4.06.2012

ඉබි මස් උයන අලුත් ක්‍රමයක්

ඔයාලට මතකද මම කාලෙකට කලින් මම දුටු කොටි කියලා කතාවක් ලිව්වා. බලපු නැති කෙනෙක් ඉන්නවානම් මම දුටු කොටි එකෙන් පටන් අරන මම දුටු කොටි 2, මම දුටු කොටි 3, මම දුටු කොටි 4, මම දුටු කොටි 5ත් කියවලා බලන්න. ඒත් අද ලිපියෙන් කියන්නෙ මම දුටු කොටියෙක් ගැන නෙමෙයි, ඉබ්බෙක් ගැන. 

ඕගොල්ලො මම දුටු කොටි හතර කියෙව්වානම් ඒකෙ කමෙන්ටුත් කියෙව්වානම් මතක ඇතිනෙ ඇනෝ කෙනෙක්, සෙන්නා, ඔබා මාමා වගේ කීපදෙනෙක්ම ඇහුවා එකම ප්‍රශ්නයක්. මම ඉතින් උත්තරේ නොදී පොඩ්ඩක් හිටියෙ දන්න ඇත්තෙක් හරි උත්තරේ දෙයිද බලන්න.  කොහෙද කවුරුත් නෑ. පස්සෙ මම පොඩි උදව්වකුත් කරා. ඒත් ඒකත් ගණන් අරගෙන තිබුනෙ නෑනෙ.  ඉබිමස් කන බව අහුවෙයි කියලද මන්දා? :) ඒ ගමන මාත් උත්තර දෙන එක අතෑරියා. ඒත් සෙන්නා දිගින් දිගටම අහපු නිසා ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි අද දෙන්න යන්නෙ. ඊට කලින් පොඩ්ඩක් වටේ තලලම ඉමු නේද?.

ඉබි බිත්තරේ
ඉබ්බා කියන්නෙ උභය ජීවියෙක්.  ඒ කිව්වෙ දිය ගොඩ දෙකේම ඉන්න සතෙක්. කැස්බෑවගෙ හොඳම යාලුවෙක්. (ඉබ්බගෙයි කැස්බෑවගෙයි වෙනස දන්නවා ඇතිනෙ) ඉබ්බගෙ ගෑණු සතා හෙවත් ඉබ්බි දාන බිත්තරේකින් තමයි ඉබි පැටව් එළියට එන්නෙ. එක පාරකට බිත්තර 1ත් 30ත් අතර ගානක් දානවාලු. වැලි පොළවේ හාරපු ගුලකට දාන බිත්තර දවස් 60ක් විතර ගියාට පස්සෙ බිඳිලා ඉබි පැටව් එළියට එනවලු. බලන්නකො පින්තූරෙ. ඉතින් ඔය විදිහට එළියට ආපු ඉබ්බෙක් ජීවත් වෙන්නෙ මුල් දවස් ටිකේ බිත්තරයේ ඉතුරු කොටස් වලින්ලු ඊටපස්සෙ පණුවො, දළඹුවෝ, ජලජ පැළෑටිලු කන්නෙ. 

ඉබි පැටියා හා කාසිය
යෝධ ඉබ්බෙකුට බිම ඇවිදිනවනම් යන්න පුලුවන් උපරිම වේගය පැයට මීටර් 270යිලු.  ඔයාලා දන්නවා ඇතිනෙ තාරකා ඉබ්බා, ගල් ඉබ්බා, වැටකෙයා ඉබ්බා, කිරි ඉබ්බා වගේ විවිධ නම් වලින් ඉබි වර්ග ඉන්නවා කියලත්. මගෙ කලින් ලිපියෙදි මම මතු කරපු කාරණාවක් තමා ඉබ්බා කියන්නෙ මිනිසාට සාපේක්ෂව දිගු කල් ජීවත් වන සතෙක් විත්තිය. අනිත් කාරණා පැත්තම තිබ්බත් මිනිසාගේ දිව පිනවීම වෙනුවෙන් අවුරුදු ගානක ජීවිතයක් හිමි ඉබ්බාව විනාශ කිරීම නම් අපරාධයක්. 

 ඉබ්බාගේ දිගු කාලීන ජීවිතේ ගැන කියද්දි වැඩිපුර ජීවත්වෙලා කප් ගහපු ඉබ්බෝ කීපදෙනෙක්ම ඉන්නවා. ටුයිමලිලා කියන්නේ ඒ වගේ ඉබ්බෙක්. 1777 දී කපිතාන් ජේම්ස් කුක් (අඳුනනවා ඇතිනෙ) ටොන්ගා වලට යද්දි රජ පවුලට තෑග්ගක් විදිහට ඉබි පැටියෙක් දීලා තියෙනවා. ඉතින් මේ ඉබි පැට්ටා කාලා කාලා ලොකු වෙලා මැරිලා තියෙන්නෙ 1965දි . ඒ කියන්නෙ ඌ අවුරුදු 188ක් ජීවත් වෙලා. 
මේ ඉන්නෙ අද්වයිත

නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගමේ ජෙනරල් රොබට් ක්ලයිව්ට ඉබ්බෙක් හම්බෙනවා බොහෝ කාලෙකට ඉස්සර. මේ ඉබ්බා පස්සෙ කාලෙක කල්කටාවෙ සත්තුවත්තකට හම්බෙලා 2006 වෙනකන් ජීවත් වෙලා තියෙනවා.  මුගෙ නම් අදිවයිත. වයස ගණනය කිරීම්වලින් හෙලිවන පරිදි මූට අවුරුදු 255ක් වෙනවාලු. අනිත් කෙනා හැරියට්. මෙයා ගැන නම් ඕගොල්ලො දන්නවා ඇති. අර අපි වඳුරගෙන් පැවතෙන්නෙ කියපු මාමා ගැලපගෝස් දූපත් වලින් තමයි හැරියට්ව අරන් ඇවිත් තියෙන්නෙ. උපතින් අවුරුදු 175කට පස්සෙ 2006දී හැරියටුත් වැලිගම්පිටි යනවා. ජොනතන් කියලා ඉබි පොරක් නම් අවුරුදු 176ක් වෙලත් තාම යහතින් ඉන්නවලු. 

ඕන්න දැක්කනෙ ඉබ්බන්ගෙ ආයුෂ.  වටේ තැලුවා ඇතිවගේ නම් නවත්තමු. ප්‍රශ්නෙට උත්තරේ දෙන්නත් ඕනනෙ. 
මේ ඉන්නෙ ජොනතන් 1900දි


උපුටා ගැනීම :
අවුරුදු දෙසීයක විතර ආයු කාලයක් තියෙන ඉබ්බෙක් තමුන්ගෙ දිව පිනවන්න මරාදැමීම නම් හරිම අපරාධයක්. ඉස්සර අපේ ගම් පළාත්වලත් ඉබිමස් කාලා තිබුනා. ඒක නැවතිලා තියෙන්නෙ මීට අවුරුදු ගණනාවකට කලින් ගමේ ඉස්කෝලෙට ආපු ගුරුවරයෙක් නිසා. ඉස්කෝලෙ පාඩමේදි ඉබ්බා ගැන ඇදිලා ආපු වෙලාවක සර් අහලා තියෙනවා මෙහෙම. "කෝ ගෙදර ඉබිමස් උයන ඉබිමස් කන ළමයි ඉන්නවානම් අත උස්සන්න"

ළමයි බොහෝදෙනෙක් අත ඉස්සුවලු. "මම ඔයාලට කියලා දෙන්නම් ඉබිමස් රහට උයන ක්‍රමයක්. ගෙදර ගිහින් අම්මලාට කියලා උයලා බලන්න. "

දැන් සර් උගන්නනවා ඉබිමස් උයන්න. "ඉබ්බා ගෙදර ගෙනාවට පස්සෙ මරන්න ඉස්සෙල්ලා අනිත් පැත්ත හරවන්න. ඊට පස්සෙ දියකරපු ලුණු පොල්කට්ටක් විතර ඉබ්බගේ හිල් පහෙන්. ඒ කිව්වෙ ඔලුවෙනුයි කකුල් හතරෙනුයි වක් කරන්න. ඊට පස්සෙ වෙනදා උයන විදිහටම උයලා ගන්නකො"

එදායින් පස්සෙ නෙමෙයිලු ගමේ කවුරුත් ඉබිමස් කෑවෙ. මෙතන ඉබිමස් කන අය ඉන්නවානම් ඔය ක්‍රමේට උයලා බලන්න. හැබැයි ඉබිමස් වලින් ඉන්ජක්සන් කට්ටක් නැමෙන තරම් හයිය මස් ගොබ ලැබෙනවා කියන එක නම් ප්‍රසිද්ධ කතාවක්.

උපුටා ගැනීම අවසන්...

ඉබ්බා ඉන්නෙ නිතරම තෙතමනය තියෙන තැන්වලනෙ. ඔය තැන්වලම ජීවත්වෙන තවත් සතෙක් තමා කූඩැල්ලා කියන්නෙ. ඉබ්බාගේ ඇඟ අස්සටවෙලා ලේ බිබී කූඩැල්ලෝ සෑහෙන්න ඉන්නවාලු. ළමයි ලුණු දැම්මම වෙලා තියෙන්නෙ කූඩැල්ලො බුරුතු පිටින් පැනලා දිවීම. මීට කලින් ඉබිමස් කියලා කූඩලු මසුත් ඇදලා ඇරිය අය එදායින් පස්සෙ නෙමේලු ඉබ්බෙක් දිහා අහැක් ඇරලා බැලුවෙ.

ප.ලි :  මම අලුත් වැඩක් කරන්න යනවා. ගාන්ධිතුමා හා සීනි කථාව ආදර්ශයට අරන් හරි ගියාම කියන්නම්.

81 comments:

  1. ලෝකයේ විශාලතම ඉබ්බො ඉන්නෙ ගැලපෙගෝස් දූපත්වල කියල අහල තියෙනවා. ඉබ්බා දීර්ඝ අයුෂ තියෙන සතෙක්නේ. මේ වගේ සත්තු මරණ එකනම් පාපයක්.
    ඓතිහිසාක ඉබි තොරතුරු ටිකනම් වැදගත්.

    මේකට ජනප්‍රවාදයේ එන පුංචි කතාවක් මතක්වෙනවා. ඒත් අද පෝය නිසා ඒකතාව ඕනෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. අපිටත් අද මහ සිකුරාදා... ගොඩමස් වැළකීමේ දිනයක්... ඉබ්බා දියද ගොඩද? ඒකත් ප්‍රශ්නයක්..

      පස්සෙ දවසක් දයා අයියගෙ ලිපියකින්ම කතාව කියමු...

      Delete
  2. හහ්හ් හා මං මුකුත් කියන්නේ නැහැ.
    කිබුල් මස් කන එවුන්ට ඉබි මස් නම් මොනාද නෙහ්? :P

    ReplyDelete
    Replies
    1. ඕගොල්ලො කිඹුල් මසුත් කනවද?
      මමත් අහලා තියෙනවා සමහරු කියනවා කිඹුල් මස් ගැන..

      කිඹුලව අල්ලන්නෙ පූසෙක් හරි කුකුළෙක් හරි ඇමට ගහලලු නේද?

      Delete
    2. :P උපාසක බළලා
      උපාසක සක සක කිබුල් බිජු දෙක දෙක කියලා කතාවකුත් තියෙනවනේ. :P

      Delete
  3. ඊක්කා අපි කන්නේ නැහැ වෙලාවට. අපි කුකුලා පමණි !

    ReplyDelete
    Replies
    1. ඊක්කා අපි කන්නේ නැහැ වෙලාවට. අපි කුකුලා පමණි !මෙය 'මම කුකුලෙක්මි' යනුවෙන් නිවැරදි විය යුතුයි නේද සෑමා ?

      Delete
    2. kukula kannei ibba nokannei moko. kukulage pana pana nemeida?

      Delete
    3. @sAm (සෑම්),

      හොඳා හොඳා. එතකොට කිකිළියො කන්නෙ නැතෙයි..

      Delete
    4. @AnonymousApr 7, 2012 01:39 AM,

      සෑමගෙන්ම තමයි අහන්න ඕනා..

      Delete
  4. එක දවසක් අපට පමඩකලපුවෙ පාසිකුඩා වැල්‍ෙ ඉඳල කිමී බාගයක් විතර මුහුද මැද්දෙදි පීනමින් හිටි තරු ඉබ්බෙක් හමු උනා. උගෙත් ඔය කියන අස්සෙ හිටිය ටොන් ගානක් කිණිතුල්ලෝ..!! මුන්දෑ මුහුදට ගිහිල්ල තියෙන්නෙ උන්ගෙන් බේරෙන් වෙන් ඇති. නමුත් කරුමෙට රැල්ලකට අහුවෙලා ගිහින්...!!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා ඔබතුමාව..

      විස්තරේ හැටියට නම් පණ තියෙන ඉබ්බෙක් වෙන්න ඕනා.. කූඩැල්ලො වගේම කිනිතුල්ලොත් ලුණු වලට බයයිනෙ.. ඇඟේ කිනිතුල්ලො ටික කඩාගන්න වෙන්නැති මූදට යන්න ඇත්තෙ..

      Delete
  5. අන්තිමට ලිව්ව කොටස නැත්නම් කතාව කොහොමත් තේරුම් ගන්න බෑ. ඒ නම් කවදාවත් අහපු කතාවක් නෙවෙයි.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. Dude මම දුටු කොටි කතා ටික කියවන්න නැතුව ඇති.. මම දුටු කොටි 4වැනි ලිපියෙදි මම කිව්වා එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයක තිබුණු ඉබි මස් කඩයක් ගැන.. එතනට තමයි මම ඔය පාසල් ගුරුවරයාගෙ කතාව දැම්මේ..

      ඒ කතාව නොකියවා එන කෙනෙකුට අණ්ඩර දෙමළ වෙයි කියලා තමයි උපුටා ගැනීම දැම්මේ..

      Delete
  6. මාතෘකාව දැක්කාම හොඳටම තරහා ගියා. කවුරු මොනවා කිවුවත් බැනලා කමෙන්ට් එකක් දාන්න ලොග් වුණේ. කවුද දන්නෙ..... හොඳ පෝස්ට් එකක්.:-)

    ReplyDelete
    Replies
    1. කවුද මේ සත්තු මරන්න අනුබල දෙන එකා කියලා හිතුනද?

      ස්තුතියි!

      Delete
  7. අපෝ මැවිලා පෙනුනා කුඩල්ලෝ යන හැටි..මට එපාම කරපු කට්ටියක්.

    ReplyDelete
    Replies
    1. අනේ උන්ට එහෙම කියන්න එපා.. බලන්නකො උන් මැන මැන යන අපූරුව..

      ඉබ්බගෙ ඉන්නෙ උන් නෙමෙයි අර දිග කූඩැල්ලා.. දිය කූඩැල්ලා කියන එකා..

      Delete
  8. මම නම් හිතන දෙයක් තියෙනවා.. ඒ තමයි හැම සතෙක්වම ආහාරයට සුදුසුයි කියන එක.. ඒක වෙනස් වෙනවා විවිධ මති මතාන්තරත් එක්ක... හැබැයි මම හැම සතෙක්ගෙම මස් කාලා නෑ.. එත් ඉබ්බො නම් කාලා තියෙනවා.. අර ඇග පත හයිය හත්තිය වැඩි වෙනවා කියන කතාවනම් හරි ප්‍රසිද්ධයිනේ... හැබැයි ඔය කූඩැල්ලෝ කතාව නම් ඇත්ත වෙන්න පුළුවන්ද කියලා මට සැකයක් තියෙනවා.. හිටියත් ඉතින් හොදලානේ කන්නේ.. අනික ඔය අනික් මස් වලත් කූඩැල්ලෝ නැතුවට ඕන තරම් පණුවොනම් ඉන්නවා.. හැබැයි මිනිස්සු මස් කනවා... සමහර වෙලාවට පණුවො ගහන කන් ඉදලත් කනවා...:)

    ReplyDelete
    Replies
    1. "ඒ තමයි හැම සතෙක්වම ආහාරයට සුදුසුයි කියන එක." මේකට නම් එකඟ වෙන්න බෑ.. මොකද වෙන වෙන රටවල මිනිස්සු හුඟක් සත්තු ජාති කෑවත් ලෝකෙ ඉන්න සත්තු අතර විස සහිත සත්තු ඉන්න පුලුවන්.. නමුත් අපි පිළිකුල් කරන බොහෝ සතුන් ආහාරයට ගත හැකිබව නම් ඇත්ත...

      අපි මේ සත්තු ආහාරයට හොඳයි කියලා කියන්නෙත් නරකයි කියලා කියන්නෙත් අපේ ආහාර පුරුදු අනුව.. කුණු කන ඉස්සාව රහයි කිය කිය කන අපි චීන්නු කැරපොත්තො කනවා දැක්කම ඊයා කියනවා.. චීන්නුන්ට කැරපොත්තො කන එකත් අපි ඉස්සො කනවා වගේ ඇති...

      මෙහෙමයි. මම අහලා තියෙන විදිහට හා මඩු වලදි දැකපු විදිහට ඉබ්බව කපන්නෙ පණ පිටින්. ඉබ්බාව මරන්න බෑනෙ ඌ ඔලුව හංගන නිසා. කටු දෙක මැද්දට පිහි දාලා වෙන්කරනවායි දැක්කෙ. එතකොට මේ අමු අමුවෙ කෑලි වලට කැපුනු මස් දඟලනවා. ලේත් එක්ක තියෙන නිසා හොයන්න බෑ. දඟලන කූඩැල්ලවත් පේන්නෙ මස් කෑල්ලක් විදිහට.

      Delete
    2. උඩ තියෙන ප්‍රශ්න වලට නම් "නයා" කියන සතා තමයි හොදම උදාහරණේ.. හැබැයි කන්න කොහොමවත් බැරි සත්තුත් ඇති තමයි.. හැබැයි මනිස්සුන්ට විෂ සත්තු වෙනත් සත්තුන්ට විෂ නොවෙනවා වෙන්නත් පුළුවන්.. :)
      "ඉබ්බව කපන්නෙ පණ පිටින්. ඉබ්බාව මරන්න බෑනෙ ඌ ඔලුව හංගන නිසා."

      නෑ ඔයා වැරදියි.. මිනිස්සු නොදන්නා කමට තමා එහෙම කරන්නේ..
      ඉබ්බොන්ගේ ඔළුව එළියට ගන්න කරන්න තියෙන එකම වැඩේ තමා කටුවට වතුර වක් කරන එක.. එතකොට අගේට ඔළුව එළියට දානවා.. එක ෂොට් එකෙන් පිහි පාරක් දුන්න නම් ඌට අර වගේ වද දෙන්න ඕනේ නෑ..

      මෙහෙම කිව්වට මම කවදාවත් ඉබ්බෙක්ව මරලා නෑ..නමුත් මේ විදියට කරනවා ඇස් දෙකින් දැකලා තියෙනවා සහ එහෙම මරපු ඉබ්බගෙ මස් කාලත් තියෙනවා..

      මොනවා උනත් ඔය කූඩැල්ලගේ කතාව මම ඉඩක් ලැබුනු දවසක අනිවා කරලා බලනවා.. එදාට ආපහු ‍ඇත්ත නැත්ත ගැන කොමෙන්ටුවක් දාන්නම්..

      මේ වගේ කතා ප්‍රචාරය කරන එකේ බලාපොරොත්තුව තමයි මිනිස්සු මස් කන එක නවත්තන එක.. අවිහිංසා වාදී සංවිධාන වල වැඩ මේවා.. නමුත් සත්‍යය මෙය නොවෙන්නත් පුළුවන්..
      මමත් විටින් විට නිර්මාංශී විදියට ඉන්නවා එක දිගට ටික කාලයක්... හැබැයි කවදාවත් මිනිස්සුන්ගේ කෑම වලට ගරහන්නේ නෑ..( මෙතන ඔබ ඒ දේ කරලා තියෙනවා කියලා මම කියන්නේ නෑ.වරදවා වටහා ගන්න එපා.)

      Delete
    3. නයින්ව කනවා බන්.. උගෙ දළේනෙ විශ තියෙන්නෙ..

      මම දැක්කෙ මම කලින් කියපු විදිහ.

      "මේ වගේ කතා ප්‍රචාරය කරන එකේ බලාපොරොත්තුව තමයි මිනිස්සු මස් කන එක නවත්තන එක.. අවිහිංසා වාදී සංවිධාන වල වැඩ මේවා.. නමුත් සත්‍යය මෙය නොවෙන්නත් පුළුවන්.. " අවිහිංසා සංවිධාන මේ වගේ වැඩ කරන බව නම් දන්නවා.. මේ කතාව බොරුවට ගොතපු එකක්වත් නෙමේ.. අපේ අම්මා අත්දැකීමෙන් කියපු දෙයක්.. අපෝ මස් කෑම නවත්වන්න මගේ කිසිම ඕන කමක් නෑ..

      "අවුරුදු දෙසීයක විතර ආයු කාලයක් තියෙන ඉබ්බෙක් තමුන්ගෙ දිව පිනවන්න මරාදැමීම නම් හරිම අපරාධයක්." මම මෙහෙම කිව්වට වෙන්නැති ඔහොම කියන්නෙ.. කන අය කන්න නොකන අය නොකා ඉන්න ඉවරනෙ කතාව..

      ලුණුදාලා බලලා කියන්නකො.. හැබයි වෙලකින් අල්ලපු එකෙකුට.. ටැංකි එකෙක් නෙමෙයි..
      කිරියන්ගෙලු කූඩැල්ලො වැඩි..

      Delete
  9. මම එක්තරා පාබල හමුදා බල ඇණියක අණදෙන නිලධාරි වශයෙන් සේවය කරද්දී එවකට හිටිය බලසේනාධිපති තුමා කිව්වා මට මෙහෙ කෑම එපා වෙලා තියෙන්නේ, හෙට දවල් එනවා ඔයාගේ කඳවුරෙන් කාලා යන්න කියලා. ඉතින් මම හැදෙව්වා පන්කොළ වට්ටියේ නෙලුම් කොලයක් එලලා ගැමි විදිහට සුවඳැල් හාල්, රතු කැකුළු හාල් වලින් බත්, පොලොස් ඇඹුල්, වැව් මාළු, අඟුණ කොළ මැල්ලුම්, තිබ්බොටු, සහ තවත් විශාල ප්‍රමාණයක් ඒ වගේ කෑම ජාති. කෑම ලැස්ති කලේ ලස්සන වැව් පිටියක. බතික් සරම් සහ කමිස ඇඳගෙන පන්කොළ තොප්පි දාගත් යුද හමුදා කැලිප්සෝ කණ්ඩායමක් සංගීතය සැපයුවා. බලසේනාදිපතිතුමා එන්න ඔන්න මෙන්න කියලා, එක දෙවැනි ලුතිතන් වරයෙක්, සොල්දාදුවෙක් අතේ දුම් දමන හට්ටියකුත් සමග ආවා. මම ඇහුවා මොනවද කියලා. 'සර් නියම ඉබ්බෙක් අහුවුනා' කිව්වා. මම ඔහුට දියහැකි උපරිම දඬුවම් බලසේනාධිපති මගින් ලබාදී, මගේ බල ඇනියෙනුත් මාරු කර යැව්වා.

    ReplyDelete
    Replies
    1. අපේ ඉබි සමනා ඔය බල ඇනියක හිටියනං ඌට වෙඩි තියලා මරනව..ඌ එච්චරට ඉබි මරුවා...

      Delete
    2. @ විචාරක Wicharaka,

      "සුවඳැල් හාල්, රතු කැකුළු හාල් වලින් බත්, පොලොස් ඇඹුල්, වැව් මාළු, අඟුණ කොළ මැල්ලුම්, තිබ්බොටු, සහ තවත් විශාල ප්‍රමාණයක් ඒ වගේ කෑම ජාති. " මගෙ කටට කෙළත් ඉනුවා.. බලසේනාධිපතිතුමාට හොඳ සංග්‍රහයක් දීලා වගෙයි..

      දුම් දමන හට්ටියක් කිව්වෙ දෙවන ලුතිතන් ඉබ්බාව උයාගෙනම ඇවිල්ලද?

      "මම ඔහුට දියහැකි උපරිම දඬුවම් බලසේනාධිපති මගින් ලබාදී, මගේ බල ඇනියෙනුත් මාරු කර යැව්වා." මෙහෙම කළේ ඔබතුමා ඒ ක්‍රියාවට විරුද්ධවූ නිසානෙ. බැරිවෙලාවත් බලසේනාධිපතිතුමා ඉබිමස් ලෝලියෙක් වුනානම් තමා වැඩේ.

      නෙළුම් කොළේට දාලා බත් කන්න මම හරිම ආසයි. අපේ අම්මා මාව ලැබෙන්න ඉද්දි දොළදුකටත් කෑවලුනෙ නෙළුම් කොළේ බත්.

      Delete
    3. @ ඔබ නොදු‍ටු ලොවක්,

      මගේ බ්ලොගයට සාදරයෙන් පිළිගන්නවා.

      ඉබි සමනා කියලා නම වැටෙන්න ඇත්තෙත් ඒක වෙන්නැති.

      Delete
  10. අපේ ගමේ තිබ්බ මෝඩ ඇල කියන එකේ ඉන්නේ ගල් ඉබ්බෝ.කූඩැල්ලෝ නෑ...ඉබ්බව මස් කරන්න දන්නේ බොහොම ටික දෙනයි..කකුළුවා වගේම ඉබ්බත් මස් දිය කරනවලු මරන්න පරක්කුවෙනකොට ඒක නිසා ඉබි කට්ට ගලවලා කුරුම්බා උලුප්පනවා වගේ මස් ටික ගන්නවා..උයනකොටත් මස් දගලනවා අප්පා..කෑලි කෑලි එකට ඇලෙනවා...විනාකිරි වැඩියෙන් දාලා ඉව්වම ඒක හරියනවා...

    ReplyDelete
    Replies
    1. ගල් ඉබ්බන්ගෙ එච්චර කූඩැල්ලො නෑලු තමයි.. කිරි ඉබ්බන්ගෙලු වැඩිපුර ඉන්නෙ..

      මම උඩ කිව්වත් වගේ ඉබ්බා මැද්දට පිහි දාලා අමු අමුවෙනෙ කපන්නෙ..

      උයනකොට දඟලන්නෙ මස්ද කියන එක තමයි ප්‍රශ්නෙ..

      Delete
  11. මේ ඉබ්බත් ඉඳලා ඉඳලා ඉබ්බෝ ගැන ලියනවනේ... මචං, දොරේ ඉන්න ඉබ්බගේ හිලෙන් ලුනු දැම්මොත් මොනා වෙයිද...?

    ReplyDelete
    Replies
    1. හැක්..හැක්..

      "දොරේ ඉන්න ඉබ්බගේ හිලෙන් ලුනු දැම්මොත් මොනා වෙයිද...?" ලුණු පොල්කට්ටක් අරන් දාලා බලන්නයි තියෙන්නෙ.. වැඩිම වුනොත් ඉබ්බා මල කයි.

      Delete
  12. මේ ටිකේ පට්ට බිසි.. ලිපිය කියෙව්වේ නැහැ.. ආයෙ එන්නම්.

    ReplyDelete
    Replies
    1. ****ඒත් සෙන්නා දිගින් දිගටම අහපු නිසා ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි අද දෙන්න යන්නෙ.***

      hi hi sennage unanduwa

      Delete
    2. මේකනෙ ඇනෝ හමෝම මේ කරුමාන්තෙ කොරන්නෙ තම තමුන්ගෙ වැඩ අස්සෙනෙ..

      Delete
    3. ඇනෝ ජොබ් එකක් එහෙම කරනවැයි ?

      Delete
  13. ඊයා ඉදලා ඉදලා පලවෙනියටම කමෙන්ට් කරන්නේ කූඩැල්ලෙක්ගේ ලිපියකටද මං එතකොට?

    ReplyDelete
    Replies
    1. කනියාව සාදරයෙන් පිළිගන්නවා..

      "කූඩැල්ලෙක්ගේ ලිපියකටද " එතකොට මම කූඩැල්ලෙක්ද?

      Delete
  14. විචාරක මහත්තයා ලොක්කන්ට හොඳට ගොට්ට අල්ලලා වගේ.පන්කොළ, තොප්පි නෙලුම් කොළ,මේවා හරි ගොන් වැඩනේ.ඔයාලගේ ලොක්කෝ පිනවීමේ වැඩ නිසා සොල්දාදුවෝ බාගෙට මැරෙනවා.හමුදා සෙබළු සේවයෙන් පලායන එක හේතුවක් වෙන්නේ ඉහල නිලදාරීන්ගේ වහල් වැඩ සඳහා සෙබළු යොදාගැනීම.වන්නි ප්‍රදේශයේදී 1997 වසරේදී පමණ මා සියසින් දුටු දෙයක් තමා මැදිවයසේ ලුතිනන් වරයෙකු ළඟ බිම හිඳගත් සෙබලෙක් නිලදාරියාගේ බූට් සපත්තු පොලිෂ් කිරීම.හමුදාවේ ඉතා දැඩි පන්ති භේදයක් පවතී.විශේෂ බලකායන් වල නම් මේතත්වය සැහෙන දුරට අඩු බව කියමි.

    ReplyDelete
    Replies
    1. ඔබට කියන්න තිබෙන්නේ අනේ පවු කියන එක පමණයි. ඔබ පැන ආ සෙබලෙක් නිසා දැන්වත් ආපහු යන්න.

      Delete
    2. Wicharaka prashnen paninawa wage. api army ekata bokkath denawa. eth kollo maran sapa ganna niladari thama godak inne. ara Fonnaseka kareth ekamane. e kale hamadama eluwek maranna onalu minihata kanna denna.

      Delete
    3. @ AnonymousApr 6, 2012 11:23 PM,

      විචාරක මහත්මයා පිළිතුරු දී ඇති නිසා මගේ මැදිහත්වීමක් අවශ්‍ය නැතැයි සිතනවා..

      Delete
    4. @ AnonymousApr 7, 2012 01:53 AM,

      ඔබගේ අදහස් දැක්වීම අගය කරනවා. නමුත් යම් යම් දෙවල් දිහා දේශපාලන කණ්ණාඩි ගලවා බලන ලෙස ආයාචනා කරන්න කැමතියි.

      Delete
    5. @ විචාරක Wicharaka,

      "සෙබලෙක් නිලදාරියාගේ බූට් සපත්තු පොලිෂ් කිරීම." මේ කෑල්ලෙන් මට යමක් මතක් වුණා.

      කණ්ණාඩියක් වගේ වෙන්න සපත්තුවක් පොලිශ් කරන හැටිත් කියලා දෙන්නකො..

      Delete
  15. ඈක්කා ඕයි!!! මම නං හැබැයි කාලා නෑ තාම. හම්බුනොත් බලමු

    ReplyDelete
    Replies
    1. අඩවි රජාත් මේ අඩවියට ආවා එහෙනං..

      "ඈක්කා ඕයි" "හම්බුනොත් බලමු" මොකක්ද බොල මේ හරුපේ..

      Delete
  16. මමත් ඉබි මස් නම් කාලා තියනවා,,,ඔය කතාව නම් දන්නේ නෑ,,,මොන මසක් කෑවත් මම මස් ලෝලියෙක් නෙමේ,,

    ReplyDelete
    Replies
    1. ඉබිමස් කාපු ඉබිමස් කන කට්ටිය හිතුවට වඩා ඉන්නවනෙ.. මම නම් ඉබිමස් කාලා නෑ..

      Delete
  17. විචාරක මහත්මයා@මා නම් පැනල ආව කෙනෙක් නෙවේ.යුතුකම් සියල්ල ඉටුකර ආ කෙනෙක්.මා කිවේ මා දුටු දෙයයි.මෙම මාතෘකාවට අදාල නොවුනත් ත්‍රිවිද හමුදා තුල තවමත් වැඩවසම් ලක්ෂණ සහ පැරණි බ්‍රිතාන්‍ය රදල වාදී ගති ලක්ෂණ තිබෙන බව ඔබ හොදින්ම දන්නා බව දනිමි.හමුදා නිලදාරියාගේ බඩියා යනු නුතන වහලෙක් නොවේද? තම උදෑසන කිරි තේ බඳුනේ පිටිකිරි ටිකක් කැටි ගැසී ඇති බව දුටු හමුදා මේජර් වරයෙක් තම බඩියට කනට ගසනු දුටිමි.එම සෙබලා එතනදී කොතරම් ලජ්ජාවකට සහ අවමානයකට ලක්වුවාදැයි එම මේජර් වරයා නිකමටවත් කල්පනා කලේ නැත.ඔබ දන්නා පරිදි ඇමරිකානු සහ යුරෝපා හමුදාවල තත්වයත් මෙසේමද?.කෙසේවෙතත් මෙය මා අමනාපයෙන් කල අදහස් දැක්වීමක් නොවන බව කිවයුතුය.මම සෙබලෙක් නොවන බවද පලායාම ගැන සිහිනෙන් හෝ නොසිතු කෙනෙකු බවද කියමි.අවසන් වශයෙන් ඔබේ බ්ලොග් අඩවිය කියවන බවත්.අවි පිළිබඳව ඔබේ දැනුමට ගරු කරන බවත් කියමි.ඔබට හැකිනම් අප වැනි පුර්ණ ඇනෝ වරු සඳහාද ඔබේ බ්ලොගය තුල ඉඩ සලසන ලෙසද ඉල්ලමි

    ReplyDelete
    Replies
    1. සෙබලියන්ගෙ තත්වය ඔයිට වඩා බයානකයි මචෝ

      Delete
    2. හරී, කරුණාකර මේ කමෙන්ට් එක දිග වැඩි වුනත් පල කරනමෙන් ඔබෙන් ඉතා කරුණාවෙන් ඉල්ලනවා.

      අදහස් දැක්වීමට ස්තුතියි. පූර්ණකාලීන ඇනෝ කෙනෙක් වීම ඔබේ මානුෂික අයිතියක්. නමුත් එසේ නොවී සිටියේනම් ප්රුෂ්ටවන්ශිකයා සහ අප්රුෂ්ට වංශිකයා අතර වෙනස මෙන් වටිනාකමේ වෙනසක් ඇතිවෙනවා. බොහෝ දෙනෙක් තුල ඇති වැරදි හැඟීමක් ඔබ තුලත් තිබීම ගැන මා පුදුමයෙනුත් පුදුමයට පත්වෙනවා. සමාජවාදී හැඟීම් ගැන ඔබට දේශනා 5 ක් (පස්වැනි එක අවි පුහුණුව) කරන්නට මට අදටත් ඉතා හොඳින් පුළුවන්. ඒ මම 1971 දී ජ.වී.පෙ. ප්‍රබල ක්‍රියාකාරිකයකුව සිටි නිසයි. මගේ පන්තියේ මිතුරන් 11 දෙනෙක් මැරුම් කෑවා. මගේ පියාට හැකිවුනා අවසන් මොහොතේ මා බේරාගෙන පලා යන්නට ඒ ප්‍රදෙශයෙවත් නොසිට. කාලයක් යනතුරු මාව ගෙදර ඇතුලේ කාමරයක හිර කර තැබුවා. රෑට මගේ අක්කලාගේ ගවුමක් අන්දා ඔවුන් දෙදෙනාට මැදිකර නිදිකල අතර පොලීසිය ආවාම පෙන්නුවේ 'ගෑනු ළමයින්' තුන්දෙනාවයි. සමාජවාදය ගැන මා ඉංග්‍රීසි භාෂාවෙන්ද සෑහෙන පොත් සංඛ්‍යාවක් කියවා තිබෙනවා. ඒ නිසා සමාජ සමානාත්මතාව ගැන තවත් අයකුට දැන්නම් මාහට අලුතෙන් කියාදීමට යමක් නැතැයි කියා සිතනවා. දැන් සිටින සමාජවාදය දෙකොනින් වැගිරෙන ජෝකරයන් ඔක්කොම රොකට්ටුවක දමා අඟහරු ලෝකයට යැවිය යුතුයි. අපි දැක්කේ, එන්.එම්. කොල්වින්, ඩොක්ටර් වික්‍රමසිංහ, විව්‍යන්, ෆිලිප්, වැනි නියම සමාජවාදියෝ.

      ඔබෙන් මම සරල ප්‍රශ්නයක් අහන්නම් 'කණ්ඩායම සීරුවෙන් සිටින්න' නොකියා 'සිටින්' කියන්නේ ඇයි? ඒ විදිහට නේද සියලුම අණ වචන තියෙන්නේ. ඔබට අමතක වුනාද සරඹ කිරීමෙන් තමා අපි එක අණකට යටත්ව ක්‍රියා කිරීමට ඉගෙන ගන්නේ කියා? ඔබට අමතකද ලංකාවේ සුප්‍රසිද්ධ 'ත්‍රිවිධ බලය', 'ජය සිකුරු' වැනි ක්‍රියාන්විත වලදී ඔබත් මාත් ක්‍රියාකළේ එක අණක් යටතේ කියා. කඩාගෙන ඉදිරියට යද්දී අපි අපේ සොල්දාදුවන්ට(ඔබත් මමත් දන්නා ආදරණිය වචනය වූ 'කොල්ලන්ට') කිව්වේ, 'අනේ වෙඩි තියන්න. . . . . . . අනේ ඉතින් තියන්නකෝ. . . . කියලාද, එහෙම නැත්නම්, 'බලා ඉන්නැතුව ගහපියවූ, කවරින් ෆයර් එක දියව්, මොන හු . . . . .යකෝ ඉක්මනට මෝටාර් ගහපියව් කියලද? එහෙම කිව්වේ ඒ කොල්ලන් එක්ක තරහින්ද, නැත්නම් කාර්යක්ෂමතාව වැඩි කර ගන්නද? දවස් ගානක් ඔපරේෂන් එකක මැරිලා මැරිලා උණු බත් කටක් කනකොට අර විදිහට බැන්න නිලධාරියාම නේද ඇවිත් අහන්නේ 'ඒයි උඹලා කෑවද' කියලා. මොනවද ප්‍රශ්න තියෙන්නේ කියලා? එහෙම නොකලානම් එකා නිලධාරියෙක් නෙවෙයි වල් බල්ලෙක්. සමහර විට අවාසනාවට ඔබ එවැනි නිලධාරීන්ගේ ග්‍රහණයට අසුවන්නට ඇති. මා මාස තුනකට වරක්වත් සොල්දාදුවන්ව පෞද්ගලික සාකච්ඡා සඳහා ගෙන්වා කතාකිරීමේදී එවැනි තොරතුරු අනාවරණයවී තිබෙනවා.

      ඔබ කියන පරිදි තේ එක හරියට තිබුනේ නැහැ කියා තමන්ගේ බඩීට පහර දෙන නිලධාරියකු ඉන්නවානම් ඌ නිලධාරියකු නෙවේ. පහත් ජන්මලාභියෙක්. නිලධාරියකුට සහායකයකු ලැබෙන්නේ තමන්ගේ ජංගි හෝදවාගන්න නෙවේ. තමන්ගේ සම ලිංගික අවශ්‍යතා සපුරාගන්නට නෙවේ. (එහෙම වල් වැඩ කරපු මටත් වඩා ඉහල නිලධාරියකුට විරුද්ධව විනයානුකූලව කටයුතු කරවීමට මට පුළුවන් වුනා මින්නේරිය කඳවුරේදී) අපි අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍ය හමුදා සම්ප්‍රදායයන්. ඒ අනුව අපට සහායකයකු හෝ (නිලය අනුව ඊට වැඩි ගණනක් ඉන්න බව ඔබ දන්නවනේ) දෙන්නෙකු ලැබෙන්නේ, නිලධාරියා මානසිකව සහනදායී තත්වයෙන් තබාගන්නටයි. එයට හේතුව ඔහු ක්රියාන්විතයකදී සොල්දාදුවන්ගේ ජීවිත පිලිබඳ තීරණ ගන්න නිසා, ඔහු කිසියම් මානසික ස්ථාවර භාවයක තබාගනිමටයි.

      Delete
    3. මගේ කමෙන්ට් එකේ ඉතිරි කොටස
      ඔබ හොඳින්ම දන්නවා ඇති බලසේනා මූලස්තානයක, සේනාංක මූලස්තානයක, ආරක්ෂක හමුදා මූලස්තානයක, මාණ්ඩලික නිලධාරීන්, යුද සමයේදී මුළු දවසෙම ක්‍රියාන්විත මැදිරියේ (Operation Room) ගතකල හැටි. ඒ වගේ නිලධාරියකුට කන්නවත් වෙලාවක් තිබුනද? යුද භූමියට දුවනවා, ඊළඟ පියවර ගැන ඉහල නිලධාරීන් සමග සාකච්ඡා වලට දුවනවා, ආපසු ක්‍රියාන්විත මැදිරියට දුවනවා, අපේ කොල්ලන්ගේ තුවාල කරුවන් හෝ ගාලා එනවා, මිනී ගේනවා, තුවාල කරුවන් පිටත් කර යැවීම, මිනී අදාළ ප්‍රදේශ වලට යැවීම, මතකද අපි පිස්සු නොවැටී ඒ සියල්ල කල හැටි? ඒ ඔක්කොම ඉවර කරනකොට ක්ලාක්ලා 5 ක් 6 ක් කාමරේ ළඟ බලා ඉන්නවා, වැදගත් හා හදිසි රහස්‍ය ලිපි වලට අත්සන ගන්න. එහෙම කරන නිලධාරියකුට වෙලාවක් තියනවද මූණ හෝදගන්නවත්. මගේ ජංගම දුරකථනය වරක් කොමෝඩ් එකට වැටුනා ජෙනරල් කෙනෙකුට උත්තර දෙමින් පුක හෝදන අතර. එවැනි කටයුතුවල යෙදෙන ගමන් කොහොමද පහුවදාට අඳින යුනිෆෝම් එක හොදගන්නේ? මැදගන්නේ? මම මේජර් කාලයේ සිට විදුලිය තිබෙන තැනකදී පාවිච්චියට ගන්න වොෂින් මැෂින් එකක් අරගෙනයි තිබුනේ. මම කවම කවදාවත් මගේ ජංගි, බැනියම්, තුවා, මේස්, බඩී ලවා හෝදගෙන නැහැ. කුණු ගඳ ගහන පොට්ටනියක් ගෙදර අරන් එනවා හොදගන්ඩ වෙලාවක් නැත්නම්. නමුත් තම නිලධාරියාට අවන්කවම ආදරය කරන බඩී ලා ඉන්නවා. මොකක්දෝ හේතුවකට මට වැඩිපුර ලැබුනේ ඒ වගේ අය. අදටත් ඔවුන් මට කතා කරනවා දුක සැප බලන්න එනවා. (ඊයේ පෙරේදා නුවර දිගන එකෙක් කිව්වා, සර් මම මගේ ත්‍රී වීල් එකෙන් උදෙන්ම එනවා සර්ට කිතුල් රා බෝතල් දෙකකුත් එක්ක කියලා. උන් මගේ ප්‍රවේනි දාසයෝ නෙවේ. ඒකා වෙඩි වැදිලා ඉන්නකොට මගේ බිරිඳ නිතර උගේ දුක සැප හොයා බැලුවා. උගේ බිරිඳ සහ දරුවන් අපේ ගෙදර නැවතී රෝහලට ගියා අවා.) ඒවා නිලධාරියකුගේ යුතුකම් යුතුකම් මිසක් වෙන මොනවද? රාජකාරි ගමනක් යන අතරතුර මම මගේ ආරක්ෂක මුරය සහ රියදුරා සමග මගේ ගෙදරට එනවානම්, කල්තියා මම මගේ බිරිඳට කියනවා කෑම හදන්න කියලා. මම උන් එක්කම කෑම කන අතර අඩුපාඩු බෙදන්නේ මගේ බිරිඳ. මගේ නිවසේ පාවිච්චියට යුද හමුදාවෙන් ලබාදුන් මාණ්ඩලික රථයේ රියදුරා සහ ආරක්ෂකයා මා විශ්‍රාම ගත් දවසේ ගියේ හඬා වැලපෙමින්. ඒ මම උන්ට සමානාතමතාවෙන් සලකූ නිසයි. රියදුරා දවසක් බීලා අහුවෙලා මම ඌට කනට එකක් ගැහුවා. එහෙම නොකරත් අමාරුයි. අපේ රට මේ කාලකන්නි යුද්ධයෙන් ගලවාගත් ඒ උතුම් යුග පුරුෂයා, ජෙනරල් ෆොන්සේකා කවදාවත් කාවවත් හුරතල් කලේ නැහැ. ඔබට එයනම් හොඳට මතක ඇති.

      ඇමරිකානු සහ යුරෝපීය යුද හමුදාවල ලබාදෙන පහසුකම් ඔබ දන්නවා ඇති කියා සිතනවා. වාහනවලම සවි කල, යුද භූමියට ගෙන එන වැසිකිලි, රෙදි සෝදන යන්ත්‍ර, දුරකථන පහසුකම්, ඇඳුම් මැසීමේ පහසුකම්, කොණ්ඩය කැපීමේ සිට රූප ලාවන්ය හා සම්බාහන ආදී පහසුකම්. හැබැයි මේ සියල්ල මුදලට. එතකොට ඒ සඳහා වියදම. එතන තමයි ප්‍රශ්නේ. ඒ හමුදාවක සාමාන්‍ය සොල්දාදුවකුට පවා මේ සියල්ල මුදලට කරගෙන, තවත් විශාල මුදලක් ඉතිරි කරගත හැකි වැටුපක් ලැබෙනවා. අපේ රටේ පුද්ගලික සමාගමක ඉතා ඉහල නිලධාරියකුට ලැබෙන තරමේ වැටුපක් ඒ නිලධාරියකුට ලැබෙනවා. සාමාන්‍ය සෙබළෙකුට පුළුවන් (ෆිනෑන්ස් කිරීම කියා දෙයක් ඒ රටවල නැහැ) තමන්ගේ පඩියෙන් අලුත්ම වාහනයක් ගෙවන්න ගන්න. අපි ගැන කුමන කතාද.

      මගේ බ්ලොග් අඩවිය කියවා එහි අඩුපාඩු පෙන්වාදෙන්නේනම් බොහොම ස්තුතියි.

      Delete
    4. දෙවෙනි ඇනෝ, කෙල්ලනේ තත්වය නරක වුනේ නැහැ මචෝ, නරක් කරගත්තා. අත්පුඩියක් ගහන්න අත් දෙකක් ඕනෙනේ. තමන්ගේ ඔලු ගෙඩිය ඇතුලේ දෙහි ගෙඩියක් තරම් වත් මොළ ගෙඩියක් සමහර සෙබල සෙබළියන්ගේ නොතිබුන නිසයි ප්‍රශ්න ඇතිවුනේ, ඇතිවෙන්නේ. අපේ සංස්කෘතිය තවමත් ගෑනිට වරද පටවා මිනිහා සුදනා වෙන එකයි හිතට දුක මචෝ.

      Delete
    5. @ AnonymousApr 7, 2012 02:54 AM,

      උත්තර ලැබුන නිසා මම මොකුත් කියන්නේ නෑ මචෝ

      Delete
    6. @ විචාරක Wicharaka,

      අමුතුවෙන් ඉල්ලන්න අවශ්‍ය නෑ.. මට බැනලා දාන කමෙන්ට් වුනත් මම අයින් කරන්නේ නෑ..

      මේ මගේ බ්ලොගයට ලැබුනු දිගම කමෙන්ටුව. අදාළ පුද්ගලයාට පිළිතුරු ලැබෙන්න ඇතැයි සිතනවා.

      Delete
  18. ඉබ්බන්ගේ ඇතුලේ කූඩැල්ලෝ ඉන්නවා කියලා අදමයි ඇහුවේ. හරීත් අර ගුරුතුමා කිව්ව වැඩේ කරලා බලල තියනවද? කතාව ඇත්තද?

    ReplyDelete
    Replies
    1. බොරුවක් නෙමෙයි.. ඔය පන්තියේ ඉඳන් අත උස්සපු අපේ අම්මා කරලා බලලා තියෙනවා..

      Delete
  19. මාත් එකසැරයක් කාල තියනව. වෙනම පෝස්ටුවක් දාන්න තරම් අත්දැකීම්ත් තියනව. කම්මැලියි. ඉබ්බාට ප්‍රේම කරන්න. මරාගෙන කන්න එපා.

    ReplyDelete
    Replies
    1. හිතුවට වඩා කට්ටිය කාල තියනවනෙ..

      Delete
  20. ඉබ්බො ගැන කියපු තොරතුරු ටිකනම් මරු.. කවදාවත් අහලා තිබුනේ නෑ..

    ස්තූතියි රහස කිව්වට. ඒත් ඕක වෙන්ඩ පුලුවන් වැඩක්ද ? ඉබ්බගෙ මස් ඔච්චර හයියනම් කූඩැල්ලන්ට විදින්ඩ පුලුවන් වෙයිද ?

    අනිත් එක ඉතින් හෝදලා ගන්ඩ බැරිද ?

    ReplyDelete
    Replies
    1. මම ඇහින් නම් දැකලා නෑ.. ඒත් අර ගුරුතුමාගෙ කීම අහන් ආපු අම්මා නම් කරලා තියෙනවා.. ඒ මීට අවුරුදු ගාණකට කලින්.. අවුරුදු 5කට විතර කලින් අපේ පුංචාත් කරලා තියෙනවලු..

      ඇත්ත කියලා ඔප්පු කරන්න කියලා අභියෝග කරන එකේ මාත් කරලා බලන්න ඕනෙ.. හැබයි වෙලක හැදුන කිරි ඉබ්බෙක්ට..

      ඉබ්බගෙ මස් හයියයි කියලා නෙමෙයි කියන්නෙ. ඉබිමස් කෑවම අපේ මස් හයිය වෙනවා කියලා.. උඩ කමෙන්ට්වල මම කියලා ඇති හෝදලා ගන්න බැරි මොකද කියලා..

      Delete
  21. දන්නවද ඉබ්බගෙයි කැස්බෑවගෙයි වෙනස ????









    ඉබ්බට යතුරක් තියනව . . . කැස්බෑවට නෑ

    ReplyDelete
    Replies
    1. ලස්සන කියමනක් ඕනයා. ඔයාට බැරිද ඒ වගේ ප්‍රශ්න සහ පිළිතුරු ගොඩක් නිර්මාණය කරලා පල කරන්න?

      Delete
    2. @ ඕනයා,

      දන්නෝ.. ඒකනෙ මම කලින්ම ඇහුවෙ වෙනස දන්නවා නේද කියලා..

      Delete
    3. @ විචාරක Wicharaka,

      විචාරක මහත්තයා ඔය කියන්නෙ ඕනයියාගෙ කට ගැන නොදැන..

      Delete
  22. ඉබ්බා නොකෑ එක ගැන සතුටු වෙමි.....
    ළඟදීම කුකුලාටද සමු දීමට බලාපොරොත්තු වෙමි...... :)

    ReplyDelete
    Replies
    1. මම මස් මාංශ කන මනුස්සයා නිසා ඔය ගැන මොකුත් කියන්න බෑනෙ...

      Delete
  23. මස් මාංශ කෑම පිලිබඳ ඇත්තේ පිලිකුලකි..කන අයට ඒ ගැන සම්පූර්න අයිතියක් ඇති නිසා..ඔවුන් ගැන නම් පිලිකුලක් නෑ..

    ReplyDelete
    Replies
    1. වෙනී අයියාව සාදරෙන් මේ පැත්තට පිළිගන්නවා...

      ඒ ඒ කෙනාගෙ කැමැත්ත නිසා අපිට මොකුත් කියන්න බෑ..

      Delete
  24. මම දැකලා තියනවා ඉර්‍බබව පණපිටින් උණු වතූර එකකට දානවා.ගොඩක් මස් වර්ග කාලාතියනවා.හැබැයි ඉර්‍බබා නෑ.

    ReplyDelete
  25. @ අටම්පහුර,

    කකුළුවන්ට එහෙම කරනවා කියලා දැනගත්තට ඉබ්බන්ට එහෙම කරනවා කියලා ඇහුවමයි..

    ReplyDelete
  26. මම කවදාවත් ඉබිමස් කාල නැහැ.ඒත් ලුණු දාපු කතාව කියවද්දී මට අප්පිරියාවක් ඇති වුනා.

    ReplyDelete
    Replies
    1. කූඩැල්ලො නම් කොහොමත් අප්පිරියයි..

      Delete
  27. mokatada yakoo oka keewe nokiyama hitiyan iwaraine umbage blog balana eka mama atha ariya umba ganan ussapu nisa . umbamama kapana oya ibi mas tika apita epa

    ReplyDelete
    Replies
    1. ගණන් ඉස්සුවා කිව්වෙ කවදද මචෝ.. මම නම් ඉතින් ගණන් උස්සන්නෙ නෑ බොහොම අහිංසක මනුස්සයා.. ඔය කියපු දේකට විරුද්ධව රිප්ලයි කරා වෙන්න පුලුවන් කවදාහරි... ඒකට ඉතින් තරහා ගන්න කාරිනෑ..

      වැරදිලාවත් ඔයාට එහෙම වෙලා තියනවානම් සමාව භාජනය කරන්න..

      Delete
  28. නියම කතා ගොඩක්. පෝස්ට් එකෙන් වගේම කමෙන්ට්ස් ටිකෙනුත් :D

    මගේ තාත්තත් හමුදා නිලධාරියෙක් වෙලා හිටපු නිසා විචාරකගේ කතාවට මාත් එකඟයි. කොහොම වුණත් ඇනෝ කියන විදිහේ අයත් නැතුවාම නෙමෙයි. ඒත් ඒ බහුතරය නෙමෙයි සුළුතරය. ඒක නිසා සුළුතරයේ තත්වයක් සාමාන්‍යකරණය කරන එක අසාධරණයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හසිත!

      එක මකුණයි ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුණො මරන්නේ වගේ තමයි..

      Delete
  29. මචං හරී,
    උඹේ පොස්ට් එක නම් එල! කොම්මෙන්ට්ස් ටිකත් එල, මම දැක්ක දෙයක් නිවැරදි කරන්නයි ලියන්නෙ. පොස්ට් එකේ තියෙනවා "ඉබ්බා කියන්නෙ උභය ජීවියෙක්. ඒ කිව්වෙ දිය ගොඩ දෙකේම ඉන්න සතෙක්" කියල. මේ දෙකම වැරදියි. ඉබ්බා කියන්නෙ උරගයෙක්. අපි පොඩිකාලෙ ඉගෙන ගත්තෙ "උභය ජීවියෙක් කියන්නෙ දිය ගොඩ දෙකේම ඉන්න සතෙක්" කියලනෙ. එක වැරදියි."උභය ජීවියෙක් කියන්නෙ තම ජීවන චක්‍රයෙදි සම්පූර්ණ ජලජ අවස්තාවක් හමුවන සතුන්ට!" උදාහරණයක් ගත්තොත් ගෙම්බා, උගෙ ජලජ අවස්ථාව තමයි ඉස්ගෙඩියා කියන්නෙ. ඉස්ගෙඩිය ඌට ඕන කරන ඔක්සිජන් ගන්නෙත් ජලයෙන්මයි. එතකොට කිඹුල, කබරය එහෙම උරගයො ගනයටයි අයිති.

    ගංගනාත්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගංගා... මම දැනගෙනහිටියෙ මොන්ටිසෝරියෙ ඉඳලම අපිට උගන්නපු දේනෙ.. ඒත් මම කෙරුවෙ බයෝ නෙමෙයි.. නිවැරදි කිරීම ගැන ඉතාමත් සතුටුවෙනවා.. එතකොට මදුරුවත් ඒ කාණ්ඩෙටම දාන්න පුලුවන් නේද?

      Delete
  30. හරී,
    මගෙ කෙටි උභය ජීවීන් හැදින්වීම නිසා ඒ වගෙ අදහසක් ඇතිවෙන්න පුළුවන්, එත් මදුරුවො උභය ජීවීන් නෙවි. සත්ව වර්ගීකරණයෙදි මදුරුවො වගේ කෘමි සතුන් අයිති වෙන්නෙ ආත්‍රපෝඩා වංශයට. මාළු, උභය ජීවීන්, උරගයන්, පක්ෂීන් හා ක්ෂීරපායින් අයිති වෙන්නෙ කෝර්ඩේටා වංශයට (කොදු ඇට පෙලක් සහිත සතුන් අයත් වංශය ). ඉතින් මදුරුවන්ට ජලජ කීට අවස්ථා තිබුනත් කොදු ඇට පෙලක් නැති නිසා උන් උභය ජීවීන් නොවෙයි.

    ReplyDelete
  31. ඒ කියන්නෙ නම් කිරීම හිතන තරම් සරල නෑ.. වැඩිදුර පැහැදිලි කිරීමට ස්තුතියි!

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...