12.30.2011

පරණ අවුරුද්දේ පොරොන්දු ඉටුකිරීම ( සෝරෝට හා ගෝල්ඩ්ෆිශ්ට )

මේ අවුරුද්දේ මුලම මම පොරොන්දු දෙකක් වුණා එකක් සෝරෝට අනික ගෝල්ඩ්ෆිෂ් හෙවත් යාලු මාලුවාට. එක එක වැඩ අස්සේ ඕක දවසින් දවස කල් ගිහින් අවුරුද්දෙ අන්තිමේටත් ආවා. ලබන අවුරුද්දටනම් අදින්නේ නෑ කියලා හිතලා තමයි මේක කොටන්න ගත්තේ. සොරෝට වෙච්චි පොරොන්දුව තමයි "ශුද්ධවරයට ඔසවනවා" කියන්නේ මොකක්දැයි පැහැදිලි කිරීම. එතකොට ගෝල්ඩ්ෆිෂ්ට කිව්වානෙ මම හදන්න කියලා දුන්න රොබාගෙ pdf එකක් දෙනවා කියලා. අද ඔය දෙකම කරන්නයි යන්නෙ.


කලින් වෙච්චි පොරොන්දුව මුලින්.

මුලින් ඒ ලිපියත් මෙතන තමයි ලිව්වෙ ඒත් පස්සෙ ඒකෙ වැදගත්කම අනුව මෙතන අස්සේ ගහන එක හරි මදි කියලා හිතුණා. ඒකයි වෙනම පෝස්ට් එකක් හැටියට දැම්මේ.

ඇත්තම කියනවා නම් කලින් ඔය ගැන මාත් හරිහැටි දැනගෙන හිටියේ නෑ. ඒත් සෝරෝ නිසා තමයි ඔය ගැන හොයන්න පෙළඹුනේ. ඒකට සෝරෝ සහෝදරයාට ස්තුතිවන්ත වෙන්න ඕනා. ඒවගේම බොහොම පින්. මම හිතන හැටියට ගොඩක් කතෝලික කට්ටියත් ඔය ගැන දන්නේ නෑ. ඔය ගැන ලියවුනු පළවෙනි සිංහල ලිපිය වෙන්න පුලුවන්. සමහර වචන වලට සිංහල වචන නැති නිසා අතින් හදලා දාන්න සිද්ධ වුනා. ඒක නිසා යම් යම් අඩුපාඩු ඇති.

කරුණු හොයාගෙන යද්දී තේරුණා ඒ ගැන පොතක් ලියන්න තරම් කරුණු තියෙනවා කියලා. මට පෝස්ට් එක අවසාන කරනකොට හිතුනේ ලිපි සීරියස් එකක් ලියන්න පුලුවන් මාතෘකාවක්ද මේ හදිස්සියේ ලියලා නා ගත්තෙ කියලා. ඔයාලාගෙ අදහස කියන්න ලිපි සීරියස් එකකට කැමතිනම් ඔය මතෘකාව බොහොම හොඳින් විස්තර කරලා ලියන්නම්. කැමති නම් විතරයි ඉතින්. කියවන්න කට්ටිය ඉන්නත් ඕනනෙ.

සෝරෝට ස්තුතියි. ගෝල්ඩ්ෆිශ් ඉල්ලීම තව ටිකකින්.

10 comments:

  1. අපිත් ඉල්ලීමක් දැම්මොත් ඒක ඉෂ්ට කරනවද කියලා දැන ගන්න පුලුවන් ද ? මගේ ඉල්ලීම මේකයි. මට ඕනේ ඔබතුමා ආගමික දේවල් ඉගෙන ගන්න කියවන්නේ මොන පොතද කියන එක

    ReplyDelete
  2. @මධුරංග : ඉලපොත.. :)
    එහෙම විශේෂ පොතක් නෑ සහෝ...මම මේ බ්ලොග් එකේ දාපු ගොඩක් ඒවා සාමාන්‍ය දැනීම මට්ටමේ සිංහලෙන් කිව්වොත් ජෙනරල් නොලේජ් මට්ටමේ තමයි තියෙන්නෙ අන්තිමට දාපු එක හැරෙන්න.. විශේෂ කරුණක් ඉතින් ඉන්ටර්නැට්ටුවෙන් ගන්නවා..පොත් පතුත් ඉඳලා හිටලා නොකියවනවා නෙමෙයි ඒත් ඒවල තියෙන ගැඹුරු කාරණා මම බ්ලොගයේ ලියලා නෑ...ගොඩක් ඒවා මතකයෙන් තමයි ලියලා තියෙන්නේ...

    මම ලියන ගොඩක් ආගමික ලිපිවලට හේතුවෙන්නෙ මගෙන් එක එක අනිත් ආගම්වල යාලුවෝ අහන ප්‍රශ්න...ඒවගේ ප්‍රශ්න තියන අය තවත් ඇති කියලයි මම එව්වා බ්ලොගේ දාන්නේ..අනික මම ආසයි අනික් ආගම් ගැන දැන ගන්න..ඒවගේ ආසා අනික් ආගම්වල අයත් ඇති කියලා හිතලයි මම දාන්නේ...ඒකයි බොහොම සරල විදිහට දාන්නෙ ...නැතුව ආගම ප්‍රචාරයක් කරන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ... අනික බ්ලොග් එකක් ලියන්න ඕනෙ වෙන කවුරුවත් ලියන්නෙ නැති දේවල්නෙ...

    හැබැයි ඕක සමහරු වැරදියට තේරුම අරගෙනද දන්නේ නෑ...සමහර පස්සෙන් එන්නෝ එකා දෙන්නා හැලිලා යන්නෙ..

    ඔයාව මම අගය කරනවා හැම ලිපියකම වාගේ ප්‍රතිචාරයක් දීපු එක...බොහොම ස්තුතියි!.

    ඉල්ලීම් තියෙනවානම් කියන්න හොඳේ... :)

    ReplyDelete
  3. බොහොමත්ම ස්තූතියි මගේ ඉල්ලීම ඉෂ්ඨ සිද්ධ කරලා දුන්නට..

    ඇත්තටම කියනව නම් මේ පෝස්ටෙක දකිනකං මට අමතක වෙලා තිබුනේ මම එහෙම දෙයක් ගැන ඇහුව නේ කියලා...

    කොහොම වුනත් ආයෙත් සැරයක් ස්තූතියි...!!

    සුභ අළුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
  4. ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

    මම අද කරන්නන් හෙට කරන්නන් කියකිය හිටපු නිසා කල්ගියා..සමාවෙන්න

    ReplyDelete
  5. කිතුණු ආගමේ කරුණු කාරණා ගැන ලිපි පෙළක් ලියන්න පුලුවන් නම් හොඳයි. පාප් ධූරය ආරම්භ වීම වගේ කරුණු ගැන

    ReplyDelete
  6. ලියන්න නම් මමත් කැමතියි සහෝ..."ආගම ප්‍රචාරය කරන්න එනවා" කියන කතාව අහගන්න නම් කැමති නෑ..

    ඒකයි පොඩ්ඩක් අදිමදි කරන්නෙ.. :)

    ඔයාගේ ඉල්ලීම අනිවාර්යෙන් ඉශ්ඨ කරන්නම්... :)

    ReplyDelete
  7. හුඟක් මිනිස්සු පටු විදිහටයි හිතන්නේ ඒක ගැන කණගාටුයි. ආගමික සහජීවනයයි අපිට ඕනේ කරන්නේ.

    මාත් බෞද්ධයෙක් වුනත් කිතුණු දහම ගැන අදාල අවස්ථාවලදී ලියලා තියෙන්නේ අනෙක් ආගම් ගැන අපිට අවබෝධයක් තිබිය යුතු නිසාමයි. මේත් ඒ වගේම මම ලියපු ලිපියක්

    http://aagiyakatha.blogspot.com/2010/10/blog-post_21.html

    ReplyDelete
  8. @Hasitha :ඔයා හිතන විදිහට තමයි මමත් හිතන්නේ...අපි අනික් ආගම් ගැන දැනගතයුතුයි...තමුන් අදහන ආගම කුමක් වුනත් ඕනෙම ආගමක තියෙන සාරධර්ම අපගේ ජීවිතයට එකතු කරගන්න ඕනෙ...

    ඔයාගෙ ලිපිය මම කලින් කියෙව්වා..අන්තිම කමෙන්ට් එක තියෙන්නෙත් මගෙන්...

    ඔයා මේ දුන්නු කමෙන්ට් ටික මට හරිම ශක්තියක් වුනා...ඔයාට බොහොම ස්තුතියි...මම දිගටම ලියන්නම්...

    ReplyDelete
  9. හප්පේ මේ කෙහෙම්මල් තේරෙන්නෙ නැති එකත් ලොකු දෙයක්...

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...