8.25.2013

මීයා ඇල්ලීමෙන් වළකිමු.

ගොඩාක් අය වගේම මමත් පටන්ගත්තු මුල්කාලෙ ඉඳලම මීයා අල්ලන්න පුරුදුවෙලායි හිටියෙ. තාමත් මතකයි ඒ කාලෙ. මීයා අල්ලගත්තාම කොච්චර ලේසිද? කොච්චර පහසුද කොච්චර ඉක්මන්ද? කියලා තමයි ඒ කාලෙ හිතුවෙ. ඒත් මිනිස්සු වයසින් මෝරද්දි මෝරද්දි මොළෙත් මෝරනවා කියනවානෙ. ඉතින් ටික ටික කල්යද්දි තේරුනා මේ මීයා අල්ලගෙන කරන වැඩ හිතන තරම් පහසුත් නෑ හිතන තරම් ඉක්මනුත් නෑ කියලා. මීයාව අතින් එහාට මෙහාට කරනවාට වඩා වෙන ක්‍රමයකින් මේ ටික කරගත්තා නම් මොකද කියලා හිතුනා. ඉතින් මම ටිකෙන් ටික මීයාගෙන් ඈතට ඈතට යන්ඩ උත්සාහ කරා. අද ඉතින් එහෙම මීයාගෙන් ඈතට යන්ඩ උදව් වෙන උපදෙස් ටිකක් තමයි දෙන්ඩ යන්නෙ. ඕගොල්ලොත් උත්සාහ කරලා බලන්න මීයාව අල්ලන්නෙ නැතුව වැඩ කරගන්න. එතකොට තේරේවි මෙච්චරකල් මොන එහෙකට අල්ල අල්ල හිටියද කියලා.

ඔන්න මට පේනවා කට්ටියක් මේක කියවන්නෙ නැතිව හැරිලා යන්න හදනවා. හෝව්.. හෝව්.. ඔයගොල්ලන්ට මීයෙක් නෑ තමයි. ඒ වෙනුවට ඇඟිලි පාවිච්චි කරනවා කියලත් දන්නවා. ඒත් ඕගොල්ලන්ටත් මේ මම කියන්න යනදේ ප්‍රයෝජනවත් වෙයි. ටිකක් ඉවසීමෙන් කල්පනාවෙන් කියවලා බලන්නකෝ.

8.11.2013

ජේසුස් වහන්සේගේ මරණය

මම ජේසුස් වහන්සේගේ ජීවිත කතාව කියමින් හිටියේ කියලා කියවන කට්ටියට මතකද මන්දා? කාලෙකින් ලියන්න බැරිවෙච්ච නිසා ගොඩක් අයට අමතකත් ඇති. අමතක කට්ටියට මතක් කරගන්නත් නොදන්න කට්ටියට දැන ගන්නත් පුළුවන් පහල තියෙන ලිපි ටික කියෙව්වානම්.

1. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්)
2. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) අද කියන්න
3. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ දෙවෙනි කොටස
4. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය....... අවසාන කොටස
5. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය
6. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය දෙවන කොටස

ඉහල ලිපි ටිකේ කාරණා සාරාංශයක් විදිහට ගත්තොත් මුලින්ම අපි ජේසුස් වහන්සේගේ ඉපදිම ගැන කතා කළානෙ. උන් වහන්සේට ගව මඩුවක ඉපදෙන්නට සිද්ධවෙච්ච හැටි වගේම පෙරදිගින් ශාස්ත්‍රවන්තයෝ උන් වහන්සේව හොයාගෙන ආපු හැටි තිබුනෙත් පළමුවෙනි ලිපියෙ. ඊළඟ ලිපි තුනෙන්ම අපි කථාකළේ ජේසුස් වහන්සේ ප්‍රසිද්ධ ජීවිතය ගතකළ හැටි. උන් වහන්සේ සිදුකළ දේශනා, ප්‍රාතිහාර්‍යය වගේම දේශනාවලදී යොදාගත්තු උපමා ගැනත් පරිසිවරුන් වැනි ආගමික නායකයන් හා ඇති කරගත් ගැටුම් ගැනත් කියවන්න ලැබුනා.  ඉතින් අන්තිමට මම ලිව්වෙ ජේසුස් වහන්සේව තමුන්ගේම ගෝළයෙක් විසින් පාවා දීමෙන් පස්සෙ මරණ දඬුවම නියමවෙච්ච හැටි.

අද එතැන් සිට...

7.31.2013

නානමුරේ

මීට වසර දහසකට පමණ පෙර, ඉන්දියාවේ කේරළය


මුළු කේරළයටම අගරජුවූ සේරමන් රජතුමා නිදිසුව ලබමින් සිය සිරියහන් ගබඩාවේ සැතපී සිටියේය. රජු නිදනා පැය කිහිපයේදී එතුමන්ගේ ආරක්ෂාව භාරවූ රාජපුරුෂයෝ ද නිහඬව නිස්කලංකව ගබඩාවේ දොරටු රැකවලේ නිරතව උන්හ. මනාව පුහුණුවලත් කාර්‍යයශූරවූ සෙබල මුලෙන් මිදී රජුගේ නින්දට බාධා කිරීමට යාමට මැස්සෙකුටවත් ඉඩ ප්‍රස්ථාවක් තිබුනේ නැත. රජු සුව නින්දේය.

එහෙත්, ගතවූයේ නිමේෂයකි.  රජුගේ මඟුල් උයනේ මඟුල් පොකුණ අසලින් විශාල ශබ්දයක් පැන නැග්ගේය. පොකුණ අසලින් නොනැවතුණ එය උයන හරහා රජ මාළිගයටද එතනින් සිරියහන් ගබඩාවටද වැදුනේය. තවදුරටත් නතර නොවී රජුගේ කනෙන් ඇතුළු වී කන් බෙරයේ වැදුනේය. ඒත් සමගම රජුගේ ඇස් ඇරුණි. තම ජීවිතයට තර්ජනයකැයි බියෙන් තැතිගත් රජු වහා ඇඳෙන් (නෑ.. නෑ.. සිරි යහනින්) පැන්නේය. එහෙත් එය ජීවිත තර්ජනයක් නොව නිකන්ම නිකන් ශබ්දයක් බව දැනගත් හෙතෙම ලජ්ජාවට පත්විය. නිදිසුවයට බාධාවීම ගැන කෝපයෙන් දැවුනේය. "වහාම.. මේ වහාම ඒ ශබ්දය ඇතිකළ එකා රැගෙන එනු" රජුගේ විශාලවූ දෑස් සිය සෙබල මුල වෙත යොමුවුණි.
Related Posts Plugin for WordPress, Blogger...