6.02.2013

බැඳලා බැඳලා මං දැන් බැඳලා...

කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු. කාලෙකින් පෝස්ට් එකක් ලියන්නේ. නිතර දෙවේලෙ කතාබහකරපු අය නම් කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරිවෙච්ච හේතුව දන්නවා ඇතිනෙ. හොයාබලපු හැමෝටම ස්තුතියි.

ජීවිතය කියන්නෙත් මහා පුදුමාකාර දෙයක් නේද?  වෙලාවකට ඔහේ නිවී හැනහිල්ලෙ ගලාගෙන යනවා. තවත් වෙලාවකට නැඟගන්ඩ බැරි තරමට ගල්පර හමුවෙනවා. තවත් වෙලාවකදී දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙන්නේ දොරටත් තට්ටු කරලමයි. ඒ වෙලාවට අවුරුදු ගානකින් කරන්ඩ බැරිවෙච්ච වැඩක් පැය කීපයකින් වෙන්න පුළුවන්. ජීවිතය පුදුමාකාරයි. ඒකනෙ ඒකට ජීවිතය කියන්නෙ. ජීවිතේ සුන්දරද මෙතරම්.. කියලා කවුදෝ ගායකයෙකුත් කිව්වා වගේ හීනි මතකයකුත් තියෙනවා. නප්පියට ගහලා ඉන්න වෙලාවක වෙන්ට ඇති.

ජීවිතේට ලොකූ බලපෑමක් කරන්න පුංචීම පුංචි දේකටත් පුළුවන්. හරියටම කිව්වොත් ලෝකයක් විනාශ කරන සුනාමියක් ඇතිකරන්න පුංචීම පුංචි සමනළ තටුවකට පුළුවන් වගේ. ඒ වගේම එක දුරකථනයකින් මිදිලා දුරකථන කුළුණක් ඔස්සේ හුවමාරු මධ්‍යස්ථානයකට ඇවිත් එතනින් තවත් දුරකථන කුළුණක් ඔස්සේ වෙනත් දුරකථනයකට ඇතුළු වෙලා තත්පරයකින් දෙකකින් හෝ ඊටත් අඩු කාලයකින් වියැකී යන නන්නාඳුන ගන්ධබ්බ ඇමතුමකට අවුරුදු ගානක් නිවී හැනහිල්ලෙ ගලාගෙන ආපු ජීවිතයක් වෙනස් කරන්ඩ පුළුවන්ද? විශ්වාස කළත් නොකළත් ඒක වෙලා ඉවරයි. ඔව් ඉවරෙටම ඉවරයි. ඒ ජීවිතය දැන් වෙනස් වෙලා.

4.28.2013

පන්සලේ බණ කියූ කතෝලික පියතුමා

අද පළවෙනිපාරට පොතක් ගැන කියන්න හිතුනා. අද කියන්න හිතුනා කියලා කිව්වට මේ පෝස්ටුව සැලසුම් කරලා ටිකක් කල්. ඔන්න අද තමයි හිතුනේ ඉවරයක් කරලා දාන්න. සාමාන්‍යයෙන් බ්ලොග් එකක පොතක් ගැන කියලා ඒක හොයාගෙන කියවන්ඩ කියලනෙ කියන්නෙ. ඔන්න අද එහෙම නැතුව ඔයගොල්ලන්ට මුළු පොතම කියවන්ඩ ලැබෙනවා.

මයිකල් රුදිගු පියතුමා, සම්ප්‍රදායික කතෝලික පියතුමෙකුගේ භූමිකාවෙන් මිදිලා විප්ලවීය විදිහට ජනතාවට සේවය කරන්ඩ උත්සාහ දරපු පියතුමෙක්. සාම්ප්‍රදායික ලෝගුව අතෑරලා සරම බැනියම ඇඳගෙන දුෂ්කර ගම්මානයක දිළින්ඳන් සොයාගෙන තමයි එතුමා යන්නේ. ඒත් ඒ වෙනුවට එතුමාව සොයාගෙන එන්නෙ වෙඩි උණ්ඩයක්.  ඒ උණ්ඩය යන්නෙ එතුමාගේ ජීවිතයත් අරගෙන. මේ එතුමාගේ කතාවයි.

4.21.2013

දාවිත්ගෙ ගල්පටිය

මතකද 'පොරොන්දු වූ දේශය කරා' කතා ටික? මතකයි නේද? අර දිගට දිගට දිගට දිගට දිගට දිගට ඇදිලා ඇදිලා ඇදිලා ඇදිලා ඇදිලා ඇදිලා අන්තිමේදි ඉවරවුනේ. එකේදි මම කිව්වෙ ජුදෙව්වන් ඇතිවුන විදිහත් ඔවුන්ට ඔවුන්ගේම කියලා රටක් හෙවත් පොරොන්දු වූ දේශය ලැබිච්ච හැටිත්නෙ. ඉතින් අද කතාව මම පටන්ගන්න හදන්නෙ පොරොන්දු වූ දේශයට ආපු ඊශ්‍රායෙල්වරුන් අතර සිද්ධ වෙච්ච සුළු සිද්ධියකින්. ඊළඟට ආයුධයක් හඳුන්වලා දීලා එයින් නතර නොවී ඒ ආයුධය හදාගන්න හැටිත් කියලා දෙන්නයි බලාපොරොත්තුව. හැබැයි ඒක භාවිතා කරන්ඩ ගිහින් සිද්ධවෙන දේවල්වලටත් අහල පහල මිනිසුන්ගෙන් එල්ලවිය හැකි ප්‍රහාරවලටත් මම වග නොකියන බව කරුණාවෙන් සළකන්න.

පොරොන්දු වූ දේශය කතා මාලාව කියෙව්වෙ නැති කෙනෙක් ඉන්නවානම් පහළ ලින්ක් වලින් බැලුවෑකි. අද කතාවට ඒ කතාවෙ සම්බන්ධයක් නැති නිසා නිවාඩු පාඩුවේ කියවලා බලන්ඩකො.

පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (10 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස)        පොරොන්දු වූ දේශය කරා.... (11 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (6 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (12 කොටස)
                                                                      පොරොන්දු වූ දේශය කරා.... (13 කොටස)

මෙන්න අද කතාව....

Related Posts Plugin for WordPress, Blogger...