'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන්
පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන්
මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ. මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්රායෙල්
ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්රායෙල් ජාතිය මිසරයේ වහල්
බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස්
චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ
මෝසෙස්ගෙන් නොවේ.
මෙතෙක් කතාව :-
ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට ඒසව් හා ජාකොබ් යනුවෙන්
පුතුන් දෙදෙනෙකි. ජාකොබ්ට පුතුන් 12කි. ඔහුගේ පුතුන්ගෙන් කෙනෙකුවූ ජෝසෙප්
අනික් පුතුන්
විසින් වහලෙකු ලෙස මිසරයට විකුණනු ලැබේ. එහිදී ජෝසෙප් තම ස්වාමියාගේ හිත
දිනා ගත්තද ස්වාමියාගේ බිරිඳ දූෂණය කිරීමට තැත් කිරීමේ චෝදනා ලැබ සිරගතවේ.
නමුත් රටේ රජතුමාගේ හිත දිනාගන්නා ඔහු රටේ දේශාධිපති තනතුරට පත්වේ.
පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (7 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)
--------------------------------------------------------------------------------------------------------------
ඉතින් මිසරයේ දවස් කීපයක් සතුටින් ගතකරපු සහෝදරයෝ ටික තමුන්ගෙ ගම්බිම් බලා එන්න පිටත් වෙනවා. නිකන් නෙමේ පාරාවෝ දුන්න රථවාහන, ඇඳුම් ආයිත්තම්, ආහාර හා මුදල්ද ඇතුව. ඊටපස්සෙ පෙරමඟ බලා සිටින ජාකොබ්ට ජෝසෙප් හමුවීම ගැන කියනවා. ජාකොබ් විශ්වාස කරන්නේ නෑ. ඒත් පැහැදිලිව කිව්වාම තිගැස්සෙන ජාකොබ්ට කලන්තය හැදෙනවා. ඒත් සමග "අනේ මගේ පුතා. මගෙ ඇස් දෙක පියවෙන්න කලින් ඔහුගෙ මූණ බලාගන්න ඕනෙ" ජාකොබ්ගේ ලෑස්තිය මිසරයට යන්ඩ.
මේ විදිහට ජෝසෙප්ගේ පියාත් ඔහුගේ සහෝදරයිනුත් සහෝදරයන්ගේ පවුල්වල කට්ටියත් මිසරයට යෑමට පිටත් වෙනවා. මේ විදිහට එදා කානාන් වලින් පිටත්වෙලා මිසරයට ගිය පිරිමි අය විතරක් හැත්තෑදෙනෙක් හිටියලු. ඔවුන් මිසරයට පිටත් වෙන්නෙ තමුන් සන්තකයේ තිබ්බ සබ්බ සකලමනාවම අරගෙන.
මිසරයට එන පිරිස පිළිගන්න ජෝසෙප් පෙරමුණට යනවා. මිසර දේශසීමාවේදී පියාත් පුතාත් එකිනෙකා හමුවෙනවා. මැරිලා යයි සිතා සිටි තම පුතාව සිප වැළඳගන්නා ජාකොබ් " මගේ ආදරණීය පුතා, මම ඔබව ආයෙත් දෑහින් දැක්කා. දැන් මට මැරෙන්ඩ පුලුවන්" කියමින් කඳුළු වගුරවනවා.
"මම ඔබලාට සාගතේ ඉවර වෙනකන් ඉන්න මිසරයෙන් පළාතක් ඉල්ලා දෙන්නම්. මට පාරාවෝ පොරොන්ඳු උනා ඔබලාට 'ගෝෂෙන්' දෙන්න. ඒත් රාජ සභාවෙ අනුමැතිය ඕනෙ. ඒක නිසා පාරාවෝ ඉස්සරහදි ඔබලා ගොවීන් කියන්න. එඬේරු කියලා කියන්න නම් එපා" ජෝසෙප් මෙහෙම කිව්වෙ ඒ කාලෙ මිසර වැසියො එඬේරුන්ව පිළිකුල් කළ නිසාලු.
මිසරයේ සරුම පළාත වෙච්ච ගෝෂෙන් තම පරපුරට ඉල්ලා දෙන්න ජෝසෙප්ට පුළුවන් වෙනවා. කාන්තාරයක් වෙච්ච මිසරයේ සරුම පළාත ගෝෂෙන් වීමට බලපෑව ප්‍රධාන හේතුව තමයි ගෝෂෙන් නයිල් ගඟේ ඩෙල්ටාවක පිහිටා තිබීම. ඔන්න සිතියම් කෑල්ලක් දැම්මා.
සාගතය ඉවර වෙනකන්ම ජෝසෙප් ධාන්‍ය වික්කා. මුලින්ම මුදල් වලට, පසුව සතුන් හිලව්වට, පස්සෙ ඉඩම් හිලව්වට, ඊටත් පස්සෙ ඇඟ හිලව්වට. මේ විදිහට අන්තිමේදි මිසරයේ සියලුම ඉඩමුත් මිනිස්සුත් පාරාවෝට හිමි වුනා. නියඟය ඉවර වුනාම ජෝසෙප් කළේ බීජ සපයලා මිසර වාසීන් ගොවිතැනට යොමුකිරීම. ඉඩම් හා ජනතාව පාරාවෝට අයිතිව තිබුණු නිසා ආදායමෙන් පහෙන් එකක් පාරාවෝට අයිතිවෙන විදිහේ නීතියක් පැනවුනා.
ඔහොම කාලය ගෙවී ගියා. මිසරයට ඇවිත් අවුරුදු 17කින් පස්සෙ අවුරුදු 147 වෙච්ච ජාකොබ් තමුන්ගේ මරණයට සූදානම් වුනා. ඔහු ජෝසෙප්ගේ පුත්‍රයන්ට ආශිර්වාද කළා. ඒවගේම තමුන්ගේ පුතුන් ගැන දිවැස් කිව්වා. මේ දිවැස් වැකිවලින් කියවෙන්නෙ පුතුන්ගේම අනාගතය ගැන නොවේ. ඔවුන් එක එකාගේ ගෝත්‍රය පිළිබඳ අනාවැකිය. අන්තිමේදී "මාව මිසරයේ වළලන්න එපා. කානාන්දේශයේ වළලන්න" යි ඉල්ලා සිටිමින් ජාකොබ් සදහටම දෙනෙත් පියාගන්නවා. දරු මුණුබුරෝ ශෝකයෙන් වැළපෙනවා. ජාකොබ්ගේ අන්තිම කැමැත්ත පරිදි කානාන්දේශයේදී ඔහුගේ භූමදානය සිදුවෙනවා.
ජාකොබ්ගේ මරණයත් සමඟ කැළඹෙන්නෙ ජෝසෙප්ගෙ සහෝදරයින්. තම පියා නිසා ජෝසෙප් මෙතෙක් ඉවසාගෙන සිටියත් මින්පසු ජෝසෙප්ගේ පළිගැනීම ඇරඹෙනු ඇතැයි බියවෙනවා. "ස්වාමිනී අපව මරන්න එපා. අපේ පවුල් ඔබගේ වහලුන් වෙන්නම්" ජෝසෙප් ඉදිරියේ නැවත වතාවක් ඔවුන් වැඳවැටෙනවා. නමුත් ජෝසෙප් ඔවුන්ට සමාව දෙනවා.
ඔහොම කාලයක් ඉද්දි සහෝදරයෝ දොළොස්දෙනාගෙ පරපුර වර්ධනය වෙලා ගණනින් විශාලවෙනවා. මිසරයට මුලින් පැමිණි ජෝසෙප් ඇතුළු පිරිසත් වයසට යනවා. තමුන්ගේ මරණය ළඟ බව දැනෙන ජෝසප් තම දරුමුණුබුරන්ට කතා කරනවා. "මගේ අන්තිමය ළඟයි වගේ. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ඊසාක්ට ජාකොබ්ට පොරොන්දු වූ දේශයට ඔබලාව ගෙනයාවි. ඒ යනකොට මගේ ඇටකටුත් ගෙනයන්න."
මතක් වෙච්ච වෙලේ පොරොන්දු වූ දේශය (Promised Land) ගැනත් ටිකක් කියන්නම්කො. සෙන්නාත් ශර්වන්තත් රූ අක්කාත් ඉල්ලීම් කරලා තිබුනනෙ මේක පැහැදිලි කරන්න කියලා. ආබ්‍රහම් කියන්නෙ එඬේරෙක්. තැනින් තැනට යමින් කඳවුරුවල ජීවත් වෙච්ච එඬේරෙක්. ඒකාලෙ ලෝකයේ හිටපු ගොඩක් දෙනෙක් අපරාධකාරයෝ. ඒත් ආබ්‍රහම් කියන්නෙ හොඳ මිනිහෙක්. ආබ්‍රහම්ට අවුරුදු සීයක් වුනත් දරුවො නෑ. දවසක් ආබ්‍රහම් දෙවියන් වහන්සේට මොරගහනවා. "මට කොච්චර හරකාබාන වස්තු සම්පත් දැසි දස්සො තිබුනත් වැඩක් නෑ දෙවියනි. මට ඒවා දෙන්න දරුවෙක් නැතුව". එත් දෙවියන් වහන්සේ ඔහුට පොරොන්දු වෙනවා ඔහු මඟින් විශාල ජාතියක් ඇතිවන බවට. තැනින් තැන ඇවිදමින් යන එඬේර ජීවිතය වෙනුවට ඔහුටම කියා රටක් දෙන බවට පොරොන්දු වෙනවා. එහෙම දෙනවයි කියලා පොරොන්දු වුන දේශය තමයි 'පොරොන්දු වූ දේශය' කියන්නෙ.
දෙවියන් වහන්සේ කතාකරනකොට ඌර් නගරයේ හිටපු ආබ්‍රහම් පස්සෙ පොරොන්දු දේශයට සංක්‍රමණය වෙනවා. ආබ්‍රහම්ගේ පුත් ඊසාක් හා ඊසාක්ගෙ පුත් ජාකොබ් ජීවත්වෙන්නේත් පොරොන්දු වූ දේශයේ. ඒත් දෙවියන් වහන්සේ පොරොන්දු වූ පරිදි මේ රට තවමත් ඔවුන්ගේ නෙමෙයි. මිසරයේ ගංගාවෙ ඉඳලා යුප්‍රටීස් ගංගාව දක්වා පැතිරුණු කේනිවරුන්ට (Kenites), කෙනිස්සිවරුන්ට (Kenizzites), කද්මොනිවරුන්ට ( Kadmonites), හිත්තිවරුන්ට (Hittites), පෙරිස්සිවරුන්ට (Perizzites), රෙපාවරුන්ට (Rephaites), අමෝරිවරුන්ට (Amorites), කානානිවරුන්ට(Canaanites), ගිර්ගාෂිවරුන්ට (Girgashites) හා ජෙබූසිවරුන්ට (Jebusites) අයිති භූමිය තමයි ඊශ්‍රායෙල්වරුන්ට දෙන්න පොරොන්දු වෙන්නෙ. ඉතින් මේ කතාවෙදි මම කියාගෙන යන්නෙ ඉශ්රායෙල් ජාතිය ඇතිවූ හැටිත් පොරොන්දු වූ දේශය ඉශ්රායෙල්වරුන්ට ලැබෙන හැටිත්.
ආයෙ කතාවට එමුකො. ජෝසෙප්ගේ මරණයෙන් පස්සෙ ඉශ්රායෙල් ජාතිය වේගයෙන් වර්ධනය වෙනවා. කොතරම් වර්ධනය වුනාද කියනවා නම් මිසරයේ හිටපු මිසරවාසීන්ගේ සංඛ්‍යාවත් ඉක්මවා යනතරම්. ඔවුන් මිසරය පුරාම පැතිරිච්ච විශාල ජනතාවක් බවට පත්වෙනවා. මේක අවුරුදු කීපයකින් වෙච්ච දෙයක් නෙමෙයි. ජෝසෙප්ගේ මරණයෙන් අවුරුදු සියගාණකටත් පස්සෙයි මෙහෙම ඉතා විශාල ඉශ්රායෙල් ඩයස්පෝරාවක් මිසරයේ ඇතිවෙන්නෙ. කාලයත් සමඟ ජෝසෙප් පිළිබඳ මතකයනුත් ජෝසෙප් මිසරයට කරපු දේවලුත් කාලයේ වැලිතලාවටම යටවෙලා යනවා.
අලුත් පාරාවෝ කෙනෙක් මිසරයේ සිහසුනට පත්වෙනවා. මිනිහා ඉතිහාසය මොකුත් දන්නා මිනිහෙක් නෙමෙයි. ඒවගේම ඉශ්රායෙල්වරුන් එක්ක වෛරයෙන් පසුවන්නෙක්. ඔහු රාජ සභාවට මෙහෙම යෝජනාවක් ගේනවා. "අපි තවත් බලන් හිටියොත් මේ ඉශ්රායෙල් ජාතිය අපිට මහා කරදරයක් වේවි. බලන්ඩකො උන් බෝවෙන බෝවිල්ල. දැන් මිසරයේ මිනිස්සුගේ ගානටත් වඩා ඉශ්රායෙල්කාරයො ඉන්නවා. බැරිවෙලාවත් සතුරු ආක්‍රමණයක් ආවොත් මුන් ටික උන්ට උදව් කරලා රටේ බලය අල්ලා ගනීවි. අපි මුන්ට මොනවාහරි කරන්න ඕනෑ. " පාරාවෝ කියන කියනදේට හිස නමන මිසර ඇමති මණ්ඩලයේ අනුමැතියෙන් සියලුම මිසර ජාතීන්ව වහලුන් කිරීමේ යෝජනාවක් සම්මතවෙනවා. රටේ වැදගත් තනතුරු ආදියෙන් පහකරනු ලබන ඉශ්රායෙල්වරු පාරාවෝගේ වහලුන් බවට පත්වෙනවා. ඒවගේම දේපලත් රාජසන්තක වෙනවා. වහලුන්ට මූලිකවම පැවරුනු කාර්යය වන්නේ පීතොම් හා රාමසෙස් යන ගබඩා නගර ගොඩ නැගීම.
නමුත් වහලුන් උවත් ඉශ්රායෙල් ජනතාවගේ ජනගහන වර්ධන වේගය අඩුවන්නේ නෑ. මෙයින් කලකිරීමට පත්වෙන පාරාවෝ ඉශ්රායෙල් වින්නඹුමාතාවන්ට අල්ලස් දී උපදින ඉශ්රායෙල් පිරිමි දරුවන් මරා දැමීමට නියෝග කරනවා. එයත් සාර්ථක නොවූ තැන "උපදින සියලුම ඉශ්රායෙල් පිරිමි දරුවන් නයිල් ගඟට විසිකළ යුතුය. උපදින සෑම දුවෙකුම හදාවඩා ගතයුතුය" යි නියෝගයක් පනවනවා. මේ නියෝගයෙන් ජනගහනය අඩුවේවි යැයි හිතුනත් එහෙම වෙන්නේ නෑ. ඒ ඇයි කියලා කමෙන්ට් වලින්ම කියන්නකො. යුරෝපීයයන් ඕස්ට්‍රේලියාවෙ ඇබොර්ජීන්ලාව විනාස කරන්නත් මේ හා තරමක් සමාන උප්පරවැට්ටියක් යෙදුවාලු. ඒක නම් සාර්ථකත් වුනාලු.
ඉතින් මේ වහල්කමේ පීඩනයත් එක්කම ඉශ්රායෙල් ජාතිය ඉතා පහත් මට්ටමකට ඇදවැටෙනවා. නිසිලෙස අධ්‍යාපනයක් නොලැබී යාම නිසා මේ වහල්කමින් ගැලවීමට මගක් සෙවීමට හැකි අයෙකුවත් බිහිවන්නේ නෑ. කොටින්ම ඉශ්රායෙල් ජාතියම කිසිම දැනුමක් නැති සතුන්සේ මිසර හේවායන්ගෙන් පහර ලබමින් බර අදිනවා. ඔය අතර තමයි ලෙවී ගෝත්‍රයේ මිනිසෙකුගෙ භාර්යාවක් ගැබ් අරගෙන පුතෙක් ඉපදෙන්නෙ. ඒ පුතා කවුද?
ඊළඟ කොටසින් බලමු.
ප.ලි. අද පලියෙන් ඔයගොල්ලන්ට තෑග්ගක් දෙන්න යන්නෙ. මෙයට ස්තුතිවන්ත වෙන්න ඕනෙ විචාරක මහත්මයාට. එතුමා තමයි මේ යෝජනාව ගෙනාවෙ. ඒ වගේම ගොඩක් උදව් කළෙත්.
පළවෙනි තෑග්ග තමයි Jacob (1994) චිත්‍රපටිය. මේකෙ ඇතුලත්වෙන්නෙ ජාකොබ්ගෙ ජීවිත කතාව. විනාඩි 90ක් දිග මේ චිත්‍රපටිය බැලීමෙන් මම අකුරු වලින් කියපු දේවල් රූපවලින් බලාගන්න පුලුවන් වේවි. ඔහොමම ඉඳන් බලනවානම් මෙන්න යූටියුබ් ලින්කුව.
http://www.youtube.com/watch? v=esnRjJjS6Us
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)
--------------------------------------------------------------------------------------------------------------
![]() |
සහෝදරයෝ ටික තමුන්ගෙ ගම්බිම් බලා එන්න පිටත් වෙනවා |
මේ විදිහට ජෝසෙප්ගේ පියාත් ඔහුගේ සහෝදරයිනුත් සහෝදරයන්ගේ පවුල්වල කට්ටියත් මිසරයට යෑමට පිටත් වෙනවා. මේ විදිහට එදා කානාන් වලින් පිටත්වෙලා මිසරයට ගිය පිරිමි අය විතරක් හැත්තෑදෙනෙක් හිටියලු. ඔවුන් මිසරයට පිටත් වෙන්නෙ තමුන් සන්තකයේ තිබ්බ සබ්බ සකලමනාවම අරගෙන.
![]() |
මගේ ආදරණීය පුතා. මම ඔබව ආයෙත් දෑහින් දැක්කා |
"මම ඔබලාට සාගතේ ඉවර වෙනකන් ඉන්න මිසරයෙන් පළාතක් ඉල්ලා දෙන්නම්. මට පාරාවෝ පොරොන්ඳු උනා ඔබලාට 'ගෝෂෙන්' දෙන්න. ඒත් රාජ සභාවෙ අනුමැතිය ඕනෙ. ඒක නිසා පාරාවෝ ඉස්සරහදි ඔබලා ගොවීන් කියන්න. එඬේරු කියලා කියන්න නම් එපා" ජෝසෙප් මෙහෙම කිව්වෙ ඒ කාලෙ මිසර වැසියො එඬේරුන්ව පිළිකුල් කළ නිසාලු.
![]() |
ගෝෂෙන් |
සාගතය ඉවර වෙනකන්ම ජෝසෙප් ධාන්‍ය වික්කා. මුලින්ම මුදල් වලට, පසුව සතුන් හිලව්වට, පස්සෙ ඉඩම් හිලව්වට, ඊටත් පස්සෙ ඇඟ හිලව්වට. මේ විදිහට අන්තිමේදි මිසරයේ සියලුම ඉඩමුත් මිනිස්සුත් පාරාවෝට හිමි වුනා. නියඟය ඉවර වුනාම ජෝසෙප් කළේ බීජ සපයලා මිසර වාසීන් ගොවිතැනට යොමුකිරීම. ඉඩම් හා ජනතාව පාරාවෝට අයිතිව තිබුණු නිසා ආදායමෙන් පහෙන් එකක් පාරාවෝට අයිතිවෙන විදිහේ නීතියක් පැනවුනා.
![]() |
ජෝසෙප්ගේ පුත්‍රයන්ට ආශිර්වාද කළා |
![]() |
මාව මිසරයේ වළලන්න එපා. කානාන්දේශයේ වළලන්න |
![]() |
ඒ යනකොට මගේ ඇටකටුත් ගෙනයන්න |
මතක් වෙච්ච වෙලේ පොරොන්දු වූ දේශය (Promised Land) ගැනත් ටිකක් කියන්නම්කො. සෙන්නාත් ශර්වන්තත් රූ අක්කාත් ඉල්ලීම් කරලා තිබුනනෙ මේක පැහැදිලි කරන්න කියලා. ආබ්‍රහම් කියන්නෙ එඬේරෙක්. තැනින් තැනට යමින් කඳවුරුවල ජීවත් වෙච්ච එඬේරෙක්. ඒකාලෙ ලෝකයේ හිටපු ගොඩක් දෙනෙක් අපරාධකාරයෝ. ඒත් ආබ්‍රහම් කියන්නෙ හොඳ මිනිහෙක්. ආබ්‍රහම්ට අවුරුදු සීයක් වුනත් දරුවො නෑ. දවසක් ආබ්‍රහම් දෙවියන් වහන්සේට මොරගහනවා. "මට කොච්චර හරකාබාන වස්තු සම්පත් දැසි දස්සො තිබුනත් වැඩක් නෑ දෙවියනි. මට ඒවා දෙන්න දරුවෙක් නැතුව". එත් දෙවියන් වහන්සේ ඔහුට පොරොන්දු වෙනවා ඔහු මඟින් විශාල ජාතියක් ඇතිවන බවට. තැනින් තැන ඇවිදමින් යන එඬේර ජීවිතය වෙනුවට ඔහුටම කියා රටක් දෙන බවට පොරොන්දු වෙනවා. එහෙම දෙනවයි කියලා පොරොන්දු වුන දේශය තමයි 'පොරොන්දු වූ දේශය' කියන්නෙ.
දෙවියන් වහන්සේ කතාකරනකොට ඌර් නගරයේ හිටපු ආබ්‍රහම් පස්සෙ පොරොන්දු දේශයට සංක්‍රමණය වෙනවා. ආබ්‍රහම්ගේ පුත් ඊසාක් හා ඊසාක්ගෙ පුත් ජාකොබ් ජීවත්වෙන්නේත් පොරොන්දු වූ දේශයේ. ඒත් දෙවියන් වහන්සේ පොරොන්දු වූ පරිදි මේ රට තවමත් ඔවුන්ගේ නෙමෙයි. මිසරයේ ගංගාවෙ ඉඳලා යුප්‍රටීස් ගංගාව දක්වා පැතිරුණු කේනිවරුන්ට (Kenites), කෙනිස්සිවරුන්ට (Kenizzites), කද්මොනිවරුන්ට ( Kadmonites), හිත්තිවරුන්ට (Hittites), පෙරිස්සිවරුන්ට (Perizzites), රෙපාවරුන්ට (Rephaites), අමෝරිවරුන්ට (Amorites), කානානිවරුන්ට(Canaanites), ගිර්ගාෂිවරුන්ට (Girgashites) හා ජෙබූසිවරුන්ට (Jebusites) අයිති භූමිය තමයි ඊශ්‍රායෙල්වරුන්ට දෙන්න පොරොන්දු වෙන්නෙ. ඉතින් මේ කතාවෙදි මම කියාගෙන යන්නෙ ඉශ්රායෙල් ජාතිය ඇතිවූ හැටිත් පොරොන්දු වූ දේශය ඉශ්රායෙල්වරුන්ට ලැබෙන හැටිත්.
ආයෙ කතාවට එමුකො. ජෝසෙප්ගේ මරණයෙන් පස්සෙ ඉශ්රායෙල් ජාතිය වේගයෙන් වර්ධනය වෙනවා. කොතරම් වර්ධනය වුනාද කියනවා නම් මිසරයේ හිටපු මිසරවාසීන්ගේ සංඛ්‍යාවත් ඉක්මවා යනතරම්. ඔවුන් මිසරය පුරාම පැතිරිච්ච විශාල ජනතාවක් බවට පත්වෙනවා. මේක අවුරුදු කීපයකින් වෙච්ච දෙයක් නෙමෙයි. ජෝසෙප්ගේ මරණයෙන් අවුරුදු සියගාණකටත් පස්සෙයි මෙහෙම ඉතා විශාල ඉශ්රායෙල් ඩයස්පෝරාවක් මිසරයේ ඇතිවෙන්නෙ. කාලයත් සමඟ ජෝසෙප් පිළිබඳ මතකයනුත් ජෝසෙප් මිසරයට කරපු දේවලුත් කාලයේ වැලිතලාවටම යටවෙලා යනවා.
![]() |
ඉශ්රායෙල්වරු පාරාවෝගේ වහලුන් බවට පත්වෙනවා |
නමුත් වහලුන් උවත් ඉශ්රායෙල් ජනතාවගේ ජනගහන වර්ධන වේගය අඩුවන්නේ නෑ. මෙයින් කලකිරීමට පත්වෙන පාරාවෝ ඉශ්රායෙල් වින්නඹුමාතාවන්ට අල්ලස් දී උපදින ඉශ්රායෙල් පිරිමි දරුවන් මරා දැමීමට නියෝග කරනවා. එයත් සාර්ථක නොවූ තැන "උපදින සියලුම ඉශ්රායෙල් පිරිමි දරුවන් නයිල් ගඟට විසිකළ යුතුය. උපදින සෑම දුවෙකුම හදාවඩා ගතයුතුය" යි නියෝගයක් පනවනවා. මේ නියෝගයෙන් ජනගහනය අඩුවේවි යැයි හිතුනත් එහෙම වෙන්නේ නෑ. ඒ ඇයි කියලා කමෙන්ට් වලින්ම කියන්නකො. යුරෝපීයයන් ඕස්ට්‍රේලියාවෙ ඇබොර්ජීන්ලාව විනාස කරන්නත් මේ හා තරමක් සමාන උප්පරවැට්ටියක් යෙදුවාලු. ඒක නම් සාර්ථකත් වුනාලු.
ඉතින් මේ වහල්කමේ පීඩනයත් එක්කම ඉශ්රායෙල් ජාතිය ඉතා පහත් මට්ටමකට ඇදවැටෙනවා. නිසිලෙස අධ්‍යාපනයක් නොලැබී යාම නිසා මේ වහල්කමින් ගැලවීමට මගක් සෙවීමට හැකි අයෙකුවත් බිහිවන්නේ නෑ. කොටින්ම ඉශ්රායෙල් ජාතියම කිසිම දැනුමක් නැති සතුන්සේ මිසර හේවායන්ගෙන් පහර ලබමින් බර අදිනවා. ඔය අතර තමයි ලෙවී ගෝත්‍රයේ මිනිසෙකුගෙ භාර්යාවක් ගැබ් අරගෙන පුතෙක් ඉපදෙන්නෙ. ඒ පුතා කවුද?
ඊළඟ කොටසින් බලමු.
ප.ලි. අද පලියෙන් ඔයගොල්ලන්ට තෑග්ගක් දෙන්න යන්නෙ. මෙයට ස්තුතිවන්ත වෙන්න ඕනෙ විචාරක මහත්මයාට. එතුමා තමයි මේ යෝජනාව ගෙනාවෙ. ඒ වගේම ගොඩක් උදව් කළෙත්.
පළවෙනි තෑග්ග තමයි Jacob (1994) චිත්‍රපටිය. මේකෙ ඇතුලත්වෙන්නෙ ජාකොබ්ගෙ ජීවිත කතාව. විනාඩි 90ක් දිග මේ චිත්‍රපටිය බැලීමෙන් මම අකුරු වලින් කියපු දේවල් රූපවලින් බලාගන්න පුලුවන් වේවි. ඔහොමම ඉඳන් බලනවානම් මෙන්න යූටියුබ් ලින්කුව.
http://www.youtube.com/watch?
මෙන්න ටොරන්ට් ෆයිල් එක. මම නම් මෙව්වාලින් බාලා නැතිනිසා සුදුසු එකක් තෝරාගන්න.
http://torrentbutler.eu/2712- jacob
දෙවෙනි එක Joseph (1995) චිත්‍රපටිය. අර පොතිපර්ගෙ බාරිව බලන්න ඕනෙ කියලා කට්ටිය ඉල්ල ඉල්ල පොරකෑවෙ. මිනිත්තු 184කදී ජෝසෙප්ගේ ජීවිත කතාව බලන්න.
දෙවෙනි එක Joseph (1995) චිත්‍රපටිය. අර පොතිපර්ගෙ බාරිව බලන්න ඕනෙ කියලා කට්ටිය ඉල්ල ඉල්ල පොරකෑවෙ. මිනිත්තු 184කදී ජෝසෙප්ගේ ජීවිත කතාව බලන්න.
මෙන්න ටොරන්ට් එක.
http://kat.ph/search/joseph% 201995/
http://torrentbutler.eu/2405- joseph
තුන්වෙනි එක Joseph: King of Dreams (2000) මේක ඇනිමේෂන් එකක්. මිනිත්තු 75යි.
http://torrentbutler.eu/2405-
තුන්වෙනි එක Joseph: King of Dreams (2000) මේක ඇනිමේෂන් එකක්. මිනිත්තු 75යි.
මෙන්න ටොරන්ට් එක.
http://torrentz.eu/ 47f8b714f3e1191c0352eaad197dca 224b347373
ඔන්න හැමෝම සතුටින් බුක්ති විඳින්න. අපෝ මේ ලොකු එව්වා අපිට එපා පොඩි වීඩියෝ කෑලි ඕනා කියලා හිතෙනවානම් අමතන්න.
http://torrentz.eu/
ඔන්න හැමෝම සතුටින් බුක්ති විඳින්න. අපෝ මේ ලොකු එව්වා අපිට එපා පොඩි වීඩියෝ කෑලි ඕනා කියලා හිතෙනවානම් අමතන්න.
ෂඃ, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අද ලිපිය ඉහලයි, විශිෂ්ඨයි, උත්කෘෂ්ඨයි. දැන් ඔබ බ්ලොග් ලිවීමේ පරිනත භාවය මොනවට ප්‍රදර්ශනය කරනවා. මේ කොටස කියවීමත් අර චිත්‍රපටි බැලුවා වගේමයි. මම අහන්න හිටියේ මොකද ඊළඟ කොටස නැත්තේ කියලා. දිගටම ලියන්න.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මමත් මේ කමෙන්ට් එකට 100% එකඟයි.. ඔබට මගේ ප්‍රණාමය හරි..
Deleteඅගය කිරීමට ස්තුතියි! බලන්ඩකො විචාරක මහත්මයෝ කවුරුවත්ම උත්තරේ දීලා නෑනෙ උපදින පිරිමින්ව මරලා ජනගහන පාලනය කරන්න බැරිවුන එකට හේතුව. මම හිතුවා විචාරක මහත්මයාවත් කියයි කියලා..
Deleteසුපිරි....!!!
ReplyDeleteස්තුතියි!
Delete""උපදින සියලුම ඉශ්රායෙල් පිරිමි දරුවන් නයිල් ගඟට විසිකළ යුතුය. උපදින සෑම දුවෙකුම හදාවඩා ගතයුතුය" යි නියෝගයක් පනවනවා. මේ නියෝගයෙන් ජනගහනය අඩුවේවි යැයි හිතුනත් එහෙම වෙන්නේ නෑ."" ඒ ඇයි හරී...???
ReplyDeleteමම මේක කෙලින්ම නොකියා ටිකාක් ලේසි කරන්නම්.. ඔන්න ඔයගොල්ලන්ගෙ ගෙදර හරක් දහදෙනෙකුයි එළෙදෙන්නු දහයකුයි ඉන්නවා.. මේ පට්ටියෙ අලුතින් උපදින වහු පැටව් මැරුවොත් පට්ටියෙ ගාන ඉහල යෑමේ වේගය පාලනය කරන්න පුලුවන්ද?
Delete"ඉශ්රායෙල් ඩයස්පෝරාවක් මිසරයේ ඇතිවෙන්නෙ"
ReplyDeleteඩයස්පෝරාව ඒ කාලේ ඉදන්ම තිබුණා වගේ.... :D
"අලුත් පාරාවෝ කෙනෙක් මිසරයේ සිහසුනට පත්වෙනවා"
මේ ෆාරාවෝ කවුද ?
වහල් බවට පත්වුනත් ඊශ්‍රායල්වරුන් ගාව ජෝශප්ගේ ඇටකටු පරිස්සමට තියෙලා තියෙනවද ?
මේ කාලය තුළ ඊශ්රායල්වරුන්ගේ ආගම මොකක්ද ?
මං එක ඩික්ශනරි එකක දැක්කා ඩයස්පෝරාව කියන්නේ ඊශ්‍රායලයෙන් පිටත ඉන්න යුදෙව් ජන කොට්ටාශයකටලු
Delete@ හසිත,
Deleteඅපි ඊයෙ පෙරේදා මේ වචනෙ ඇහුවට ඩයස්පෝරා තිබිලා තියෙන්නෙ හුඟක් ඉස්සර.. :)
බයිබලයේ සඳහන් වෙන්නේ පාරාවෝ කියලා විතරයි හසිත.. හැමෝටම පාරාවෝ කියලා කියනවා.. ඉතිහාසඥයන්ගේ මතය අනුව ඔය කාලෙ Dudimose, Ahmose I, Thutmose III, Horemheb, Ramesses I, Ramesses II රජ කරලා තියෙන්නෙ ඔය කට්ටියලු.. ඒ අතරින් කෙනෙක් වෙන්න ඇති...
"ජෝශප්ගේ ඇටකටු පරිස්සමට තියෙලා තියෙනවද ? " ජෝශප්ගේ ඉල්ලීම එහෙමම ඉටුකරාලු..
"ඊශ්රායල්වරුන්ගේ ආගම මොකක්ද ? " නමින් සඳහන් කළ හැකි ආගමක් නෑ.. මිසරයේ වහල් කමට පත්වීමත් සමඟ මේ පිරිස නීතියක් රීතියක් උගත්කමක් නැති ම්ලේච්ඡයො පිරිසක් බවට පත්වුනාලු.. නැවත නීති ඇතිවෙන්නෙ දස පණත ලැබීමත් සමග තමා..
@ මිස්ටර් හයිඩ් ,
Deleteවිස්තරයට ස්තුතියි, මම එහෙම දෙයක් දැනහිටියේ නෑ.. මම හිතුවෙ තම මව් බිමෙන් වෙන්ව වෙනත් දේශයක් එක්රැස්වූ ජන කොටසක් ඩයස්පෝරාව නමින් හඳුන්වනවා..
@ මිස්ටර් හයිඩ් ,
Deleteඔබ හරි.. එතනින් තමයි ඩයස්පෝරා කියන වචනය පටන් අරන් තියෙන්නෙ..
@ හරී
Deleteස්තුතියි
ඩයස්පෝරාවක් කියන්නේ මොකක්ද? අර ජනගහනය ගැන අහපු එකට උත්තරේ මමනම් දන්නේ නෑ. බලමු කවුරුහරි කියයිද කියලා.
ReplyDeleteඩයස් පෝරාව කියන්නේ ග්‍රීක වචනයක්ලු..
Deleteතේරුම ඉසින ලද වී වගේ එකක්ලු..
හරියටම මතක නෑ..
ඩයස්පොරාව කියන්නේ ස්ථිර භුමි ප්‍රදේශයක් නැති විසිරිචිච ජන කොටිඨාසයක්,
Deleteඅදහස පැහැදිලිය. ස්තුතියි, තරී සහ ඕෂන්
Delete@ සයුරි,
Deleteවිකිපීඩියාව කියන විදිහට නම් ඩයස්පෝරාව කියන්නෙ"the movement, migration, or scattering of people away from an established or ancestral homeland" . සයුරි අක්කාට මතක නැද්ද පහුගිය කාලෙ ප්රවෘත්තිවල එහෙම ගියෙ දෙමළ ඩයස්පෝරාව කියන වචනය..
තරියා කියන විදිහට ඒක ග්‍රීක වචනයක් තමයි. බයිබලය ග්‍රීක් භාෂාවට පරිවර්තනය කරද්දි බැබිලෝනියාවට පිටුවහල් කළ ජුදා ජාතිකයන් හඳුන්වන්න තමා මේ වචනෙ යොදා ගෙන තියෙන්නෙ.
වැඩි විස්තර විකියෙන්ම බලන්නකො..
http://en.wikipedia.org/wiki/Diaspora
@ තරියා අබේ, සිතුවිලි සයුර,
Deleteකරුණු එකතුකළාට ගොඩක් ස්තුතියි!
වටිනා කියන ලිපිපෙලක් මට මග අරිලානේ .....
ReplyDeleteමුල ඉඳාන් එන්න.. :)
Deleteඊලග කොටස එනකං ඉන්නවා කට ඇරං..
ReplyDeleteහි හි..
මේක පට්ට..
@ තරියා අබේ,
Deleteඕං ඊළඟ කොටස දැම්මා.. හා..හා.. කටවහන් ඒක බලන්න..
හොද වැඩක් දිගටම ලියන්න..
ReplyDeleteස්තුතියි!
Deleteඅදත් ඊශ්රායෙල්කාරයො යුද්දෙට යන්නේ මේක අපිට බයිබලයෙන්ම පොරොන්දු වුන රට කියාගෙන තමයි.
ReplyDeleteමට තාමත් හිතාගන්න බැරි ඇයි කතෝලිකයන්ට කුරුස යුද්ද කාලෙදි යුදෙව්වන්ව පෙන්නන්න බැරි වුනේ ඇයි කියල. ජේසුත් ඉපදුනේ යුදෙව්වෙක් විදිහටනේ
මේකනෙ මිස්ටර් හයිඩ් ජුදෙව්වන්ට කොහොමත් ක්‍රිස්තියානින් පෙන්නන්න බෑ තමයි.. මොකද ජේසුස් කියන්නෙ ජුදෙව්වෙක් වුනාට ජුදෙව්වන්ට අනුව දෙවියන්ට අපහාස කරපු, ජනතාව නොමඟ යවපු කැරලිකරුවෙක්.. ඒකනෙ කුරුසෙ ඇණගහලත් මැරුවෙ.. ඉතින් මේ නොරිස්සුම තියෙනවා..
Deleteකුරුස යුද්ධය වුනේ මුස්ලිම්වරු ජෙරුසලම අල්ලාගෙන වන්දනාකරුවන්ට ජෙරුසලම තහනම් නගරයක් කරපු නිසානෙ.. මේ මුස්ලිම්වරුන්ට ජුදෙව්වොත් සහයදීලා තියෙනවා... කුරුස යුද්ධ ගැන එළකිරියෙ ලිපි කීපයක්ම තිබුනා.. ඒක නිසා ඒ ගැන ලියන්න නම් අදහසක් නෑ..
ඇත්තටම මචං මට බයිබලේ ඔය පොරොන්දු දේශය කෑල්ල කියවද්දි හිතිච්ච දෙයක් තමයි යුදෙව්වෝ තමුන්ට රටක් අයිති කරගන්ඩ උංම ලියා ගත්ත එකක්ය කියලා.මොකද උඹ ඔය ලියලා තියෙන හිත්තීවරු පෙරිස්සීවරු යෙබූසිවරු වගේ අනිත් ජාතීන් මරන්ඩ කියලා දෙවියන් වහන්සේ කියනවනේ.අන්න එතකොට මට හිතුනේ හරි කෲර දෙවි කෙනෙක් කියලා.
ReplyDeleteමිනිස්සු අපි සිංහල, අපි දෙමළ කියලා කුළකවලට වෙං වෙන්නැතුව ඔක්කොම මිනිස්සු කියලා හිටියානං ප්‍රශ්න අඩුයි නේද? යුදෙව්වොත් මිසරෙට ගිහාම වෙනම ජාතියක් විදිහට ඉන්නැතුව මිශ්‍ර උනානං අවුලක් වෙන්නෑනෙ.
උත්තර දෙන්න ප්‍රමාද වුනේ අසනීප හින්දා.. ඒකට සමාව භාජනය කොරන්න.. මේ කමෙන්ට් ටික මම කියෙව්වෙ තනි ඇහෙන්.. මූණෙ පැත්තක්ම රිදෙන්න අරන් තිබුනෙ...`
Deleteමේක ලියවිලා තියෙන්නෙ මේ සිද්ධි වුනාට පස්සෙනෙ දිනුක.. මේවා ග්රන්ථාරූඩ වෙච්ච කාලෙ ඉශ්රායෙල් ඉතිහාසයේ ස්වර්ණමය කාලෙ.. ඉතින් තමුන්ට අයිති රාජ්‍යයක ඉඳන් බොරුවට මේ රට අපෙයි කියන්න ලියාවිද?.. එහෙම වෙන්න ඉඩක් නැත්තෙමත් නෑ.. ඒකත් මම පිළිගන්නවා.. ඔයා කියන විදිහට එක එක ජාතීන් අතර සටනට යනවා තමයි.. හැබැයි මේ කියන ඉශ්රායෙල්වරු එතකොට හරියට ශිෂ්ඨාරගතවෙලත් නෑනෙ.. ඒක නිසා තමයි ඔවුන් අතර 'ඇසට ඇස දතට දත' වගේ නීති තියෙන්නෙ.. කතන්දරෙන් පස්සෙ අපි බලමුකො වෙනත් කෝණෙකින් මේ දිහා..
මිශ්‍ර වීම කියන එකට නම් හේතු ගොඩක් තියෙනවා.. එකක් තමයි මිසර වැසියන් ඉශ්රායෙල් ජාතිය පිළිකුල්කොට සැළකීම, අනික අචර්මඡේදිත මිසර වැසියන්ව ඉශ්රායෙල්වරුන් පිළිකුල් කිරීම.. ඉතින් යා වුනේ නෑ.. අනික බයිබලය පුරා පිරිසිඳු ඉශ්රායෙල් පරපුරක් පවත්වාගෙන යනවනෙ.. වෙනත් ජාතීන් හා මිශ්‍ර වුනාද හලලා දැම්මා.. ඉතින් සමහරවිට මිශ්‍ර වුන අයත් ඉන්න ඇති.. ඒත් සැළකියයුතු කොටසක් නෙමේ..
ඔය පාරාවො කරපු දේම, හිට්ලරුත් කළා නේද ඊශ්‍රායෙල් ජනතාවට.. ඒත් උන් තාමත් යහතින්..
ReplyDeleteපාරාවොට අද ආවොත් හිතෙයි.. ඊශ්‍රායෙල් කාරයන්ට බෝවෙන්ඩ දුන්න නම් හොඳයි කියලා.. :-)
හිට්ලර්ගෙ සංහාරය වටා මෙහෙම කතාවකුත් ගෙතිලා තියෙනවා නේද?
Deleteජේසුව මරණයට තීන්දු කරන වෙලේ පිලාත් අත් හෝදාගන්නවානෙ නිර්දෝශ මිනිසෙක් මැරීමේ ශාපය මට නොවැටේවා කියලා.. එතකොට ජුදෙව්වො කියනවා එය අප ජාතිය පිටත් මතු පරම්පරා පිටත් වැටේවා වගේ කතාවක්.. ඒකයි ඔය ඵලදෙන්නේ කියලා කියනවා නේද?
"පාරාවොට අද ආවොත් හිතෙයි.. ඊශ්‍රායෙල් කාරයන්ට බෝවෙන්ඩ දුන්න නම් හොඳයි කියලා." මේ ටික නම් තේරුනේ නෑ..
හැබැයි මම උඩිනුත් කිව්වා වගේ පාරාවෝගේ උපක්‍රමය අසාර්ථකයි...
ඔන්න මාත් ඊලඟ කොටස වෙනකන් බලාගෙන ඉන්නේ.
ReplyDeleteලඟදිම දස පනත හම්බ වේවි නෙහ්..
ළඟදීම දෙනවා...
Deleteහරීගෙ මේ ව්‍යාපෘතියත් මම කල්පනාකලේ හක්ක පනින ව්‍යපෘතියක් නේද? සමහර වචන වලට සිංහල යෙදුම් හොයන එකත් එහෙම එකක්නෙ. අනික සමහර තැන්වල තියෙන්නෙ ඓතිහාසික පරිවර්තන දෝශත් සෑහෙන අභියෝගයක් නේද?. ඒවා දැන් හදන්නත් බැරි සයිස් එකක් තියෙන්නෙ. වෙන විදියකට කලොත් ගුටි කන්නත් පුලුවන් ඕවයෙ අයිති කාරයන්ගෙන්, නැත්ද?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හක්ක පනිනවා අයියේ එළියටම.. :)
Deleteමේ බ්ලොගයේ තියෙන සමහර කරුණු සාමාන්‍ය ජනතාව අතර ඉගැන්වීමක් නැතිනිසා සිංහල වචන නෑ.. ඉතින් කඩ්ඩෙන්ම කොටන්ඩත් බෑ.. ඒකනිසා අතින් වචන දාලා ලියන්ඩත් වෙනවා..
ඊළඟට ව්‍යවහාරයේ තියෙන සමහර වචන ඇවිල්ලා තියෙන්නෙ වැරදි උච්චාරණ නිසා.. නැත්නම් ඒක පෘතුගීසි වචනය සිංහල උච්චාරණයට හදාගෙන.. ඉතින් හොයපල්ලකො හරි තේරුම දෙන ඉංග්‍රීසි වචනෙ.. මොකද පෘතුගීසි වලින් සර්ච් කරන්නයැ.. :) වැරදි පරිවර්තන හදලා හරි වචනෙ දාන්නත් බෑ තමයි.. මතකනෙ ඩූඩ් අයියට මයිකල්-මිඛායෙල් අවුල..
කොහොමහරි ඉතින් ලියන් යනවා..
යුදෙව්වන්ට හැමදාම වගේ මේ විදියට විඳවන්ට වෙන්නේ ඇයි කියලා දන්නවද?
ReplyDeleteමේ වගේ ලිහිල්ව, සිත් ඇදගන්නා විදියට කියනවා නම් බයිබලය දවසකින් කියවලා ඉවර කරන්ට පුලුවන් වෙයි.:)
ඒකත් හොයලා බලන්ඩම වටින කාරණාවක්.. ජුදෙව්වො මේ වහල් කමින් ගැලවුනාට පස්සෙත් තව තව කරදර ගොඩකට මූණදෙනවා.. ඒගොල්ලන්ගෙ කරදර තාමවත් ඉවර නෑනෙ.. තාමත් යන යන රටවලින් වගේම තමුන්ගෙ රටේදිත් ගුටි කනවා.. හේතුව නම් හරියට දන්නෙ නෑ.. හොයලා බලලා කියන්නම්....
Deleteමම මේ කතන්දරය බේරලා අරන්නෙ දාන්නෙ.. ඒක නිසා කියවන්න ලේසියි..
පොරොන්දු වූදේශය කරා කතාව මෙතනින් ඉවරද? .. හැබැයි අද දවසෙත් ඊශ්‍රාලයේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රධාන වශයෙන් සත්ව පාලනය ඒ එඬේර යුගයේ ඉඳන්ම ආ වෘත්තීයක් වගේ.
ReplyDeleteඅන්තිම ප්‍රශ්ණ දෙක මටත් තියෙනවා.
"ජනගහනය අඩුවේවි යැයි හිතුනත් එහෙම වෙන්නේ නෑ. ඒ ඇයි ?"
" ඒ පුතා කවුද?"
"පොරොන්දු වූදේශය කරා කතාව මෙතනින් ඉවරද? " නැත නැත දරුවා තවම මිසරයට ඇතුලු වූවා පමණි.. පිටවෙලා ආපහු යන්නත් ඕනනෙ.. :)
Deleteඒ පුතා තමා මෝසෙස්..
ජනගහන කතාවට පහළ කමෙන්ටුවක් දාන්නම්..
ආයෙත් ස්තුතියි හරී..
ReplyDeleteඔයා කොච්චර දක්ෂද කියනවා නම් කොමෙන්ට් වලින් අපි අහන ප්‍රශ්න මතක තියාගෙන ඉඳලා අදාල පෝස්ටුවේදි මතක් කරන්න තරම් මහන්සි වෙලා තියනවා..
ගොඩක් ස්තුතියි ඔයාගෙ මහන්සියට..මේ කතාව ඉවර වුනාම පුළුවන් නම් පොතක් විදිහටත් පළකරන්න..අපිත් ඒක විකුණන්න උදව් කරන්නම්.:)
බලන්ඩකො රූ අක්කෙ ඒකෙත් හැටි.. මම පරණ පෝස්ට්වල ප්‍රශ්නත් මතක තියාගෙන ඉඳලා උත්තර දෙනවා.. කාටවත් මේ පෝස්ට් එකේ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න මතක තිබුනේ නෑනෙ.. :)
Deleteස්තුතියි රූ අක්කෙ.. ඒත් මේ ගැන සඳන් පොත් ඕනෑ තරම්.. ලස්සන චිත්‍ර කතා පොත් තියෙනාවා.. මම ඊළඟ පෝස්ට් එකේ බුද්ධිගේ කමෙන්ටුවේ වැඩි විස්තර ලියන්නම්කො..
ෆිල්ම් ටික බැලුවා.. දැන් කතාව අහලා අන්තිමට ප්‍රශ්න අහන්නම්..
ReplyDeleteමගේ සතුට ඉහවහා ගිය කමෙන්ටුවක්.. මම හිත හිතා හිටියෙ අනේ මම අමාරුවෙන් හොයලා දීපු ෆිල්ම් එක්කෙනෙක්වත් බැලුවේ නැද්ද කියලා.. දැන් ඒකත් හරි..
Delete@ හැමෝටම..
ReplyDeleteමම ප්‍රශ්නයක් ඇහුවා.. කෝ කවුරුත් ඒක දැකලා නෑනෙ.. ඔන්න ඔහේ මමම උත්තරෙත් දෙන්නම්..
පාරාවෝ කළේ පිරිමි මරන එකනෙ.. පිරිමි මරලා කොහොමද ජනගහනයක් පාලනය කරන්නෙ.. හිතන්නකො පාරාවෝ පිරිමි මරාගෙන මරාගෙන ගිහින පිරිමි:ගෑණු අනුපාතය 1:100 යි කියලා.. ඒත් කිසිම බාධාවක් නැතුව මාස 10ක් ඇතුළත ජනගහනය තව 100කින් ඉහළ ගියෑකිනෙ..
ඕස්ට්‍රේලියාවට බැහැපු යුරෝපීන් කරලා තියෙන්නෙ ආදිවාසීන්ගෙ ගෑණුන්ව මරපු එක.. දැන් හිතන්නකො පිරිමි:ගෑණු අනුපාතය 100:1 යි කියලා.. පිරිමි 100ක් හිටියත් ජනගහනය වැඩි කරන්ඩ බෑනෙ..