12.27.2013

ජේසුස් වහන්සේගේ උත්ථානය

නත්තල් කාලෙ කොහොමද මේ ජේසුස් වහන්සේගේ උත්ථානයක් ගැන කතා කරන්නේ කියලා හිතෙනවද මන්දා? මේක නත්තල් කාලෙ වෙනුවෙන් ලියවෙන ලිපියක් නම් නෙමෙයි. මතකද මම ජේසුස් වහන්සේගේ ජීවිත කතාව මුල ඉඳලම කියාගෙන කියාගෙන ආවා.

මුලින්ම කිව්වෙ ජේසුස් වහන්සේ ගවමඩුවක ඉපදිච්ච හැටිනෙ. ඒ විස්තරේ මෙතනින් බලන්න. ඊළඟට කිව්වෙ උන් වහන්සේ බෞතීස්ම ස්නාපනය ලබලා ප්‍රසිද්ධ ජීවිතය පටන්ගත්තු හැටි. ඒ ටික ඔක්කොම මෙතනින්. ඊළඟට ගෝළයන් තෝරාගැනීම, ප්‍රාතිහාර්‍යය, උපමා කතා ගැන අපි කතා කළා මෙන්න මෙහෙම. ඊටත් පස්සෙ එදා ජුදා සමාජය ගැන කතාකරලා ජේසුස් වහන්සේ රජෙක් වගේ ජෙරුසලමට ආපු හැටි කිව්වා. මතකද? ඊළඟ කොටසෙදි කියවුනේ අන්තිම රාත්‍රී භෝජනය දවසෙ වෙච්ච සිද්ධීන් ටික. මෙතනින් ඒ ලිපියත් බැලුවෑකි. අන්තිමටම මම කිව්වෙ ජේසුස් වහන්සේ කුරුස ගසේදි දිවිපිදුව හැටි. එතනදී ලිපි දෙකක්ම ලියවුනා. පළමු ලිපිය දෙවන ලිපිය

ඉතින් අද කියන්න යන්නේ එතනින් එහාට වෙච්ච ටික. ඊට අමතරව පාඨකයෝ කීපදෙනෙක් කලින් ලිපියේදී අහපු ප්‍රශ්න කීපයකටත් උත්තර දෙන්න තියෙනවා.
----------------------------------------

අද කතාව ආරම්භ වෙන්නේ ජේසුස් වහන්සේගේ මරණයෙන් දින තුනකට පසුව. ඒ කියන්නේ සබත් දිනයට පසුදින උදෑසන. තව ටිකක් පැහැදිලි කරනවානම් ජේසුස් වහන්සේ මියගියේ සිකුරාදා හවසකනෙ. ජුදයෝ තමන්ගේ සබත් දවස හෙවත් දෙවියන්ට කැපකරපු දිනය සමරන්නේ සෙනසුරාදා. දැන් මම මේ කතාව පටන්ගන්නේ ඉරිදා උදේ. පැහැදිලියිනෙ.

ජේසුස් වහන්සේ මිය යන මොහොතේ සබත් දිනය ආරම්භ වෙමින් පැවති නිසා නිසි පරිදි අවමඟුල් චාරිත්‍ර කිරීමට ඉඩක් ලැබුනේ නෑ. කලින් ලිපියේදී සඳහන් කරපු විදිහට සිරුර තාවකාලිකව රෙදි කඩකින් වසා තැබුවේ සබත් දිනයෙන් පසු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන අදහසින්. ඒ නිසා මග්දලාවේ මරියාත් (Mary Magdalene) තවත් කාන්තාවන් කිහිපදෙනෙකුත් අවශ්‍ය කළමනා, සුවඳ ද්‍රව්‍ය රැගෙන උදෑසනින්ම ගල්ලෙන වෙත පැමිණුනා.

උන් වහන්සේ මෙහි නැත.
නමුත් ඔවුන්ට දැකගන්නට ලැබුනේ ජේසුස් වහන්සේ තැන්පත් කළ ලෙනෙහි දොර කවුරුන් විසින් හෝ ඇර දමා ඇති බවයි. මුරට සිටි සෙබළුන්ද දකින්නට සිටියේ නෑ. ඔවුන් ගල්ලෙනට ඇතුළු වූ විට ජේසුස් වහන්සේගේ ශරීරය තැබූ කුටිය හිස්වෙලායි තිබුණෙ. උන් වහන්සේව එතූ රෙදි කැබැල්ල පමණක් ඉතිරිව තිබිණි.

තුෂ්නිම්භූතව වටපිට බලද්දී හදිසියේම ඔවුන්ට දකින්නට ලැබුනේ දේවදූතයන් දෙදෙනෙක් කුටිය තුළට වී තමන් දෙස බලා සිටින ආකාරයයි. මේ දර්ශනයෙන් කාන්තාවන් බියට පත්වෙනවා. "ජීවමාන තැනන් වහන්සේ මළවුන් අතර සොයන්නේ මන්ද? උන් වහන්සේ මෙහි නැත. උන් වහන්සේ උත්ථාන වූ සේක. මරණින් තුන්වෙනිදින උන් වහන්සේ නැවත නැගිටින බව ගලීලයේදී පැවසූ අයුරු සිහිකරගන්න" යි දේවදූතයෝ ඔවුන් අස්වසනවා.

කාන්තාවන් පෙරළා දුවගෙන එන්නේ ජේසුස් වහන්සේගේ ගෝළයන් සොයාගෙන. අතරමගදී මරිය මග්දලේනාට මනුස්සයෙක් හමුවෙනවා. "ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන්ද? ඔබ කවරෙකු සොයන්නෙහිද?" මිනිසා ඇයගෙන් විමසනවා.

ඈ හිතන්නෙ ඒ උයන්පල්ලා කියලා. "මහතාණෙනි, ඔබ උන් වහන්සේ ගෙන ගියා නම් කොතන තැන්පත් කළේදැයි කිව මැනව"

"මරියා" ජේසුස් වහන්සේ සුපුරුදු ලෙස ඇය අමතනවා. මරියා සමඟ කතාකොට තිබුනේ උයන්පල්ලා නොව ජේසුස් වහන්සේමයි. උන් වහන්සේ මේ බව ගෝළයන්ට දන්වන ලෙස ඉල්ලා සිටිනවා.

නමුත් ගෝළයෝ මෙය විශ්වාස කිරීමට පෙළඹෙන්නේ නෑ. කාන්තාවන් පිරිස මුලාවකට ලක්වී ඇති බව හෝ ඔවුන් හිතා මතා බොරු කියන බවයි ගෝළයෝ හිතන්නෙ. ඒත් පේදුරු ගල්ලෙනට දිවගොස් ජේසුස් වහන්සේගේ ශරීරය ලෙනෙහි නැතිබව තහවුරු කරගන්නවා.

ජුදයන්ගේ අවමඟුල් චාරිත්‍ර ගැන කියනවානම් ඔවුන් කෙනෙකු මියගොස් බව දැනගත්තු වහාම කරලා තියෙන්නෙ මළසිරුරෙ ඇසුත් කටත් ආවරණය කිරීම. ඉන්පසු මුළු සිරුරම උණුසුම් ජලයෙන් දෝවනය කළාලු. ඊටපස්සෙ කොණ්ඩ නියපොතු කපලා තෙල් ආලේප කළාලු. ඊටත් පස්සෙ තමයි මුළු සිරුරම ලිනන් පටි වලින් වෙලලා තියෙන්නෙ. හරියට ඊජිප්තුවෙ මමියක් වගේ. නමුත් ජුදා චාරිත්‍ර වලදී එම්බාම් කිරීමක් සිදුවෙලා නෑ. ඊජිප්තුවෙ වගේ සිරුරේ අභ්‍යන්තර අවයව ඉවත් කිරීමක් වෙලත් නෑ. පැය විසිහතරක් ඇතුළත අවමඟුල් කටයුතු සිදුකිරීම නිසා නිකන්ම රෙදි පටිවලින් වෙලීමයි සිදුවෙලා තියෙන්නෙ. මෙහෙම වෙලද්දි ඒ මැද්දට සුවඳ ද්‍රව්‍යය තබලා තියෙනවා. අගිල් (Myrrh) හා කෝමාරිකා (Aloes) තමයි සුවඳ ද්‍රව්‍යය විදිහට බහුලව භාවිතා වෙලා තියෙන්නෙ. වෙලපු සිරුර ලෙන ඇතුළෙ ගල් ඇඳක් මත අවුරුද්දක් විතර දිගා කරලා තිබ්බලු. මස් දියවෙලා ගියාට පස්සෙ ඇටකටු ටික අරන් වෙනම තැන්පත් කළා කියලත් සඳහන් වෙනවා.
පේනවා නේද මළ සිරුර ඔතලා තිබ්බ හැටි.

ඔය පැත්තෙන් දාලා තියෙන පින්තූරයේ තියෙන්නෙ ලාසරස්ව මරණින් නැගිටුවන සිද්ධිය. පේනවා නේද ජුදා මළ සිරුරක් ඔතලා තියෙන හැටි.

ජේසුස් වහන්සේගේ ශ්‍රී සළුවේ පිටපතක්
ඒ කියපු චාරිත්‍ර ටික කරන්න හිතාගෙන තමයි කාන්තාවො එන්නෙ. ඒත් සිරුර වෙනුවට ඔවුන්ට හමුවෙන්නෙ ජේසුස් වහන්සේව ඔතපු රෙදිකඩ පමණයි. ඒ රෙදිකඩ දැන් 'ජේසුස් වහන්සේගේ ශ්‍රී සළුව' (Shroud of Turin) නමින් ජනතාවගේ ගෞරවයට ලක්වෙනවා. ශ්‍රී සළුව ගැන මම මෙතන විස්තර නොකරන්නෙ මෙතනින් ගියොත් ඒ පිළිබඳව සිංහලෙන් කියවන්න ඕගොල්ලන්ට පුළුවන් නිසා. කෙටියෙන් කියනවා නම් උන් වහන්සේගේ මුළු සිරුරම ඒ සළුවෙ සටහන් වෙලා තියෙනවා. ඒ ගැන පරීක්ෂණ කරපු විද්‍යාඥයෝ නම් කියන්නෙ තුවාල නිසා සිරුරෙන් ගැලූ ලේ නිසාත් හදිසියේ විශාල ශක්ති ධාරාවක් පතිතවීම නිසාත් මේ විදිහට සටහන් වන්නට ඇති බවයි. ශ්‍රී ලංකාවේ, නුවර අම්පිටියේ මොන්ටෙෆානෝ තාපසාරාමයට යන ඕනෑම කෙනෙකුට ශ්‍රී සළුවේ පිටපතක් නැරඹීමටත් ඒ පිළිබඳ දැනුවත් වීමටත් පුළුවන්. පාසල් ළමයි අධ්‍යාපන චාරිකා යනගමන් බලන තැනක් තමයි එතන.

මතකනෙ ජේසුස් වහන්සේ ජෙත්සෙමනි උයනෙදි අල්ලගත්ත ගමන්ම මැරුවත් උන් වහන්සේව අතාරින්නේ නෑ කිය කිය හිටපු ගෝළයන්ට වෙච්ච දේ. එවලෙ දුවලා හැංගුන ගෝළයෝ දවස් තුනක් ගතවෙලත් එළියට ඇවිත් තිබුනේ නෑ.

ඒ අතර ගෝළයින් දෙදෙනෙක් එදා සවස ජෙරුසලමෙන් කිලෝමීටර් 11ක් පමණ ඈතින් තිබූ එම්මාවුස් ගමට යමින් සිටියා. පසුගිය දින කිහිපයේදී සිදුවූ සිදුවීම් ගැන සාකච්ඡා කරමින් යද්දී තවත් මඟියෙක් ඔවුන්ට එකතු වෙනවා. "ඔබලා තර්ක කරමින් යන්නේ කුමන කාරණා ගැනද?" අමුත්තාගෙන් ප්‍රශ්නයක්.

"පහුගිය දවස්වල ජෙරුසලමේ වෙච්චි දේවල් නොදන්න එකම අමුත්තා ඔබ වෙන්නැති"

"ඒ මොන කාරණාද?"

අපි කතා කරේ නාසරෙත්හි ජේසුස් වහන්සේ ගැන
"අපි කතා කරේ නාසරෙත්හි ජේසුස් වහන්සේ ගැන. එතුමා බලසම්පන්න දිවැසිවරයෙක්ව හිටියා. බොහෝම ප්‍රසිද්ධයි. ඒත් දවස් දෙකකට කලින් නායක පූජකයන්ගෙන් මරණ දන්ඩනය ලැබුවා. අද කාන්තාවො පිරිසක් කියනවා එතුමා මරණින් නැගිටලාලු. අපි ඒ ගැනයි කතා කළේ"

ඒ අමුත්තා ජේසුස් වහන්සේ ගැන පරණ ගිවිසුමේ සඳහන් දේ ඔවුන්ට පැහැදිලි කරන්ට උනා. තමුන්ගේම ස්වාමියා ගැන වෙනත් අයෙකු කියන විස්තර අසමින් ගිය ඔවුන්ට නොදැනීම රාත්‍රිය ළඟාවී තිබුණා. නවාතැන් ගැනීමට කාලය එළඹ තිබුණා.

අමුත්තා සමුගෙන යාමට සූදානම් වුවත් ගෝළයෝ නෙමෙයි ඊට ඉඩදෙන්නෙ. තමුන් එක්ක නවාතැන් ගැනීමට ඔවුන් අමුත්තාට පෙරත්ත කරනවා. අවසානයේදී අමුත්තා ඔවුන් සමඟ නවාතැන් ගන්නවා.

කෑමට ඉඳගෙන රොටිත් වයිනුත් ගෙන එදා ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේදී බෙදා දුන් ලෙස බෙදා දුන්පසුයි ඔවුන් ඒ අමුත්තා ජේසුස් වහන්සේ බව අඳුනාගන්නෙ. නවාතැන් ගැනීම පසෙක දමා ගෝළයෝ දෙදෙනා එවලේම ආපසු පිටත් වෙන්නෙ අනිත් ගෝළයින්ටත් මේ බව දන්වන්න.

"මාගේ ස්වාමිනී, මාගේ දෙවියනී"
ජේසුස් වහන්සේව හමුවීමේ පුවත ගෝළයන් අතර පැතිර ගියා. පහුවදා හවස ගෝළයෝ දොරවල් වසාගෙන රහසින් මේ ගැන කතා කරමින් සිටිනවිට "ඔබට ශාන්තිය වේවා"යි ජේසුස් වහන්සේ ඔවුන් මධ්‍යයේ පෙනී සිටිනවා.

ඒත් ගෝළයෝ ඒ අවතාරයක් යයි සිතා බයේ ලංවෙන්නෙ නෑ. "ඔබලා බය වෙන්නේ ඇයි? මා ස්පර්ශ කර බලන්න. ඔබට වගේම ඇටමස් සහිත සිරුරක් මට ඇත. මම අවතාරයක් නොවෙමි ". එහෙත් ඔවුන් මෙය විශ්වාස කළයුත්තක්ද? නොකළයුත්තක්ද? සිතමින් සිටිද්දී උන් වහන්සේ ඔවුන්ගෙන් ආහාරයක් ඉල්ලාගෙන එය අනුභව කර තමුන් අවතාරයක් නොවන බව පෙන්වනවා.

නමුත් එතන නොසිටි තෝමස් ගෝළයාට සෙස්සෝ සිද්ධිය කිව්වත් පිළිගන්නෙ නෑ. "උන් වහන්සේගේ කැළැල් වල ඇඟිල්ල දමා බලනතුරු විශ්වාස නොකරමි" තෝමස් පිළිතුරු දෙනවා.

ටික දිනකට පසු තෝමස් සිටිනා වෙලේක පැමිණෙන උන් වහන්සේ තම කැළැල් තෝමස්ට පානවා. තෝමස් "මාගේ ස්වාමිනී, මාගේ දෙවියනී" කියමින් වැඳ වැටෙන්නෙ තමුන් ගැන, තම අවිශ්වාසය ගැන පසුතැවෙමින්.

ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණය
මෙසේ ජේසුස් වහන්සේ දින හතළිහක් තිස්සේ විටින් විට දර්ශනය වෙමින් තමුන්ගෙන් පසු තම කාර්‍යය ඉදිරියට ගෙන යෑමට ගෝළයන් සූදානම් කරනවා. අන්තිමේදී බෙතානිය දක්වා ඔවුන් කැඳවාගෙන ගොස් ඔවුන්ට අත් ඔසවා ආශිර්වාද කරනවා. එසේ කරද්දීම උන් වහන්සේ ස්වර්ගයට එසවෙනවා. මේ සිද්ධිය ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණය (Ascension of Jesus) නමින් හැඳින්වෙනවා. අවුරුදු තිස්තුනාමාරකට පෙර ගවහලෙන් පටන්ගත් උන් වහන්සේගේ මිනිස් ජීවිතය එතනින් අවසාන වෙනවා. ගෝළයෝ ජෙරුසලමට හැරී එනවා.

ජේසුස් වහන්සේ ස්වර්ගාරෝහණය වූ ස්ථානයේ අද වන විට කුඩා දෙව්මැඳුරක් ඉදිකොට තිබෙනවා.

ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණය වූ ස්ථානය




මම 'පොරොන්දු වූ දේශය කරා' කතාමාලාවෙදි කිව්ව විදිහට ඊශ්‍රායෙල් ජාතිකයෝ පාස්කුව (Passover) විදිහට සමරන්නෙ ඊජිප්තුවේ වහල් කමින් මිදිලා රතු මුහුදෙන් එගොඩ වීම. ජේසුස් වහන්සේගේ උත්ථානය සිදුවූයේත් පාස්කු උත්සව දිනයකදීමයි. එය නව ගිවිසුමේ පාස්කුව ලෙස කිතුනුවන් විසින් සමරනු ලබනවා. එහිදී ගැළවුම්කාරයා මඟින් පාපයෙන් මිදී එතෙර වීම සිහිපත් කෙරෙනවා.

කිතුනුවන් ජේසුස් වහන්සේගේ උත්ථානය සැමරීම ආරම්භ කරන්නේ මහ සිකුරාදායින් පසුව එළඹෙන සෙනසුරාදා හිරු බැසයාමෙන් පසුව. මතක ඇතිනෙ ජුදෙව්වන්ගෙ අලුත් දිනයක් ඇරඹෙන්නෙ හිරු බැසයාමත් එක්ක බව. මතක නැත්නම් ජුදයින්ගේ කැලැන්ඩරේ බලන්නකෝ. පොඩිකාලෙ මට තිබ්බ ප්‍රශ්නයක් තමයි ජේසුස් වහන්සේ මරණින් තුන් වන දින උත්ථාන උනානම් ඒක පහුවෙනිදා රෑ සමරන්නෙ ඇයි කියන එක. දැන් දන්නවා උත්තරේ.

ජේසුස් වහන්සේ මිය ගියේ සිකුරාදා ඉර බහින්න කලින් - පළමු දිනය
සිකුරාදා හවස ඉඳන් සෙනසුරාදා හවස වෙනකන් - දෙවන දිනය
සෙනසුරාදා ඉර බැස්සට පස්සෙ - තෙවන දිනය

දේවස්ථානයේ තබා ඇති ප්‍රධාන ඉටිපහන
ආලේලුයියා සෙනසුරාදා නමින් හඳුන්වන එදාට පැරණි ගිවිසුමේ පාස්කුවත් නව ගිවිසුමේ පාස්කුවත් දෙකම සමරනු ලබනවා. ඒ කිව්වෙ ඊශ්‍රායෙල් ජනතාව රතු මුහුදෙන් එතෙර වීමත් ජේසුස් වහන්සේගේ උත්ථානයත් දෙකම සිහිපත් කෙරෙනවා.අලුත්වීමක් සංකේතවත් කරමින් ගින්දරද ජලයද ආසිරි ගන්වනු ලබනවා.

ජලය ආසිරි ගැන්වීම
කිතුනුවන් මේ නව ගින්දරෙන් ආසිරි ගැන්වුනු ඉටිපහනුත් ජලයත් වසර පුරාම නිවෙස්වල තබාගන්නවා. අකුණු ගසන විට පාස්කු ඉටිපහන් දල්වා තැබීමෙන් ආරක්ෂාව ලැබෙන බව පාරම්පරිකව පැවත එන විශ්වාසයක්. එමෙන්ම රෝගියෙකුට ආසිරි ගැන්වූ ජලය පානයෙන් සහනයක් ලැබෙනබවත් විශ්වාස කෙරෙනවා. කිතුනුවන්ගේ ප්‍රධානතම හා උතුම්ම උත්සවය වන්නේත් පාස්කු මංගල්‍යයි.

මෙතෙක් කලක් කියූ ජේසුස් වහන්සේගේ ජීවිත කතාව නිම කරන්න කලින් පාඨක ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙන්නත් තියෙනවා. ඒ ටිකට ඊළඟ ලිපිය යොදාගත්තාට තරහා නෑ නේද?

මූලාශ්‍ර :
  • http://rsc.byu.edu/archived/%E2%80%9Cbehold-lamb-god%E2%80%9D-easter-celebration/12-jesus-and-ossuaries-first-century-jewish-burial-pra
  • http://voices.yahoo.com/the-history-burial-jesus-265278.html?cat=34
  • http://graceandknowledge.faithweb.com/evans.html
  • https://www.christiancourier.com/articles/825-funeral-customs-past-and-present

37 comments:

  1. වටින ලිපියක් ඔක්කොම කරුණු එක තැනකට අරන්.

    ReplyDelete
    Replies
    1. කියවන්න ආවට ස්තුතියි දිලිනි

      Delete
    2. ජේසුස් වහන්සේ විතරක් යෑ.. ඔය සාමාන්‍ය මිනිස්සුත් මරණෙන් නැගිටින්නෙ. ඕකෙ ඇති මැජිකක් නෑ. අනික ජේසුතුමා කුරුසියෙ ඇන ගැහුව කියල වටෙන් පිටෙන් ගොරවල වැඩක්ය... බේර ගන්න බැරිව?

      Delete
    3. @ Anonymous

      …ඉතින් මේක මැජික් එකක් කියලා මම කිව්වෙත් නෑනෙ.. :)

      Delete
  2. බොහොම අගේට කරුණු එක්තැන් කරල රහට ලියල තියෙනවා. ඇත්තටම කියවන්න ආසා හිතෙන විදියට... ස්තුතියි හරි...

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි..

      Delete
  3. සාමාන්‍යයෙන් බොහොමයක් ආගමික කරුණු ලිවීමේදී පාඨක අවධානය නොබිදී තබාගැනීම දුෂ්කර ක්‍රියාවක්. ඔබේ හැම ලිපියකම ඒ අඩුපාඩුව මනාව කළමනාකරණය කරගෙන තියනවා.

    මම කතෝලිකයකු නොවුනත් මේ වගේ තැන්වල සංචාරය කරන්න නම් බොහොම ආසයි. මොකද මේ ස්ථානවල තිබෙන ඓතිහාසික වටිනාකම වචනයෙන් කිව නොහැකි නිසා. ලංකාවේ සුප්‍රසිද්ධ කතෝලික දේවස්ථාන බොහොමයකට මම ගිහින් තියනවා. මේ ලිපියේ තියන අම්පිටියේ පල්ලියටත් ගිහින් තියනවා.

    ReplyDelete
    Replies
    1. //සාමාන්‍යයෙන් බොහොමයක් ආගමික කරුණු ලිවීමේදී පාඨක අවධානය නොබිදී තබාගැනීම දුෂ්කර ක්‍රියාවක්. ඔබේ හැම ලිපියකම ඒ අඩුපාඩුව මනාව කළමනාකරණය කරගෙන තියනවා.// වෙලාවකට මට හිතෙනවා මේ ලියන ඒවා කියවන්න හිතෙන්නේ නැද්ද කියලත්.. මේ වගේ ලිපියක් ලියන්න යන කාලය මහන්සිය ගැන විචාරක මහත්මයා අත්දැකීමෙන්ම දන්නවනෙ.. සරලව මොනවා හරි ලියන එක ඊට වඩා ගොඩාක් ලේසියි..

      මමත් දවසක මේ තැන්වලට යන්න බලාපොරොත්තු වෙනවා. අම්පිටියේ පල්ලියට ගිහින් තිබෙන බව අහන්නත් සතුටුයි. මට ඒක සුන්දරම අත්දැකීමක් උනා. පල්ලියටත් වඩා අවට පරිසරය. ඒව්ගේම පුදුම නිස්කලංක භාවයක් තිබුනු තාපසාරාමයේ භාවනා කුටි.

      Delete
  4. විභාගේ නිසා බරටම වැඩ තිබුණත් ප්‍රශ්නයක් දෙකක් අහන්නැතුව ඉන්න බැහැ වගේ :D

    1. එම්මාවුස් වෙත යමින් හිටිය ගෝලයෝ දෙන්නාට ජේසුතුමාව අඳුරගන්න එච්චර වෙලාවක් ගියේ ඇයි ?

    2. //..කිතුනුවන් මේ නව ගින්දරෙන් ආසිරි ගැන්වුනු ඉටිපහනුත්...// ඉටිපන්දම් ගින්දරෙන් ආසිරි ගන්වන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. හසිත හුඟ කාලෙකින්.. බ්ලොග් ලියනවා තියා දැන් කියවන්නත් වෙලාවක් නෑ වගේ.. වැඩ අඩු උනාම ආගියකතාවක් ලියන්න..

      1. ඒක නම් මටත් ප්‍රශ්නයක්. :) සමහරවිට ජේසුතුමා මළවුන්ගෙන් නැගිට්ට බව ඔවුන් මොහොතකටවත් නොසිතන්න ඇති. ගෝළයෝ අවිශ්වාස කරන බව දැනගෙන තමයි අර පුරාණ ගිවිසුමේ උන් වහන්සේ ගැන සඳහන් කොටස් පැහැදිලි කළා කියන්නෙ.

      2. ආලේලුයියා සෙනසුරාදා ඉර බැසගියාට පස්සේ තමයි දිව්‍ය පූජාව පටන්ගන්නෙ. සාමාන්‍යයෙන් පල්ලිය ඉස්සරහා පොඩි ගිනි මැලයක් දල්වනු ලබනවා.ඉන්පසු ඒ හැරුනාම තියෙන සියලු ආලෝක ප්‍රභවයන් නිවා දමනවා. කෙටියෙන් කිව්වොත් ඔක්කොම ලයිට් නිවනවා.

      පියතුමාත් ජනතාවත් ගිනි මැලය වටා එකතු වෙනවා. පියතුමා අතේ තියෙනවා උඩ පින්තූරෙ දාලා තියෙන ලොකු ඉටිපන්දම. එදාට ජනතාව පල්ලි යන්නෙ පොඩි ඉටිපන්දම් අරන්.

      පියතුමා අර ගිනි මැලය ආශිර්වාද කරලා. ලොකු ඉටිපන්දමට ඇණ හතරක් සවිකරනවා. පින්තූරය බලන්න. ඉන්පසු අර ගින්දරෙන් ඉටිපන්දම දල්වනවා. ජනතාවගේ ඉටිපන්දම් දල්වන්නෙ අර ලොකු ඉටිපන්දමේ දැල්ලෙන්. ඊටපස්සෙ කට්ටියම පල්ලියට ආවට පස්සෙයි විදුලි බුබුලු දල්වන්නෙ.

      මෙහෙම දල්වලා ගෙදර ගේන ඉටිපහන් පරිස්සම් කරලා තියාගන්නවා. අපේ ආච්චිලා එහෙම අකුණු ගහන වෙලේට පත්තු කරනවාත් මතකයි.

      Delete
    2. @hasitha:

      1. බොහෝ විට මේක වෙන්න ඇත්තේ හරී කිව්වා වගේ ජේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගිට්ට බව ඔවුන් නොසිතන්න ඇති වගේම, මේ සිද්ධිය වුනේ සවස් යාමයේ නිසා ආලෝක තත්ත්වයත් එක්ක අමුත්තාගේ මුහුණ හරියට නොපෙනෙන්න ඇති.

      Delete
    3. @ Gihan (ගිහාන්)

      ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට :)

      Delete
    4. ඒ කාලෙ පාරෙ ලයිට්වත් නෑනෙ.. :)

      Delete
  5. 'සාමාන්‍යයෙන් බොහොමයක් ආගමික කරුණු ලිවීමේදී පාඨක අවධානය නොබිදී තබාගැනීම දුෂ්කර ක්‍රියාවක්. ඔබේ හැම ලිපියකම ඒ අඩුපාඩුව මනාව කළමනාකරණය කරගෙන තියනවා. ' විචාරක මේ කියල තියෙන කතාවට මාත් එකඟයි.

    ජේසුස් වහන්සෙගෙ උත්ථානය ගැන අහල තිබ්බත් මෙච්චර විස්තර දැනගත්තෙ අද තමයි. ඒ වගේම අර ශ්‍රී සළුව ගැන ලිංක් එකෙත් සෑහෙන වැදගත් තොරතුරු තියෙනව.

    ස්තුතියි මේ ගැන දැනුවත් කරනවට.

    ReplyDelete
    Replies
    1. "විචාරක මේ කියල තියෙන කතාවට මාත් එකඟයි." ස්තුතියි..

      ඒ වගේම ආගම් භේදයකින් තොරව කියවන්න එන අයියලා වගේ අය නැත්නම් ලියන්න වෙන්නේත් නෑ..

      Delete
  6. මේ වගේ විස්තර දැනගන්ට මාත් හරි ආසයි. නත්තල් කාලෙදි, ටීවී එකේ ඒ දවස්වලට පෙන්නන ජේසුගේ ෆිල්ම්ස් බලන්ටත් ආසයි. ඒ කාලෙට ගිහින් ඉන්නවා වගේ දැනෙනවා. ඔය කියන තැන්වලට නම් තාමත් යන්ට බැරි උණා. නේපාලෙට ගියාට සිදුහත් කුමාරයා ඉපදුනු තැනටත් යන්ට බැරි උණානේ. :(

    අප්පච්චි නම් ජේසු ඉපදුනු තැනටත්, ස්වර්ගස්ථවූ තැනටත් ගිහින් තියෙනවා ඒ පැත්තේ වෙන වැඩකට ගිය ගමන්. ගිය හැමෝම ඒ තැන් බලන්ට අරන් ගියාලු.

    තව ටිකක් කියවලා එහෙම, ආයෙම කමෙන්ට් කරන්නම්. :)

    ReplyDelete
    Replies
    1. "ඔය කියන තැන්වලට නම් තාමත් යන්ට බැරි උණා." ලෝකෙ වටේම යන එකේ ඔය පැත්තටත් යන්න බැරිවෙන එකක් නෑ. මළ මුහුදෙ පාවෙලා කාරිය එන්න බැරියැ.

      "නේපාලෙට ගියාට සිදුහත් කුමාරයා ඉපදුනු තැනටත් යන්ට බැරි උණානේ." අපරාදෙ.

      ආයෙම කමෙන්ට් එකක් දාන්නකො එහෙනම්.

      මමත් ලොකු උනාම යන්න හිතන් ඉන්නෙ. :)

      Delete
  7. ඇත්තටම යකත් ආසයි මේ සිදුවීම් සිදුවූ ස්ථාන වල සංචාරය කරන්න.මගෙ බ්ලොග් එකේ නත්තල් සුබ පැතුමෙත් මේ කතාව මතක් කළා.මට තිබෙන ප්‍රශ්නයත් ගෝලයන් හැසිරුන බිය සුළු භාවයයි.හැබැයි ප්‍රාන පරිත්‍යාගය හා ඉන් පසු ගෝලයන්ගේ කාර්යභාරය උදෙසා එසේ සිදුවූවා වෙන්න පුළුවන්.

    මට මේ දේවල් ගැන දැනගන්න ලොකු ආසාවක් තිබෙන්නේ.ගෝලයන්ගෙන් පේතෲස් හා පාවුල් දිවි පිදූ බව මා පසුව දැනගත්තා.මට දැනගන්න ඕන පේතෲස් ගේ සිට පළමුවන පාප් වහන්සේ දක්වා වූ පිළිවෙල සකස් කරගන්න මොනව හරි යාන්ත්‍රණයක් තිබුනද කියන එක.

    ඒ කියන්නෙ පේතෲස් ගෙන් පස්සෙ වෙන නායකයෙක් පත්වෙලා එයාගෙන් පස්සෙ තව නායකයෙක් ඒ විදියට ගිහින්ද පළමු වන පාප් වහන්සේ පත් වුනේ.

    අනෙක් ප්‍රශ්නෙ තමයි කවුද පලමුවන පාප් වහන්සේ

    ReplyDelete
    Replies
    1. "ඇත්තටම යකත් ආසයි මේ සිදුවීම් සිදුවූ ස්ථාන වල සංචාරය කරන්න." මමත්..

      "ගෝලයන් හැසිරුන බිය සුළු භාවයයි." මේ ගැන ධනාත්මකව හිතන පිරිසකුත් ඉන්නවා. ඒ අය කියන්නෙ බැරිවෙලාවත් ගෝලයෝ ටික හැංගෙනවයි ජේසුතුමාව අඳුනන්නේ නෑයි කියනවා වෙනුවට නායක පූජකයෝ එක්ක සටන් කරන්න ගියා නම් ඔවුන්ටත් මරණ දන්ඩනය ලැබෙන්න ඉඩ තිබ්බලු. එහෙම උනා නම් ජේසුස් වහන්සේගේ ධර්මය ඉදිරියට ගෙනියන්න කෙනෙක් නැතිවෙයිලු.

      //ගෝලයන්ගෙන් පේතෲස් හා පාවුල් දිවි පිදූ බව මා පසුව දැනගත්තා.// ඒ දෙදෙනා විතරක් නොවෙයි. තවත් ගෝළයිනුත් කිතු දහම වැළඳගත් බොහෝ දෙනෙකුත් රෝම අධිරාජ්‍යයට විරුද්ධව කැරලි ගැසීම යටතේ මරණ දන්ඩනය ලැබුවා.

      //මට දැනගන්න ඕන පේතෲස් ගේ සිට පළමුවන පාප් වහන්සේ දක්වා වූ පිළිවෙල සකස් කරගන්න මොනව හරි යාන්ත්‍රණයක් තිබුනද කියන එක.// මුලින්ම කිතුනු සභාවේ නායකයා වුනේ පේදුරු (පේතෲස්) ඔහුව හඳුන්වන්න 'පාප්' කියන නිල නාමය යොදා නොගත්තාට ඔහුයි පළමුවන පාප් වහන්සේ ල්ස සළකනු ලබන්නේ..

      මේ ලිපි ටික මුල ඉඳන් නිවාඩු වෙලේක කියවන්න. පාප් ධූරය ගැන ගොඩක් කරුණු දැනගන්න පුළුවන් වේවි.

      http://dreamsofharee.blogspot.com/search/label/%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F

      Delete
  8. අම්මෝ මේවා අපි දන්නෙත් නැති විස්තර.. අපේ අම්මට මේ පෝස්ට් එක පෙන්වන්ඩ ඕන..

    ReplyDelete
    Replies
    1. පෙන්නලා ලැබුනු ප්‍රතිචාරත් කියමු බලන්ඩ..

      Delete
  9. අපේ පුස්තකාලය තිබ්බේ ගමේ පල්ලියේ. බුද්ධාගම උනාට අපි සේරම වෙනසක් නෑ බදාදා හවසට පල්ලියට යනවා. ඒකෙ අනිත් පොත් අතරේ මේ විස්තර තිබ්බ පොඩි රූප කතාන්දර පොත් ගොඩාක් තිබබා. ආසාවට කියෙව්වා ලස්සන කතාන්දර තිබ්බ හින්දා. ඒ මතකෙට ආපහු ගියා වගේ

    ReplyDelete
    Replies
    1. මටත් ඒක බොහෝම සුන්දර මතකයක්.. මේ කතා අපිටත් හොඳටම මතක හිටලා තියෙන්නෙ ලස්සන ලස්සන රූප තිබ්බ චිත්‍රකතා පොත්වල, කතන්දර පොත්වල තිබිලා කියවපු නිසා..

      සහෝදරත්වයෙන් පුස්තකාලය පරිහරණය කරපු හැටිත් අපූරුයි.

      Delete
  10. ඇත්තටම සියලු කරුණු එක්තැන් වෙච්ච ලිපියක්. ලියලා තියන විදිහ හින්දා කියවන්න කම්මැලිකමක් නෑ...

    අර ප්‍රශ්ණ පෝස්ට් එකට මේ ප්‍රශ්නෙත් දාගන්න.

    දෙවියන් වහන්සේ ජේසු තුමාව මෙලොවට එවන්නෙ ආදම් හා ඒවට වෙච්ච පොරොන්දුවක් අනුව ගැලවුම්කාරයෙක් ලෙසනෙ. ඒත් ගලවාගැනීමක් වෙන්නෙ නෑ නේද ? මිනිස්සු තාමත් දුක් විඳිනවානේ. අනාගතයේ සිදුවන ගලවා ගැනීමක් ගැන සඳහනක් තියනවද ?

    ReplyDelete
    Replies
    1. "කියවන්න කම්මැලිකමක් නෑ..." අහන්නත් සතුටුයි.

      "අර ප්‍රශ්ණ පෝස්ට් එකට මේ ප්‍රශ්නෙත් දාගන්න." දරුණු ප්‍රශ්නයක් නිසා ඒ පෝස්ට් එකටම තමයි දාන්න වෙන්නෙ.. :)

      ඇත්තටම උත්තර දෙන්න තියෙන ප්‍රශ්න බොහොම දරුණු ඒවා. ඒවාට උත්තර දෙන්න තරම් මගෙ දැනුම ප්‍රමාණවත් නෑ. ගිහාන් සහෝදරතුමාගෙන්වත් උදව්වක් ගන්න ඕනා..

      Delete
    2. @සෙන්නා:

      ජන්ම පාපයෙන් (ආදම්, ඒව පාපයෙන්) අපිට නැතිවුනේ දේව දරුකම. ඒ කියන්නේ අපිට ස්වර්ගයට තියන උරුමය. ගැලවුම්කරුවා ලෙස ජේසුස් වහන්සේ මෙලොවට පැමිණීමෙන් ඒ උරුමය නැවතත් අපිට ලැබෙනවා. ඒ නිසා අපි දන්නවා අපිට ස්වර්ගයට යන්න පුළුවන් කියලා. ඒ වගේම ජේසුස් වහන්සේ කියලා දෙනවා කොහොමද පාපයෙන් ගැලවෙන්නේ කියලා.

      අපි මේ ගතකරන්නේ තාවකාලික ජීවිතයක්, මොකද අපේ සදාකාලික ජීවිතය තිබෙන්නේ ස්වර්ගයේ. මේ කාලය තවත් අතකින් සූදානම් වීමේ කාලයක් ඒ සූදානම අතරතුර අපිට නොයෙක් ආකාරයේ බාධාවල් පසු කරන්න වෙනවා. ජේසුස් වහන්සේත් කියලා තියන විදිහට මේක ගසක ඵල හටගන්න ගස කප්පාදු කරනවා වගේ.

      මේ හැම බාධාවකින්ම ජයගෙන යහපත් අයුරෙන් ජීවත් වෙන්න පුළුවන්නම් ස්වර්ගීය ජීවිතය ලැබෙනවා.

      Delete
    3. ස්තුතියි සහෝදරතුමා ප්‍රශ්න කීපයක් තියෙනවා.. මම ඔබතුමාට එවන්නම්කො..

      Delete
  11. මෙහෙම දෙයක් කිලින් දැනගෙන හිටියෙ නැහැනෙ අම්මප..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට දැන් දන්නවනෙ :)

      Delete
  12. බයිබලේ තියෙනවනෙ ජේසුස් වහන්සේ අවසාන භෝජනයෙදී මේ මාගේ ශරීරයයි
    උඹලා මෙය කාපල්ලා
    මේ ම‍ාගේ රුධිරයයි උඹලා මේක බීපල්ලා කියල
    ජේසු ඕක මෙහෙම කිව්ව වෙන්න බැරිද
    මට තොපි එකෙක්වත් විශ්වාස නෑ
    තොපි මාව මරාගෙන කාපියව් මගෙ රීරි මාංශෙ උරා ගෙන බීපියව් කියලා

    ReplyDelete
    Replies
    1. හිනස්සන්න එපා යකෝ.. ගෙදර මිනිස්සු බලනවා මූ මොකද ලැප් එක දිහා බලාගෙන තනියම හිනාවෙන්නෙ කියලා...... :D

      Delete
    2. හිනාවෙලාම මගෙත් බඩ රිදෙනෝ.. මේක දැකලා රිප්ලයි කරන්ඩත් අමතක උනා හිනාවෙලාම... :D :D

      Delete
  13. කොහෙද බන් කාලෙන් කාලෙට අතුරුදන් වෙන්නේ,,,ශ්‍රී සලුව කාලෙන් කාලෙට ප්‍රදර්ශනය කරනවා,,මම පිටපත් නම් දැකලා තියනවා

    ReplyDelete
    Replies
    1. වැඩ වැඩ වැඩ.. දැන් වෙලාව අඩුයි ඩිලාන්..
      …මමත් නුවර පිටපත නම් දැකලා තියෙනවා..

      Delete
  14. මේ මමත් අහම්බෙන් වගේ දැකල ආව.කතා රසය තියාගන ලියල තියනවා.පොඩිකාලේ කියවපු පොත් මතක් උනා .මට ප්‍රශ්න 2 ක් තියනවා.1.පුජක තුමා එටිපන්දම් ආශීර්වාද කරනවද?නෙත්තන් එක නිකන් අදයලමක් , දැන් කට වහරේට එක එහෙම කියනවද?මොකද ඉටිපන්දම් ආශීර්වාද කරලා වෙඩක් නැ නේ.අනික තමයි දෙවියන්වහන්සේ ඔය කියන තරම්ම , මිනිසාට ආදරේ කර නම්, ඇයි පාපයට වැටෙන්ද දුන්නේ? නිදහස් කැමැත්ත දුන්නට .උදාහරණයකට ගන්ඩ ඔයාගේ තාත්ත .එය ඔයාට ගොඩක් අදරෙය්.ඔය පොඩි කලේ එය ඔයාට නිදහස් කැමැත්තට සෙල්ලම් කරන්ඩ දීල තියනවනේ. ඔහොම සෙල්ලම් කරද්දී , සරපයෙක් ඔයාව කන්ද අවොත් , තාත්ත බලන් ඉන්නවද, ඔයාට නිදහස් කෙමත්ත දීල තියනවා කියල ?එතකොත් එත් එක්කම, දෙවියන් වහන්සේ හැම දේම දන්නවා නම්, (එහෙම කියන නිසා ) මිනිසා, පාපයට වැටෙන බවත් දන්නවා .එතකොට ඔය හැම කත්වේම මුල වෙන ඔය ආඩම් ඒව කතාව , දෙවියන් වහන්සේ දැනගනම සිද්ධ වෙච්ච දෙයක් .කියල මට හිතෙන්නේ.මන් වැරදි ඇති .පුලවන් නම් පැහැදිලි කරන්න.ඒ මිල් කරත කමක් නැ.ස්තුති

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුති සහෝ..

      …මම කලින් ලියපු රිප්ලයි එක පබ්ලිශ් කරන්න කලින් යන්න ගියා. ඔන්න කම්මැලි නැතුව දෙවෙනි එක කොටන්නෙ..

      …1. මේ ප්‍රශ්නෙට නම් උත්තර දෙන්න හරිම ලේසි. ඔව්. ඉටිපන්දම් ආශිර්වාද කිරීම අදටත් සිද්ධ වෙනවා. මේක අන්‍යාගමික කෙනෙකුට මිත්‍යාවක් විදිහට පෙනෙන එක සාධාරණයි. නමුත් කිතුනුවන් තවමත් මේ ආශිර්වාද කළ ඉටිපන්දම් විශ්වාස කරනවා. ආශිර්වාද කරන විදිහ ටිකක් පැහැදිලි කළොත් මුලින්ම පියතුමා ඔය ඉහළ පින්තූරවල පේන ලොකු ඉටිපන්දම දල්වනවා. ඊටපස්සෙ ජනතාවත් තම තමුන්ගෙ ඉටිපන්දම් ඒ ලොකු ඉටිපන්දමේ දැල්ලෙන්ම දල්වා ගන්නවා.

      …2. දෙවෙනි ප්‍රශ්නෙ ටිකක් අමාරුයි. :)
      …අපිට උගන්නලා තියෙන විදිහට දෙවියන් වහ්න්සේ ආදම් ඒවට නිදහස් කැමැත්ත දුන්නා ඔවුන්ට කැමති ඕනෑම දෙයක් කිරීමට. ඒත් එක් දෙයක් ඇර. ඔවුන්ට එක ගහක තිබුනු ගෙඩි රස බැලීමට තහනම් උනා. අපි අමතක කරන්න හොඳ නෑ ඔවුන්ට නිදහස් කැමැත්ත වගේම බුද්ධියත් තිබූ බව. පොඩි ළමයෙක් සර්පයෙක් අල්ලන්න යන්නෙ එය තේරුම් ගැනීමේ නොහැකියාව නිසා. ඒත් ආදම් ඒවට පුළුවන්කම තිබ්බ දෙවියන් වහන්සේ අර ගසෙන් ග්ඩි කෑම තහනම් කර ඇති බව තේරුම් ගන්න.
      ……මේ කතාවෙ තියෙන විදිහට ආදම් ඒව බඩගින්නෙ හිටියෙ නෑනෙ. ඔවුන්ට අර ගසේ ගෙඩි කෑමේ අවශ්‍යතාවයක් තිබුනේ නෑ. එම නීතිය පිළිපැදීම ඔවුන්ට සියල්ල ලබාදුන් දෙවියන්ට කීකරුවීමක්. ඒත් ඔවුන්ට ආශාව කියන දේ ඇති උනා. දෙවියන්ට වඩා තමුන්ම සන්තර්පණය වීමේ ආශාව. එතනදි ඔවුන් පාපය තෝරාගන්නවා.

      …කොහොමවෙතත් මේ අදම් ඒව කතාව උපමාවක් විදිහට තමයි සැළකෙන්නෙ. ඒත් ඇත්තමයි කියලා පිළිගන්න අයත් ඉන්නවා. හැබැයි සමහරු නම් කියන්නෙ ලොකෙයට පාපය පැමිණීම ඇපල් ගෙඩියක් කන තරම් සරල දෙයක් වීමට නොහැකි බවයි. අදාළ කතන්දර බයිබලයේ ලියවුනේ අවුරුදු ගන්නවකට පස්සෙ නිසාත් ඒක අපි කියවන්නෙ තවත් අවුරුදු ගනනාවකට පස්සෙ නිසාත් නියම තේරුමෙන් එළියට යන්න ඉඩ තියෙනවා..

      …ස්තුතියි කමෙන්ටුවට..

      Delete
  15. මම ආසාවෙන් ලිපිය කියෙවුවා.කතෝලික ආගම ගැන තියන දැනුම බිංදුවයි.ඉතුන් මේ වගේ ලිපි ලියන එකට ගොඩක් ස්තුති.

    මට තව දැන ගන්න ඕන කාරණයක් තමයි කතෝලික(ක්‍රිස්තියානි ද දන්නෙත් නෑ.මම ඔය හැම එකටම කතෝලික කියා කියන්නෙ)ආගම මුස්ලිම් ආගම අතර සම්භන්ධයක් මම අහල තියනව.ඒක පොඩ්ඩක් පැහැදිලි කරනවද..?

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...