8.31.2012

මං සිස්සත්තෙ ලියපු හැටි

පෝස්ට් එක පටන්ගනිද්දිම හිතුනා පොඩි අනතුරු ඇඟවීමක් කරන්න. මේ පෝස්ට් එක කාටවත් ප්‍රයෝජනයක් නැතිවෙන්න පුළුවන්. ඒක නිසා ඔබගේ වටිනා වේලාව නාස්ති නොවෙනවා කියා හැඟේ නම් පමණක් කියවන්න. 

සිස්සත්තෙ කියන්නෙ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙකමක් නෑනෙ.  වැස්සකටවත් ඉස්කෝලෙ ගිය ඕනෑම කෙනෙකුගෙන් ඇහුවොත් කියයි. ඕකට මේ කාලෙ නම් කියන්නෙ අම්මලාගේ විභාගය. හැබැයි අපේ කාලෙ අම්මලාගේ විභාගය වීගෙන එන ලක්ෂණ තිබුනත් මේ තරම් නම් උනන්දුවක් තිබුනේ නෑ. දැන් බලන්ඩ එපැයි සිස්සත්තෙට පන්ති යන්න පටන්ගන්නෙ මුට්ටිසූරි යනකොටමයි.

8.27.2012

දියෙන් මතුවූ කුමරා..... පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස)

මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට ඒසව් හා ජාකොබ් යනුවෙන් පුතුන් දෙදෙනෙකි. ජාකොබ්ට පුතුන් 12කි. ඔහුගේ පුතුන්ගෙන් කෙනෙකුවූ ජෝසෙප් අනික් පුතුන් විසින් වහලෙකු ලෙස මිසරයට විකුණනු ලැබේ. එහිදී  රටේ රජතුමාගේ හිත දිනාගන්නා ඔහු රටේ දේශාධිපති තනතුරට පත්වේ. පසුව තම සහෝදරයින්වත් මිසරයට ගෙන්වා ගැනීම නිසා ජාකොබ්ගේ පරපුරම මිසරයේ පැතිරයයි. එහෙත් ඉතිහාසය නොදන්නා රජෙකුගේ පැමිණීමත් සමඟම පරපුරම වහලුන් බවට පත්වේ.
පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (7 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (8 කොටස) --------------------------------------------------------------------------------------------------------------

8.23.2012

ජාතියම වහල්කමට... පොරොන්දු වූ දේශය කරා.... (8 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ.

මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට ඒසව් හා ජාකොබ් යනුවෙන් පුතුන් දෙදෙනෙකි. ජාකොබ්ට පුතුන් 12කි. ඔහුගේ පුතුන්ගෙන් කෙනෙකුවූ ජෝසෙප් අනික් පුතුන් විසින් වහලෙකු ලෙස මිසරයට විකුණනු ලැබේ. එහිදී ජෝසෙප් තම ස්වාමියාගේ හිත දිනා ගත්තද ස්වාමියාගේ බිරිඳ දූෂණය කිරීමට තැත් කිරීමේ චෝදනා ලැබ සිරගතවේ. නමුත් රටේ රජතුමාගේ හිත දිනාගන්නා ඔහු රටේ දේශාධිපති තනතුරට පත්වේ.

Related Posts Plugin for WordPress, Blogger...