12.29.2011

මාරයා නොදාන සීට්ටු

මාරයියා කාලෙකට කලින් සීට්ටු ගැන ලිපි කීපයක් පල කලා කාට කාටත් මතක ඇති මගෙ හිතේ. බඩු සීට්ටු වලින් පටන් ගත්තු සීට්ටු දැමිල්ල තුණ්ඩු කෙලියටත් ගිහිල්ලා ඊට පස්සේ වෙන්දේසි සීට්ටු වලින් තමයි නතර වුනේ. මොනාද මේ මාරයා නොදාන සීට්ටු? එහෙම මාතෘකාව දාලා පටන් ගත්තෙ මාරයා අයියා අතින් නොලියවුනු තවත් සීට්ටු ජාතියක් ගැන ලියන්න යන හින්දා. මට මතක හැටියට මම කමෙන්ට් එකකින් කිව්වදත් කොහෙද.ඒ වුනත් එහෙම දාපු සීට්ටුවකින් සප්පායම් වුනාට පස්සේ ඒ ගැන නොකියා කොහොමද. කාට කාටත් දැනගන්නත් එක්ක දාන්නම්කො තොරණෙ විස්තරේ.


මේ සීට්ටුවලට කියන නම තම නත්තල් සීට්ටු. නම නත්තල් සීට්ටු වුනාට සල්ලි තියෙනවනම් නත්තල් තිබුනත් නැතත් සීට්ටුව දාන්න පුලුවන්. ඒකෙ තහනමක් නෑ. නත්තල් සීට්ටු කියලා කියන්න හේතුව තමයි මේ සීට්ටුවෙ ප්‍රතිලාභ ඒ කිව්වෙ බඩු හරි සල්ලි හරි ලැබෙන්නෙ නත්තලට. හරියට නත්තල් සීයා තෑගි ගෙනත් දෙනවා වගේ. හැබැයි වාරික ටික බේරලා තියෙන්න ඕනා. නැත්නම් නෝ මනී නෝ ගුඩ්ස්.

හිතන්නකො මම තමයි සීට්ටුකාරයා කියලා. වෙනත් විදිහකට කිව්වොත් සීට්ටුවේ අයිතිකාරයා. මම සීට්ටුවක් දාන්න යනවා ලබන අවුරුද්දේ ජනවාරියෙ ඉඳන්. කියන්න අමතක වුනා නත්තල් සීට්ටුවේ ප්‍රතිලාභ ලැබෙන්නේ අනිවාර්යෙන්ම නත්තල් කාලෙට වගේම තමයි නත්තල් සීට්ටුව පටන් ගන්නත් ඕනෙ ජනවාරියෙ. ඒ කියන්නේ ලබන අවුරුද්දේ දාන සීට්ටුවට සීට්ටුකාරයා ලෑස්ති වෙන්න ඕනෙ මේ අවුරුද්දෙ ඉඳන්ම. සීට්ටුකාරයා හැටියට මුලින්ම මට කරන්න තියෙන්නෙ මාසික වාරිකය තීරණය කිරීම. උදාහරණයක් හැටියට මේ අවුරුද්දෙ අපි දාපු සීට්ටුවේ වාරිකය රු.600/= යි. ඊට පස්සෙ අවුරුද්දෙ අවසානයේ දෙන බඩු ටික තීරණය කිරීම. මේ බඩු ලැයිස්තුව සාමාන්‍යයෙන් හදන්නෙ සීට්ටුවේ වටිනාකමට අහල පහලින් යන විදිහට. මාසික වාරිකය රු.600/= නම් බඩු වල වටිනාකම ආසන්න වශයෙන් 600*12 ට සමාන වෙනවා. සීට්ටු අයිතිකාරයා හැටියට අඩු වටිනාකමක් තියෙන බඩු ලිස්ට් එකක් හැදුවොත් මට ලාභ වුනත් කට්ටිය සෙට් කරගන්න අමාරු වෙනවා වගේම ලොකු බඩු දාන්න ගිහින් අවුරුද්ද අන්තිමේදී බඩු ගණන් එහා මෙහා වුනොත් බඩුම තමයි. බඩු ලැයිස්තු ගැන දැනගන්නත් එක්ක මේ අවුරුද්දේ හම්බවෙච්ච ලැයිස්තුව දාන්නම්කෝ.

ඇලුමීනියම් හට්ටි 1යි
බතික් සරොම්      1යි
බෙඩ් ශීට්             1යි
වීදුරු බෝල්         1යි
කේතල්                1යි
පරිප්පු කිලෝ      1යි
සීනි කිලෝ          2යි
වියලි මිරිස්         500g
අල                     2kg
බී ළූණු               2kg
මෙගා බෝතල්     1යි
තුවා                     1යි
අරක්කු බෝතල්   1යි
බියර් බෝතල්      1යි
විනාකිරි බෝතල් 1යි
කැකුළුහාල්         2kg
අයිස්ක්‍රීම්              2l
කෝඩියල් බෝතල් 1යි
මාගරින්             500g
සෝස් බෝතල්   1යි
නූඩ්ලස් පැකට්    2යි
සම්බා               10kg

වාරිකෙයි ලැයිස්තුවයි හරිනම් ඊළඟට යන්න තියෙන්නෙ ප්‍රෙස් එකකට සිංහලෙන් කිව්වොත් මුද්‍රණාලෙකට යන්න. ඒ අහවල් කෙංගෙඩියකට නෙමෙයි සීට්ටු කාඩ් ටික අච්චු ගහන්න. එහෙම අච්චු ගහපු කාඩ් එකක් මාත් එක්ක සීට්ටු දාන්න එන හැමෝටම මම දෙනවා. ඒකෙ තමයි වාරික ගෙවීම මාක් කරන්නෙ. ඒ වගේම තමයි බඩු ලැයිස්තුවත් සීට්ටු කොන්දේසිත් දාලා තියෙන්නෙ අමතක නොවෙන්න වගේම බඩු ටික දැක්කම සල්ලි දෙන්න හිතෙන්නත්. තව විශේෂයෙන්ම "මිතුරන් අතරේ පමණයි" කියන වාක්‍යයත් කොහෙට හරි රිංගවන්න ඕනෙ. එතකොට තමයි සීට්ටුව දාන අයට මම එයාලගෙ යාලුවෙක් කියලා හිතෙන්නෙ.

ඔන්න ජනවාරියත් ලැබුවා. දැන් තියෙන්නෙ කාඩ් ටික දෙන්න දන්න කියන අයට. ඒ ගොල්ලෝ බඩු ලැයිස්තුවටයි ගානටයි කැමති නම් සීට්ටුවට බැඳෙනවා. පලපුරුදු සීට්ටුකාරයින්ට නම් කට්ටිය හොයාගන්න එක අමාරු නෑ. කලින් අවුරුද්දේ සීට්ටුවෙන් සංතෝස වෙච්ච අය ඇදිලා එන්නේ තව කට්ටියත් පටලවාගෙන. ප්‍රචාරය නොමිලේ. ඊළඟ මාස 11ම කෙරෙන්නේ එකම දේ. සීට්ටු දාන අය අයිතිකාරයට සල්ලි දෙනවා. අයිතිකාරයා කාඩ් එකට අත්සනක් දානවා. සීට්ටු දාන අය අයිතිකාරයට සල්ලි දෙනවා. අයිතිකාරයා කාඩ් එකට අත්සනක් දානවා. සල්ලි දෙනවා. අත්සනක් දානවා. සල්ලි දෙනවා. අත්සනක් දානවා. ඔහොම දිගටම යනවා දෙසැම්බර් වෙනකම්.

විශේෂ දේකට වෙන්නෙ සල්ලි ගෙවීම පැහැර හැරීම් තමයි. එහෙම පැහැර හැරීමක් වුනොත් මොකද කරන්නේ කියලා කොන්දේසි වලට ඇතුලත් කරලයි තියෙන්නෙ. සමහර සීට්ටුකරුවො පොඩි සද්දයක් දාලා සල්ලි බාරගන්න අතරේ කොන්දේසි වල හැටියට සීට්ටුවෙන් නෙරපාහරින්නත් සීට්ටුකරුට පුලුවන්. ඒවාගේ අවස්තාවක සමහරු මෙතෙක් ගෙවපු සල්ලිත් අවලංගු කරනවා. සල්ලි ආපහු දෙනවා නම් ඒවා ගන්න දෙසැම්බර් වෙනකන් ඉන්න වෙනවා. සමහරු කරන්නේ පරක්කු වෙන දිනගණනට පොළියක් අය කිරීම. ඔය ඔක්කොම සෙල්ලං සීට්ටුකරුගෙ මනාපෙට දාගත්තු කොන්දේසි වලින් තමයි.

කොහොමහරි වාරික දොළහ ගෙව්වට පස්සේ සීට්ටුකරු දිනයක් දෙනවා අදාළ බඩු රැගෙන යන්න. දිනය බොහෝවිට නත්තල් දිනට ඉතා ආසන්න දිනයක්(දෙසැම්බර් 21,22,23). එදාට ගිහින් බඩුමුට්ටු ටික අරන් එන්න තමා තියෙන්නෙ.

මේ සීට්ටුවේ තියෙන ප්‍රධානම ගැටළුව තමයි සීට්ටුකරුට තියෙන අධික බලතල. අනික මුදල් රැඳෙන්නේත් සීට්ටුකරුගේ අතේම පමණක් නිසා අනිත් අයට තියෙන වාසිය අඩුයි. හැබැයි බඩුවල ගණන් අවුරුද්ද පුරා වෙනස් වීම(වැඩි වීම ) නිසා යම් ලාභයක් සීට්ටුවට සම්බන්ද වෙන අයට ලැබෙන්න පුලුවන්. බොහෝවිට කාන්තා පාර්ශවය තමයි මේ ජාතියේ සීට්ටුවලට සම්බන්ද වෙන්නෙ. අවුරුද්ද පුරා මුදල් ටික ටික දීලා අවුරුද්ද අන්තිමට කුස්සියට බඩු ගොඩක් එනවට එයාලා කැමති ඇතිනෙ.

සීට්ටුකරුගේ පැත්තෙන් බැලුවොත් උද්ධමනය තමයි ලොකුම හතුරා. ඒත් පළපුරුදු සීට්ටුකරුවෝ නම් නූල් සූත්තර දන්නවා ඕවායින් ගැළවෙන්න. උදාහරණෙකට අපේ සීට්ටුවම ගත්තැකි. ඒකෙ තිබුනනෙ මෙගා බෝතල් එකයි කියලා. වෙන විස්තර මොකුත් නෑනෙ. මෙගා බෝතලේ කියලා එවලා තිබ්බෙ අර අලුතින් ආපු කෝක් වීදුරු බෝතලේ. සාමාන්‍ය මෙගා එකක් 175ක් විතර අරක 79යි. කොහොමද ට්‍රික් එක. අපිට මොකුත් හියන්නත් බෑනෙ අරකත් මෙගා නිසා. අනික කුකුලෙක් දෙනවා වගේ තිබ්බොත් කුකුල්ලු ගනන් යද්දි බර ප්‍රතිලෝම කරනවා.

ගිය අවුරුද්දම වාරික ගෙව්වට පස්සෙ ඔය උඩ තිබ්බ බඩු ටික තමයි හම්බුනේ. තව වැඩිපුර කුඩ කෑල්ලකුත් දීලා තිබුණා. ඔය බඩු ටික 7200ක් වටිනවද කියලා නම් මට හිතාගන්න බෑ. බඩුවල ගණන් දන්නේ නැති නිසා. වැඩේ ලාභද? පාඩුද?

ප.ලි.: පිංතූර කෑල්ලක් නැතුව එච්චර ගතියක් නෑ වගේ.

15 comments:

  1. එළ... මමත් ඕක ගැන අහලා තිබුනාට, වැඩි විස්තර දැන ගත්තේ අද තමා..

    දැන් 2012ට කාඩ් ප්‍රින්ට් කරලා ඉවරද ?...

    ReplyDelete
  2. අපූරු සීට්ටුව ඔන්න ඊළඟ පාර සීට්ටුවට මාත් ඉන්නෝ..හැබැයි මාටියා ගහන්න බෑ..
    ආ...මිතුරන් අතරේ පමණයි කියලා දාන්නේ ලියාපදිංචි නොකල වෙළදාමක් කලොත් පොලිසියට අහුවෙන නිසා..

    ReplyDelete
  3. බඩු වල කොලිටියෙ හැටියට තම්යි ඉතින් වැඩේ මේ කියන විදිහට ලොකු පාඩුවකුත් නෑ ලාබෙකුත් නෑ.............
    හැබැයි මෙතන තියන බඩු වලින් වැඩි හරිය මිල වැඩි වෙන එව්වා විසේසයෙන්ම ඇලුමීනියම් බඩු වගේ ඒවා . ඒ වගේ බඩු සීටිටු කාරයා කලින් අරං තිය්න්න ඇති තොගයක් ගන්න කොට ඩිස්කවුන්ට් එකත් වැඩි ........ අනික් ඒවා විතරයි සීසන් එකට ගන්ඩ වෙන්නෙ..........
    බැරිද හොද සීට්ටු කාරයෙක් අල්ල ගෙන ඉන්ටර්වීව් එකක් තියලා බ්ලොග් එකේ දාන්ඩ ........

    ReplyDelete
  4. @Senna :උදාහරණෙකටයි මම සීට්ටුකාරයෙක් කියලා කිව්වෙ සහෝ...අපි සහභාගි වුණා විතරයි......

    ReplyDelete
  5. විහිළුවක් කළේ හරී.. උදාහරණය හොඳටම තේරුනා..

    ReplyDelete
  6. ඉස්සර අපේ අම්මත් සීට්ටු අල්ලනවා. මම නම් ඔය සීට්ටු කේස් එකට නෑ. මම් කොමර්ස් වලට ඉගෙන ගත්තා සීට්ටු කියලා කියන්නේ කෙටි කාලීන අවිධිමත් ආයෝජනයක් කියලා.

    ReplyDelete
  7. @රූ....:හා එන්න එන්න..කදමල්ලක් පිරෙන්න බඩු ගෙනියන්න බැරියැ...
    ඔව් ඒක තමයි මිතුරන් අතරේ පමණයි කියලා ගහන්නෙ... ඔය වැකියම ඉස්කෝලවල එක එක සංවිධානවල විකුණන ලොතරැයි වලත් ගහලා තියෙනවානෙ...

    මේ පැත්තෙ ආපු පළවෙනිපාර නේද? ආයෙත් ඇවිල්ලා යන්න එන්න.

    ReplyDelete
  8. @sameera :සීට්ටුකාරයෝ වැඩේ ගෙනියන්නෙ කොලිටිය එහෙට මෙහෙට කරලා තමයි..ගාන වැඩිවෙද්දී කොලිටිය බාල කරනවා... අනික ගණන් අඩු බ්‍රෑන්ඩ්වල බඩු දෙන්නත් පුලුවන්නෙ... තොග පිටින් ගද්දී තවත් ගාන අඩුයි...

    කලින් ගන්න වැඩේ නම් කෙරෙන්නෙම නෑ..මොකද සීට්ටුකාරයෝ සීට්ටුව ගෙනියන්නෙ තමුන්ගෙ බිස්නස් එකක රෝලට දාන්න...එහෙම නැත්නම් සල්ලි පොලියට දෙන්න...ඔහොම බඩු අරන් තියාගත්තොත් පාඩු වෙන නිසා එහෙම කරන එකක් නෑ...

    ReplyDelete
  9. @Senna :ආහ්... මම හිතුවා මගෙ පෝස්ට් එකෙන් වැරදි වැටහීමක් ඇතිවෙනවා කියලා තුන් හතර පාරක් පෝස්ට් එක කියවලා තමයි උඩ දාපු රිප්ලයි එක දැම්මේ....

    ReplyDelete
  10. @මධුරංග :ඔය පැත්තේ කියන්නේ සීට්ටු අල්ලනවා කියලද? අපේ පැත්තේ නම් සීට්ටු දානවා මිසක් අල්ලන්නේ නෑ..
    මොනා කිව්වත් ඉතින් විශ්වාසය උඩ කෙරෙන මුදල් ගණුදෙනුවක්...
    එතකොට සීට්ටු කේස් වලට නඩු යන්න බැරිද?

    ReplyDelete
  11. මම අදමයි ඇහුවෙ ඔය කොයි පලාතෙද.එකත් නරක නැ.අර අරක්කූ 2ක 3ක් තිබුනනර්‍ම මරැ.

    ReplyDelete
    Replies
    1. රටේ බටහිර වෙරළසන්න කලාපය.. වත්තල සිට හලාවත පැත්තට යනකන් මේ සීට්ටු තියෙනවාලු..

      Delete
  12. ඔයා ඉන්නෙ කොළබ මීගමු පාර හරියෙ නේද?මාත් ඒ පැත්තෙ..

    ReplyDelete
  13. ඔයා ඉන්නෙ කොළබ මීගමු පාර හරියෙ නේද?මාත් ඒ පැත්තෙ..

    ReplyDelete
  14. මම ඔයාගෙ ් බ්ලොග් එකට හරි කැමතියි.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...