3.21.2012

පාප්තුමා 5 හා 2012.12.21

මේ ලිපි පෙළේ 5වැනි ලිපියයි ලියවෙන්නෙ. කලින් ලිපි ටික බැලුවෙ නැති කෙනෙකුට කැමතිනම් ඒ ලිපිත් බලන්න පුලුවන්. මම ලියාගෙන යන ක්‍රමේ අනුව ඒවා නොබැලුවා කියලත් ප්‍රශ්නයක් නෑ. මොකද එක එක ලිපිවල තියෙන්නෙ වෙන වෙන කතා. නමුත් ඔක්කොම ලිපි එකට ගත්තාම එකම කතාවක් වෙන විදිහටයි ලියලා තියෙන්නෙ. ඔන්න පහළ ලින්ක් වලින් යන්න.

5. නිල ලාංඡන

අද කියන්න යන්නේ මොකක්ද කියලා වැටහීමක් එන්න ඇතිනෙ. ඔව් අද කියන්නෙ පාප්තුමාගේ නිල ලාංඡන පිළිබඳව. ලිපියට යමු.

ඔයාලා දන්නවා ඇතිනෙ පේදුරු තුමාට ජේසුස් වහන්සේ කියපු ප්‍රසිද්ධ කියමන. ශු. බයිබලයේ මතෙව් 16:19 ස්ථානයේ සඳහන්ව තියෙන්නෙ මෙහෙමයි.

"ඔබ පේදුරුය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නඟන්නෙමි. මරණයේ බලයට වුවද එය පරාජය නොකළ හැකිය. ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවේහිදී යමක් බඳින්නෙහිද, එය ස්වර්ගයෙහිදීත් බඳිනු ලබන්නෙහිය. ඔබ පොළොවෙහිදී යමක් මුදන්නෙහිද, එය ස්වර්ගයෙහිද මුදනු ලබන්නේය." 

වතිකානුවෙ නිල ලාංඡනය
මෙතනදි බඳිනවා ලිහනවා කියන එකෙන් අදහස් කළේ යම් නීතියක් හෝ රීතියක් පැනවීමත් අවලංගු කිරීමත් කියලා තේරුම් ගන්ඩ ඕනා. මේ ටිකත් මතකෙ තියාගෙන බලන්නකො වතිකානුවෙ(Vatican City) නිල ලාංඡනය(coat of arms).

ඔය රත්තරන් යතුරත් රිදී යතුරත් තියෙන්නෙ පේදුරු තුමාට දුන්නු වරප්‍රසාද සංකේතවත් කරන්න. මේ යතුරු දෙකට අර්ථදැක්වීම් දෙකක් තියෙනවා. සමහරු කියන්නෙ රත්තරන් යතුරෙන් ස්වර්ගයේ බැඳීමත් ලිහීමත් රිදී යතුරෙන් පොළොවේ බැඳීමත් ලිහීමත් සංකේතවත් වෙනවා කියලා. නමුත් සමහරු කියන්නෙ රත්තරන් යතුර ලිහීමටත් රිදී යතුර බැඳීමටත් පාවිච්චි වෙනවා කියලා.

 ඔටුන්න ගැන නම් කලින් ලිපියෙ කියපු නිසා වැඩි විස්තර ඕනෙ නෑනෙ නේද? ඔටුන්න මුදුනෙ තිබෙන රත්තරන් කුරුසයෙන් සංකේතවත් වෙන්නෙ ජේසුස් වහන්සේගේ පරමාධිපත්‍යය.

මම කලින් ලිපි වලදිත් කිව්වනෙ පාප්තුමා වතිකානුවෙ රාජ්‍ය නායකයා කියලා. ඒවගේම එතුමා කතෝලික සභාවේත් නායකයා. එම නිසා එතුමාගේ බලය විහිදිලා තියෙන කලාපය (කතෝලික සභාව) ඉංග්‍රීසි භාෂාවෙන් Holy See කියලා හඳුන්වනවා. එයටත් වෙනම නිල ලාංඡනයක් තියෙනවා.

වෙනස්කම් හඳුනාගැනීම ඔයාලට බාරයි.

කතෝලික සභාවේ නිල ලාංඡනය
වතිකානුවේ නිල ලාංඡනය





ඒවගේම පාප්තුමෙකු ඉල්ලා අස්වීම හෝ ස්වර්ගස්ථවීමත් නවක පාප්තුමෙකු පත්වීමත් අතර අරාජික කාලයේදී භාවිතා කිරීමට වෙනම නිල ලාංඡනයක් තියෙනවා.
පාප්ධූරය හිස්වී ඇතිවිට භාවිතාවන ලාංඡනය

නිල ලාංඡන ගැන කියාගෙන යන නිසා වතිකානුවෙ ජාතික කොඩියේ පින්තූරයකුත් දැම්මා.
වතිකානුවෙ ජාතික කොඩිය

මීට අමතරව කාදිනල්වරුන්ටත් පාප්තුමාටත් තමුන්ටම වෙන්වෙච්ච පෞද්ගලික නිල ලාංඡනයක් තියෙනවා. මම කලින් ලිපියේ කිව්වා මතකද වර්තමාන (16වැනි බෙනඩික්) පාප්තුමා තමුන්ගෙ නිල ලාංඡනෙන් ඔටුන්න අයින් කරලා ඒ වෙනුවට මකුටයක් දැම්මා කියලා. ඒ බව පැහැදිලි වෙන්නත් එක්ක කලින් හිටපු 2වැනි ජුවාම් පාවුළු පාප්තුමාගේත් වත්මන් පාප්තුමාගේත් නිල ලාංඡන පහළින් දාලා ඇති.
2වැනි ජුවාම් පාවුළු පාප්තුමාගේ නිල ලාංඡනය

16වැනි බෙනඩික් පාප්තුමාගේ නිල ලාංඡනය



















 අමතර කරුණකුත් කියන්නම්. ශු. මලාකි තුමා කියන්නෙ ක්‍රි.ව. 1100දී පමණ ජීවත්වූ ශුද්ධවන්තයෙක්. එතුමා අනාගතවාක්‍ය කීම පිළිබඳ ප්‍රසිදිධියක් උසුලනවා. ඉතිහාස වාර්තාවල දැක්වෙන ආකාරයට මීළඟට පත්වන පාප්තුමන්ලාගේ ලක්ෂණ දිවැසින් දුටු එතුමා අනාගත පාප්තුමන්ලා විස්තර කිරීමට ලතින් භාෂාවෙන් පාඨ 112ක් තනා තිබෙනවා. එතුමා පවසා ඇති පරිදි ඒ 112 අවසාන වීමෙන් පසු පාප්ධූරයත් රෝම නගරයත් විනාශ වෙනවාලු. නමුත් මෙය අතිශය විවාදාත්මකයි මෙන්ම  කතෝලික සභාවේ නිල පිළිගැනීමක්ද නෑ. සිත්ගන්නාසුළුම කාරණාව මේ පාඨයත් ඊට අනුරූප පාප්තුමාත් අතර සමානකමයි.


වර්තමානයේ  භාවිතයට ගන්නේ කීවෙනි පාඨයද?  කීය කියලද හිතන්නෙ.................... ඒ 111 වෙනි එක.

39 comments:

  1. තවත් පාප් (Pope) ල සිටින බව මෙම වර්‍රතාවෙන් පෙනී යනවා

    Egypt Coptic Pope Shenouda is buried at monastery

    The BBC's Jon Leyne in Cairo says there were "almost hysterical scenes" at the funeral
    Continue reading the main story
    Related Stories

    In pictures: Egypt pope's funeral
    Pope's death leaves vacuum
    Press tributes to Pope Shenouda

    The funeral of Coptic Pope Shenouda III has taken place in the Egyptian capital, Cairo.

    St Mark's cathedral was packed with mourners paying their respects to the 88-year-old pope who died on Saturday.

    He was the spiritual leader of Egypt's Copts, who make up 10% of the country's population and are the Middle East's largest Christian community.

    Pope Shenouda's body was then flown to the Nile Delta northwest of Cairo and buried in a remote desert monastery.


    "But God protects the Church and he will find a suitable patriarch."

    Thousands of mourners who were unable to get into the cathedral followed the service on a huge television screen outside.

    The BBC's Jon Leyne in Cairo says the massive crowds bear witness to the huge love and respect for Pope Shenouda.

    As the white coffin was carried out from the cathedral there were almost hysterical scenes, with some women wailing and fainting.

    The Pope was seen as a leader who did his best to protect Coptic Christians at a time when Islamism was on the rise, our correspondent says.
    Continue reading the main story
    Pope Shenouda III
    Pope Shenouda III. File photo

    Born Nazeer Gayed 3 August 1923 in Asyut, Upper Egypt
    Became a monk in 1954, as Father Antonios el-Syriani
    Enthroned as pope of Alexandria in 1971, after death of Pope Cyril VI
    Banished to desert monastery after row with then President Anwar Sadat
    Released in 1985 by President Hosni Mubarak

    Obituary: Pope Shenouda III



    Tributes have come in from around the world, with Roman Catholic Pope Benedict XVI offering prayers and US President Barack Obama praising Pope Shenouda as an "advocate for tolerance and religious dialogue".

    Egypt's military rulers expressed the hope on their Facebook page that his wish of "preserving the unity of Egypt and the unity of its social fabric" would be achieved.

    And a senior Muslim cleric, the Grand Imam of the prestigious al-Azhar university Ahmed al-Tayeb, expressed sorrow and said he "greatly remembers his vision towards Jerusalem and its history".
    More on This Story
    Related Stories

    In pictures: Egypt pope's funeral 20 MARCH 2012, MIDDLE EAST
    Pope's death leaves vacuum 20 MARCH 2012, MIDDLE EAST
    Press tributes to Pope Shenouda 19 MARCH 2012, MIDDLE EAST
    In pictures: Thousands mourn Coptic pope 18 MARCH 2012, MIDDLE EAST

    From other news sites

    ReplyDelete
    Replies
    1. විචාරක Wicharaka මහත්මයාත් පහුගිය ලිපියෙ ඔය පිළිබඳ සඳහන් කරලා තිබුනා. නමුත් මම පැහැදිලි කිරීමක් නොකර කෙටියෙන් කිව්වෙ පසුව විස්තර සහිතව පැහැදිලි කිරීමකට යාමට. ඔබත් මේ කරුණ මතුකළ නිසා කෙටි විස්තරයක් කරන්නම්. මේ විස්තරය විචාරක Wicharaka මහත්මයාටත් එක්ක.

      ඔබ කියන එක ඇත්ත Pope නමින් හඳුන්වන තවත් පුද්ගලයින් ඉන්නවා. ඈත ඉතිහාසයේ එක් කලෙක රෝමානු කතෝලික සභාව තුළම Pope නමින් හැඳින්වූ කිහිපදෙනෙකු සිට තිබෙනවා. එසේ වීමට හේතුවී ඇත්තේ මා කලින් ලිපියක කමෙන්ටුවක කී පරිදි විවිධ කණ්ඩායම් විවිධ පුද්ගලයන් pope ලෙස නම් කිරීමත් සමහර අතමිට තිබූ පුද්ගලයන් තමන්වම pope ලෙස පත් කර ගැනීම. පසුව කතෝලික සභාව විසින් අනවසර පත්කිරීම් අවලංගු ඒවා ලෙස සළකන අතර මෙසේ පත්වූවන් Antipope ලෙසයි හඳුන්වන්නෙ.

      දැන් ඔබ මතුකළ කාරණය බලමු. ජේසුස් වහන්සේගේ මරණින් පසු කතෝලික සභාව වටා බොහෝ අය එකතු වුනා. අද පවතින සභාවෙත් එකල සභාවෙත් වෙනස වන්නේ පාලන ව්‍යූහයයි. අද රෝමානු කතෝලික සභාව පාප්තුමාගේ මධ්‍යගත පාලනය යටතේ තිබුනත් මුල් කාලයේ පැවතුනේ ඒකක වශයෙන්. හොඳම උදාහරණයකින් කිව්වොත් පන්සල් වගේ. ඒ ඒ ඒකකවල පාලනය තිබුනෙ ඒ ඒ ඒකකයේ ප්‍රධානියා අතේ. හරියට පන්සලේ පාලනය නායක හාමුදුරුවන් අතේ තියෙන්නා වගේ.

      කාලයක් ගත වෙද්දි රෝමය අවට විසිරී තිබෙන සභා යෝජනා කරනවා මධ්‍යගත පාලනයකට යෑමට නමුත් ග්‍රීසිය අවට සභා විරුද්ධ වෙනවා. මේ නිසා කිතුනුවෝ දෙකඩ වෙනවා. රෝමය අවට සභා රෝමානු කතෝලික සභාව වන අතර ග්‍රීසිය අවට සභා ග්‍රීක ඔර්තොඩොx සභා බවට පත්වෙනවා.

      රෝමානු කතෝලික සභාවේ නායකයා pope වන අතර ග්‍රීක් ඔර්තොඩොx සභාද තම තමුන්ගේ සභාවල නායකයින් pope යැයි හඳුන්වනවා. මේ විදිහට Coptic Orthodox Church of Alexandria,the Greek Orthodox Church of Alexandria ආදී සභාවලට තම තමුන්ගේ pope ලා සිටිනවා.

      ඊයෙ පෙරේදා අභාවප්‍රාප්ත වී ඇත්තේ Coptic Orthodox Church of Alexandria සභාවේ පාප්තුමා.

      මීට අමතරව Bulgarian Orthodox Church, Russian Orthodox Church, Serbian Orthodox Church ආදී සභාවල ගමේ පල්ලියේ පියතුමාට කියන්නෙත් pope කියලා.

      මීට අමතරව මෑතකදී බිහිවූ කුඩා ආගමික කණ්ඩායම් තතමුන්ගෙ ආගමේ නිර්මාතෘවර‍යාට හෝ වත්මන් නායකයාට pope ලෙස අමතනවාලු.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  3. "රත්තරන් යතුරෙන් ස්වර්ගයේ බැඳීමත් ලිහීමත් රිදී යතුරෙන් පොළොවේ බැඳීමත් ලිහීමත් සංකේතවත් වෙනවා " මේ කතාව පිළිගන්න පුළුවන් මොකද පාප් වහන්සේගේ සහ වතිකානුවේ සියළුම නිල ලාංඡන වලට යොදාගෙන රන් සහ රිදී වර්ණයෙන් යුතු යතුරු දෙක සෑම නිල ලංඡනයකටම ඇතුලත් වෙනවා. ඒ වගේම ඔටුන්නත්.

    මේ යතුරු දෙක එකිනෙකට අමුණා ගැට ගසා ඇති පටිය නම් ඒ ඒ ාංචනයේ ස්වරූපය අනුව වෙනස් වෙනවා අනික මේ හැම සංකේතයකම කුරුසිය සටහන් වන ආකාරය තමයි පෙන්වන්නෙ. මට හිතෙන්නෙ ඒ උත්තරිතර බව හඟවන්න තමයි ඒක සටහන් කරන්නේ.

    හරී මල්ලියේ දැන් භාවිතාවන පාඨය 111 නම් ඊළඟ පාප්වහන්සේගේ ධූරයෙන් පස්සේ ඒ පාඨය 112 වුණොත් රෝමයත්, පාප්වහන්සේගේ ධුරයත් ඇත්තටම අවසන් වෙනවද, එයින් නිගමන වෙන්නේ ලෝක විනාශය කියන එකද?

    කොහොම වුණත් ඔබ පාප්වහන්සේ පිළිබඳ ලියූ මේ ලිපි පෙළ නම් ඉතාම වැදගත් හොඳ දැනුමක් සහ අවබෝධයක් ලබාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. "එයින් නිගමන වෙන්නේ ලෝක විනාශය කියන එකද?" මම දන්නේ නෑ.. මටත් හරියට හිතාගන්න බැරි නිසා නිකමට 2012.12.21 කියලා දැම්මෙ.. ඕක කතෝලික සභාවෙන් නිල වශයෙන් පිළිගත්තු දෙයක් නෙමේ... මම වැඩි විස්තර පහළ කමෙන්ටුවකින් කියන්නම්..
      තව දෙයක් පෝස්ට් එකේ තිබ්බ අඩුපාඩු මම පස්සෙ හැදුවා..

      අවසාන හා මම හිතන විදිහට මේ ලිපි පෙළේ හොඳම ලිපිය තාම මඟ..

      අගය කිරීමට ස්තුතියි!

      Delete
  4. හරී, මම කමෙන්ට් එකක් ගහගෙන යද්දී කෝල් එකක් ආවා. ඒකට උත්තර දෙන ගමන් ටයිප් කරද්දී වැරදි ගොඩක් වැදිලා. ඒවා හදන්න කමෙන්ට් එකක් ගැහුවම ඒකත් අවුල්. මට කියන්න අවශ්‍ය වුනේ මෙයයි. මේ ලිපි මාලාව තව දුරටත් විකාශය, කරලා, රූප සටහන් ප්‍රමාණයත් වැඩි කරලා. පුංචි පොතක් හැටියට හදලා, එය දහම් පඬුරක් ලෙස බෙදා හැරීමේ වැඩපිළිවෙලක් යෙදුවොත් හොඳ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔබතුමා මැකුවට ඒ කමෙන්ට් වල අකුරක් දෙකක් තමා වැරදිලා තිබුනෙ.. කොහොමටත් ඔබතුමාට සිංහල කන එවුන් පේන්න බැරි එකේ.. ඒවගේ කමෙන්ට් තියෙන එක හොඳ නෑනෙ.. :)

      තව එක ලිපියයි තියෙන්නෙ..මේ ලිපි පෙළේ හොඳම එක මම හිතන්නෙ..

      ඔබතුමා කියන නිසාත් ගෝල්ඩ්ෆිශ් නිතරම PDF ඉල්ලන නිසාත් ලිපි පෙළේම PDF එකක් හදලා බාගන්න දෙන්නම්..

      Delete
  5. //වර්තමානයේ භාවිතයට ගන්නේ කීවෙනි පාඨයද? කීය කියලද හිතන්නෙ.................... ඒ 111 වෙනි එක//
    මළ කෙළියයි

    ReplyDelete
    Replies
    1. ජූලි හතයි... නෑ..නෑ... දෙසැම්බර් විසි එකයි...

      Delete
  6. ලිපිය හොඳයි, තව ටිකක් විස්තර තිබුනනම් හොඳයි කියලා හිතෙනවා.. 06 කුත් තියෙයිද ? මේකෙන් ඉවරයිද ?

    පොඩි ප්‍රශ්ණයක් ආවා.

    // මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නඟන්නෙමි. මරණයේ බලයට වුවද එය පරාජය නොකළ හැකිය // ඒ කියන්නේ සදාකාලිකයි.


    // එතුමා පවසා ඇති පරිදි ඒ 112 අවසාන වීමෙන් පසු පාප්ධූරයත් රෝම නගරයත් විනාශ වෙනවාලු. //

    ReplyDelete
    Replies
    1. කෙටියි වගේ නේද? ඊළඟ ලිපිය තමයි වැඩිපුරම මහන්සිවෙලා ලියපු එක වගේම ලිපි පෙළේ අවසානය....

      මුල් ටික තියෙන්නෙ ශු. බයිබලයේනෙ.. ඒක ගැන කියන්න දෙයක් නෑ..

      නමුත් අන්තිම එක නිල පිළිගැනීමක් ඇති දෙයක් නෙමේ.. මම පහළින් විස්තර කරන්නම්..

      Delete
  7. මලාකිතුමා කියපු පාඨ තියෙන පොත මොකක්ද ? වත්මන් පාප්තුමා ගැන ඒකේ තියෙන සඳහන මොකක්ද ? 112 වෙනි සඳහන මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. පහළ කමෙන්ටුව බලන්න..

      Delete
  8. පිස්සු කරන්න හදන්න එපා, මේක මෙතනිං නවත්තන්නද හදන්නෙ? ඒව බෑ. දැං කියමු බලන්න මලාකිතුමා හා ඔහුගෙ අනාගත වාක්‍ය ගැන.

    ReplyDelete
    Replies
    1. "මෙතනිං නවත්තන්නද හදන්නෙ?" තව එකම එකක් තියෙනවා..

      "මලාකිතුමා හා ඔහුගෙ අනාගත වාක්‍ය ගැන." පහළ බලන්න..

      Delete
  9. තවත් නොදන්නා කාරණා ගොඩක් දැනගන්න ලැබුනා...

    හරී... මලාකිතුමා ගැන සටහනක් නොලියා ගැලවෙන්න නම් හදන්න එපා :) තව මගේ පරණ ප්‍රශ්න ටිකකුත් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මලාකිතුමා ගැන මේ දැන් කියන්න යන්නෙ..

      "මගේ පරණ ප්‍රශ්න ටිකකුත් තියෙනවා..." ඒ මොනවද ඒ..?

      Delete
    2. ප්‍රශ්න අංක 1:
      බැසිලිකා, කැතිඩ්‍රල්, චර්ච්, චැපල්, ඇබේ යනාදියෙහි වෙනස කුමක්ද?

      ප්‍රශ්න අංක 2:
      Holy Trinity වලට අයත් ශුද්ධෝත්තමයාණන් පැහැදිලි කරන්නේ කෙසේද?

      :)

      Delete
    3. ආහ්හ්..ඒවද? එව්වා අනාගත ලිපි ලිස්ට් එකේ තියෙන්නෙ... පුලුවන් වෙලාවල ලියා දාන්නම්..

      මම හිතුවා පාප්තුමාට සම්බන්ධ දේවල් කියලා..

      ඊළඟ ලිපියෙන් පාප්තුමා ඉවරයි.. ඒකයි මෙතනම අනාගත වාක්‍යයත් කියලාම දැම්මෙ..

      Delete
  10. ඉක්මනට 112ත් බාවිතයට ගන්නවා නම් හොදයි බං මේවා ඉවර කරලා දාන්න.

    ReplyDelete
    Replies
    1. හොඳට ඉන්න මිනිස්සු මරන්නද උඹ හදන්නෙ?

      Delete
  11. දයානන්ද රත්නායක, Senna, Hasitha, budhajeewa, ගීතක ඇතුළු අනාගත වාක්‍යය ගැන දැනගන්න කැමති හැමෝටමයි මේ..

    මලාකිතුමා ජීවත්වෙලා තියෙන්නෙ ක්‍රි.ව.1100 විතර ඒ කාලෙ අනාගතවාක්‍යය කියන්නෙක් හැටියට ප්‍රසිද්ධවෙලා තියෙනවා..

    නමුත් පාප්තුමන්ලා ගැන මලාකිතුමා දැක්ක අනාවැකි ගැන විස්තර වෙන්නෙ Arnold de Wyon නම් බිශොප්වරයෙකු ලියූ Lignum Vitæ නම් ලතින් පොතක.. මේ පොත එළි දැකලා තියෙන්නෙ 1595දී.. කතෝලික සභාව නම් කියන්නෙ මේක බොරුවක් කියලාලු..ඒ වගේම සමහරු කියන විදිහටනම් මේක Nostradamus කියන ප්‍රසිද්ධ අනාවැකි කියන්නාගේ වැඩක්ලු.. පල්ලියෙන් විරෝධතා එයි කියලා මලාකිතුමන්ව පැටලෙව්වා කියලයි කියන්නෙ..නමුත් John Hogue ගෙ The Last Pope කියන පොතේ තියනවලු මේවා ඔක්කොම ඇත්ත කියලා.. ඔන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් හොයාගෙන කියවන්ට වටින පොතක්..

    මේ විදිහට ලතින් පාඨ 112ක් තියෙනවා...
    මෙතනින් යන්න පුලුවන් ඒ පාඨ තියෙන විකිපීඩියා පිටුවට..

    මලාකිතුමා තවදුරටත් කියනා හැටියට 112වෙනියට පාප්ධූරයට පත්වෙන්නෙ සාතන්ලු..නම පීටර්(පේදුරු) ඊටපස්සෙ පාප්ධූරයත් රෝමයත් විනාශ වෙනවලු..

    එක් එක් තැන්වල මේ ගැන තිබූ අදහසුත් කියන්නම්..

    සමහරු කියලා තිබ්බා තමුන්ගෙ මරණෙ ගැන කියාගන්න බැරිවුණ මලාකි තුමා කොහොමද අනාගත පාප්තුමන්ලා ගැන කියන්නෙ කියලා..

    ඕක ඇත්ත නම් දැන් ඉන්න කාදිනල්වරු කවුරුවත් ඊළඟ පාප්ධූරය භාරගනීද කියන ප්‍රශ්නයත් මතුවෙනවා...මොකද ඊළඟට පාප්වෙන්නේ සාතන්නෙ.. එතකොට වෙන්නෙ කවුරුහරි බලෙන් අල්ලලා පාප්කරන්න..

    ඔය පාඨත් ඒවා එක් එක් පාප්තුමන්ලාට ආදේශ කරැති විදිහත් දැක්කාම මට නම් හිතුනේ අනාගත වාක්‍යය කෙසේවෙතත් වනලා ගැහීමක් කියලයි..ඕගොල්ලොත් බලන්නකො..

    මට ඉතුරුවෙලා තියෙන ප්‍රශ්නෙ මේකයි. මායාවරුත් ලෝක විනාශය කියන්නෙ මේ ළඟදිනෙ. ඒවගේම නව පාප්තුමෙක් පත්වීමත් කොයි මොහොතෙද කියන්න බෑනෙ. රෝමය හ පාප්ධූරය ලෙස අද්හස් වෙන්නෙ ලෝක විනාශය නම්. ඔය දෙක අතර සම්බන්ධය්ක් තියේද?

    ReplyDelete
    Replies
    1. මලාකිතුමත් Dan Brown වගේ ඒකාලෙ ලියපු ප්‍රබන්ධයක් වෙන්නත් පුලුවන්..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  12. මට කියන්න මුකුත් නෑ ! ලිපිය කියෙව්වා. !
    අර පල්ලි ගැන ලියන්න. මම් දන්නේ කැතිල්ටල් ගැන විතරමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඒකත් ළඟදිම ලියන්නම්...

      පොඩි විරාමයක් ගන්න කියලා බැලුවෙ...

      Delete
  13. මලාකිතුමා ගැන පොඩ්ඩ පොඩ්ඩ අහලා තිබුනට හරී අද තවත් දේ දැන ගත්තා. ඔය ගැන මොනා කියන්නද කියලා මටත් තේරෙන්නේ නෑ.. මට නිකමට හිතෙනවා ඉක්මනින්ම කලු පාප්තුමෙක් පත්වීම වැඩි ඈතක නෑ කියලා...ලගදී ඉතාලි ජාතිකයෙක් කියනවා කලු පාප් කෙනෙක් පත්වීම කතෝලික ආගමේ ඉදිරි පැවැත්මට ගොඩක් උදව් වෙයි කියලා..

    ReplyDelete
    Replies
    1. "මට නිකමට හිතෙනවා ඉක්මනින්ම කලු පාප්තුමෙක් පත්වීම වැඩි ඈතක නෑ කියලා.." ඒ පාර ඩිලානුත් අනාගත වාක්‍යය කියනවා වගෙයි... හි..හි..

      කලු පාප් කියලා අදහස් කළේ හම කළුද නැත්නම් නරක කෙනෙක්ද?

      Delete
    2. සමෙන් කළු ජාතිකයෙක්

      Delete
  14. හප්පා ඒ කියන්නේ ඊ ළඟ පාප් තුමාට පස්සේ ලෝක විනාසේද...තව මාස කීපයයි තියෙන්නේ...ඕක තිතටම විශ්වාස කරන අයත් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. සයුරිලාගෙ රටේ කට්ටියද එහෙම විශ්වාස කරන්නෙ?

      Delete
  15. ගොඩක් දේවල් දැනගත්තා..
    ලංකාවේ කතෝලික ආගම ගැනත් ටිකක් විස්තර ලියන්න හරී..
    ලංකාවෙ සභාව පාප්තුමා සමඟ සම්බන්ධතා පවත්වන හැටි ගැන දැනගන්න ආසයි..

    ReplyDelete
    Replies
    1. @ රූ....,

      ලංකාවෙ කතෝලික ආගම ගැනත් මම් ලියනවා මේ පැත්තෙ එන්නකො කියවන්න.

      "ලංකාවෙ සභාව පාප්තුමා සමඟ සම්බන්ධතා පවත්වන හැටි ගැන දැනගන්න ආසයි.." මම කෙටියෙන් විස්තර කරන්නම්..

      පාප්තුමා තමයි කතෝලික සභාවෙ නායකයා. එතුමාට මුළු කතෝලික සභාවෙම බලය තියෙනවා.

      ඊළඟට ලෝකෙ පුරා විහිදිලා තියෙන කතෝලික සභාව භූගෝලීය සීමාවන්ගෙන් වෙන්වෙච්ච රදගුරු පදවි නම් කුඩා කොටස්වලට බෙදිලා තිබෙනවා. මේ පදවියක නායකත්වය හා පාලනය භාර රදගුරුතුමෙකුට. මේ වගේ පදවි 11ක් ලංකාවෙ තියෙනවා. මේ පදවිවල රදගුරුවරු තමයි පාප්තුමා හා සම්බන්ධතා පවත්වන්නෙ.

      මීට අමතරව රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා වතිකානුවෙන් පත් කළ තානාපති කෙනෙකුත් ලංකාවෙ ඉන්නවා.

      මෙතන පින්තූරෙ බැලුවනම් කතෝලික සභාවේ ව්‍යූහය තේරෙයි. අපහැදිලි නම් අහන්න.

      Delete
  16. @ Pasan Wijesinghe,

    Thank you very much!

    ReplyDelete
  17. හපොයි මචෝ දැං වෙලාව පාන්දර 3 යි. ආයෙත් උදේ වැඩ. ඉතුරු ලිපිය ඉඩ ලැබෙන විදියට කියවන්නං

    ReplyDelete
    Replies
    1. හිමින් සැරේ කියවන්න ඕනෙ අයියෙ.. හදිසියක් නෑ..

      Delete
  18. ලෝකේ විනාසේ වෙන්න බෑ රෝමේ විනාස වෙයිද දන්නේ නෑ හැබැයි.... ඒ වුනාට ඉතින් රෝමේ විතරක්යැ ක්‍රිස්තු ධර්මය තියෙන්නේ...ඒක නෙමේ හරි අයියේ පාප්තුමෙක් පත් නොවුනොත් ක්‍රිස්තු ආගමට මොකද වෙන්නේ?? පාප්තුමෙක් ඉන්නම ඕනේද??

    ReplyDelete
    Replies
    1. පාප්තුමානෙ ඉතින් නායකයා.. පාප්තුමා නැතිව සභාව ඉදිරියට යන එකක් නෑ.. අලුතින් කෙනෙක් පත් කරගනී..

      ඔව් රෝමෙ විනාශ වුනා කියමුකො.. ඒත් අනිත් රටවල කාදිනල්වරු ඉන්නවානෙ..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...