ඔයාලට මතකද මම කාලෙකට කලින් මම දුටු කොටි කියලා කතාවක් ලිව්වා. බලපු නැති කෙනෙක් ඉන්නවානම් මම දුටු කොටි එකෙන් පටන් අරන මම දුටු කොටි 2, මම දුටු කොටි 3, මම දුටු කොටි 4, මම දුටු කොටි 5ත් කියවලා බලන්න. ඒත් අද ලිපියෙන් කියන්නෙ මම දුටු කොටියෙක් ගැන නෙමෙයි, ඉබ්බෙක් ගැන.
ඕගොල්ලො මම දුටු කොටි හතර කියෙව්වානම් ඒකෙ කමෙන්ටුත් කියෙව්වානම් මතක ඇතිනෙ ඇනෝ කෙනෙක්, සෙන්නා, ඔබා මාමා වගේ කීපදෙනෙක්ම ඇහුවා එකම ප්‍රශ්නයක්. මම ඉතින් උත්තරේ නොදී පොඩ්ඩක් හිටියෙ දන්න ඇත්තෙක් හරි උත්තරේ දෙයිද බලන්න. කොහෙද කවුරුත් නෑ. පස්සෙ මම පොඩි උදව්වකුත් කරා. ඒත් ඒකත් ගණන් අරගෙන තිබුනෙ නෑනෙ. ඉබිමස් කන බව අහුවෙයි කියලද මන්දා? :) ඒ ගමන මාත් උත්තර දෙන එක අතෑරියා. ඒත් සෙන්නා දිගින් දිගටම අහපු නිසා ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි අද දෙන්න යන්නෙ. ඊට කලින් පොඩ්ඩක් වටේ තලලම ඉමු නේද?.
