'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන්
පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන්
මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ. මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්රායෙල්
ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්රායෙල් ජාතිය මිසරයේ වහල්
බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස්
චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ
මෝසෙස්ගෙන් නොවේ.
මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට ඒසව් හා ජාකොබ් යනුවෙන්
පුතුන් දෙදෙනෙකි. ඒසව්ට වංචා කර පැනයන ජාකොබ් තමුන්ගේ මාමා වන ලාබන්ගේ ගෙදර
නතර වේ. පසුව බොහෝ සැප සම්පත්ද තමුන්ගේම පුතුන් දොළොස්දෙනෙකුද ලබන ඔහු තම සහෝදරයා සමග යලි මිතුරු වේ. ඔහුගේ පුතුන්ගෙන් කෙනෙකුවූ ජෝසෙප් අනික් පුතුන් විසින් වහලෙකු ලෙස මිසරයට විකුණනු ලැබේ. එහිදී ජෝසෙප් තම ස්වාමියාගේ හිත දිනා ගත්තද ස්වාමියාගේ බිරිඳ දූෂණය කිරීමට තැත් කිරීමේ චෝදනා ලැබ සිරගතවේ.
පොරොන්දු වූ දේශය කරා.... (1 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)
මේ අතර රටේ රජතුමා වෙච්ච පාරාවෝට අපූරු වැඩක් වෙනවා. රෑ නිදාගෙන ඉද්දී හීනයක් පෙනිලා බයවෙලා ඇහැරෙනවා. ඊටපස්සෙ ඒක ගැන හිත හිත නිදි නැතුව ලතවෙලා ලතවෙලා පාන්දර ජාමෙ තමයි නින්ද යන්නෙ. ඒ නින්ද ගිහින් ඔන්න ආයෙ හීනෙන් බයවෙලා නැගිටිනවා. පාරාවෝට හරිම අප්සට්. උදේ නැගිට්ට ගමන්ම රාජකීය ඉන්ද්‍රජාලිකයා ගෙන්වලා හීනෙ තේරුම අහනවා. මිනිහගෙ ඉන්ද්රජාලිකකම බල්ලට දාන්න ඕනෙ. තේරුම මිනිහා දන්නේ නෑ. තමුන්ට මුලු රෑම නිදාගන්න නොදුන් මේ හීනෙ තේරුම දැනගන්න තුරු පාරාවෝට ඉවසිල්ලක් නෑ. රටේ ඉන්න ඉන්ද්‍රජාලිකයො, මන්තරකරුවො, සාස්තරකරුවො හා හීනෙකින් හරි හීනයක තේරුම කියන්න පුළුවන් ඔක්කොම රජවාසලට ගෙන්වනවා. ඒත් ජෝසෙප්ට මේ පණිවිඩය ලැබෙන්නේ නෑ. ඒවගේම පාරාවෝගේ බලාපොරොත්තු ඉටුවෙන්නේත් නෑ.
පාරාවෝ නොකා නොබී කනස්සල්ලෙන් පැත්ත වැටිලා ඉද්දි තමයි වයින් පිරිනමන්නන්ගෙ ලොක්කා එතනට එන්නෙ. "ස්වාමිනී, ඔබ වහන්සේ කැමතිනම් මට පුළුවන් ඔබවහන්සේට උදව් කරන්න"
හරියට ඇඟේ ඇඳුමක් නැතිව වහලෙකු වශයෙන් අවුරුදු 17දි මිසරයට ආපු කොලුවා අවුරුදු 30දි එරට දේශාධිපතිවීම හැබෑ පුදුමයක් නේද? ඔහුගේ අති දක්ෂ පාලන ක්‍රම නිසා සශ්‍රීක අවුරුදු හත තුළ මැනිය නොහැකි තරම් විශාල ධාන්‍ය ප්‍රමාණයක් රැස්කරගැනීමට හැකිවෙනවා. අවුරුදු හත අවසානවෙද්දි ජෝසෙප් ළමයි දෙන්නෙකුගෙ තාත්තා කෙනෙක්.
------------------------------------------------------------------------------------------------------------
මම දන්නවා දැන් කට්ටිය පුල පුලා බලා සිටින්නෙ වයින් පිරිනමන්නන්ගෙ ලොක්කා මොන උප්පරවැට්ටියක් දාලාද ජෝසෙප්ව එළියට ගන්නෙ බලන්නෙ. ඒත් 'අවාසනාවට ඇත්ත කතාවක්' හිරෙන් එළියට ඇවිත් නැවතත් තනතුරට පත්වෙන ලොක්කට ජෝසෙප් කියලා එකෙක් හිටියදවත් මතක නෑ. ඔන්න වැඩ. ජෝසෙප් ඉතින් හිරේට වෙලා මඟ බලන් ඉන්නවා. 'අද ඇවිත් මාව බේරගනී' කියලා හිත හිත. ඒත් අවුරුදු දෙකක් ගියත් ඔහෙ නෑ.
![]() |
අද ඇවිත් මාව බේරගනී |
මේ අතර රටේ රජතුමා වෙච්ච පාරාවෝට අපූරු වැඩක් වෙනවා. රෑ නිදාගෙන ඉද්දී හීනයක් පෙනිලා බයවෙලා ඇහැරෙනවා. ඊටපස්සෙ ඒක ගැන හිත හිත නිදි නැතුව ලතවෙලා ලතවෙලා පාන්දර ජාමෙ තමයි නින්ද යන්නෙ. ඒ නින්ද ගිහින් ඔන්න ආයෙ හීනෙන් බයවෙලා නැගිටිනවා. පාරාවෝට හරිම අප්සට්. උදේ නැගිට්ට ගමන්ම රාජකීය ඉන්ද්‍රජාලිකයා ගෙන්වලා හීනෙ තේරුම අහනවා. මිනිහගෙ ඉන්ද්රජාලිකකම බල්ලට දාන්න ඕනෙ. තේරුම මිනිහා දන්නේ නෑ. තමුන්ට මුලු රෑම නිදාගන්න නොදුන් මේ හීනෙ තේරුම දැනගන්න තුරු පාරාවෝට ඉවසිල්ලක් නෑ. රටේ ඉන්න ඉන්ද්‍රජාලිකයො, මන්තරකරුවො, සාස්තරකරුවො හා හීනෙකින් හරි හීනයක තේරුම කියන්න පුළුවන් ඔක්කොම රජවාසලට ගෙන්වනවා. ඒත් ජෝසෙප්ට මේ පණිවිඩය ලැබෙන්නේ නෑ. ඒවගේම පාරාවෝගේ බලාපොරොත්තු ඉටුවෙන්නේත් නෑ.
පාරාවෝ නොකා නොබී කනස්සල්ලෙන් පැත්ත වැටිලා ඉද්දි තමයි වයින් පිරිනමන්නන්ගෙ ලොක්කා එතනට එන්නෙ. "ස්වාමිනී, ඔබ වහන්සේ කැමතිනම් මට පුළුවන් ඔබවහන්සේට උදව් කරන්න"
"හ්ම්ම්.. කියමු බලන්ඩ"
"ස්වාමිනී, ඔබ වහන්සේට මතකද මීට අවුරුදු කීපෙකට කලින් මම බන්ධනාගාරගතව හිටියා."
"ඔව්. කෙටියෙන් කියනවා"
"එහෙදි ඔබගේ දාසයා වන මාත් කෑම සාදන්නාත් හීන දෙකක් දැක්කා. එහෙ හිටපු නිලධාරියගෙ හෙබ්‍රෙව් ජාතික සේවකයා ජෝසෙප් ඒවා තේරුම කර දුන්නා. ඒවා ඒ විදිහටම සිද්ධ වුණා. මට අමතක වුනා ස්වාමිනී, ජෝසෙප් කිව්වා ඔහු හිරේ වැටිලා තියෙන්නෙ නොකළ වරදකට කියලා. හීනෙට අනුව මා නිදහස් වුනාම ඔබ වහන්සේට කියලා ඔහු බේරාගන්න කිව්වා. දෙවියනේ මට ඔහු අමතකවෙච්ච හැටි"
"හරි හරි.. එහෙනම් මිනිහාව ගෙන්නමු" පාරාවෝ සිරමැදිරියට තමුන්ගේ සේවකයන් යවනවා ඒ රජුගේ විශේෂ ආඥාවකින් ජෝසෙප් නිදහස් කළ බව දැක්වෙන ලිපියක්ද සමග.
රජතුමාගේ නිදහස ඉහළින් පිළිගන්නා ජෝසෙප් රජතුමාගේ ආරාධනාවද ඉහළින් පිළිගන්නවා. ඒත් හිරේ හිටපු හඩ්ඩා වගේ ගියෑකියැ පාරාවෝ හම්බෙන්න. ඉතින් රැවුළ කොණ්ඩෙ නියපොතු කපලා සුවඳ වතුරෙන් නාගෙන හොඳ ඇඳුමක් එහෙම දාගන්නවා. ඊටපස්සෙ තෙල් ගාලා කොණ්ඩෙ පීරලා සැන් ටිකකුත් හලාගෙන සපත්තු දෙකත් දාලා ඔන්න කොල්ලා ලෑස්තියි පාරාවෝ හම්බෙන්න. ජෝසෙප් හොඳ හැන්ඩියා කියලත් මතක තියාගන්න ඕනෑ. මට මතක් වෙන්නෙ මහෞෂධ පණ්ඩිතයො ධර්ම යුද්ධෙට ගිය හැටි.
![]() |
ඔන්න ජෝසෙප් පාරාවෝ ඉස්සරහ. |
ඔන්න ජෝසෙප් පාරාවෝ ඉස්සරහ. "මට ආරංචිවුනා ඔබ හීන තේරුම් කිරීමේ දක්ෂයෙක් කියලා. මමත් ඊයෙ රෑ හීන දෙකක් දැක්කා ඒවල තේරුම් කියන්න ඔබට පුලුවන්ද?"
"රජතුමෙනි දක්ෂයා මම නොවෙයි. මම අදහන දෙවියන් වහන්සේ. උන් වහන්සේගෙන් පිහිටෙන් මට පුළුවන් වෙයි ඒවා තෝරා දෙන්න."
"හොඳයි. මම ඊයෙ රෑ මම නයිල් ගඟේ ඉවුරෙ ඉන්නවා දැක්කා. ගඟ දිගේ ආපු තරබාරු ඉතා විශාල එළදෙන්නු හත්දෙනෙක් ඉවුරට ගොඩවෙලා තණකොළ කන්න පටන් ගත්තා. ඒ එක්කම ඊට පිටිපස්සෙන් ආවා වැහැරිච්ච එළදෙන්නු හත්දෙනෙක්. ඒතරම් කෙට්ටු එළදෙන්නු මම ජීවිතේට දැකලා නෑ. පස්සෙ අර කෙට්ටු එළදෙන්නු ටික තරබාරු වුන්ව කන්න පටන් ගත්තා. එහෙම කෑවත් කෙට්ටු උන් පොඩ්ඩක්වත් ලොකු වුනේ නෑ. "
"ඊළඟට පාන්දර මම දැක්කා ගොයම් ගහක හටගත්තු රන්වන් වී කරල් හතක්. ඒත් පස්සෙ මතුවුනු බොල් වී කරල් හත ඒ රන්වන් කරල් හතම ගිලදැම්මා. මේ හීන දෙක තමයි දැක්කෙ. මේවාවල තේරුම දන්න කෙනෙක් මුලු මිසරයෙන්ම මට හොයාගන්න බැරිවුනා. ඔබටවත් පුළුවන්ද?"
![]() |
එකම තේරුම ඇති හීනය දෙවරක්ම |
"මෙහෙමයි.. හීන දෙකේම තේරුම සමානයි. මිසරයට ඉස්සරහට වෙන්න යන දෙයක් තමයි දෙවියන් වහන්සේ ඔබට පෙන්වලා තිබෙන්නේ. තරබාරු එළදෙන්නු හතත් රන්වන් වී කරල් හතත් සමෘද්ධිමත් අවුරුදු හතකට සමාන කරන්න පුලුවන්. කැහැටු එළදෙන්නු හතත් බොල් වී කරල හතත් සාගතයෙන් පිරි අවුරුදු හතකට සමාන කරන්න පුලුවන්. මිසරයට ඉදිරි අවුරුදු හත සශ්‍රීක වේවි. ඊළඟ අවුරුදු හත ඉතා දරුණු නියඟයක් ඇතිවී රටම සාගතයෙන් පිරී යාවි. එකම තේරුම ඇති හීනය දෙවරක්ම පෙනුනේ මෙය දැනටමත් ආරම්භ වෙලා නිසයි. "
![]() |
රජුගේ පේරැස් මුදුවද රන්මාලයද ජෝසෙප්ට ලැබෙනවා |
"ඉතින් ඔබට කරන්න තියෙන්නෙ මෙච්චරයි. ඉතා දක්ෂ කෙනෙක් තෝරාගන්න. ඔහුට පරිපාලන කටයුතු භාරදෙන්න. ඔහු යටතේ ගම්වල නගරවල නිලධාරීන් පත් කරන්න. සශ්‍රීක අවුරුදු හතේ හැකි උපරිමයෙන් වගා කිරීමට ජනතාව පොළඹවන්න. හැකි තරම් ධන ධාන්‍ය ඔබේ අනුදැනුම යටතේ ගබඩා කරගන්න. මේ විදිහට සශ්‍රීක කාලයෙන් උපරිමය ගත්තොත් සාගතයට මූණදෙන්න පුලුවන්."
මේ පිළිතුරෙන් පාරාවෝගේ සතුට ඉහවහා යනවා. "ඔබ තරම් බුද්ධිමතෙකු මට මගේ ජීවිත කාලයේදී හම්බෙලා නෑ. දෙවියන්ගේ බැල්ම තිබෙන ඔබ හැර තවත් දක්ෂයෙක් නෑ. මම පරිපාලනය ඔක්කොම ඔබට පවරනවා. මම ඔබට වඩා උසස් වන්නේ රාජධූරයෙන් පමණි. ජෝසෙප් මම ඔබ මිසර දේශාධිපති කරමි. සියලු ජනයෝ ඔබට යටත්ය." කියමින් ජෝසෙප් මිසරයේ දේශාධිපති කරනවා. ඊටපස්සෙ රජුගේ පේරැස් මුදුවද රන්මාලයද ජෝසෙප්ට ලැබෙනවා 'ශාපනෙත්-පනේයා' යන ගෞරව නාමයද සමග. රජුගේ දෙවැනි රථය ජෝසෙප්ගේ නිල රථය බවට පත්වෙනවා. ඒ එක්කම 'ජෝසෙප්ගේ කීමට පිටින් කිසිවක් කිසිවෙකුට කළ නොහැක' යයි පාරාවෝ ආඥාවක් නිකුත් කෙරෙනවා.
![]() |
සැරද! |
![]() |
විශාල ධාන්‍ය ප්‍රමාණයක් |
හරියට ඇඟේ ඇඳුමක් නැතිව වහලෙකු වශයෙන් අවුරුදු 17දි මිසරයට ආපු කොලුවා අවුරුදු 30දි එරට දේශාධිපතිවීම හැබෑ පුදුමයක් නේද? ඔහුගේ අති දක්ෂ පාලන ක්‍රම නිසා සශ්‍රීක අවුරුදු හත තුළ මැනිය නොහැකි තරම් විශාල ධාන්‍ය ප්‍රමාණයක් රැස්කරගැනීමට හැකිවෙනවා. අවුරුදු හත අවසානවෙද්දි ජෝසෙප් ළමයි දෙන්නෙකුගෙ තාත්තා කෙනෙක්.
ටික ටික වියළි සුළං හමායන්න පටන්ගන්නවා. වැස්ස නැතිවෙලා පොළොව ඉරිතලනවා. මහා සාගතයක් පෙරමඟ සළකුණුයි ඒ. ටිකෙන් ටික ටිකෙන් ටික සාගතය දරුණු වෙනවා. මිසරවාසීන්ගේ කෑම ඉවරවේගෙනයි එන්නෙ. ගහක් කොළක් වවාගන්න වැස්ස නැති නිසා ගොවිතැන් කරන්න වෙන්නේ නෑ. තණකොළ වඳවීමෙන් හා වතුර නැතිවීමෙන් සතුන්ද තැන තැන මියයනවා. මේ විදිහට සාගතය දරුණුම වෙද්දි තමයි මෝසෙස් ධාන්‍ය ගබඩා විවෘත කරන්නෙ. ධාන්‍ය ගබඩා අසල කුසගිනි ජනතාව පෝලිම් ගැහෙනවා. දේශාධිපති වුනත් ජෝසෙප්ම තමයි මේවා විකුණන්නෙ. එන්න එන්නම තව තවත් දරුණු වෙන සාගතය කානාන් දේශයටත් පැතිර යනවා.
ඊටපස්සෙ...
ඔන්න ඊට පස්සේ තමා ජාතියක විනාශය පටන් ගන්නේ. ඒ ටිකත් හරීගේ කටින්ම.. ආහ් නෑ අතින්ම අහලා බලමු !
ReplyDeleteඅද මම එක වෙලා !!!! හුරේ.. :)
Deleteකෝ මගේ තෑග්ගක්.. හික්ස් :)
ජාතියක විනාශය?? මධුරංග වෙන කතාවක් කියවලද මන්දා? :) හරි මගේ අතින්ම ඔක්කොම කතාව කියන්නම්කො..
Deleteතෑග්ග දෙන්නෙ අද නෙමෙයි ඉස්සරහට..
කතාව චිත්‍රපටියක් වගේම ලස්සනට ඉදිරිපත් කිරීම නිසා රසය පොඩ්ඩක් වත අඩු වෙන්නේ නැහැ. කොටස් ඔක්කොම එකවර දැම්මත් මමනම් ඒ ඔක්කොම කියවනවා. ඉස්සර මම දවල් කෑමට පස්සේ නවකතා පොතක් අතට ගත්තොත් උපරිම වශයෙන් පැය 2 1/2 කින් විතර කියවා අවසන් කරනවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
අගය කිරීමට ස්තුතියි.. ඔය වගේ කමෙන්ට් වැටුනම තමයි තව ලියන්න හිතෙන්නෙ.. :)
Deleteමේ බ්ලොග් කියවෙලා පුරුදුවෙලාද මන්දා පොත් කියවන්න දැන් මට මාර කම්මැලියි..
හැම තැනම හීනයක් තියෙනවා වගේනේ.... හොඳා හොඳා ඔහොම යමුකෝ :)
ReplyDeleteඔව්.. ගොඩක් තැන්වල හීන තියෙනවා..
Delete"මේ විදිහට සාගතය දරුණුම වෙද්දි තමයි මෝසෙස් ධාන්‍ය ගබඩා විවෘත කරන්නෙ. ධාන්‍ය ගබඩා අසල කුසගිනි ජනතාව පෝලිම් ගැහෙනවා"
Deleteමෝසස් ????
හපොයි.. වැරදීමක් හසිත.. එතන ජෝසප් වෙන්න ඕනෙ..
Deleteනියමයි..
ReplyDeleteඉදිරියට ඉදිරියට..
ස්තුතියි! ඉදිරියටම යමු..
Delete// අවුරුදු හත අවසානවෙද්දි ජෝසෙප් ළමයි දෙන්නෙකුගෙ තාත්තා කෙනෙක්. //
ReplyDeleteඒ කියන්නෙ ජෝසපුත් සෑහෙන්න සශ්‍රීක වෙලා නෙවැ.. ;)
එයාගෙ සහෝදරයො හැටියට නම් හොඳටම මදි බුරා අයියෙ.. තාත්තටත් 12ක්ම හිටියනෙ..
Deleteඑහෙම කොහොමද හුටස් ගාලා බබාලයි තාත්තා වුනේ? ජෝසප් මල් කඩපු හැටි නැත්තේ ඇයි?
ReplyDeleteටොමී මේ පැත්තට ආපු පළවෙනි වතාව වෙන්න ඕනෙ..
Deleteමේකනෙ ටොමී ජෝසප් ප්‍රොපෝසල් එකකින්නෙ බැන්ඳෙ ඉතින් කෙලින්ම බබාලයි තාත්තා වුනා..
අනේ ජෝශප් ට නිකමටවත් හිතෙන්නේ නැද්ද තාත්තා ගැන හොයල බලන්න. ඒ වෙද්දී එයා මැරිලද
ReplyDeleteඔහොම තමයි නරක ළමයි.. හරි ගියාම දෙමාපියන්ව මතක නෑ..
Delete@ සයුරි, සෙන්නා,
Deleteඒක නේන්නම්. අනිත් පුදුමෙ ඔන්න පහුගිය පෝස්ට් එකේ ජෝසප් හොඳ ළමයා කියපු අය මෙන්න නරක ළමයා කියනවා.. :)
සික් ඒ කාලේ වගේ අද ඔය හීනෙන් දැනුම් දෙන්නේ නෑ නේ වෙන්න තියන දේ, ජෝසප්පුට කොහොමත් වාසනාව කැරකෙන ගමන්මයි නේ
ReplyDeleteදෙවියන් වහන්සේ ජෝසප් පස්සෙන්ම හිටියා කියනවනෙ..ඒකයි හැමදේම හරියන්නෙ...
Delete"ස්වාමියාගේ බිරිඳ දූෂණය කිරීමට තැත්කිරීමේ චෝදනාව" කිව්වම ජෝසප් ගැන වැරදි වැටහීමක් නේද එන්නෙ. ඕක "අයතා චෝදනාව" කිව්වනම් අන්න ජෝසප් හොඳ ළමයා..
ReplyDeleteඔය මෙතෙක් කතාව දිගටම දාන්ඩ ගියොත් හරීට තව ඉස්සරහට මෙතෙක් කතාවෙන් වෙනම පෝස්ට් එකක් දාන්ඩ වෙන තත්ත්වයක් නේද තියෙන්නෙ.. ?
කතාව ලියන විදිහ හින්දා කම්මැලි නැතුව කියවන්ඩ පුළුවන්.. පින්තූර ටික නම් මරු..සෑහෙන්න මහන්සි වෙනවා ඇතිනේද හොයාගන්ඩ..?
'ස්වාමියාගේ බිරිඳ දූෂණය කිරීමට තැත්කිරීමේ චෝදනාව' කිව්වම 'ස්වාමියාගේ බිරිඳ දූෂණය කිරීමට තැත්කිරීම' වගේ අදහසක් එනවද? මම එහෙම ලිව්වෙ නම් චෝදනා කිරීම කියලා කිව්වම කට්ටියට පරණ පෝස්ට් කියවන්න වෙනවනෙ වැඩි විස්තර දැනගන්න... :)
Deleteමෙතෙක් කතාව මම හැමදාම අලුතින්ම ලියන නිසා එහෙම වෙන්නේ නෑ.. මෙතෙක් කතාව කියවපුවම කතාව මුලින් පටන් ගන්න කෙනෙක්ට සරලව තේරෙයිනෙ..
ඔව්..එක එක චිත්‍ර ශිල්පීන් ඇඳලා තියෙන්නෙ එක එක විදිහටනෙ.. ඒක නිසා කතාවට ගැළපෙනම එක හොයාගන්න ඕනෙ..
වයින් පිරිනමන්නන්ගේ ලොක්කාට අමතක වෙනවා. මූව තියන්න වටින්නෙ නැනේ.. ඒටිකට ඒකත් අමතක වුණා.
ReplyDeleteමේ ඉතිහාස කතාව කොහෙන්වත් ලබුගෙඩියක් වගේ තියෙන රටකට සම්බන්ධ නෑනේ.. මොකද ඔය හිරේ විලංගුවේ වැටිලා නිස්කාරණේ අවුරුදු දෙකකට වැඩිය අද නිදහස හම්බ වෙයි හෙට නිදහස හම්බවෙයි කියා පහුගිය කාලෙ ඔය ලබු ගෙඩියක් වගේ රටෙත් හිටියනේ.
ඒකෙත් හැටි කියන්නේ රාජ සමාවත් දීලනේ.. ඒත් ඉතිං දේශාධිපති වෙන්න චන්දෙ ඉල්ලන්න බෑනේ මොකද නොකල වරදකට හිරේ දැම්මත් චන්දෙ ඉල්ලන්න බෑ අවුරුදු 07 ක් යනකල්.
ජෝශප් මාරයි..ඈ...
එහෙම තමයි දයා අයියෙ ගොඩක් අයට කරපු උදව් අමතක වෙනවා..
Deleteහි..හි.. නියම කතාවක් කියලා තියෙන්නෙ.. අවුරුදු 7කට බැරිද?
අපිටත් තේරෙන විදිහට රසට ලියලා තියනවා
ReplyDeleteදැන් වෙන මොකවත් ලියන්න අදහසක් නැද්ද
ස්තුතියි අටං අයියා...
Deleteබැඳගත්තු බෙරේ ගහන්නත් ඕනනෙ අයියේ.. වෙන එකක් ලිව්වානම් හොඳයි කියලත් හිතෙනවා..
හරී මේ ලියන්නෙ පොරොන්දු වූ දේශය (promised land) ගැනනෙ. නමුත් හරීයි මායි දෙන්නම ඉපදුනේ පොරොන්දු දේශයෙ Land of Promises. :)
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
බකස්... මේ කමෙන්ට් එක දැක්ක ගමන් මට බකස් ගාලා හිනාගියා.. පොරොන්දු දේශය.. ඒ වගේම ගොඩක් ඒවා කඩවුණු පොරොන්දු..
Delete@හරී,
Deleteඇත්තටම ඇයි හරී මේ කතාවට මේ නම කියන්නෙ...කතාව මම ආයෙත් මුල ඉදන් කියවලා ආවත් තේරුනේ නෑ..
@හෙන්රි,
ඒ ගැන නම් මොකට කියවද?..:)
@ රූ,
Deleteඔව්.. ඒක නම් ප්‍රශ්නයක් තමයි අක්කෙ.. සෙන්නත් Shervantha ත් ඉස්සෙල්ලා පෝස්ට් එකේදිත් ඇහුවා.. ඒක ඉදිරි පෝස්ට් එකකින් විස්තර කරන්නම්.. එතකොට පැහැදිලි වේවි..
උඩ දාලා තියන ලින්ක් වැඩ කරන්නෑනෙ හරී..පොඩ්ඩක් බලනවද?
ReplyDeleteකොහොම වුනත් අර වයින් පාලකයා ජෝසෆ්ට උදව් කරන්න අවුරුදු දෙකක් හිටපු එක වැරදියි..!!
බොහෝම ස්තුතියි! ඒවා වැඩ නොකරයි තිබුනේ.. ඔන්න දැන් හැදුවා..
Deleteමොනවා කරන්නද අක්කේ මොන දේටත් වෙලාව එන්න ඕනනෙ..
ඉතුරු ටිකත් ඉක්මනට කියවමු ඈ.
ReplyDeleteඉක්මනට දෙන්නම්..
Deleteදිගටම කියවන්න හිතෙනවා ඒත් කොහෙද අද කතාව මගින් නතර කරලා නේ.. තව තිබ්බා නම් කියලාමයි හිතෙන්නේ.
ReplyDeleteඒ තරම් රසවත්ද?
Deleteරසවත්ද අහනවා... මේ මගේ කැමතිම බයිබල් කතාවක් නේ..
Deleteඔන්න වාසනාවන්ත කාලෙ..
ReplyDeleteඉතිරියත් කියවන්න බලාගෙන ඉන්නවා.. :)
ඉක්මනටම ලියන්නම්..
Deleteඔහොම යමු ඔහොම යමු.අපි කියවගෙන එනවෝ....
ReplyDeleteඑන්ඩ එන්ඩ පස්සෙන් එන්ඩ..
Delete