2.12.2013

පාප්තුමාගේ නික්මයෑම.....

16ව්නි බෙනඩික් පාප්තුමා ධූරයට පත්වූ මොහොත
වත්මන් පාප්තුමා වන දාසය වන බෙනඩික් පාප්තුමාගේ ඉල්ලා අස්වීමත් සමඟම පාප්තුමාගේ විශ්‍රාම යෑම පිළිබඳ ලිපියක් පල කරන ලෙස ඉල්ලා දසතින්ම ඉල්ලීම් ගලා එන්නට උනා. ඉල්ලීම වගේම මරණ තර්ජනත් ආවා. ඒක නිසා ගෙදර ඇවිත් අධික වෙහෙස මහන්සිය මැද්දෙ නිදිකිරා වැටෙමින් තමයි මේ ලිපිය ලියන්නෙ. ඒක නිසා වැරදීම් වලට සමාව භාජනය කරන ලෙස ඉල්ලා සිටිනවා.
පුංචි බෙනඩික්, මේ 1932දි

 1. කවුද පාප්තුමා කියන්නෙ? 

 ඒකට පිළිතුර මෙන්න මේ ලිපියෙ ඇති. පාප්තුමා 1

 2. එතකොට 16වෙනි බෙනඩික් පාප්තුමා කියන්නෙ? 

නාසි සේනාංකයේදි
16 වෙනි බෙනඩික් පාප්තුමා වෙන්නෙ 1927 අප්‍රියෙල් 16වෙනිදා ජර්මනියෙ බැවේරියා නුවර ඉපදිච්ච ජෝසප් රැට්සින්ගර් කියන පුංචි ළමයා. ජෝසප් රැට්සින්ගර් කියන්නෙ කතෝලික ආගමට බොහෝම ලැදිව හිටපු පවුලක දරුවෙක්. පොඩි කාලෙ තේරෙන වයසෙ ඉඳලම පූජකතුමෙක් වෙන්න ආසාවෙන් තමයි ඉඳලා තියෙන්නෙ. 

1939දි පූජකවරය බලාපොරොත්තුවෙන් සෙමනේරියට ඇතුළු උනත් 1942 දි සෙමනේරි සියල්ලම වසා දැමෙන නිසා ජෝසප්ට සිදුවෙනවා ගෙදර යන්න. සෙමනේරි වසා දැමෙන්නෙ හිට්ලර් විසින් දෙවන ලෝක යුද්ධය ආරම්භ කිරීම නිසා. 
            
ඒ කාලෙ අවුරුදු 14 පිරුණු සෑම ජර්මානු තරුණයෙකුටම වගේ ජෝසප්ටත් සිදුවෙනවා හිට්ලර්ගෙ තරුණ බලකායට බැඳෙන්න. ඉන්පසු නාසි හමුදා පුහුණුවලටත් සහභාගි උනාලු.  යුද්ධය ඉවර උනාට පස්සෙ පියතුමෙක්, රදගුරුතුමෙක් ඉන්පස්සෙ කාදිනල් තුමෙක් වෙලා තමයි 2005දි 16 වෙනි බෙනඩික් පාප්තුමා නමින් රෝමානු කතෝලික සභාවේ නායක තනතුරට පත්වෙන්නෙ.

වත්මන් පාප්තුමාගේ නිල ලාංඡනය
3. 16 වෙනි බෙනඩික් පාප්තුමා ඉල්ලා අස්වෙනවද?  ඒ ඇයි?

පාප්තුමාට ලබන අප්‍රියෙල් 16 වෙනිදට වයස 86ක් වෙනවා. එතුමා පවසන පරිදි තමන්ගේ ශක්තිය පිරිහීයාමත් වගේම වයෝවෘද්ධ භාවයත් නිසා තවදුරටත් පාප් තනතුරේ සිටීමට සුදුසු නෑ කියා හිතනවාලු. "that my strengths, due to an advanced age, are no longer suited to an adequate exercise of the Petrine ministry."

පාප්තුමෙකුට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ බලය තිබෙන බවත් මෙම ඉල්ලා අස්වීම කිසිවෙකුගේ බලපෑමෙන් තොරව සිදුවන දෙයක් බවත් වතිකානු මාධ්‍ය ප්‍රකාශක Rev. Federico Lombardi ප්‍රකාශ කරනවා.'

4. පාප්තුමෙකුට ඉල්ලා අස්විය හැකිද?

පාප්ධූරය අරාජික වූවිට භාවිතා වන ලාංඡනය
පාප්තුමෙකුගේ ඉල්ලා අස්වීම ඉතා කලාතුරකින් සිදුවන තරමක් අසාමාන්‍ය දෙයක් වුවත් රෝමානු කතෝලික සභා නීතිය අනුව පාප්තුමෙකුට ඉල්ලා අස්විය හැකියි. "පාප්තුමෙකුට ඉල්ලා අස්විය හැක. නමුත් එය වලංගු වීමට නම් පාප්තුමා ස්වකිය නිදහස් කැමැත්තෙන් ඉල්ලා අස්විය යුතු අතර එය නිල වශයෙන් ප්‍රකාශ කළ යුතුය. එහෙත් කවුරුන් විසින් හෝ එය අනුමත කළ යුතු නොවේ."
 "If it should happen that the Roman Pontiff resigns his office (munus), it is required for validity that he makes the resignation freely and that it be duly manifested, but not that it be accepted by anyone." 

මම කලින් පාප්තුමා ගැන ලියපු ලිපි මාලාවෙදි කිව්වා වගේම පාප්තුමාගේ ඉල්ලා අස්වීම භාරගැනීමට බැඳී සිටින පුද්ගලයෙකු හෝ විශේෂ කණ්ඩායමක් ගැන නීතියෙ සඳහන් වන්නේ නෑ. නමුත් බහුතර පිළිගැනීම වන්නේ ධූරය හැරයාමේදී කාදිනල් වරුන්ගේ එකමුතුවට හෝ අවම වශයෙන් එහි ප්‍රධානියාටවත් දැන්විය යුතුබවයි. මොකද ඊළඟ පාප්තුමා පත්කිරීමේ කටයුතු හැකි ඉක්මණින් ආරම්භ කළ යුතු නිසා.

5. මීට පෙරත් පාප්තුමන්ලා ධූරය හැර ගියාද?

16වෙනි බෙනඩික් පාප්තුමා ධූරය හැරගියහොත් රෝමානු කතෝලික සභාවේ පාප්ධූරය හැරයාමක් වෙන්නෙ අවුරුදු 600කට පස්සෙ. හරියටම කිව්වොත් 1415දි 12 වෙනි ග්‍රෙගරි පාප්තුමා ධූරය හැර යාමෙන් පස්සෙ. මීට අමතරව 1045දි 9වෙනි බෙනඩික් පාප්තුමාත් 1294දි පස්වන සෙලස්තීන් පාප්තුමාත් ධූරය හැරගොස් තිබෙනවා. 16වෙනි බෙනඩික් පාප්තුමා ධූරය හැරගියහොත් ඉල්ලා අස්වූ 4වෙනි පාප්තුමා බවට පත්වෙනවා. 

පාප්තුමා තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කරයි
අනිත් කොටස තමයි ඉල්ලා අස්වීම් ඉදිරිපත් කළත් ඒවා නිල වශයෙන් සිදුවී නැති අවස්ථා. පළවෙනි අවස්ථාව තමයි ප්‍රංශ විප්ලවය කාලෙදි තමන්ව අත්ඩංගුවට පත්වුවොත් ධූරයෙන් ඉල්ලා අස්වූවායැයි සළකන ලෙස 7වන පියුස් පාප්තුමා ලියපු ලිපිය.දෙවන ලෝක යුද්ධ කාලෙ පාප්ධූරය දරපු 12වන පියුස් පාප්තුමාත් ඉල්ලා අස්වීමේ ලිපියක් ලියා තිබෙනවා. යම් හෙයකින් තමන්ව නාසි අත්ඩංගුවට පත්වුවොත් ධූරය හැරගියා ලෙස සැළකීමටත් ඒ වෙනුවට නව පාප්තුමෙකු පත්කරගැනීමටත් අවසර දෙමින්. ඊළඟ අවස්ථාව බොහොම මෑතක සිදුවෙච්ච දෙයක්. තමන් යම් රෝගාබාධයකට ලක්වී ධූරයේ වැඩකටයුතු කළ නොහැකි තත්වයට පත්වූවොත් තමන් ඉල්ලා අස්වූවායි සළකන ලෙස ඉල්ලමින් දෙවන ජුවාම් පාවුළු පාප්තුමාද ඉල්ලා අස්වීමේ ලිපියක් ලියා තිබෙනවා. නමුත් මේ කිසිවක් ඉල්ලා අස්වීම් ලෙස නිල වශයෙන් පිළිගන්නේ නෑ. වැඩි විස්තර මම කලින් ලියපු  මේ ලිපියෙන්.

6. වර්තමාන පාප්තුමා ධූරය හැරයන්නේ කවදාද? 

නිල වශයෙන් ප්‍රකාශ කළ හැටියට නම් 2013 පෙබරවාරි මාසෙ 28වෙනිදා රෝම වෙලාවෙන් ප.ව. 8.00 ධූරය හැරයාමට නියමිතයි.

7. නව පාප්තුමෙක් පත්වෙන්නෙ කොහොමද?

මේ ලිපි දෙක කිවන්ඩකො.

8. ඊළඟ පාප්තුමා කවුරු වෙයිද? 

පාප්තුමා පත්වීමේ නීතියෙ හැටියට කවුරු වෙයිද කියන්ඩ බෑ. කාදිනල් මඬුල්ලේ තුනෙන් දෙකක් ඡන්දය මට ලැබෙනවා නම් මටත් පාප් ධූරයට පත්වුනෑකි.  නමුත් සාම්ප්‍රදායිකව කාදිනල්වරුන්ගෙන් කෙනෙක්ම තමයි පාප්ධූරයට පත්වෙන්නෙ.  එහෙම නොවුන අවස්ථාත් නැතුවම නෙමෙයි.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා
ඊළඟ පාප්ධූරය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කාදිනල්වරු 118දෙනෙකු සුදුකම් ලබා තිබෙනවා. ඒ අතර ශ්‍රී ලාංකිකයෙකු වන මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාද සිටීම ශ්‍රී ලාංකිකයන් වන අපිට විශේෂ කාරණාවක් නේද? 

මතකනෙ ඡන්දය ප්‍රකාශ කරන්න නම් කාදිනල්වරයෙක් වෙන්න ඕනෙ වගේම අවුරුදු 80ට අඩු මනා සිහිකල්පනාවෙන් යුතු කෙනෙක් වෙන්න ඕනා. බලමුකො ඡන්දය ප්‍රකාශ කරන්න සුදුසුකම් ලැබූ කාදිනල්වරුන්ගෙ සංයුතිය. 

ප්‍රදේශ අනුව ගත්තාම
බ්‍රසීලයේ João Braz de Aviz කාදිනල්තුමා
  • යුරෝපීය 62
  • උතුරු ඇමරිකානු  17
  • දකුණු ඇමරිකානු 13
  • අෆ්‍රිකානු 11
  • ආසියානු  11
  • මධ්‍යම ඇමරිකානු 3
  • ඕෂනියානු 1
රටවල් විදිහට ගත්තාම 
  • ඉතාලියෙන්  28
  • ඇමරිකාවෙන්11
  • ජර්මනියෙන් 6
  • බ්‍රසීලය, ඉන්දියාව, ස්පාඤ්ඤය 5 බැගින්
  • ප්‍රංශය, පෝලන්තය 4 බැගින්
කාදිනල්වරු 118 දෙනාගෙන් 28දෙනෙකුම ඉතාලි ජාතිකයන් වීම ඉතාලි ජාතික කාදිනල් වරයෙකු පාප් තනතුරට පත්වීමේ සම්භාවිතාව වැඩි කරනවා. නමුත් ලෝකය පුරා බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ දැන්වත් කළු පාප්තුමෙකු පත්වියයුතු බවයි. 
  
Papabile යන ඉතාලි වචනයෙන් හඳුන්වන්නෙ ඊළඟ පාප්ධූරයට පත්වෙතැයි අනුමාන කර කාදිනල්වරුන්ව. (one who might become pope).ජනතාව ඒ පිළිබඳ උනන්දුවෙන් පසුවීම කොතෙක්දයත් මේ වනවිටත් කාදිනල්වරු කීපදෙනෙක්ම නම් කොට අවසානයි. එසේ කලින් ප්‍රකාශ කළ කාදිනල්වරුන්ම පාප්ධූරයට පත්වූ අවස්ථා මෙන්ම එසේ නොවූ අවස්ථාද ඉතිහාසයේ තිබෙනවා. එහෙම නොවෙච්ච අවස්ථා ගනන වැඩිනිසා තමයි "පාප්තුමෙකුවී නිලවරණයට යන්නා කාදිනල්වරයෙකුවී එළියට එයි" (He who enters the conclave as Pope, leaves it as a cardinal.) කියලා ඉතාලි කියමනක් තිබෙන්නෙ. පාප්ධූරයට පත්වෙතැයි අනුමාන කරන කාදිනල් වරුන්ව මෙතනින් බලන්න. මෙවර ඉදිරියෙන්ම ඉන්නෙ බ්‍රසීලයේ João Braz de Aviz කාදිනල්තුමා.

9. නව පාප්තුමෙකු පත්වීමෙන් පසු වත්මන් පාප්තුමාට කුමක් සිදුවේද? 

එතුමා පවසන පරිදි තාපසාරාමයකට ගොස් ජීවිතයේ අවසාන කාලය යාච්ඤාවෙන් ගතකරාවි.

10. 16 වෙනි බෙනඩික් පාප්තුමා අවසාන පාප්තුමාද? 

මම කලින් පාප්තුමා ලිපි පෙළේදී කිව්ව විදිහට ශු. මලාකිතුමා අනාගත පාප්තුමන්ලා පිළිබඳ අනාවැකි ප්‍රකාශකොට තිබෙනවා. එතුමා එක් එක් පාප්තුමා වෙනුවෙන් වැකි එක බැගින් 112ක් ප්‍රකාශ කොට තිබෙනවා. මලාකිතුමා පවසන පරිදි එම වැකි අවසානයත් සමඟ පාප්ධූරයේත් රෝමයේත් අවසානය වේවි.  16 වෙනි බෙනඩික් පාප්තුමාට අදාළ උනේ 111වෙනි එක. නමුත් මේක රෝමානු කතෝලික සභාවේ නිල පිළිගැනීමක් ඇති කාරණාවක් නෙමෙයි.

කියන්න කාරණා බොහෝමයි.  ඒත් මේ ඊට වෙලාව නෙවෙයි. ඉතුරු ටික නිවී හැනහිල්ලෙ කියන්නම්. එතකන් මම පාප්ධූරය ගැන ලියපු ලිපි බලන්න. 

5. නිල ලාංඡන

විශේෂ ස්තුතිය :  විචාරක මහත්මා, හසිත ඇතුළු මේ පිළිබඳ උනන්දුවූ හා මා උනන්දු කළ සැමට (නම් වශයෙන් කියන්න ඕනෙ නෑනෙ නේද? :) ) හා යම් යම් කරුණු පිළිබඳ දැනුවත් කළ ගිහාන් සහෝදරතුමාට.    

උණුසුම් පුවත් වෙනුවෙන් රැඳී ඉන්න..

මූලාශ්‍ර :
  • http://www.canonlaw.info/ten_conclave.htm
  • http://catholicvote.org/discuss/index.php?p=42396
  • http://en.wikipedia.org/wiki/Early_life_of_Pope_Benedict_XVI
  • http://en.wikipedia.org/wiki/Papal_resignation
  • http://www.cnn.com/2013/02/11/world/europe/pope-resignation-q-and-a/index.html
  • http://www.bbc.co.uk/news/world-21411304

88 comments:

  1. බැවේරියා කියන්නෙ නගරයක් නෙවෙයි බොලං, ප්‍රාන‍‍‍්තයක්.. නිදිමතේ කියපු නිසා සමාවක් දෙනවා.. :)

    මාතෘකාවට:-

    පාප් තුමා ඉල්ලා අස්වෙන්ට යනවායි කියන නිවුස් එක මට නම් ගෙනාවේ ෂොක් එකක්.. හිතුවෙම නැති දෙයක්.. ඒත් ඉතිං බැරි නම් මක් කරන්ටද නේද.? කරන්ට පුළුවන් කෙනෙකුට දීලා යන එක තමා හොඳම දේ..

    නව පාප් තුමෙක් පත් කිරීමේදී මහළු කෙනෙකුට වඩා යම් තරමක තරුණ කෙනෙකුට අවස්ථාවක් නොලැබෙන්නේ ඇයි.!? ඇත්ත, වයස හා අත්දැකීම් වටිනවා තමා.. ඒත් අඩුගානෙ මැදිවියේ කෙනෙකුටවත්.. මට මතක හැටියට අඩුම වයස 45ක්ද කොහෙද වෙන්න ඕන නේද පත්වෙන්න.? ඉතිං මැදිවියේ කෙනෙකුට ලැබුනොත් දිගු කාලයක් සේවාව සලසන්න හැකියාවක් ලැබෙනවා නේද.?

    ReplyDelete
    Replies
    1. 2වන ජුවාම් පාවුළු පාප් වහන්සේ පත් වුනේ වයස අවුරුදු 58 දී යි.

      Delete
    2. @ බුරයියා,

      "බැවේරියා කියන්නෙ නගරයක් නෙවෙයි බොලං, ප්‍රාන‍‍‍්තයක්" ඇත්ත නේන්නම්.. සමා වෙන්ඩ ඕනෙ.. :)

      "පාප් තුමා ඉල්ලා අස්වෙන්ට යනවායි කියන නිවුස් එක මට නම් ගෙනාවේ ෂොක් එකක්" මටත් එහෙමයි.. සමහර අයට කිව්වට විශ්වාස කරන්නෙත් නෑ.. සමහරු කියනවා කාගෙහරි බලපෑමකින් වෙන දෙයක් කියලා..

      "නව පාප් තුමෙක් පත් කිරීමේදී මහළු කෙනෙකුට වඩා යම් තරමක තරුණ කෙනෙකුට අවස්ථාවක් නොලැබෙන්නේ ඇයි.!?"
      ඒක ඉතින් අහන්න ඕනෙ කාදිනල් මණ්ඩලයෙන්ම තමයි.. නමුත් අවුරුදු 18 පාප්තුමන්ලාත් හිටියා කියලා අමතක කරන්ඩ හොඳ නෑ.. සමහරවිට ඒ අඩු වයසෙ පාප්වරු පිස්සු නැටුව නිසා වෙන්න ඇති අඩු වයසෙ කෙනෙක්ව පත් නොකරන්නෙ..

      "ඉතිං මැදිවියේ කෙනෙකුට ලැබුනොත් දිගු කාලයක් සේවාව සලසන්න හැකියාවක් ලැබෙනවා නේද.?" ජනපතිකම් දරන්නෙත් කෙටි කාලයක් වෙන එකේ කෙටි කාලෙකින්ම පාප්තුමන්ලා මාරුවෙන එක නම් ලොකු දෙයක් නෙමේ කියලයි මට හිතෙන්නෙ.. මේ පාප්තුමත් අවුරුදු 8ක් හිටියනෙ.. ඒත් මේ ඉල්ලා අස්වීම් පුරුද්දට යාමත් හරි නෑ.. සම්ප්‍රදාය බිඳ වැටෙනවනෙ.. එතකොට කැමලැන්ගෝලට තමයි පාඩු.. මිටියෙන් පාප්තුමාගෙ ඔළුවට ගහන්ඩත් බැරිවෙනවනෙ.. :)

      @ ගිහාන්,
      එතුමා අඩු වයසින් පත්වීමෙන් අවුරුදු 26ක්ම ධූරයේ රැඳී හිටියා..

      Delete
  2. හරී, මේ ලිපිය නම් හදිසි වුනත් හොඳට ලියලා තියෙනවා. නොදන්න සහ කුතුහලයෙන් පෙළෙන හැම දෙනාටම වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. අගය කිරීමටත් තොරතුරු සොයාදුන්නටත් ස්තුතියි සහෝදරතුමා..

      Delete
  3. Isnt that 800 years ago?

    ReplyDelete
  4. අනේ ඔය මොනකුරුස කාරයට මොනවා උනාම අපිට මොකෝ, අපේ රටේ හිටිය බෞද්ධයංව ආගමට හරවල අපේ රට විනාස කරපු ඔය කුරුසේ එල්ල ගත්ත හැත්තෑ මකබෑවෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. @ Anonymous February 12, 2013 at 3:02 AM

      ඔන්න ඉතින් කට්ටිය පටන් ගත්තා. ලෝකේ වෙන සිද්ධියක් ගැන අවබෝධයක් ලබාගන්න අකමැති නම් කමක් නැහැ ඒත් ඒකට කෑ ගහන්න ඕනෙද ?

      අනික ඉතින් අපිට මොකෝ කියන්නේ ඊට වඩා ප්‍රශ්න අපිට තියෙනවානේ නේද :P හලාල් ප්‍රශ්නේම හොඳටෝම ඇතිනේ :D

      Delete
    2. බූරු ගතිය පෙන්නන්න එපා ඇනෝ.....මමත් මේ එකක්වත් විශ්වාස කරන්නෑ.ඒ උනාට වෙන මිනිහෙක්ගේ විශ්වාසෙට ගරහන්න එපා.ඒ ගැන විකල්ප මතයක් තියෙනවනං සංයමයෙන් ඒක කිව්වනං ඉවරනේ.ඔබ බෞද්ධයෙක් නං වෙන්ඩ බෑ.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. @ Anonymous February 12, 2013 at 7:25 PM

      දැන් එතකොට මේ මහත්මයා මොකක්ද කරන්න ඕනෙයි කියලා යෝජනා කරන්නේ ???

      ඔබ බෞද්ධයෙක් නම් බුදුන් වහන්සේ දේශනා කළ වදාළ

      නහී වේරෙන වේරානි - සම්මන්තීධ කුදාචනං
      අවේරේනච සම්මන්ති - ඒස ධම්මො සනන්තනෝ

      යන බුදු වදන ඔබට සිහිපත් කරන්නත් කැමතියි :)

      Delete
    5. ඇනෝ එහෙම මකබෑවුනාම ඔක්කොම හරි යයිද ? බෞද්ධයො ආගමට හරුනනම් ඒක ඒ හැරිච්ච බෞද්ධයන්ගෙ මිසක් කුරුස එල්ල ගත්ත අයගෙ වරදක් නෙමේ. කිසිම ආගමකට බලෙන් හරව ගන්න බෑ කියලා ඕනැම මෝඩයෙකුට තේරෙනෙවනෙ..

      උඹලා වගේ බොරු බෞද්ධයො හින්දා බෞද්ධයො ඔක්කොම ගැන වැරදි ආකල්පයක් පැතිරෙන්නෙ.

      Delete
    6. @ AnonymousFebruary 12, 2013 at 3:02 ඇM

      ඔබතුමාට ආගමික සහජීවනය වගේ දේවල් කියලා වැඩක් නෑ කියලා හිතනවා.. මේ වගේ ලිපි දැක්කාම ලේ කෝප වෙනවා නම් මේ පැත්තෙ නෑවිත් ඉන්න.. නිකන් බොරුවට තරහා ගන්න ඕනෙ නෑනෙ..

      මගේ බ්ලොගයේ ඉවත් කරන්න වුන දෙවෙනි කමෙන්ටුව... මම හිතන්නෙ මීට කලින් ඉවත් කළ පළවෙනි කමෙන්ටුවත් ඔබේ.. මම විරුද්ධ මත ඉවසන කෙනෙක් වුනත් අසංවර විදිහට අනික් අය විවේචනය කිරීම අනුමත කළ නොහැකියි..

      Delete
    7. @ හසිත, දිනුක, සෙන්නා

      තමන් අදහන ඕනෑම ආගමක් හරියට පිළිපද්දින්නා අනිත් ආගම් විවේචනය නොකරයි. කියලයි මාත් හිතන්නෙ

      Delete
  5. මටත් මේ නිව්ස් එක ඇහුනු ගමන් මතක් උනේ හරීව... මේ ගන ලියන්න කියන්න ඕන කියල මටත් හිතුනා, අපට බොහොම ආගන්තුක විෂයයක් හින්දා... බොහොම ස්තුතියි නිදිමතේම මේක පල කරපු එකට....

    ReplyDelete
    Replies
    1. හුඟක් නිදිමතේ හිටියෙ.. ඒත් වැරදිවෙලා තියෙනවා නම් අඩුයි.. :)

      Delete
  6. මටත් ඊයේ මේ නිව්ස් ඇහුව හැටියේ මතක් උනේ හරීව. කෝල් එකක් දෙන්ට හදපුවාම තමා මතක් උනේ ෆෝන් නම්බර් එක නෑ නේද කියලා. හී හී...

    මටත් හිතුනේ ටිකක් තරුණ කෙනෙක් අලුතෙන් පත් කලා නම් හොඳ බව. දැන් නම් කලු ජාතිකයෙකුට ඔය තනතුර ලැබෙන්ට කාලය හරි. අර ලංකාවේ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාට එය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.:)

    // කාදිනල් මඬුල්ලේ තුනෙන් දෙකක් ඡන්දය මට ලැබෙනවා නම් මටත් පාප් ධූරයට පත්වුනෑකි.//

    අපිට ඉතින් එතකොට ලෝකයේ පලමුවෙනි වරට පාප් කෙනෙක් ලියන බ්ලොගයකුත් බැලුව හැකිවෙයි නේද? :D

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමයි පොඩ්ඩිගේ කතාව..අපිට කියන්න පුළුවන් මේ අපිත් එක්ක බ්ලොග් ලිව්ව එතුමා තමයි කියලා..

      Delete
    2. "මටත් ඊයේ මේ නිව්ස් ඇහුව හැටියේ මතක් උනේ හරීව. " ඒ මොකෝ මාව මතක් වෙන්නෙ.. මම පාප්තුමාගේ නිල මාධ්‍ය ප්‍රකාශකද? :) හරි.. හරි.. නම්බර් එක දෙන්නම්කො... :)

      එහෙම හිතෙන එක නම් හොඳයි තමයි. ඒත් ඉතින් සිස්ටයින් දේවස්ථානයෙන් පාප්තුමා කියලා කෙනෙක් එළියට එනකම් අපි දන්නෙ නෑනෙ කවුද කියලා..

      "ලංකාවේ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාට එය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු" අලුත්ම papabile ලැයිස්තුවල මුල දහදෙනා අතර වගේ එතුමාත් ඉන්නව... මම දැක්කා එකක දෙකටත් ඉන්නවා.. ආසියාව පැත්තට කැරකුනොත් කෙලින්ම මෙහෙ කියලා තමයි ගොඩක් දෙනා කියන්නෙ..

      තව සතියකින් විතර papabile ලැයිස්තුව ගැන අලුත්ම තත්වය කියන්නම්කො..

      "අපිට ඉතින් එතකොට ලෝකයේ පලමුවෙනි වරට පාප් කෙනෙක් ලියන බ්ලොගයකුත් බැලුව හැකිවෙයි නේද? " :D

      @ දයානන්ද රත්නායක,

      ආඩම්බරයි නේද? :)

      Delete
    3. දැනට ඉතාලියේ anjelo bagnasco රදගුරුතුමා,කැනඩාවේ රදගුරුතුමා,පිලිප්පීනේ අගරදගුරුතුමා,ඝානාවේ අගරදගුරුතුමා,බ්‍රසීලේ රදගුරුතුමා වගේ කීප දෙනෙක් ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්නේ,,ඒ අතර ලංකාවේ මැල්කම් රංජිත් අගරදගුරුතුමා ගැනත් විටින් විට කියවෙනවා,,බලමු මම හිතන්නේ නොහිතන පැත්තකට කැරකේවි මේ පාර

      Delete
    4. පාප්තුමා වෙනුවෙන් නිල වශයෙන් හෝ බ්ලොග් එකක් පවත්වාගෙන යන්න වතිකානුව අදහස් කරන්නේ නැද්ද.?? මේ ළඟදි twitter account එකක් නම් open කලා නේද.??

      Delete
    5. "පාප්තුමා වෙනුවෙන් නිල වශයෙන් හෝ බ්ලොග් එකක් පවත්වාගෙන යන්න වතිකානුව අදහස් කරන්නේ නැද්ද.?" මාර ප්‍රශ්නනෙ අප්පා අහන්නෙ.. :)

      "මේ ළඟදි twitter account එකක් නම් open කලා නේද.??" ඔව්.. ටුවිටරයක් තියෙනවා..

      Delete
  7. මේ පැත්තේ නම් ඊයේ ඉඳළම කතාව මේ මාතෘකාව ගැන , ඒත් මේ ගැන නියම විස්තරයක් නොදැන හිටි අපට ඔබේ ලිපියෙන් සැහෙන දැනුමක් ලබා ගන්නට පුළුවන් වුනා .
    ස්තුතියි හරී .

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙ කතෝලිකයො වැඩි හින්දා මේ ගැන වැඩිපුර කතාවෙනවා ඇති.. දැනුමක් ලැබුනා නම් මම දරපු මහන්සිය අහක ගියේ නෑ කියලා හිතෙනවා..

      Delete
  8. බොහොම ස්තුතියි හරී මේ දීර්ඝ සහ සවිස්තර ලිපියට. මම මීට පෙර අහලා තිබුනෙවත් දැනගෙන හිටියෙවත් නැහැ පාප්තුමාට ඉල්ලා අස්වියහැකි බව. ඒ නිසයි මේ ආරංචිය දැනගත් හැටියේම ඔයාට කතාකලේ.

    දවසේ සේවය නිමවා ගෙදර ඇවිත් වෙහෙස නොබලා ඉදිරිපත් කල මේ ලිපිය අතිශයින්ම අගය කරනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්මයාගේ ඇමතුමෙන් තමයි මම මුලින්ම මේ ගැන දැනගත්තේ..

      කාලෙකට කලින්,පාප්තුමා ඉල්ලා අස්වෙන්ඩ යනබවට කතාවක් තියෙනකොට මම හිතන්හිටියෙ කටකතාවක් කියලා..

      බොහෝම ස්තුතියි!

      Delete
  9. ඔන්න යමක් කිව්වාම අහන හොඳ ළමයි :) තකහනියේ වුණත් මේ ගැන ලිව්ව එක හොඳා. මොකද ෆෝන් එකට news alert එකක් විදිහට මේක ආපුවාම පුදුමත් හිතුණා.

    මම කලින් කිව්වත් වගේ බ්ලොග් ලියන වගකිව යුතු රෝමානු කතෝලිකයෙක් විදිහට ඒක අයියාගේ යුතුකමකටත් වඩා වගකීමක් වෙන නිසා මේක ලිවිය යුත්තක්.

    දැන් එතකොට පාප්තුමා ප්‍රකාශ කරපු ඉල්ලා අස්වීම කාඩිනල් මණ්ඩලය භාර අරගෙනද තියෙන්නේ ? ඒ වගේමයි ඉල්ලා අස්වීමක් ඉල්ලා අස්කරගන්න පුලුවන්ද ?

    //..නමුත් එය වලංගු වීමට නම් පාප්තුමා ස්වකිය නිදහස් කැමැත්තෙන් ඉල්ලා අස්විය යුතු අතර එය නිල වශයෙන් ප්‍රකාශ කළ යුතුය. එහෙත් කවුරුන් විසින් හෝ එය අනුමත කළ යුතු නොවේ....//

    කාලෙකට කලින් පාප්තුමන්ලා ගැන පත්තරේ ගිය ලිපියක තිබුණේ දෙවියන් වහන්සේගේ මිහිපිට සිටින නියෝජිතා වෙන පාප්තුමන්ගේ ඉල්ලා අස්වීම භාරගන්න සමත් වෙන්නේ දෙවියන් වහන්සේම හැර අන් කවුරුන්ද වගේ ප්‍රකාශයක්.

    එතකොට මාර්තු මාසය පටන් ගත්තු ගමන්ම කාඩිනල් මණ්ඩලය රැස් කරලා අලුත් පාප්තුමාව පත් කරන්න ඡන්ද විමසීම ආරම්භ කරයි නේද ??

    ReplyDelete
    Replies
    1. @ හරී

      //...ඉල්ලීම වගේම මරණ තර්ජනත් ආවා....//

      පුහ් :P මරණ තර්ජන ?? :D

      Delete
    2. පුහ් නෙමේ හසිත, අන්න ගඟ ළඟ පොලෝසිය ඇන්ට්‍රියකුත් දාලා... :)

      Delete
    3. "මම කලින් කිව්වත් වගේ බ්ලොග් ලියන වගකිව යුතු රෝමානු කතෝලිකයෙක් විදිහට ඒක අයියාගේ යුතුකමකටත් වඩා වගකීමක් වෙන නිසා මේක ලිවිය යුත්තක්. " :O

      "දැන් එතකොට පාප්තුමා ප්‍රකාශ කරපු ඉල්ලා අස්වීම කාඩිනල් මණ්ඩලය භාර අරගෙනද තියෙන්නේ ?"පාප්තුමාට ඉහළින් කිසිවෙක් නෑනෙ.. ඉතින් මම පෝස්ටුවේදී කිව්වා වගේ ඒක කවුරුත් භාරගතයුතු නෑ.. පාප්තුමා "මම ඉල්ලා අස්වෙනවා" කිව්වොත් එච්චරයි...
      "ඒ වගේමයි ඉල්ලා අස්වීමක් ඉල්ලා අස්කරගන්න පුලුවන්ද ?" ඒකත් තියෙන්නෙ පාප්තුමාගෙ අතේ.. "මම ඉල්ලා අස්වෙන්නෙ නෑ" එච්චරයි..

      "එතකොට මාර්තු මාසය පටන් ගත්තු ගමන්ම කාඩිනල් මණ්ඩලය රැස් කරලා අලුත් පාප්තුමාව පත් කරන්න ඡන්ද විමසීම ආරම්භ කරයි නේද ?? " ඔව්.. 28වෙනිදා පාප්තුමා ඉල්ලා අස්වුනොත් මාර්තු පළවෙනිදා කාදිනල් මණ්ඩලය රැස් වේවි..

      "පුහ් :P මරණ තර්ජන ?? :D" :D

      Delete
    4. @ හරී

      තව ප්‍රශ්න දෙකක් තියෙනවා. පාප්තුමා ධූරයෙන් සමුගැනීමත් එක්ක චාරිත්‍රය විදිහට පාප්තුමාගේ මුද්ද විනාශ කරනවද ? ඒ වගේමයි ධූරයෙන් ඉවත් වුණු පාප්තුමාව හඳුන්වන්නේ මොන විදිහටද ? ශුද්ධෝත්තම පියතුමා කියන්නේ ධූරයේ ඉන්න පාප්තුමාට විතරයි නේද ?

      Delete
    5. "පාප්තුමා ධූරයෙන් සමුගැනීමත් එක්ක චාරිත්‍රය විදිහට පාප්තුමාගේ මුද්ද විනාශ කරනවද ? " ඔව්.. කලින් දීපු උත්තර මතක තියාගන්ඩ දරුවා.. ආයෙ ආයෙ කියන්ඩ බෑ.. :)

      "ඒ වගේමයි ධූරයෙන් ඉවත් වුණු පාප්තුමාව හඳුන්වන්නේ මොන විදිහටද ?" හිටපු පාප්තුමා.. හරිම ලේසියි..

      "ශුද්ධෝත්තම පියතුමා කියන්නේ ධූරයේ ඉන්න පාප්තුමාට විතරයි නේද ?" මැරුණු අයටත් කියනවා..

      Delete
    6. @ හරී

      එහෙමයි එහෙමයි :D

      Delete
  10. සීතූතියි හරී ගේ ලිපියට...
    ඊයේ බ්බිසි, සීඑන් එන්, අල් ජසීරා වල වැඩිම වෙලාවක් ගත කෙරුවේ මේ ඉල්ලා අස්වීමේ කාරනාවට...

    කලු පාප්තුමේක් පත් කරන්න කියනවටත් වඩා වැඩි ප්‍රවණතාවයක් තියෙනවා ලතින් ඇමෙරිකානු කලාපයෙන් පාප්තුමේක් පත්වෙන්න..මොකද ලෝකයේ කිතුණු ජනතාවගේන් හරි අඩක් ජීවත් වෙන්නේ එම කලාපයේ නිසා ඒ සදහා බලපෑම වැඩියි..ගියවර චන්ද ගොඩක් ගත්ත අ කාඩිනල් වරයෙකුත් ලතින් ඇමෙරිකානු කලාපයේ ඉන්නවා.

    අති උතුම් බෙනඩික් පාප්වහන්සේ ගැන විවේචනත් තියෙනවා...උදාහරණයක් විදිහට ඇමෙරිකාවේ මේ දවස් වල ලොකු ප්‍රශ්ණයක් වෙන'සේම් සෙක්ස්' විවාහ ගැන පාප්තුමා හරිහැටි ක්‍රියාත්මක නොවුනු බවට විවේචන තියෙනවා..

    ඒ වගේම ලොකේයේ වැඩියෙන්ම ආගම හැර යන් කිතුනුවන් ඉන්නේත් ඇමෙරිකාවේ...සේම් සෙක්ස් මැරේජස් ගැන පල්ලියේ මතය මීට එක හේතුවක්..

    ReplyDelete
    Replies
    1. "ඊයේ බ්බිසි, සීඑන් එන්, අල් ජසීරා වල වැඩිම වෙලාවක් ගත කෙරුවේ මේ ඉල්ලා අස්වීමේ කාරනාවට..." බොහෝම කලාතුරකින් වෙන දෙයක්නෙ..

      "කලු පාප්තුමේක් පත් කරන්න කියනවටත් වඩා වැඩි ප්‍රවණතාවයක් තියෙනවා ලතින් ඇමෙරිකානු කලාපයෙන් පාප්තුමේක් පත්වෙන්න.." කළු කියන්නේ නම් හම කළු කියන අර්ථයටත් වඩා යුරෝපීය සම්භවයක් ඇත්තෙකු නොවන කියන අර්ථයෙන්..

      "මොකද ලෝකයේ කිතුණු ජනතාවගේන් හරි අඩක් ජීවත් වෙන්නේ එම කලාපයේ නිසා ඒ සදහා බලපෑම වැඩියි." කිතුනු ජනතාවගෙන් සීයට හතලිස් ගානක්ම ඉන්නෙ ලතින් ඇමරිකා රටවල උනාට වැදගත්ම කාරණාව තමයි කාදිනල් වරුන්ගෙන් වැඩි පිරිස යුරෝපීයයන් වීම.. කාදිනල්වරු අතේනෙ වැඩේ තියෙන්නෙ.. ගිය පාර පාප්ධූරය අසලටම ආපු ලතින් ඇමරිකානු කාදිනල් වරයාගේ ජනප්‍රියතාව මෙවර අඩුයි කියලයි ජාත්‍යන්තර මාධ්‍ය කියන්නෙ..

      "අති උතුම් බෙනඩික් පාප්වහන්සේ ගැන විවේචනත් තියෙනවා..." ඔව්.. ගබ්සාව, සමලිංගික සේවනය වගේ උපත් පාලනය පිළිබඳ දරණ මත ගැන නම් විවේචන තියෙනවා.. කීදෙනෙක් සභාව හැරගියත් මේ තියෙන මත නම් වෙනස් වෙයි කියලා හිතන්ඩ අමාරුයි..

      Delete
  11. අද උදේ ප්‍රවුත්ති වලටත් කිව්වා පාප් තුමා ඉල්ලා අස් වෙන්ඩ යනවැයි කියලා.
    ඒක නෙමේ. හරීට මතකද දෙවන ජුවාම් පාවුලු පාප් වහන්සේව. උන්නාන්සේ ලංකාවටත් ආවා නෙව. වීදුරු කූඩුවක ඉදන් ජනතාවට අත වැනුවා. කටුනායක ඉදන් අවුවෙම ඇවිදින් ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා හිටියා. මට මතක විදිහට අනූ ගනන්වල මුල් හරියේ. (අනූ පහේ වගේ.)

    ReplyDelete
    Replies
    1. මම දන්නෙ විචාරක මහත්මයා කෝල් කළාම..

      ජුසේවාස් පියතුමා ගැන ලියපු අන්තිම පෝස්ට් එක කියෙව්වෙ නැද්ද බන්?

      Delete
  12. //කාදිනල් මඬුල්ලේ තුනෙන් දෙකක් ඡන්දය මට ලැබෙනවා නම් මටත් පාප් ධූරයට පත්වුනෑකි. නමුත් සාම්ප්‍රදායිකව කාදිනල්වරුන්ගෙන් කෙනෙක්ම තමයි පාප්ධූරයට පත්වෙන්නෙ.//

    ෂා මාරයිනේ හරී..ඇත්තම කියනවා නම් ඔයා මහන්සිවෙලා ලියන තොරතුරුවලට වැඩිය මට මතක හිටින්නෙ මේ වගේ කෑලි තමා..ඒත් ඒ නිසා ඔයාගේ මහන්සිය අපතේ යන්නෑ හොඳේ..:)

    මේ ගැන කතා කරන්න සුදුසුකම් නොතිබුනත් මමත් හිතන්නෙ කළුජාතික පාප්වහන්සේ කෙනෙක් පත්වෙන එක වටිනවා..


    ස්තුතියි හරී නිදිමතේ හරි මේ ගැන ලීවට..

    ReplyDelete
    Replies
    1. "කාදිනල් මඬුල්ලේ තුනෙන් දෙකක් ඡන්දය මට ලැබෙනවා නම් මටත් පාප් ධූරයට පත්වුනෑකි" ඒක ඇත්ත.. පාප්තුමෙක් වෙන්න තියෙන්න ඕනෙ සුදුසුකම් දෙකයි.. එකක් පිරිමියෙක් වීම.. අනික රෝමානු කතෝලික වීම..

      "ඇත්තම කියනවා නම් ඔයා මහන්සිවෙලා ලියන තොරතුරුවලට වැඩිය මට මතක හිටින්නෙ මේ වගේ කෑලි තමා.." :D

      "මේ ගැන කතා කරන්න සුදුසුකම් නොතිබුනත් මමත් හිතන්නෙ කළුජාතික පාප්වහන්සේ කෙනෙක් පත්වෙන එක වටිනවා.." එහෙම හිතෙන්නෙ අපිත් කල්ලෝ නිසා වෙන්න ඇති..

      කියවන්න ආවටත් ස්තුතියි,..

      Delete
    2. @ හරී

      //..ඒක ඇත්ත.. පාප්තුමෙක් වෙන්න තියෙන්න ඕනෙ සුදුසුකම් දෙකයි.. එකක් පිරිමියෙක් වීම.. අනික රෝමානු කතෝලික වීම..//

      මම ඩවුන්ලෝඩ් කරපු Pope Joan කියලා ෆිල්ම් එකක් තියෙනවා. තාම නම් බලන්න වුණේ නැහැ. ඒකේ තියෙන්නේ කාන්තාවක් පාප්තුමා විදිහට පත්වුණු සිද්ධියක්. ඒක ඇත්ත කතාවක්ද ?

      Delete
    3. "මම ඩවුන්ලෝඩ් කරපු Pope Joan කියලා ෆිල්ම් එකක් තියෙනවා. තාම නම් බලන්න වුණේ නැහැ. ඒකේ තියෙන්නේ කාන්තාවක් පාප්තුමා විදිහට පත්වුණු සිද්ධියක්. ඒක ඇත්ත කතාවක්ද ?" මේකටත් උත්තර දුන්නෝ..

      මේකත් රොබින් හුඩ් වගේ ජනප්‍රවාදයක්.. කතුවරු කීපදෙනෙක් ලියලා ලියලම ඇත්ත කියලා හිතෙන තරමට මුල් බැහැලා.. පස්සෙ කාලෙක මේක බොරු කියලා වතිකානුවෙන් නිල ප්‍රකාශයකුත් නිකුත් උනා..

      Delete
    4. @ හරී

      exam එකක් ලියලා ඉවර වෙද්දී හරියට අමතක වීම් වැඩියි :P

      Delete
  13. වෙලාවෙ හැටියට උපරිමයෙන් මහන්සි වෙලා කරුණු එකතු කරල, කරුණු ගලපල හොදින් ලියල තියෙනවා.. ඊයෙ හැන්දෑවෙ නම් තර්ජනවලට බය වෙලා නාහෙන් අඬ අඬානෙ හිටියෙ. මමත් නොදන්න කරුණු ගොඩක් දැන ගත්තා.. ස්තුතියි මල්ලි.

    ReplyDelete
    Replies
    1. "ඊයෙ හැන්දෑවෙ නම් තර්ජනවලට බය වෙලා නාහෙන් අඬ අඬානෙ හිටියෙ" හි..හි.. පාප්තුමාටත් කිඹුහුම් යන්න ඇති.. :)

      අගය කිරීමට ස්තුතියි අක්කෙ..

      Delete
  14. වර්තමාන පාප් වහන්සේ දෙවෙනි ලෝක යුද්ධ කාලෙ ජර්මානු හමුදාවෙ හිටියා කියල මම දැනගත්තෙ මේ ලිපියෙන්. කලින් ඒ ගැන කියවපු මතකයක් නම් නෑ.

    හැම පාප් තුමෙකුටම අර වගේ නිල ලාංඡනයක් තියෙනවද? ඒක නිර්මාණය කරන්නෙ කවුද?

    හරි, පාප්තුමෙක් පත්කරගන්න ඡන්දය ප්‍රකාශකරන්න සුදුසුකම් ලබන කාදිනල්වරු අනිවාර්යයෙන්ම එයට සහභාගී වෙන්න ඕනමද? අනෙක නම් අනවශ්‍ය ප්‍රශ්නයක්, ලෝකෙ පුරා සිටින කාදිනල්වරු වතිකානුවට ගෙන්වගන්න ගමන්වියදම් දරන්නෙ වතිකානු රජයද?

    (නලීන් අයියා මේ ප්‍රවෘත්තිය පළකරල තිබුනු තැන මම හරීගෙ කලින් ලිපියෙ අදාල කොටස උපුටල දක්වල ලින්ක් එක දැම්ම කමෙන්ට් එකේ, කමක් නෑනේ)

    ReplyDelete
    Replies
    1. "හැම පාප් තුමෙකුටම අර වගේ නිල ලාංඡනයක් තියෙනවද?" ඔවු හැම පාප්තුමෙකුටම නිල ලාංඡනයක් තිබෙනවා.. පාප්තුමාගේ අදහස් අනුව දක්ෂකම් ඇති අය තමයි කරන්නෙ.. වර්තමාන ලාංඡනය නිර්මාණය කරලා තියෙන්නෙ කාදිනල් Andrea Cordero Lanza di Montezemolo.

      "පාප්තුමෙක් පත්කරගන්න ඡන්දය ප්‍රකාශකරන්න සුදුසුකම් ලබන කාදිනල්වරු අනිවාර්යයෙන්ම එයට සහභාගී වෙන්න ඕනමද?" ඔව්.. වයස 80ට අඩු සෑම කාදිනල්වරයෙකුගේම සහාභාගීත්වය අනිවාර්‍යයි... නැගිටගන්ඩ බැරි තරමේ අසනීපයකින් පෙලෙනවා නම් පමණක් සහභාගි නොවී හිටියෑකි..

      "පාප්තුමෙක් පත්කරගන්න ඡන්දය ප්‍රකාශකරන්න සුදුසුකම් ලබන කාදිනල්වරු අනිවාර්යයෙන්ම එයට සහභාගී වෙන්න ඕනමද?" මේක ඉතින් මම නම් කියන්ඩ දන්නේ නැතියො.. සර්ච් කෙරුවත් උත්තරයක් නෑ.. හැබැයි ඉතින් හිතලා බැලුවොත් කාදිනල්ගෙ රටෙන් වියදම දැරුවත් වතිකානුවෙන් දැරුවත් වෙනසක් නෑනෙ.. මොකද කොහේ තිබුනත් පල්ලියකට වැටෙන හැම පඬුරක්ම හා පල්ලියේ හැම දේපලක්ම කතෝලික සභාවට අයිති දේවල්නෙ.. ඉතින් කොහෙන් ගියත් එකයි..

      "(නලීන් අයියා මේ ප්‍රවෘත්තිය පළකරල තිබුනු තැන මම හරීගෙ කලින් ලිපියෙ අදාල කොටස උපුටල දක්වල ලින්ක් එක දැම්ම කමෙන්ට් එකේ, කමක් නෑනේ)" ඒකට කමක් නෑ.. :) ස්තුතියි!

      Delete
  15. ඔබ මිට කලින් දවසක පාප්වහන්සේගේ ධුරය හිස්වීම ගැන ලිව්වා.. මම ඊයේ කල්පනා කළා වගේම අපේක්ෂාවෙන් හිටියේ මේ සටහන දකින්න. ඒක ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වුණා..

    පාප් වහන්සේගේ ධුරයෙන් නික්මයාම සම්බන්දයෙන් සම්පූර්ණ විස්තරයක්..

    හදිස්සියේ අපේ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා වගේ කෙනෙකුගේ නමක් යෝජනාවෙන්න බැරිද

    ReplyDelete
    Replies
    1. දයා අයියා නම් ඒ පෝස්ටුවල කරුණු කාරණා මහකයේ තියාගෙනම් ඉඳලා..

      "හදිස්සියේ අපේ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා වගේ කෙනෙකුගේ නමක් යෝජනාවෙන්න බැරිද" පුළුවන්..
      හැබැයි මෙතන යෝජනා වීමක් නෑ.. රහස් ඡන්දයක්නෙ තියෙන්නෙ.. කාදිනල්වරු පිරිසෙන් තුනෙන් දෙකක් මනාප දුන්නොත් පාප් ධූරය ලැබෙනවා..

      Delete
  16. බොහොම ස්තුතියි මේ හදිසියේම දැනගන්න ලැබුණු තොරතුර ගැන විස්තරාත්මකව ඉදිරිපත්කලාට.

    ReplyDelete
    Replies
    1. කියවන්ඩ ආවටත් ස්තුතියි අසර්..

      Delete
  17. මේ ප්‍රවෘත්තිය මම මුලින්ම දැන ගත්තෙ හීනලන්තයෙන් කියලා කියන්ඩ ඕනා.. අන්තිමට කියලා තියනවා වගේ බ්‍රේකින් නිවුස් උණු උණුවෙ ඕනා හරිය ?

    ලංකාවෙ කාදිනල්තුමාට ධූරය හිමි වීමේ පුංචි හරි ඉඩක් තියෙයිද ?

    ReplyDelete
    Replies
    1. "මේ ප්‍රවෘත්තිය මම මුලින්ම දැන ගත්තෙ හීනලන්තයෙන් කියලා කියන්ඩ ඕනා.." ඒ කියන්නෙ ඔය රටේ මේ වගේ ප්‍රවුත්තිත් වාරණයට ලක්වෙනවද?

      "අන්තිමට කියලා තියනවා වගේ බ්‍රේකින් නිවුස් උණු උණුවෙ ඕනා හරිය ?" දැනට කියන්න තියෙන උණු නිවුස් එක තමයි මැල්කම් රන්ජිත් රදගුරුතුමා ගැන පළවෙන අනාවැකි.. මම කොන්ක්ලේව් එක පටන්ගන්නකොටම මේ ගැන ලිපියක් ලියන්නම්කො.. දැන්ම අනාවැකි ලියන්ඩ වේලාසන වැඩී..

      දෙවෙනි එකට උත්තරෙත් මුලින් ලියලනෙ.. :)

      Delete
    2. වාරණයක් නෙමේ බන්.. 11වෙනිදා මගේ ජල සබඳතාවය ඇණහිටලා තිබුනා.. ඉතින් පත්තරයක් බලන්න ලැබුනෙ නෑ... 12 උදේ ඔෆිස් ගිහින් බොලොග්ගෙ බලනකොට තමා මේක දැක්කෙ.. දැක්ක ගමන් උඩ ගියා..

      Delete
    3. ඔය නිවුස් එක පිටවුනේ 11 හවස..

      මම හිතුවා අනිත් ආගමික ප්‍රවෘත්තිත් එහේ වාරණය කරලා කියලා..

      Delete
    4. දැන් උඹ හිතන්න එපා 11 මම නෑවෙ එහෙම නැද්ද කියලා හරිය.. :-) ජල නෙමේ ඕක "ජාල" වශයෙන් නිවැරදි වෙන්න ඕනා..

      මෙහෙ එහෙම අවුලක් නෑ බන්.. මුස්ලිම් ආගමට එරෙහි මොනවා හරි තියනවානම් බ්ලොක් කරනවා. එච්චරයි.. පෙරමුණේ රාළ වගේ බ්ලොග් එහෙම මෙහෙ බ්ලොක් කරලා කියලා කාලෙකට කලින් හීයක් ආවා මතකයි..

      Delete
    5. "දැන් උඹ හිතන්න එපා 11 මම නෑවෙ එහෙම නැද්ද කියලා හරිය." මම කලින් ඒක දැක්කෙ නෑනෙ හරියට .. :D :D

      Delete
  18. මැල්කම් පියතුමාට සුභ පතමි !

    ReplyDelete
    Replies
    1. බලමු ලංකාව පැත්තට චාන්ස් එකක් එයිද කියලා..

      Delete
  19. මම මේ ලිපියෙන් තමයි මේ පුවත දැනගත්තේ. එහෙනම් ළඟදීම ඡන්දෙකුත් එයි අර කලින් ලිපිවල තිබුණා වගේ.

    //මලාකිතුමා අනාගත පාප්තුමන්ලා පිළිබඳ අනාවැකි ප්‍රකාශකොට තිබෙනවා. එතුමා එක් එක් පාප්තුමා වෙනුවෙන් වැකි එක බැගින් 112ක් ප්‍රකාශ කොට තිබෙනවා. මලාකිතුමා පවසන පරිදි එම වැකි අවසානයත් සමඟ පාප්ධූරයේත් රෝමයේත් අවසානය වේවි. 16 වෙනි බෙනඩික් පාප්තුමාට අදාළ උනේ 111වෙනි එක//

    මේකනම් හොයල බලන්න වටිනා කාරනාවක්. ඒ කියන්නේ මේකේ කියන හැටියට තව එක පාප් තුමයිද පත් වෙන්නේ? 111 වෙනි අනාවැකිය මොකද්ද කියලා කියන්න පුලුවන්ද? ඒ අනාවැකි මෙච්චර කල් හිටපු පාප් තුමාලට හරි ගිහින් තියනවද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් පොඩ්ඩක් අපැහැදිලියි වගේ. ඊ ළඟ පාප් තුමාට 112 වෙනි එක අදාළ වෙනවද කියලා හරියටම කියලත් නෑ නේ.

      Delete
    2. "එහෙනම් ළඟදීම ඡන්දෙකුත් එයි අර කලින් ලිපිවල තිබුණා වගේ. " පාප්තුමා 28 ගියොත් ඊට පහුවෙනිදා ඉඳන් ඡන්දය තියෙනවා.. මෙදා නම් මිටි පාර දෙන්ඩ වෙන එකක් නෑ..

      "මේකනම් හොයල බලන්න වටිනා කාරනාවක්. ඒ කියන්නේ මේකේ කියන හැටියට තව එක පාප් තුමයිද පත් වෙන්නේ?" ඔව්.. මලාකිතුමා කියන්නෙ එහෙමයි.. ඒත් මේක නිල වශයෙන් පිළිගන්නෙ නෑනෙ..

      "ඒ අනාවැකි මෙච්චර කල් හිටපු පාප් තුමාලට හරි ගිහින් තියනවද?" මට නම් හිතෙන්නෙ මේක වදින තැනකට වදින්න වනලා ගැහිල්ලක් කියලා.. අන්තිම අනාවැකි මෙහෙමයි..

      Delete
    3. www.freerepublic.com/focus/f-religion/1351430/posts

      Delete
  20. හරීගෙ ඊ ලඟ ලිපිය මේ ගැන වෙයි කියලා මම හිතුවා විතරයි. කලු ජාතික! හිතන්න අමාරුයි, නමුත් කවුද හිතුවේ කලු ජාතිකයෙක් ධවල මන්දිරේට යාවි කියලා.

    Nothing is impossible.

    ReplyDelete
    Replies
    1. "හරීගෙ ඊ ලඟ ලිපිය මේ ගැන වෙයි කියලා මම හිතුවා විතරයි. " මම ලියන්ඩ හිතන්ඩත් කලින් ඉල්ලීම් ගලන් ආවනෙ.. :)

      "කලු ජාතික! හිතන්න අමාරුයි" මටත්.. මම හිතන්නෙත් යුරෝපය වටේම කැරකෙයි කියලා.. ලතින් ඇමරිකාවට යන්ඩත් ඉඩ තියෙනවා.. ආසියාව පැත්තට බර වුනොත් නම් කෙලින්ම ලංකාවෙ කියලයි ජනමාධ්‍යය කියන්නෙ..

      කවුළුවෙන් සුදු දුම් යනකන් මොකුත් කියන්ඩ බෑ..

      Delete
  21. මම දැක්කා නිව්ස් වලට මේ කතාව කියද්දී... හැබැයි මේකෙ නම් විස්තර ගොඩායි... නිදිමතේ උනාට අපූරුවට ලියල තියෙනවනෙ අයියා...

    ඉස්සර ලියල තියෙන පාප් තුමන් ගැන ලිපිත් කියවන්න වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. "නිදිමතේ උනාට අපූරුවට ලියල තියෙනවනෙ අයියා..." ස්තුතියි..

      "ඉස්සර ලියල තියෙන පාප් තුමන් ගැන ලිපිත් කියවන්න වෙයි වගේ..." ඒවත් කියවන්ඩ.. එතකොට අලුත් පාප්තුමෙක් පත්වෙන හැටි එහෙම දැනගන්ඩ පුළුවන්නෙ..

      Delete
  22. මේ වගේ පාප් තුමෙක් අන්තිමට ඉල්ලා අස්වෙලා තියෙන්නෙ වර්ෂ 1400 ගණන් වල කියන්නෙ ඇත්තද ?

    ReplyDelete
    Replies
    1. ඇයි පොට්ට්යෝ මීට කලි 1415 දී මේ වගේ ඉල්ලා අස්වීමක් උනයි කියලා හරී ලියලා උඩින් ලියලා තියෙනවා පෙන්නේ නැද්ද?

      Delete
    2. මම ඒ කොටස දැක්කෙ නෑ හරී...අද පත්තර වල තියෙනවා ඊළග පාප් තනතුර සදහා සුදුසුකම් ලබා තියෙන කාදිනල් වරු 20 දෙනා අතර අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමාත් ඉන්න වග...

      Delete
    3. "මම ඒ කොටස දැක්කෙ නෑ හරී." අවුලක් නෑ සිරා හදිසියට ඉතින් වෙන්ඩ පුළුවන් දෙයක්නෙ ඒක..

      "අද පත්තර වල තියෙනවා ඊළග පාප් තනතුර සදහා සුදුසුකම් ලබා තියෙන කාදිනල් වරු 20 දෙනා අතර අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමාත් ඉන්න වග..." මෙතන නම් වැරැද්දක් තියෙනවා..

      නීතියේ හැටියට පාප්ධූරය සඳහා සලකා බැලීමට ඇති සුදුසුකම වන්නේ රෝමානු කතෝලිකයෙකු වීමත් පිරිමියෙකු වීමත් පමණයි.. සාම්ප්‍රදාය (de facto) අනුව තමයි කාදිනල්වරුන්ගෙන් කෙනෙක් පත්වෙන්නෙ.. ඉතින් සුදුසුකම් තියෙන්නෙ කාදිනල්වරුන්ට විතරයි කියලා කියන්ඩ බෑ.. ඡන්දය ප්‍රකාශ කරන්ඩ සුදුසුකම් තියෙන්නෙ කාදිනල්වරුන්ට ව්තරයි කියන එක නම් හරි..

      අනික කාදිනල්වරුන් අතරින් 20දෙනෙකුට පාප් ධූරයට සුදුසුකම් තියෙනවා ඇතැයි කියන එකත් වැරදියි..

      මෙහෙම කියන එක තමයි හරි.. 'පාප්ධූරයට පත්වීමේ වැඩි සම්භාවිතාවක් ඇතියැයි සැළකෙන පාප්වරුන් විසිදෙනා අතර අපේ කාදිනල් හිමියොත් ඉන්නවා'

      කොහොම වෙතත් දුම් කවුළුවෙන් සුදු දුම් පිටවෙනකන් අපිට මොකුත් කරන්ඩ බෑ.. තීරණය කාදිනල්වරුන් අතේ..:)

      Delete
    4. @ AnonymousFebruary 13, 2013 at 12:04 PM,

      සංයමයෙන් අදහස් ප්‍රකාශ කළා නම් හොඳයි කියලා හිතෙනවා.. ඔබතුමාට කවුරුත් ඔහොම කතාකරනවාට ඔබතුමා කැමති නෑ වගේම අන් අයත් තමුන්ට එහෙම කතා කරනවාට කැමති නෑ.. ඒ ගැන පොඩ්ඩක් හිතන්න..

      Delete
  23. මේ පුවත අහපු ගමන් මාවත් නිකන් මොකද්ද උනා බන්,,මොනා උනත් ලොකු කුතුහලයක් ඇති උනු දෙයක් ඔන්න අද අලුත් දෙයක් දැක්කා ටීවී එකෙන් 2013-02-28=18 /666=18
    අර 666 කතාවක් ඈදිලා ඔන්න...

    ReplyDelete
    Replies
    1. ඔන්න මම දැක්කා සමහරු කියනවා පාප්තුමා නිතරම පස්වන සෙලස්තීන් පාප්තුමාගේ සොහොනට ගියේ ධූරය අත අරින්න හිතේ තිබ්බ නිසා කියලා..

      "ඔන්න අද අලුත් දෙයක් දැක්කා ටීවී එකෙන් 2013-02-28=18 /666=18
      අර 666 කතාවක් ඈදිලා ඔන්න" දැන්නම් මිනිස්සු අම්බානට කතා හදයි.. මම දැක්කා පාප්තුමා ඉල්ලා අස්වීම දැනුම් දුන්නට පස්සෙ වතිකානුවෙ සා. පීතර බැසිලිකාවට හෙනයක් පාත්වුනා කියලත් කියනවා..

      Delete
    2. @ හරී

      //...මම දැක්කා පාප්තුමා ඉල්ලා අස්වීම දැනුම් දුන්නට පස්සෙ වතිකානුවෙ සා. පීතර බැසිලිකාවට හෙනයක් පාත්වුනා කියලත් කියනවා..//

      ස්වර්ණවාහිනී නිවුස්වලට ඒ හෙණේ පාත්වුණු වීඩියෝ ක්ලිප් එක පෙන්නුවා. හැබැයි කියලා තියෙන්නේ ඉල්ලා අස්වීම ප්‍රකාශ කරපු වෙලාවේම හෙණේ වැදුනා කියලා. ඒත් ඒකට කමෙන්ට් කරපු කෙනෙක් කියලා තිබුණා ඒ වෙලාවේම නෙමෙයි ඊට පස්සෙයි ඒ හෙණේ වැදුණේ කියලා

      //..පස්වන සෙලස්තීන් පාප්තුමාගේ සොහොනට ගියේ ධූරය අත අරින්න හිතේ තිබ්බ නිසා කියලා...//

      මේ සොහොන කොහෙද තියෙන්නේ ?? මට ආපු අනික් ප්‍රශ්නේ තමා පාප්වරුන්ගේ දේහ තැන්පත් කරන්න විශේෂ ස්ථානයක් එහෙම තියෙනවාද කියලා

      Delete
    3. "ස්වර්ණවාහිනී නිවුස්වලට" එහෙනං කියන්ඩ දෙයක් නෑනෙ.. :D

      "මේ සොහොන කොහෙද තියෙන්නේ ?? මට ආපු අනික් ප්‍රශ්නේ තමා පාප්වරුන්ගේ දේහ තැන්පත් කරන්න විශේෂ ස්ථානයක් එහෙම තියෙනවාද කියලා " වතිකානුව ඇතුලෙම තමයි තැන්පත් කෙරෙන්නෙ..

      Delete
    4. @ හරී

      //...තිකානුව ඇතුලෙම තමයි තැන්පත් කෙරෙන්නෙ.. //

      සාමාන්‍ය මහ ජනතාවට ඒ සොහොන් ගැබ් නරඹන්න පුලුවන්ද ? ශාන්ත පීතරතුමාගේ ඉදන් මේ දක්වාම හිටිය හැම පාප්තුමාගේම දේහ වතිකානුව ඇතුළේ තැන්පත් කරලා තියෙනවාද ?

      Delete
    5. @හසිත-
      ඔව් සියලුම සොහොන් බලන්න පුලුවන් හසිත,,

      Delete
    6. @ ItalyDilan

      හොඳයි හොඳයි :)

      Delete
  24. පාප් තුමා විශ්‍රාම යාමෙන් පසු උන්වහන්සේ හඳුන්වන ආකාරය, උන්වහන්සේගේ ඇඳුම ආදී විස්තර සහිත කෙටි ලිපියක් දාන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. පාප්තුමා ගියා නේද? මම නම් හිතාගෙන හිටියෙම එහෙම වෙන එකක් නෑ කියලා..

      පාප්තුමා කියන ආකාරයට එතුමා තීරණය කරලා තියෙන්නේ ජීවිතයේ අවසාන කාලය තාපසාරාමයකට වී යාච්ඤාවෙන් ගත කිරීමට.. සාමාන්‍ය තාපසතුමෙක් තරමටම ගියොත් නම් නැවත කිසිදා අපට පාප්තුමාව දැකගැනීමට නොලැබේවි.. ඒත් ඉතින් පුංචි වතිකානුවෙ ඒක කරන්ඩ අමාරුයිලු..

      නම් භාවිතා කිරීමේ ගැටළුවක් නම් තිබෙනවා.. බලමුකො විස්තර ලියන්ඩ..

      Delete
    2. නම ගැන නම් ගැටළුවක් දැන් නෑ, මොකද විශ්‍රාමීක පාප් වහන්සේ කියලා තියනව නම භාවිතා කරන විදිය.

      * Pope Emeritus Benedict XVI
      * විශ්‍රාමීක 16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමා

      Delete
    3. @ ගිහාන්,

      මට ගැටළුවක් තියෙන්නෙ Emeritus වෙනුවට යෙදිය හැකි සිංහල වචනයක් හොයන එක.. :)
      විශ්‍රාමික කියන්නෙ retired නෙ.
      Emeritus කියන්නෙ ගෞරවනීය ලෙස විශ්‍රාමලත් වගේ තේරුමක්.. 'ඉසිඹුලත්' වගේ හරි යයිද මන්දා?

      මට නම් දැන් හිතෙනවා මේ විශ්‍රාම යෑම් පුරුද්දකට යයි කියලා..

      @ විචාරක,

      එක සිද්ධියක් මට මේ ගැන ලිවිල්ල එපා කළා විචාරක මහත්මයා...

      Delete
    4. @ හරී

      මොකද වුණේ ලොකු මහත්තයා ?

      Delete
    5. @ හසිත,

      මේකයි පාප්තුමා අස්වෙන ආරංචිය ගියානෙ.. ඔන්න ටික දවසකට පස්සෙ..

      අම්මා (මල්ලීට) : පුතා, අන්න පාප්තුමා අස්වීම ගැන විස්තර අහවල් පත්තරේ තියෙනවලු. ගිහින් එකක් ගේන්ඩ..

      මම : පත්තර මොකටද? මම කියන්නම්කො ඕන දෙයක්.. මොනාද දැනගන්ඩ ඕනා..

      අම්මා (මල්ලීට) : පුතා කොහොමහරි පත්තරේ හොයන් එන්ඩ..

      මම: පත්තර මොකටද?

      මල්ලී : හරි හොයන්ම එන්නම්..

      අනේ කට්ටිය පත්තර ගේනවා.. ඒකෙ තියෙන්නෙත් මම ලියපුවාමයි..
      මම කියන ඒවා ගෙදර එවුන්ටත් වැඩක් නැත්නම් මොකටද අප්පා මේවා ලියන්නෙ..
      කට්ටිය පත්තරෙන්ම බලාගනීවි..

      Delete
    6. @ හරී

      තමන්ම කියපුවා අමතක කරන්න හොඳ නැහැ නේද ලොකු මහත්තයා. මතක නැද්ද ශාස්තෲවරයාට තමන් උපන් ගමේදී පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ කියන එක :D

      Delete
    7. @ හරී,

      දැන් අපි නිකලස් මාකස් සහ ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමන්ලා ටත් කියන්නේ විශ්‍රාමික අගරදගුරුවරු කියලනේ. ඉංග්‍රීසියෙන් Archbishop Emeritus. මටත් හිතෙනවා 'විශ්‍රාමික' කියන එක එතරම්ම ගැලපෙන්නේ නෑ කියලා.

      පුරුද්දකට ගියත් නැතත් බයවෙන්න එපා. ඒ හැම දෙයක්ම වෙන්නේ අපිට ඕන සහ අපි හිතන විදියට නෙමේ.

      පත්තර කතාව ගැන මම කියන්න හදපු එක හසිත කියලා තියනවා.

      Delete
    8. @ ගිහාන්,

      "පුරුද්දකට ගියත් නැතත් බයවෙන්න එපා. ඒ හැම දෙයක්ම වෙන්නේ අපිට ඕන සහ අපි හිතන විදියට නෙමේ." ඒක ඇත්ත..

      පත්තර කතාවට නම් ඇත්තටම කලකිරීමක් ඇතිවුනා තමයි.. ඔන්න ඒක අමතක කරලා දැම්මා.. :)

      @හසිත,

      ස්තුතියි :) ඔන්න ඒක අමතක කොළා...

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...