි මුස්ලිම්වරුන් රසට හදනවා.

    //... 1530 දි රෝමානු කතෝලික සභාවේ තියෙන සංකල්පවලට වෙනත් අර්ථකථන සපයන ජෝන් කැල්වින්(John Calvin) නම් දේවගැතිවරයා රෝමානු කතෝලිකයන් පිරිසක් සමඟ කතෝලික සභාවෙන් වෙන්වී ගොස් වෙනත් ඇදහිල්ලක් පටන්ගන්නවා. ඒකට තමයි 'කැල්වින්වාදය' කියන්නෙ. 'රෙප්‍රමාදු' (Reformed faith) කියලත් කියනවා....//

    මේ වැඩේ පටන් ගන්නේ මාටින් ලූතර් දේවගැතිවරයා නේද ? පස්සේ නේද කැල්වින් එන්නේ ?

    //...ඔරතෝරියානු නිකායට...//

    ???


    ඉතිරිය කියවන්න බලාගෙන ඉන්නේ :)

    ReplyDelete
    Replies
    1. හසිත,

      කතෝලික පල්ලියට එරෙහිව මුලින්ම නැගී සිටින්නෙ මාටින් ලූතර් තමා.. ලූතර් ගෙ ආභාෂය ජෝන් කැල්වින්ට ත් ලැබෙනවා තමා.. ඒත් රෙපරමාදු භක්තියට ප්‍රධානම අඩිතාලම වෙන්නේ කැල්වින් ගේ ලියවිලි හා ඔහුගේ කැල්වින්වාදය යි.. ඒ නිසයි රෙපරමාදු හා ප්‍රෙස්බිටීරියන් කියන ආගම් දෙකම ඔවුන්ගේ මූලිකයා හැටියට කැල්වින්ව සලකන්නේ..

      ඔරතෝරියානු නිකාය පිහිටවන්නේ රෝමයේ අපොස්තුලුවරයා ලෙසින් හැඳින්වෙන ශු. ෆිලිප් නෙරි පූජකතුමා විසිනුයි.. ‍මේක අසරණ-සරණය වෙනුවෙන්ම කැප වුනු කතෝලික පූජකයිගෙන් හැදුනු නිකායක්..

      Delete
    2. @ Buratheno

      ස්තුතියි :)

      Delete
    3. @ හසිත,

      "දේශ ගවේෂණයට පෘතුගාලයට වගේම ස්පාඤ්ඤයට තිබුණු තදියම නිසා පාප්තුමා මැදිහත් වෙලා මේ දෙගොල්ලන්ටම සමානව දේශ ගවේෂණයට ප්‍රදේශ බෙදලා දුන්නා. ඒ යටතේ එයාලා පාප්තුමාට පොරොන්දු වුණා ආගම ව්‍යාප්ත කරනවා කියලා. " ඔව් හසිත හරි.. හසිතට ඉතිහාසය උගන්වන්න මම කවුද?

      "ක්‍රිස්තු භක්තිකයන් හොයාගෙන ආවා "ආසියාවට කතෝලික දහම ගෙනාවෙ යුරෝපීයන් කියලයි බොහෝදෙනා හිතන් ඉන්නෙ.. ඒ අය අමතක කරනවා ජේසුස් වහන්සේත් ආසියානුවෙක් බව.. ඉතිහාස වාර්තාවල දැක්වෙන හැටියට ජේසුස් වහන්සේගේ ගෝළයෙක් වෙච්ච තෝමස් තුමා ඉන්දියාවට කිතු දහම ගෙනත් තියෙන්නෙ ක්‍රි.ව. 52දි.. ඉතින් යුරෝපීයන්ගෙන් මෙහාට කිතුදහම ආවා කියන එක කොහොමටට්වත් විශ්වාස කරන්න බෑ.. මොකක්ද ඒ ගැන හසිතගේ අදහස..

      "ප්‍රෙස්ටර් ජෝන්" මේ ගැන එහෙන් මෙහෙන් අහපුවා තමා තියෙන්නෙ..පොඩ්ඩක් කියවලා බලන්න ඕනා..

      "තවමත් සව් කංජි මුස්ලිම්වරුන් රසට හදනවා." හ්ම්ම්.. අපේ ගෙදරත් හදනවා.. ඒත් මම එච්චර ආස නෑ බොන්න..

      "මේ වැඩේ පටන් ගන්නේ මාටින් ලූතර් දේවගැතිවරයා නේද ? පස්සේ නේද කැල්වින් එන්නේ ?" බුරා අයියගෙ උත්තරය නිසා මට ලියන්න වෙච්ච කරුණු අඩුවුනා..
      මෙහෙමයි හසිත ඔය කැල්වින්ලා, ලූතර්ලා එකට කැරලි ගැහුවට ඔවුන් දරන්නෙ එකිනෙකට වෙනස් මතවාද.. ඉතින් රෝමානු කතෝලික සභාවෙන් කැඩිලා කැල්වින් හදාගන්නෙ වෙනම කෑල්ලක්.. ලූතර් හදාගන්නෙ වෙනම කෑල්ලක්.. ඉතින් ලන්දේසීන් කැල්වින්වාදීන් නිසා තමයි මම කැල්වින්ව ඉලුප්පලා පෙන්නුවෙ..

      "ඔරතෝරියානු නිකායට." නැවතත් බුරා අයියගේ උදව්ව..
      අමතර යමක් උදාහරණයකින් කියනවා නම් රාමඤ්ඤ නිකාය, සියම් නිකාය වගේ බෙදීමක්..

      "ඉතිරිය කියවන්න බලාගෙන ඉන්නේ :)" අද රෑට.. අද රෑට.. අද රෑට දෙනවා..

      Delete
    4. @ Buratheno,

      ස්තුතියි බුරා අයියේ උත්තර ඔක්කොටම..

      Delete
    5. @ හරී

      //..ඔව් හසිත හරි.. හසිතට ඉතිහාසය උගන්වන්න මම කවුද?..//

      ඕන් ඉතින් මට ලැජ්ජ හිතෙනවා :P

      //..ඉතින් යුරෝපීයන්ගෙන් මෙහාට කිතුදහම ආවා කියන එක කොහොමටට්වත් විශ්වාස කරන්න බෑ.. මොකක්ද ඒ ගැන හසිතගේ අදහස...//

      සේද මාවත හරහා වෙළෙඳාම වුණා වගේම සංස්කෘතියත් හුවමාරු වුණා. පෙරදිග දර්ශනය, දැනුව යුරෝපයට ගියා වගේම අපරදිග දර්ශනය, දැනුම පෙරදිගට ආවා. ඒක නිසා යුරෝපීයන් එන්න කලින් පෙරදිග ප්‍රදේශවල මිනිස්සු කිතු දහම ගැන දැන හිටියා වගේම කිතුණු දහම වැළදගත්තු සුළුතරයක් හිටියා වෙන්න ඕනේ. ඒ

      ක සුළුතරයක් වුණේ රාජ්‍ය මැදිහත් වීමක් වුණු නැති නිසා. ඒ කියනෙන කිතු දහම පතුරුවන්න තරම් රාජ්‍යාධිකාරයක් නොතිබුණු නිසා. ඊට පස්සේ යුරෝපීය බලපෑමත් එක්ක දේශපාලන බලය ඔවුන්ට තිබුණු නිසා කිතු දහම සාර්ථකව ව්‍යාප්ත කරන්න පුලුවන් වුණා.

      ශ්‍රී ලංකාවේ බුදු දහම ගැනත් කරුණු ඉදිරිපත් කරද්දී දක්වන්නේ බුද්ධ කාලයේ ඉදන්ම ලංකාවේ බෞද්ධයෝ හිටියා කියලා [බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ පහළ වුණා කියන එකත් එක්කයි මේක කියන්නේ :D]

      ලංකාවේ දෙවනපෑතිස් රජ සමයට කලින් ඒක සුළුතරයක් වශයෙන් පැවතුණා. මහින්දාගමනයත් එක්ක රාජ්‍යාධිකාරය ලැබුණු නිසා බුදු දහම ලංකාව පුරා සාර්ථකව ප්‍රචාරය වුණා...

      //..අමතර යමක් උදාහරණයකින් කියනවා නම් රාමඤ්ඤ නිකාය, සියම් නිකාය වගේ බෙදීමක්....//

      උදාහරණය නම් සෙට් වෙනවා මදි වගේ අයියා. මොකද රාමඤ්ඤ නිකාය, සියම් නිකය වශයෙන් තියෙන නිකායවල් බුදුන් වහන්සේ ශාස්තෲවරයා විදිහට පිළිගත්තත්, ධර්මය සමාන වුණත් එකට කටයුතු කරන්නේ නැහැ.

      ආගමික චාරිත්‍ර වෙන වෙනම පවත්වනවා වගේම ඒ ඒ නිකායවලට ඉන්නේ වෙන වෙන නායකයන් [මහනායක හාමුදුරුවරු] එක ජීවමාන නායකයෙක්ගෙන් ඒ ඒ නිකායන් පාලනය වෙන්නේ නැහැ. තව විදිහටකට කිව්වොත් මේ නිකායක් කියන්නේ සම්පූර්ණවම ස්වාධීන ඒකක.

      ඒත් කතෝලික ආගමේ තියෙන මේ ආකාරයේ නිකායන් චාරිත්‍ර වගේ දේවල්වලින් වෙනස් වුණත් එක නායකයෙක් [පාප්තුමා] යටතේ නේද ඉන්නේ ??

      Delete
    6. කිතුදහම පැමිණීම පිළිබඳ හසිතගෙ මතයට එකඟයි..

      දැන් බලමු නිකාය ප්‍රශ්නය..
      රාමඤ්ඤ නිකාය, සියම් නිකාය උදාහරණ විදිහට ගත්තෙ ථෙරවාදී බව ඇතුලෙ පැවදි අයගේ බෙදීමක් පවතින නිසා..
      මට මෙහෙමත් හිතෙනවා.. රෝමානු කතෝලික , රෙප්‍රමාදු කියන්නෙ හරියට ථෙරවාද මහායාන වගේ.. ථෙරවාදය ඇතුළෙ තියෙන බෙදීම් නිකායන්.. හරියට කතෝලික පැවිදි අයගේ නිකායන් වගේ.. මම ඉතින් පිටතින් බලලායි කිව්වෙ.. හසිත කියනා විදිහට මට තේරෙන්නෙ මේ නිකායන් අතර තරඟයක් තියෙනවා වගේ..

      කතෝලික නිකායක් ගත්තොත් ඒකට අයත් පැවිදි අය අනිත් පැවිදි අයගෙන් වෙන්වෙන්නෙ ඔවුන්ට තියෙන අරමුණ අනුව.. නැතිව විශ්වාසයන්ගේ හෝ චාරිත්‍ර වාරිත්‍ර වල වෙනසක් නෑ.. නමුත් අඳින පැවිදි ඇඳුම නම් එකිනෙකට වෙනස්..

      උදාහරණයකට කිව්වොත් එක නිකායක අරමුණ තරුණයන් යහමඟට ගැනීම නම් ඒ නිකායෙ පැවිදි අය ක්‍රියාත්මක වෙන්නෙ ඒ වෙනුවෙන්.. තරුණයන් වෙනුවෙන් පාඨමාලා පැවැත්වීම.. නොමඟ ගිය අය පුනරුත්ථාපනය කිරීම වගේ දේවල්.. ඒ ඔක්කොම කෙරෙන්නෙ එකම විශ්වාසය ඇතුළෙ..
      ඊළඟට තව නිකායක අරමුණ පාසල් අධ්‍යාපනය නම් ඒ නිකායෙ පැවිදි අය පාසල්වල උගන්වනවා.. ආගමික වත්පිළිවෙත් කිරීම අරමුණ කරගත්තු අය ඒවල යෙදෙනවා..

      "එක නායකයෙක් [පාප්තුමා] යටතේ නේද ඉන්නේ ??" එකම සභාවක්...

      Delete
    7. @ හරී

      //..හසිත කියනා විදිහට මට තේරෙන්නෙ මේ නිකායන් අතර තරඟයක් තියෙනවා වගේ..//

      ලංකාවේ භික්ෂූන් වහන්සේලාගේ නිකාය ගැනත් කතාවට ආපු නිසා සුළුවෙන් යමක් කියන්න ඕනේ කියලා හිතනවා.

      ලංකාවේ වර්තමානයේ බෞද්ධ භික්ෂූන් නිකායන් තුනක් යටතේ ක්‍රියාත්මක වෙනවා. සියම් එහෙමත් නැත්නම් ශ්‍යාමෝපාලි [එයාලා මහාවිහාර වංශය කියලාත් කියාගන්නවා], අමරපුර සහ රාමඤ්ඤ කියලා. මේ හැරෙන්න ශ්වේජින් නමින් නිකායකුත් ක්‍රියාත්මක වෙනවා. මම දන්න තරමින් ඒකත් ස්වාධීන නිකායක් කලින් නිකාය තුනට අයිති නැති. ඒකටත් වෙනමම මහානායක හාමුදුරු නමක් ඉන්නවා. හැබැයි හුඟක් වෙලාවට අමරපුර නිකායත් එක්ක එකතු වෙලා තමා වැඩකරන්නේ.

      මේ නිකාය තුනෙන් පරණම එක වෙන්නේ සියම් නිකාය. මහනුවර යුගයේදී නැතිවෙලා තිබුණු උපසම්පදාව සියමෙන් අරන් ඇවිල්ලා පිහිටුවීමත් එක්ක තමා මේ නිකාය පටන් ගන්නේ. ඒක නිසා වගේම කුල ධූරාවලියේ ඉහළ කුලය වෙන ගොවිගම අය විතරක් නේ නිකාය මහණ කරගන්න නිසාත්, ලංකාවේ රාජ මහා විහාරවලින් වැඩි ප්‍රමාණයක් වගේම වැඩිම දේපළ ප්‍රමාණයක් හිමි නිකායත් නිසා මේ නිකාය ලංකාවේ ප්‍රමුඛ නිකාය වෙලා තියෙනවා. ඒකෙත් මල්වතු, අස්ගිරි කියලා පාර්ශව දෙකක් තියෙනවා. ඒවාට වෙන වෙනම මහානායක හාමුදුරුවරු ඉන්නවා. ඒ හැරෙන්න විවිධ පළාත් මුල් කරගෙන සංඝ සභා හදාගෙන මහානායකවරු පත්වෙලා ඉන්නවා.

      අමරපුර නිකාය පාර්ශව විශාල ගණනාවක් තියෙන නිකායක්. ඒක නිසා 1970 වෙදී වගේ අමරපුර මහා සංඝ සභාව පිහිටවලා එක ඒකකයකට එකතු කරගන්නවා. ඒක නිසා සභාපති හාමුදුරු නමක් වගේම මහානායක හාමුදුරු නමකුත් වගේම උත්තරීතර මහානායක හාමුදුරු නමකුත් ඉන්නවා. ඒ වගේමයි පාර්ශවවලටත් වෙන වෙනම මහානායක හිමිවරු ඉන්නවා.

      රාමඤ්ඤ නිකායේ විතරක් එක මහානායක හාමුදුරු නමක් මුල් කරගෙන කටයුතු සිදුවෙනවා.

      බොහෝ වෙලාවට අමරපුර හා රාමඤ්ඤ නිකා එකතු වෙලා කටයුතු කරන බව පේනවා. සියම් නිකාය සම්බන්ධ වීම හරිම අඩුයි. ඒ වගේමයි උපසම්පදා, පැවිදි කිරීම් වගේ කටයුතුත් නිකාය තුනේ වෙන වෙනම වෙන්නේ.

      මේ හැරෙන්න සිවුරු පෙරවීමේ වෙනස්කමකුත් නිකායන්වල දැකගන්න පුලුවන්. දේශනා කරන ධර්මයේ වේවා පොත් පත්වල වේවා ශාස්තෲවරයාගේ හෝ වේවා කිසිම වෙනසක් නැහැ

      Delete
    8. කතෝලික නිකායන්ගේ පාලනය ගත්තොත් ඒවාත් ඒ ඒ නිකායන්ගේ ප්‍රධානියා අතේ තමයි තියෙන්නෙ.. ඒත් පාප්තුමාගේ හෝ රදගුරුතුමන්ලාගේ බලය අභිභවා යන්න ඒ අයට බෑ..

      මට පේන්නෙ බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර නිකායන් බෙදීමත් කතෝලික පැවිදි අය අතර නිකායන් බෙදීමත් සමානයි වගේ.. වෙනස තියෙන්නෙ බෞද්ධ අයට මධ්‍යගත පාලනයක් නොවීම..

      එතකොට හසිත මම අහලා තියෙන විදිහට ගමේ පන්සල අයිති ගමේ හාමුදුරුවන්ට.. ඒකට බලපෑමක් කරන්ඩ කාටවත් බෑ නේද? නිකායේ මහානායක හිමියන්ටවත් බෑද?
      භික්ෂූන් වහන්සේ කෙනෙක්ව සිවුරෙන් පහකරන්න බෑද?

      Delete
    9. @ හරී

      //..ගමේ පන්සල අයිති ගමේ හාමුදුරුවන්ට.. ඒකට බලපෑමක් කරන්ඩ කාටවත් බෑ නේද? නිකායේ මහානායක හිමියන්ටවත් බෑද?...//

      මේකට පිළිතුරක් දෙන එක හරිම සංකීර්ණයි අයියා. මොකද ගමේ පන්සලේ අයිතිය පැවරිලා තියෙන විදිහට තමා ඒක බලන්න ඕනේ. උදාහරණයක් කිව්වොත් අපේ ගමේ ගමේ පන්සලේ ඉඩම කලින් වැඩ සිටිය නායක හාමුදුරුවන්ට කරපු පුද්ගලික පූජාවක්. ඒ හාමුදුරුවන්ගේ නමට තමා ඔප්පුව තියෙන්නේ. ලොකු හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ පන්සලේ අයිතිය හාමුදුරුවන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා ඇතුළු ශිෂ්‍ය පරම්පරාවට ලැබෙන විදිහට නැවත ඔප්පුව සකස් කෙරුණා.

      ඒ නිසා අපේ ගමේ පන්සල අයිති නායක හාමුදුරුවන්ටම තමා. නිකායේ මහානායක හාමුදුරුවන්ට වුණත් ඒ සම්බන්ධව වෙනස්කමක් කරන්න බලයක් නැහැ. මොකක් හරි විෂමාචාර ක්‍රියාවක් මත දැන් ඉන්න නායක හාමුදුරුවන්ට සසුනෙන් පහ කළොත් හාමුදුරුවන්ගේ ශිෂ්‍යයන්ගෙන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා සහ ඒ ශිෂ්‍ය පරම්පරාවට තමා පන්සල පවරන්න ඕනේ. මහානායක හාමුදුරුවන්ගේ කැමැත්තට කාටවත් පවරන්න බැහැ.

      කිසියම් විදිහකට එහෙම පවරන්න ශිෂ්‍යයෙන් හිටියේ නැත්නම් විතරක් ඒ පන්සල නිකාය යටතට ගන්නවා. ඊට පස්සේ මහානායක හාමුදුරුවෝ පන්සලට නායක හාමුදුරු නමක් පත් කරනවා. ඒ නායක හාමුදුරුවන්ව මහානායක හාමුදුරුවන්ගේ කැමැත්ත පරිදි වෙනස් කරන්න පුලුවන්. ඒත් නැත්නම් ඒ නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍ය පරම්පරාවට භාර දෙන්නත් පුලුවන්

      සාමාන්‍යයෙන් අමරපුර, රාමඤ්ඤ නිකායන්ගේ පන්සල්වල මේ වගේ තත්වයක් තමා දැකගන්න පුලුවන් වෙන්නේ. ඒ කියන්නේ හාමුදුරු කෙනෙක්ට කරපු පුද්ගලික පූජාවක් විදිහට හරි එහෙමත් නැත්නම් කිසියම් කුලයක හාමුදුරුවරුන්ට [පැවිදි කරද්දී කුලයත් සලකලා බලනවා කියලා අයියා දන්නවා ඇතිනේ] හරි නිකායට හරි පූජා කරනවා. නිකායට පූජා කළොත් හැරෙන්න මුල් තත්ව දෙකේදීම මහානායක හාමුදුරුවරුන්ට බලපෑම් කිරීමේ හැකියාව අඩුයි

      ඒත් සියම් නිකායේ පන්සල් ඒ කියන්නේ රාජ මහා විහාරවල අයිතිය පැවරිලා තියෙන්නේ ඒවා වල් බිහිවෙලා තියෙද්දී ඒවා පිළිසකර කරපු එහෙමත් නැත්නම් හදන්න මුල් වුණු හාමුදුරුවරුන්ට. ඒක පිළිගැනීම. ඒක නිසා ඒ පන්සල්වල තමා ශිෂ්‍යානු ශිෂ්‍ය ක්‍රමයට අයිතිය ලබාදෙන්නේ.

      සමහර විට සිවුරු ශිෂ්‍ය ක්‍රමය කියලා එකකුත් තියෙනවා. ඒකෙදී නායක හාමුදුරුවන්ගේ ඥාතියෙක්ව මහණ කරවලා ඒ හාමුදුරුවන්ට නායකකම දෙන අවස්ථාත් තියෙනවා. ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරා ක්‍රමයට බලපෑම් කරන්න මහානායක හාමුදුරුවරුන්ට බැහැ. හැබැ‍යි කලින් වගේම විෂමාචාර ක්‍රියාවක් ඉන්න නායක හාමුදුරුවරු ඉවත් කරලා පන්සල භාරදෙන්න ශිෂ්‍යයෝ හිටියේ නැත්නම් වගේ ප්‍රශ්නෙකදී නම් බලය පැවරන්නේ නායක හාමුදුරුවන්ට.

      //..භික්ෂූන් වහන්සේ කෙනෙක්ව සිවුරෙන් පහකරන්න බෑද?...//

      හාමුදුරු නමක්ව සසුනෙන් බැහැර කරන්න ගිහියන්ට බැහැ. කොටින්ම සමහර විෂමාචාර ක්‍රියාවලදී ගිහියෝ හාමුදුරුවන්ගේ සිවුරු ඉවත් කරලා ගිහි ඇඳුම් ඇන්දුවත් භික්ෂු තත්වයෙන් මිදෙන්නේ නැහැ. හදිසි තත්වයකදී සිවුරු නැතුව දින 7 ක් වුණත් ඉන්න පුලුවන් කියලාත් විනය නීතියක් තියෙනවාලු [හැබැයි එහෙම ඉද්දී ගිහියෝ කරන ජාති කරන්න බැහැ :)]

      සිවුරෙන් පහ වෙන්නේ එක්කෝ ඒ හාමුදුරුවෝම තීරණය කරලා උපැවිදි වෙන්න හිතුවොත්. එහෙමත් නැත්නම් කිසියම් විෂමාචාර චෝදනාවක් එල්ලවෙලා ඒක ඇත්ත කියලා සංඝ සභාවකින් තීරණය වුණාට පස්සේ මහා සංඝයා මධ්‍යයේ කරන සිවුරු හැරවීමකින්

      Delete
    10. විස්තරවලට ස්තුතියි!

      අපේ පල්ලිවල පියතුමන්ලා වගේ හුවමාරු ක්‍රමයක් පන්සල් වල නෑනෙ නේද?

      Delete
    11. @ හරී

      හුවමාරු වීමක් නැහැ අයියා. භික්ෂූන් වහන්සේලා බොහෝ වෙලාවට තමන් පැවිදි වුණු පන්සලේම තමයි වැඩ වාසය කරන්නේ.

      Delete
    12. හසිත, ශ්වේජින් කියලා නිකායක් ගැන ඇහුවේ අදමයි. තව විස්තර ටිකක් කියන්න. ඔබ දන්නවා ඇති නිර්මල බුදු දහම ජාත්‍යන්තර කරලා භජන් කියන බුද්ධාගමක් බවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙන බව. මේ තත්වයට හේතුව ඉතා විශාල ලෙස ලෝකය පුරාම නිර්මල බෞද්ධ දර්ශනය පිළිගැනීමට හා ව්‍යාප්තවීමට ලක්වීම. අර පූජ්‍ය බෙම්පෝ දන්නවද? එයාලා වගේ කොන්ත්රාත්කාරයෝ ළදරු පාසල්, විවිධ සමාජ සංවිධාන ආදිය හදාගෙන කාගෙන කාගෙන යන්ඩ පටන් අරන් තිබෙනබව නම් මම දන්නවා. තවමත් ඕනෙම අභියෝගයකට මුහුණ දියහැකි ධර්මධර විනයධර භික්ෂුන් වහන්සේලා සිටීම සැනසීමට කරුණක්.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    13. @ විචාරක Wicharaka

      //..ශ්වේජින් කියලා නිකායක් ගැන ඇහුවේ අදමයි. තව විස්තර ටිකක් කියන්න...//

      ශ්‍රී ලංකා ශ්වේජින් නිකාය ආරම්භ කරන්නේ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාම විහාරය ආරම්භ කරපු බුරුම ජාතික යූ. විනයාලංකාර නාහිමිපාණන් වහන්සේ 1906 දී. උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් වුණු අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක හාමුදුරුවෝත් ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ හිටිය මහානායක හාමුදුරුනමක්.

      2006 වර්ෂයේදී තමා ශ්‍රී ලංකා ශ්වේජින් නිකාය වසර 100 ක් සම්පූර්ණ වෙලා තියෙන්නේ.

      මමත් මේ නිකාය ගැන දැනගත්තේ රේරුකානේ හාමුදුරුවන්ගේ චරිතාපදානයෙන් දැනට මතක මේ විස්තර ටික තමා

      //..ඔබ දන්නවා ඇති නිර්මල බුදු දහම ජාත්‍යන්තර කරලා භජන් කියන බුද්ධාගමක් බවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙන බව....///

      සායි බාබා නේද මේ වැඩේ පටන් ගත්තේ ?

      //..අර පූජ්‍ය බෙම්පෝ දන්නවද? ..//

      දන්නේ නැහැනේ..

      Delete
  4. කලින් අහලා තිබුන කතාවක්. මොකද ඉන්දියාවෙන් ආපු ජුසේ වාස් පියතුමා මගේම ගොන්සාල්වෙස් පියතුමාගේත් සිරුරු මිහිදන කරලා තියෙන්නෙ ලංකාවේ. ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගෙනම් සිරුර බෝලවත්ත පල්ලියේ මිගිදන් කරලා තියෙනවා..එතකොට ජුසේවාස් පියතුමාගේ ? ඒක හරීගෙන්ම දැනගමුකෝ..

    ReplyDelete
    Replies
    1. @ ළිහිණි

      බෝලවත්ත පල්ලිය කොහෙද තියෙන්නේ ?

      Delete
    2. "දෙවිඳු උපන්නේය සතුනි" ගීතය ජාකෝමේ ගොන්සල්වේස් පියතුමාගෙ නේද?

      Delete
    3. @Hasitha

      බෝලවත්ත පල්ලිය තියෙන්නෙ වෙන්නප්පුවට කිට්ටුව හසිත. මම ඒ පැත්තෙනෙ. ඔය ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා තමයි ඒ පැත්තෙ දහම් පතුරවලා තියෙන්නෙ. එතුමා මියගිහිල්ලා තියෙන්නෙත් එහෙමයි. සිරුර තියෙන්නෙත් එතැන.

      Delete
    4. @ ළිහිණි

      ගොන්සාල්වේස් පියතුමාම නේද උඩරට ප්‍රදේශවලත් කතෝලික දහම ව්‍යාප්ත කරන්නේ ??

      Delete
    5. @ ළිහිණි,
      "කලින් අහලා තිබුන කතාවක්. " අනිවාර්‍යයෙන්ම.. මොකද කාලයක් පාසල්, දහම්පාසල් වල මේ කතාව කොට කොට පෙව්වනෙ.. පත්තරවලත් සෑහෙන්න ගියා..

      "ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගෙනම් සිරුර බෝලවත්ත පල්ලියේ මිගිදන් කරලා තියෙනවා" මම අහලා තියෙනවා.. ඔයා නම් දැකලත් ඇති නේද?

      "එතකොට ජුසේවාස් පියතුමාගේ ?" ඉස්සරහට බලමු.. :)

      Delete
    6. @ හසිත,

      බෝලවත්ත තියෙන්නෙ කොළඹ-පුත්තලම පාරෙ.. මොකද කියන්නෙ හසිත අපි දවසක යමුද?
      බෝලවත්තට ගිහින් ස්මාරකයත් බලලා එතනින් ලුණුවිලට ගිහින් කාලා බීලා එමු..

      Delete
    7. @ ලකී වික්‍රමසිංහ,

      "දෙවිදු උපන්නේය සතුනි
      දෙවිඳු උපන්නේය ඔහෝ
      දෙවිඳු සර්ව නායක වන
      දිළිඳු එමනු වෙස් ගනිමින"

      ඔබ හරි.. ගොන්සාල්වේස් පියතුමා තමයි.. පළමු සිංහල කැරොල් ගීයත් මෙයයි කියලයි සමහර තැන්වල තියෙන්නෙ..

      Delete
    8. @ හරී

      //..බෝලවත්තට ගිහින් ස්මාරකයත්..//

      මොකක්ද මේ ස්මාරකය අයියා ?

      පෙබරවාරි 16 න් මට විභාගේ ඉවරයි. ඊට පස්සේ පොඩි පොඩි ට්‍රිප් කීපයක් යන්න හිතාගෙන ඉන්නවා. යමු යමු අයියා :)

      Delete
    9. @Hasitha,
      "මොකක්ද මේ ස්මාරකය අයියා ?" ඔය මොකක් හරි ඇතිනෙ.. අඩුම ගානෙ ගල් කෑල්ලක්වත්..

      ඒවගේද ලුණුවිල ගියාම හම්බෙන කෑම..

      Delete
    10. @ හරී

      අපි එන දවසට ලිහිණි අක්කා වාෂ්ප වෙලා ඉදීද දන්නේ නැහැ කොහාට හරි :P

      Delete
    11. @Hasitha,
      ලුණුවිල පීරලා හරි හොයාගමු.. :D

      Delete
    12. මචංලා ඉස්සර අපේ මීසම බෝලවත්ත,, බෝලවත්ත මීසම ලොකු නිසා දැන් දෙකට බෙදුවා,,අද බෝලවත්ත පල්ලිය අලුතෙන් හදපු පල්ලියක් තියෙන්නේ ගොන්සාල්වෙස් පියතුමාගේ ස්මාරකය නම් තියනවා,, වටිනා ලියකියවිලි එහෙම තියන පල්ලියක්,, අදටත් සිංහලෙන් දෙමළෙන් භාශා 2න්ම පූජාව තියන පල්ලියක් ජුසේවාස් පියතුමා,ගොන්සාල්වෙස් පියතුමා මුල් කාලේ භාශාව විදිහට යෝදාගෙන තියෙන්නේ දෙමළ ඒක නිසා බොලවත්තේ තාමත් දෙමළ කතා කරන පිරිසක් ඉන්නවා..

      Delete
    13. මීසම දෙකට බෙදූ කතාවෙන් තේරුනේ ඉතාලිඩිලාන් ඉන්නේ ගෝනාවිල වෙන්න ඕනෙ.. මම ඒ පල්ලියට ගිහින් තියෙනවා. ඉස්කෝලෙටත් ගිහින් තියෙනවා. පුංචි කාලේ.එතකොට ප්‍රින්සිපල් වෙලා උන්නේ ඇ.ලයනල් ගුරු පියා. මම හිතන විදියට කිරාගාර තවමත් බෝලවත්ත මීසම යටතේ තියෙනවා

      ඔව්.තිබුන පරණ පල්ලිය වෙනුවට අලුත් පල්ලියක් ගොඩ නගලා තියෙනවා. පරණ පල්ලියේ ඉස්සරහා දකුණු පැත්තෙ තමා ස්මාරකය එක්කම එතුමාගේ සොහොනත් තිබුනේ. අලුත් පල්ලියේ වැඩ කටයුතු තාමත් සිදු වෙනවා. කාලෙකින් අලුත් පල්ලියටනම් යන්න ලැබුනේ නෑ

      Delete
    14. හරියා බඩජාරියෙක්ද කොහෙද..කෑමමයි මතක් වෙන්නෙ...හි හි හී

      Delete
    15. @ ඩිලාන්,

      බෝලවත්තේ කෙනෙක්වම හමුවීම සන්තෝසයි.. එහෙනම් ඩිලාන්ලා මේ ගැන ගොඩක් දන්නවා ඇතිනෙ..

      @ ♥ ♥ ළිහිණි ♥ ♥,
      :D
      කෑම ගැන හිතලම නෙමෙයි ඉතින් එහෙම කිව්වෙ.. ඔයා කෑම හදන්න දන්නවා කියලා කියනවානෙ.. ඒත් ඉතින් තාම ඔප්පු කරගන්න බැරිවුනානෙ.. ඒ ගැන හිතලා ඔයාට පොඩි අවස්ථාවක් දෙන්නයි බැලුවෙ.. මේ වගේ අවස්ථා ආයෙ එන්නෙ නෑ.. මඟහැරගන්න එපා...

      @හසිත,
      ඔන්න ගෙවල් දෙකයි.. වේල් දෙකක් ශේප්.. :)

      Delete
    16. @ළිහිණි--ඔන්න ආවා තැනට මම ගෝනවිල නෙමේ කිරාගාරේ,,,කිරාගාර ගෝනවිලට ගත්තා මීසම බෙදනකොට..ඇ.ලයනල් සර් ගේ තමා මල්පියලි ප්‍රකාශකයෝ

      Delete
  5. Replies
    1. ඉදිරියටත් රැඳී ඉන්න..

      Delete
  6. අදත් නොදන්න දේවල් දැන ගත්තා

    ReplyDelete
    Replies
    1. එලටම... ඊළඟ කොටසුත් බලමු..

      Delete
  7. ජුසේ වාස් පියතුමාගෙ කතාව සෑහෙන්න කාලෙකට කලින් වතාවක් රූපවාහිනියෙ ටෙලි නාට්‍යයක් විධියට පෙන්නුවා නත්තල් දවසකදි. ඒකෙ එතුමගේ චරිතය කළේ විජය නන්දසිරි මහත්මයා!

    ReplyDelete
    Replies
    1. මමත් ඒ ගැන කියන්න ආවෙ. අපි පොඩි කාලෙ නත්තලකටද කොහෙද එහෙම කතාවක් පෙන්නුව මටත් මතකයි. කතාව ගැන ඒ හැටි මතකයක් නම් නෑ දැන්, මම හිතන්නෙ අවුරුදු 15-20 ක් වත් වෙනව ඇති ඒ නාට්‍යයට.

      Delete
    2. @ hare :-),DDT,

      ජුසේවාස් පියතුමා ලංකාවට එන්ඩ රැවුල අලවනවා මට අද වගේ මතකයි.. විජය නන්දසිරි මහත්මයායි ඒ චරිතය නිරූපණය කළේ කියලා නම් මතක තිබුනේ නෑ.. කොහොමත් ඒක ඉතාමත් හොඳ නාට්‍යයමය ගතියක් තිබ්බ නාට්‍යයක්.. මට හිතෙන හැටියට ඒක විකාශය වෙන්න ඇත්තෙ 1995 විතර වෙන්න ඕනෙ..

      Delete
  8. ජුසේ වාස් පියතුමා ගැන අහල තිබුණට මෙහෙම දෙයක් ඇහුවෙ අදමයි.. හරි පුදුම මනුස්සයෙක්

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට තවත් පුදුම හිතෙයි.. මේතරම් කටු මොකට කෑවද කියලා හිතෙයි..

      Delete
  9. වටිනා ලිපියක්. නම අහපු දවසේ ඉඳලා මගේ හිතේ විශේෂ ආදරයක් ඇති කරපු චරිතයක්. ඉතුරු ටිකත් කියවන්න බලාගෙන ඉන්නවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහත්මයා.. ඔව්..කතාන්දරය අපේ වට පිටාවටම සමීප නිසා ලොකු භක්තියක් ඉබේම ඇතිවෙනවා.. අද රෑට ඊළඟ කොටස පළකරනවා..

      Delete
  10. අහල තිබුනේ නෑ කලින්. දැනටත් ලංකාවේ රෙපරමාදු කට්ටිය ඉන්නවා නේද? ප්‍රතිශතයක් විදියට කීයක් විතර ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. එන්න එන්න කියවන්න.. තව පොඩ්ඩෙන් ඔයාව මඟ ඇරෙනවා..

      "දැනටත් ලංකාවේ රෙපරමාදු කට්ටිය ඉන්නවා නේද?" ඔව් ඉන්නවා..

      "ප්‍රතිශතයක් විදියට කීයක් විතර ඉන්නවද?" ඒක නම් කියන්න අමාරුයි සයුරි අක්කෙ..
      කිතුනුවන් (Christians) ඒ කිව්වෙ ජේසුස් වහන්සේට සම්බන්ධ කුමක් හෝ ආගමක් අදහන අය ලංකාවේ මුළු ජනගහනයෙන් 8%ක්...
      ඒ 8%න් 88%ක් පමණ රෝමානු කතෝලිකයෝ.. ඉතුරු 12% තමයි රෙප්‍රමාදු, මෙතෝදිස්ත, ඇන්ග්ලිකන්, විදිහට කොටස් ගණනාවකට වෙන්වෙලා ඉන්නෙ..

      Delete
    2. මේ උත්තරේ හොඳටම සෑහේ :)

      Delete
  11. නියමෙට ලියලා.. බොහොම ආසාවෙන් කියෙව්වෙ...

    ඒ වෙනකොට ඉන්දියාවෙ ප්‍රතුගීසි පාලනයක් තිබ්බ එකෙන් පේන්නෙ ඒ ගොල්ලො ඉඟුරු දීලා මිරිස් අරන් නැති බව නේද ? එහෙම වුනානම් පිය තුමාට ලංකාවට එන්න හම්බෙන්නෙ නෑ..

    // .......ආගමනයට පෙර ආසියානු රටවල සිටි කිතුනුවන් මිත්‍යාදෘශ්ටිකයින් ලෙස හංවඩු ගහන්නත් ඔවුන් අමතක කළේ නෑ. //

    කිතුනුවන්ව විතරක් නෙමේ මේ ගොල්ලො තමන්ගෙ ආගම නොඅදහන ඔක්කොවන්වම එහෙම හන්වඩු ගැහැව්වනෙ.. බුද්ධාගම පවා මිත්‍යාදෘශ්ටික ආගමක් හැටියට හැඳින්වූවා කියලා තමා මම අහලා තියෙන්නෙ..

    අර සිදුරුවූ ගල් තලාවෙ ෆොටෝ දෙක මම දැක්කෙ ඒලියන් කෙනෙක් වගේ..

    පියතුමා වෙනුවෙන් කැප කරපු පල්ලි එහෙම තියනවද ලංකාවෙ.. සමහර විට ඒ විස්තර අනිත් කොටහෙ තියෙයි නේද..

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      //..පියතුමා වෙනුවෙන් කැප කරපු පල්ලි එහෙම තියනවද ලංකාවෙ..//

      ඔව් අයියා. අපේ පැත්තේ [කිරිබත්ගොඩින් මාකොළ පාරේ ටික දුරක් එද්දී පාරේ දකුණු පැත්තේ ] පල්ලියක් තියෙනවා භාග්‍යවත් ජුසේවාස් මුනිවරයාට කැප කරපු

      Delete
    2. @ සෙන්නා,

      ලන්දේසින් කොයිවිටෙකවත් පාලනයට ඇඟිළි ගහන්න උත්සාහ කලේ නෑ, අවශ්‍යම අවස්ථාවකදී විතරක්.. ඉන්දියාවේ කොරමැන්ඩල් තීරය, මලබාරය, බෙන්ගාලය හා සුරත් කියන ප්‍රදේශවල ලන්දේසි ට්‍රේඩින් පෝස්ට් තිබුනට ඔවුන් දේශපාලනික වශයෙන් ඉන්දියාව තුළ ඒ තරම් බලපෑමක් කරන්නේ නැහැ..

      ඒත් ලංකාවේ තත්ත්වය වෙනස්, ඔවුන්ට ලංකාව අත්‍යවශ්‍යම ට්‍රේඩින් පෝස්ට් එකක් වුනා.. හිතන්න ඔවුන් ලන්දේසි ආණ්ඩුකාරයෙක් පවා ලංකාවට පත් කරනවා (ගවර්නරේට්), ඉන්දියාවේ මෙහෙම කෙනෙක් හිටියේ කොරමැන්ඩල් වලට විතරයි.. අනිත් ප්‍රදේශ පාලනය වුනේ කොමාන්ඩ්මන්ට් විදියටයි.. ඒ නිසයි (හා ඔවුන් පුල පුලා බලා හිටිය ඇරයුම ලංකාවේ රජුගෙන් ලැබුන නිසා) ඔවුන් සක්‍රියව දේශපාලනයට හා යුද්ධයට මැදිහත් වෙන්නෙ ලංකාව ඇතුලෙදි..

      Delete
    3. ස්තුතියි බූරා...

      මම ආයෙත් පුදුම වෙලා, හැම ක්ෂේත්‍රයක් ගැනම උඹට තියන මේ දැනුම ගැන..

      Delete
    4. @ සෙන්නා,

      අගය කිරීමට මුලින්ම ස්තුතියි..

      "ඒ ගොල්ලො ඉඟුරු දීලා මිරිස් අරන් නැති බව නේද ? " උත්තරය බුරා අයියා දීලනෙ..

      "ආගමනයට පෙර ආසියානු රටවල සිටි කිතුනුවන් මිත්‍යාදෘශ්ටිකයින් ලෙස හංවඩු ගහන්නත් ඔවුන් අමතක කළේ නෑ." ඔව්.. අනික් ආගම්වල අයටත් එහෙම කළා තමයි.. ඒත් ඔවුන්ට විශේෂයෙන් ඕනා උනා ආසියානු රටවල කිතුදහම ව්‍යාප්ත කරන්නේ තමුන් බව පාප්තුමා ඇතුළු කතෝලික ලෝකයට පෙනවන්න.. ඉන්දියාවට කිතුදහම ආවෙ ජේසුස් වහන්සේ මියගිහින් අවුරුදු 20කට පසු උනාට පෘතුගීසීන් කියන්නෙ ඔවුන් නිසා කතෝලික දහම ඉන්දියාව ඇතුළු රටවලට ලැබුණා කියලා.. කලින් හිටපු කිතුනුවන්ව ඔවුන් කොන් කරනවා..

      "අර සිදුරුවූ ගල් තලාවෙ ෆොටෝ දෙක මම දැක්කෙ ඒලියන් කෙනෙක් වගේ.." ලංකාවම මේ ටිකේ ඊලියන්ලා පස්සෙ පන්නනවනෙ ඒක වෙන්න ඇති.. :)

      "පියතුමා වෙනුවෙන් කැප කරපු පල්ලි එහෙම තියනවද ලංකාවෙ.. " යෑස් යෑස් කීපයක්ම තියෙනවා.. මම දන්න විදිහට මුලින්ම හැදුවෙ කිරිබත්ගොඩයි, මහනුවරයි වෙන්න ඕනෙ.. දැන් නම් කීපයක්ම තියෙනවා..

      බහුස්‍රත බුරා.. :)

      Delete
    5. @ හසිත, බුරා,

      පිළිතුරුවලට ස්තුතියි..

      Delete
  12. ජුසේ වාස් පියතුමා ගැන අහල තිබුණට වැඩි විස්තරයක් දන්නෑ, හරීගෙ ඉදිරි ලිපියත් පළකරනකම් ඉන්නව.

    1995 දි සිද්ධවුනු ජුවාන් පාවුළු පාප්තුමාගෙ ලංකා සංචාරයත් (1995 ජනවාරි 20 - 21) සිද්ධවුනේ ජුසේ වාස් පියතුමා ශාන්තුවරයෙක් ලෙස නම් කිරීමේ උත්සවයක් ද කොහෙද අරඹයා නේද? මගේ ළඟ තියෙනව ඒ අවස්ථාවෙ ලංකාවෙ මුද්දර කාර්යංශයෙන් නිකුත්කළ පාප් තුමාගෙත් ජුසේ වාස් පියතුමාගෙත් රුව ඇතුලත් වුනු රුපියලක වටිනාකම තියෙන අවලංගු නොකල මුද්දර දෙකක්ම. මුද්දර එකතු කිරීමේ අදහසින් මම මිලදී ගත්ත පළමු මුද්දර දෙක ඒක.

    ReplyDelete
    Replies
    1. මම දන්න ඔක්කොම ටික කියනවා.. දිගටම රැඳිලා ඉන්න..

      "1995 දි සිද්ධවුනු ජුවාන් පාවුළු පාප්තුමාගෙ ලංකා සංචාරයත් (1995 ජනවාරි 20 - 21) සිද්ධවුනේ ජුසේ වාස් පියතුමා ශාන්තුවරයෙක් ලෙස නම් කිරීමේ උත්සවයක් ද කොහෙද අරඹයා නේද?" ම්ම්ම්.. ඉස්සරහට බලමු...

      මම සති දෙකක් නොකා ඉඳලා පාප්තුමාගේ රූපය තියෙන බැජ් එකක් ගත්තා..

      Delete
  13. මමත් පසුගිය දෙසැම්බරයේ පටන් කිතුනු ගීයේ ඉතිහාසය ගවේෂනය කලා. එතැනදි තමයි ජුසේ වාස් පියතුමා ගැන තොරතුරු දැනගත්තේ. උන්වහන්සේ ලංකාවට වැඩම විම සහ ලංකාවෙ විසූ කාල වකවානු ගැන පවා නිවැරදි අවබෝධයක් ලබා ගත්තා.

    මේ තුලන් තවත් බොහෝ දේ දැන ගත්තා. මේ ලිපි මාලාවත් ලස්සනට ලියවෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. "උන්වහන්සේ ලංකාවට වැඩම විම සහ ලංකාවෙ විසූ කාල වකවානු ගැන පවා නිවැරදි අවබෝධයක් ලබා ගත්තා." ඒ කියන්නේ මේ තොරතුරු ගොඩක් දයා අයියා දන්නවා ඇති..

      "මේ ලිපි මාලාවත් ලස්සනට ලියවෙයි වගේ." දිගටම එන්ඩ..

      Delete
  14. @ DDT

    //..1995 දි සිද්ධවුනු ජුවාන් පාවුළු පාප්තුමාගෙ ලංකා සංචාරයත් (1995 ජනවාරි 20 - 21) සිද්ධවුනේ ජුසේ වාස් පියතුමා ශාන්තුවරයෙක් ලෙස නම් කිරීමේ උත්සවයක් ද කොහෙද අරඹයා නේද?...//

    එදා වුණේ ජුසේ වාස් පියතුමාව භාග්‍යවරයට එසවීමක්. භාග්‍යවරයට ඔසවපු අයෙක්ව මිනිසුන් පිළිගන්නා මට්ටම අනුව තමා ශුද්ධවරයට ඔසවන්නේ. හරී අයියා කාලෙකට කලින් ලිපියක් ලිව්වා වගේ මතකයි මේ ගැණ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හසිත. පාප් වහන්සේගෙ ලංකා සංචාරයෙදි ජුසේ වාස් පියතුමා සම්බන්ධ යම් කටයුත්තක් කෙරුණු බවට පුංචි මතකයකුත් මුද්දරේ මතකයත් විතරයි මට තියෙන්නෙ. ඒ දවස්වල අපි ප්‍රාථමික පන්තිවල හිටපු ළමයිනේ, වැඩි වැටහීමක් තිබුණෙ නෑ. පස්සෙ කාලෙකත් ඔය ගැන කියවන්න - දැනුවත් වෙන්න අවස්ථාවක් ලැබුනෙත් නැති නිසා තවමත් ඒ සම්බන්ධයෙන් ඉන්නෙ එදා හිටපු තැනමයි.

      Delete
    2. @ හසිත,
      ස්තුතියි..

      @DDT,
      පහළින් තියෙන ලිපිය කියවලා බලන්න.. කොහොමටත් මේ ලිපි මාලාඒ එක්තරා අවස්ථාවකදී මේ ලිපිය නොකියවා ඉස්සරහට යන්ඩ බැරිවෙනවා..

      ශුද්ධවරයට ඔසවනවා කියන්නේ මොකක්ද?

      Delete
  15. කලින් අහපු නැති කතාවක්. අර උඩ කට්ටිය කියල තියෙන ටෙලි නාට්‍ය බලන්නත් ආසාවක් ආව මේක කියෙව්වම

    ReplyDelete
    Replies
    1. ඒක නම් බලන්නම් වටින ටෙලි නාට්ටියක්.. මම නම් ආසාවෙන් බැලුවෙ..

      Delete
  16. එල එල.කතාවක් කියෙව්වා වගේ.බලමු කතාවේ ඉතුරු ටික.

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික තව ටිකකින්..

      Delete
  17. ශාන්ත අන්තෝනි මුනිතුමාගේ ලිපියෙදි හාස්කම් ලිව්වා වගේ ජුසේවාස් මුනිතුමාගෙත් හාස්කම් ලියන්ඩ. මම ඒවා අහන්ඩ තමා ගොඩක්ම ආස. :)
    නියම ලිපියක් කියලා හැමදාම කියන්ඩ බෑනේ.

    ReplyDelete
    Replies
    1. මේකෙදි නම් හාස්කම් වෙනම ලියවෙන්නෙ නෑ.. එකටමයි යන්නෙ..

      කතාව හිතුවට වඩා දිග වැඩිවුනා.. ඔයාලගෙ එක්කෙනා ගැන කියන්ඩ කල් මදිවෙයි වගේ..

      Delete
    2. මේ කාලේ ලිව්වොත් හොඳා. මොකද මේ මාසේ විසි ගනන් වල පල්ලියේ මංගල්ලේ !

      Delete
    3. ජුසේවාස් පියතුමාගේ කතාව එක කොටහින් ලියන්න හිටියෙ.. ඒත් දිග වැඩීනෙ.. මංගල්ලෙ ජයද?

      Delete
  18. ගොඩක් කාලෙකට කලින් ජුසේ වාස් පියතුමා ගැන රූපවාහිනියේ කතාවක් පෙන්නුවා මතකයි..ස්තුතියි හරී මේ කතාවට.ඊළඟ කොටසත් එනකම් මග බලා සිටිනවා..

    බ්ලොග් එකට ස්ර්ච් ගැජට්ටුවක් එල්ලන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. "ගොඩක් කාලෙකට කලින් ජුසේ වාස් පියතුමා ගැන රූපවාහිනියේ කතාවක් පෙන්නුවා මතකයි.." මටත්..

      ඊළඟ කොටස තව ටිකකින්.. :)

      ගැජට්ටුව එල්ලන්නම්.. :)

      Delete
  19. දෙවෙනි කොටස එනකල් බලන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. තව ටිකකින් දෙනවා සරත් අයියේ..

      Delete
  20. මෙගා නාට්ටිය නවත්තනව වගේ.. සීන් එකේ හොඳම හරියෙදි කතාව නවත්තල. :( ඉක්මනට ඉතුරු ටික දාන්න, :)

    ReplyDelete
    Replies
    1. හොඳම ටික ඉස්සරහට.. මේ දැන් දානවා..

      Delete
  21. කෝ ඉතුරු ටිකත් බලලම ඉමුකෝ

    ReplyDelete
  22. //..වසර ගණනාවකට පසු කළමුල්ල ගම් වැසියෝ ප්‍රීතියෙන් නත්තල සැමරුවෝය. ලහි ලහියේ ඉදිවූ පොල් අතු මඩුව අද කළුතර, කළමුල්ල ජේසු බිළිඳු දේවස්ථානයයි...//

    පියතුමා යාපනේ පැත්තට නේද මුලින් ගොඩ බැස්සාය කිව්වේ ? කලුතරට එන්නේ ඊට පස්සෙද ?

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න පස්සෙයි කළුතර එන්නෙ.. නුවර ගියාටත් පස්සෙ...

      Delete
  23. රෙපරමාදු කියන්නෙන් reformed කියලා මට හිතුනෙ නෑනෙ. මම ඒත් බැලුවා reprimand කියන එකෙන්වත් හැදුනද කියලා. :D

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. රෙප්‍රමාදු කියන එක සමහරවිට හැදෙන්න ඇත්තෙ ලන්දේසි භාෂාවෙ ආභාෂයෙන් වෙන්න ඇති.. හැබැයි ඉංග්‍රීසි වචනය reformed. :)

      Delete
  24. සංවාදාත්මක/විවාදාත්මක යන දෙපක්ෂයටම අදාලව ලියවෙන මෙවැනි ලිපි වලින් ඉතා විශාල ලෙස දැනුම වර්ධනය වෙනවා. නොදන්නා තොරතුරු එලියට එනවා. අපැහැදිලි තැන් පැහැදිලි වෙනවා. ඒ නිසා මෙවැනි ලිපි කාලීන වටිනාකමකින් යුක්තයි.

    දැන් තමයි හීනලන්තයේ කරක් ගහන්න පණ ආවේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  25. Dan e geya kadala.mage yaluwek tama anthimata padinchi wela idiye.eyala buddagame.ape sabawata e geya wikunanna eyala kamathi unat,sabawen egana unandu une ne.antimata eyala e geyath ekkama idamen issaraha kotasak wikunuwa

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...