1.21.2013

ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 3 කොටස

ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.

මේ ඇහෙන්නෙ අපේ ඇන්ටෝනියෝ අයියා දෙවෙනි විමලධර්මසූරිය රජතුමාගෙන් අවසර ගන්න හිතාන තමුන්ගෙ යාළුවෙක් හම්බුවෙන්න වෑඋඩ ඉඳලා කන්ද උඩරටට යන සද්දෙ. මොනවා? ඇන්ටෝනියෝ අයියාව දන්නෙ නෑ. වෙන්ඩ බෑනෙ. හා හා කමක් නෑ එහෙනම් පහළ තියෙන ලිපි දෙක කියවලා එන්න. හැබැයි පරක්කු වෙන්ඩ එපා. ඇන්ටෝනියෝ අයියා රජ වාසලට යන්ඩ කලින් එන්ඩ.

 
 ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්..

 එහෙනම් අද කතාව..


කලින් ලිපියෙ තිබ්බ එව්වා මතකයි නේද? ජුසේවාස් පියතුමා කන්ද උඩරටට ඇතුළුවෙන්ඩ හිතාගන වෑඋඩ ඇන්ටෝනියෝගෙ ගෙදරට ආවා මතකයිනෙ. ඉතින් ඇන්ටෝනියොත් පියතුමාට පොරොන්ඳු වෙච්ච විදිහට රජුගෙන් අවසරගන්ඩ හිතාගෙන තමුන්ගෙ යාළුවා වෙච්ච නන්ක්ලාර්ස් ඩි ලා නෝර්ල්(Nanclaars de la Norelle) ව හොයාගෙන යනවා. 

ප්‍රංශ භටයෙක්
මේ කතාවත් අහන්ඩකො. දෙවෙනි රාජසිංහ රජතුමාගෙ කාලෙදි ත්‍රිකුණාමලයට ළඟාවෙනවා ප්‍රංශ නැවක්. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වගේම මේගොල්ලො ඇවිල්ලා තියෙන්නෙත් අපිට ආදරේට නෙමෙයි. තමුන්ගෙ වෙළඳාම ගොඩදාගන්න. ඉතින් ත්‍රිකුණාමලයට ආපු ප්‍රංශ නැඟෙනහිර ඉන්දියා වෙළඳ සමාගමට අයත් මේ නැවේ හිටපු භටයන්ට ආහාර අවශ්‍යය වෙනවා. ඔවුන් කරන්නෙ ඒ සඳහා එවකට කන්ද උඩරට රජකම දරාපු දෙවන රාජසිංහ රජුගෙන් තමුනට ආහාර ඉල්ලා දූතයෙකුව පිටත් කිරීම. නමුත් ඉඟුරු දීලා මිරිස් අරන් හිටපු රජතුමා ගිනි පෙලෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරියාටත් බයයි කිව්වා වගේ ප්‍රංශ දූතයාව තඹ දොයිත්තුවකට ගණන් ගන්නේ නෑ. ඉතින් තමුනට අවශ්‍යය ආහාරපාන සපයාගැනීමට නොහැකිවීමත් ලන්දේසීන්ගෙන් එල්ලවන තාඩන පීඩනත් ඉවසා දරාගැනීමට නොහැකිවූ ප්‍රංශ භටයෝ නැව හරවාගෙන ආපසු යනවා. (ඊටපස්සෙ නැවට වෙච්ච දේ මම විචාරක මහත්මයාගෙ බ්ලොගයෙදි කිව්වනෙ) හැබැයි ඒ යන්නෙ තමුන් කන්ද උඩරටට යවපු දූතයාවත් දාලා. ඒ දූතයා තමයි නන්ක්ලාර්ස් ඩි ලා නෝර්ල්.

තනිවූ නෝර්ල්ට රජුගේ ආරක්ෂාව ලැබෙනවා. ඔහු මෙහිම නැවතී විවාහයක් ද කරගන්නවා. ඒවගේම රජුගේ හිත දිනාගෙන රාජාධිකරණයේ තනතුරක් දරන්නත් නෝර්ල් සමත්වෙනවා. ඉතින් ඇන්ටෝනියෝ කියන්නෙත් පෘතුගීසි ජාතිකයෙක්නෙ. ඔවුන් දෙදෙනාම යුරෝපීයන් නිසා හිත මිත්‍රව ඉන්න ඇති. ඒ වගේම ඒකාලෙ තවත් බොහෝ යුරෝපීයයො කන්ද උඩරට රාජධානියෙ ජීවත්වෙලා තියෙනවා.

ඇන්ටෝනියෝට නෝර්ල්ව කන්ද උඩරටදි හමුවෙනවා. ඇන්ටෝනියෝ තමුන්ගෙ මිත්‍රයාගේ උදව් ඉල්ලන්නෙ මේ අවස්ථාවේදී. සියල්ලට හොඳින් සවන්දෙන නෝර්ල් තම මිතුරාට උදව් කිරීමට එකඟවෙනවා. වහාම ආපසු යන ලෙසත් තමුන් හැකි ඉක්මණින් රජුගේ අවසරය ලබාගෙන පණිවිඩකරුවෙකු මඟින් ඒ බව දන්වන බවටත් නෝර්ල් පොරොන්දු වෙනවා. තම මිත්‍රයාට නොසෑහෙන්න ස්තුති කිරීමෙන් පස්සෙ තමයි ඇන්ටෝනියෝ ආපසු ගමන පටන් ගන්නෙ.

නෝර්ල් තම මිත්‍රයාට කෙතරම් ලෙංගතුකමක් දැක්වුවාද කියලා තේරෙන්නෙ ඔහු මේ වෙනුවෙන් ක්‍රියා කරපු ආකාරය නිසා. මොහොතක්වත් පමා නොවී එවලේම නෝර්ල් රජවාසලේ. රජුට ඉතා හදිසි කාරණයක් කියා පණිවිඩයක් යවනවා. රජුත් ගන්ධදාම පුෂ්පදාමාවලම්භීත නා නා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත සිරියහන් ගබඩාවෙන් බැහැලා නෝර්ල් ඉදිරියට සම්ප්‍රාප්ත වෙනවා.

"අවසර දේවයන් වහන්ස, වෑඋඩ කඩවත අසල ජීවත්වෙන ඇන්ටෝනියෝ සූසා නම් වෙළෙන්ඳා මා හමුවීමට ආවා. ඔහු යම් කෙනෙක්ව කන්ද උඩරටට ඇතුළු කිරීමට අවසර ඉල්ලනවා. ඇත්තෙන්ම ඔහු පියතුමෙකු ලෙස වෙස්වලාගත් පෘතුගීසි ඔත්තුකරුවෙකුව කන්ද උඩරටට ඇතුළු කරන්නයි ඉන්නෙ. ඇන්ටෝනියෝ පෘතුගීසීන්ට උදව් කරන්නෙක්. වහාම ඔහු පසුපස ගොස් ඔත්තුකරුවන්ව අල්ලා ගන්න."

රජු වහාම ඇන්ටෝනියෝ පසුපස සෙබළු යවනවා. ටික දිනකට පසු සෙබළු නැවත කන්ද උඩරටට එන්නෙ දම්වැල් වලින් බැඳ විලංගු ලාපු තිදෙනෙක්ව ඇදගෙන. ඇන්ටෝනියෝ සූසා, ජුසේවාස් පියතුමා හා ජෝන්.

දැන් කට්ටියගෙ දිව අග තියෙන පුරස්නය මට තේරෙනවා. ඇයි නෝර්ල් මේ වගේ බලු වැඩක් කළේ? අවාසනාවට ඇත්ත කතාවක්. ප්‍රංශ ජාතිකයෝත් කැල්වින්වාදියෝය.

ඉහළම අණ රාජ අණ වෙච්ච කන්ද උඩරටදී ඊට ඉහළින් අභියාචනයක්වත් කරන්න හැකියාවක් තිබිලා නෑ. ඒවගේම ඔත්තුකාරයෙක්වීම හෙවත් රාජද්‍රෝහී වීම ඉතාමත් බරපතල වරදක්. ඉතින් මේ තුන්දෙනාව දාන්නෙ 'මහ හිරගේ' නමින් හැඳින්වූ දරුණුම අපරාධකාරයින් දාපු හිර ගෙදරට. හිර ගෙදර දැම්මා මදිවාට යදම් වලින් බැඳලා මුරකාවලුත් දාලාලු තිබුනෙ. ඇවිදින්න පුළුවන් උනේ පියවර හතරක් විතරලු. ඒ මදිවාට දවස් පහක්ම කෑමට යමක් ලැබිලාත් නෑ. මුරකරුවො කන්න ගෙනාපු මෙනේරි වලින් ස්වල්පයක් විතරයි ලැබිලා තියෙන්නෙ.

ඒ කාලෙ කන්ද උඩරට රාජධානියෙ තිබ්බ නීතිරීති අනුව කිසිම විදේශිකයෙකුට අනවසරයෙන් රාජධානියට ඇතුළුවීම තහනම්ලු. ඒ වගේම හොරෙන් ඇතුළුවෙච්ච කිසිම විදේශිකයෙකුට අහුවුනොත් ආපහු යන්ඩ අවසර ලැබුනෙත් නෑලු. සාමාන්‍යයෙන් එහෙම අහුවෙන විදේශිකයින්ව 'මහ හිරගේ'ට දාලා තියෙනවා. ඔත්තු බැලීම බරපතල වරදක් නිසාම ඒ හිරගෙයින් එළියට ගන්නවාද නැද්දයි සළකා බැලුවෙ අවුරුදු හතර පහක් ඒ හිරගෙදර දුක් වින්ඳට පස්සෙලු.

ආර්. නොක්ස් මහත්මයා
ඒත් ජුසේවාස් පියතුමාගේ වාසනාවට එහෙම වෙන්නෙ නෑ. මහ හිරගේ ගතකරපු දවස් පහේදි පියතුමාගෙ කල්ක්‍රියාව නිරීක්ෂණය කරන රජතුමා පියතුමාගේ අහිංසක පෙනුම ගැන පැහැදුනාලු. ඊටපස්සෙ ඇන්ටෝනියෝට නිදහස ලැබෙද්දි පියතුමාවත් ජෝන්වත් දිසාවේ කෙනෙක් යටතේ නිවාස අඩස්සියට පත්වෙනවා. පියතුමාගෙත් ජෝන්ගෙත් කෑම වියදම් රජු ගානෙ ලැබෙනවා. ලංකාවට ඇවිත් අවුරුදු 19ක් තිස්සෙ හිරබත් කාලා පැනලා ගිහින් පොතක් ලියපු ආර්. නොක්ස් මහත්මයා කියන විදිහට විදේශිකයන් බොහෝදෙනෙක් උඩරට රජුගේ නිවාස අඩස්සියේ හිටියාලු.

නිවාස අඩස්සියේ සිටින බැවින් දේශනා කිරීමටවත් ජනතාවගේ වත්පිළිවෙත් ඉටු කරදීමට නොහැකි වුවද ජනතාවට ආධාර දීම නම් නිතරම සිදුවුනා. රජතුමාගෙන් ලැබෙන දේවලින් යන්තම් දිනකට එක වේලක් කාලා ඉතුරුවා වැඩට උදව්වෙන කොලුවා අතේ දුප්පතුන්ට යැව්වාලු.


භික්ෂූන් වහන්සේලාත් වාස් පියතුමාට උදව් කළාලු
ඔහොම නිවාස අඩස්සියේ මාස කිහිපයක් ගෙවිලා ගියාට පස්සේ පියතුමාගෙන් කරදරයක් නොවෙන බව වටහාගත්තු එතුමාගේ භාරකාරයා වත්ත පිටියේ ඇවිදින්න ඉඩකඩ සලස්වලා දුන්නලු. මේ හිරගතවෙලා ඉන්න කාලෙ ජනතාවට සේවය කරන්න ලැබෙන අවස්ථාව ඉතා අඩු බව තේරුම්ගන්න පියතුමා වෙන මඟකට යොමුවෙනවා. ඒ කිව්වෙ සිංහල ඉගෙනගැනීම ආරම්භ කරනවා. වාස් පියතුමාගේ සිංහල ඉගෙනීමට තිබූ උනන්දුව දැකපු පළාතේ භික්ෂූන් වහන්සේලාත් වාස් පියතුමාට උදව් කළාලු. වාස් පියතුමා කොච්චර සිංහල ඉගෙනගත්තාද කියනවා නම් එතුමා පසුකාලීනව සිංහල ශබ්ද කෝෂයක් පිළියෙල කරනවා. පස්සෙ කාලවල ලංකාවට ආපු විදේශික පියතුමන්ලාට සිංහල ඉගෙනගැනීමට ලොකු උදව්වක් උනේ ඒ ශබ්ද කෝෂයයි. මේ සිරගතව ඉන්න කාලෙ වාස් පියතුමා සිංහල ඉගෙනගන්නවාත් එක්කම තම සහකාරයා වෙච්ච ජෝන්ට ලතින් බාසාව උගන්වන්නත් කටයුතු කළා.


ආයෙ කතාවට ආවොත් දැන් වාස් පියතුමා ඉන්නෙ නිවාස අඩස්සියෙ. වත්තෙ පිටියෙ ඇවිදින්න විතරයි අවසර තියෙන්නෙ. වටේ පිටේ ඔක්කොම මිනිස්සු හිතන් ඉන්නෙ මේ පෘතුගීසි ඔත්තුකාරයෙක් කියලනෙ. ඉතින් පියතුමාට අවශ්‍යය වෙනවා ජනතාව අතර තියෙන මේ වැරදි මතය නැති කරන්න. පියතුමා ජෝන්ගේ උදව්වත් ඇතිව පිදුරු හෙවිලි කළ මඩුවක් හදලා ඒකේ පූජාසනයකුත් හදනවා. ඉන්පස්සේ දිනපතා ආගමික වතාවත් ඉටුකරනවා. ඒ වගේම විශේෂයෙන් මරියතුමියට යාච්ඤා කරනවා. මේක නිසා අසල්වාසී කතෝලිකයන් දැනගන්නවා මේ කතෝලික පියතුමෙක් බව. මොකද කතෝලිකයන් පමණයි ජේසුස් වහන්සේගේ මවවෙච්ච මරියතුමිය උතුම්කොට සළකන්නෙ. ඒත් ඉතින් පියතුමත් එක්ක සම්බන්ධතා පවත්වපු ඇන්ටෝනියෝ හිරේ විලංගුවේ වැටිච්ච හැටි මතක තිබුන උඩරට කතෝලිකයො පියතුමාව හමුවෙන්න බයෙන් පසුවෙනවා.

ඒත් පියතුමාව හමුවෙනවාමයි කියලා අධිෂ්ඨාන කරගත්තු කතෝලිකයෙක් අපූරු වැඩක් කරනවා. ඔහු මැහුම් ගෙතුම් වලට ඉතාම දක්සයෙක්. ඔහු අපූරුවට මහපු ගෙත්තම් කරපු ඇඳුමක් රජතුමාට තෑගි කරනවා. මෙයින් ඉතා සතුටට පත්වෙච්ච රජතුමා ඒ වෙනුවට ඔහු බලාපොරොත්තු වනදේ විමසනවා. "දේවයන් වහන්ස, ඔබේ සිරකරු වන පියතුමා එක්වරක් හමුවී මගේ ආගමික වතාවත් කරගැනීමට ඉඩ දෙන්න"

ඒ අවසරයෙන් ඔහු පියතුමා හමුවන අතර දවසින් දවස කතෝලිකයෝ එකා දෙන්නා බැගින් පියතුමා වටා රොක්වෙනවා. ඔවුන් බලන්නෙ අවුරුදු 40ක් පුරාවට පියතුමන්ලා නොමැති කමින් අතපසුවූ ආගමික වතාවත් ඉටුකරගන්න. තමුන්ගෙ දරු මුණුබුරන්ව බව්තීස්ම කරන්න වගේම මෙතුවක් කල් කරගැනීමට නොහැකිවූ තමුන්ගේ විවාහය ආශිර්වාද කරගන්න. කන්ද උඩරට ජනතාව පියතුමා වටා එක්වීමත් එක්කම මුලින්ම නාය යන්නේ රජතුමාගේ හිතේ තිබුනු පෘතුගීසි ඔත්තුකාරයෙක් යන මතය. ඒ නිසා 1693 සැප්තැම්බර් මාසෙදි පියතුමා සිර අඩස්සියෙන් නිදහස ලබනවා. නමුත් නගරය වටා ගලන මහවැලි ගඟෙන් එගොඩ වීම සපුරා තහනම් වෙනවා. 'පියතුමාව ගඟෙන් එගොඩ කරවීම දඬුවම් ලැබිය හැකි වරදකි' කියලා තොටියන්ට තහංචියකුත් වැටුනලු. ඒත් ඉතින් පියතුමා පස්සෙ කාලෙක ගෝවෙට ලියා යැවූ පරිදි එතුමා ඔයකාලය ඇතුළත අටපාරක් විතර ගඟ තරණය කළාලු මරණාසන්න රෝගීන්ට අන්තිම ආලේපය දෙන්න. පියතුමාට වරප්‍රසාද හිමිවීම කියවන අපේ සතුටට හේතු උනත් මේ දිහා එක්කෙනෙක් බලන් ඉන්නෙ කෝපයෙන් වියරුවැටිලා.

නිදහස ලැබුණු පියතුමා ප්‍රදේශයේ ජනතාවත් එකතුකරගෙන පිදුරු හෙවිලි කළ කුඩා පල්ලියක් හදන්න ගන්නවා. පියතුමා ජනතාව අතර වැඩිපුර ගැවසෙන්න ගත්තාම එතුමාගේ භාරකරු වෙච්ච දිසාවේ පියතුමා පසුපස තමුන්ගේ මිනිස්සු එව්වාලු. ඒත් පස්සෙ දිසාවේත් පල්ලිය හදන්න එන අයට ආහාරපානාදියෙන් සංග්‍රහ කළාලු. මෙහෙම ටික කලක් යද්දි අහල පහළ ගම්වල කතෝලිකයොත් පියතුමා සොයාගෙන එන්න ගන්නවා.

මම කිව්වනෙ එක්කෙනෙක් මේ දිහා බලන් ඉන්නෙ වියරු වැටිලා කියලා. ඒ කවුරුවත් නෙමෙයි මිස්ටර් නෝර්ල්. නෝර්ල් තේරුම්ගන්නවා තවදුරටත් රජු නම්මාගෙන පියතුමාට බලපෑමක් කළ නොහැකිබව. මේ වෙලාවෙ නෝර්ල් යන්නෙ පන්සලට. ගිහින් පන්සලේ හිටපු භික්ෂූන් වහන්සේලාවයි බෞද්ධ ප්‍රභූන්වයි උසිගන්වන්නෙ මෙහෙම ගියොත් බුද්ධාගම විනාශ වෙන බවට අනතුරු අඟවමින්. නොර්ල්ට හැකිවෙනවා භික්ෂූන් වහන්සේලා කීපදෙනෙකුත් ප්‍රභූන් කීපදෙනෙකුත් තමන්ගේ පැත්තට නම්ම ගන්න. ඉතින් පියතුමා බෞද්ධ පීඩනයට ලක්වන සමය එළඹෙනවා.

ඒ කාලෙ පන්සල්වල නින්දගම්වල කතෝලිකයොත් වැඩකරලා තියෙනවා. මේ කතෝලිකයෝ පන්සලේ චාරිත්‍ර වාරිත්‍රවලටත් සම්බන්ධ වුනාලු. නමුත් පියතුමාගේ සම්ප්‍රාප්තියත් එක්ක මේ කතෝලිකයෝ පන්සල් එන එක නවතිනවාලු. මෙයින් කිපුණු අය රජතුමාට පැමිණි කළත් රජතුමාගේ අදහස වෙන්නෙ කතෝලිකයන්ට ඔවුන්ගේ ආගමික වතාවත් කරගැනීමට ඉඩදිය යුතු බවත් පන්සල්වල චාරිත්‍ර වාරිත්‍ර සඳහා ඇතිතරම් බෞද්ධයින් සිටින බවත්.

කෙමෙන් කෙමෙන් පියතුමාට විරුද්ධව ඇවිලුණු ගින්න උග්‍ර වෙන්නෙ රජතුමාගේ ගබඩාරාළගේ පුත්‍රයා කතෝලික දහම වැළඳගැනීමත් එක්ක. පියතුමාට ඉසිලිය නොහැකි තරම් තර්ජන එද්දි එතුමා ගෝවේ මූලස්ථානයෙන් උපදෙස් පතනවා. "ජුසේවාස් පියතුමෙනි, වහාම ලංකාව අතහැර ආපහු එන්න" එතුමාට උපදෙස් ලැබෙන්නේ එහෙමයි. නමුත් කතෝලිකයන් අතහැරයාමට මැලිකමක් දක්වන පියතුමා රජුගේ නීතියට අනුව තමාට ගඟෙන් එගොඩවිය නොහැකි බවත් තම සහයට පියතුමන්ලා එවන ලෙසත් දන්වා සිටිනවා. ඒවගේම තමා සේවය කරන්නේ කතෝලිකයන්ට මිස පෘතුගීසීන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් නොවන බවත් තමා සිටින තැන 'කඩුවේ සෙවනැල්ල යට කුරුසිය රැගෙන යන්නවුන්ට' හෙළි නොකරන ලෙසත් ඉල්ලා සිටිනවා. මොකද පියතුමා භයවෙනවා තමුන්ව පෘතුගීසීන් ඉත්තෙක් කරගනී කියලා.

පියතුමාට විරුද්ධ ගින්න උග්‍රව නැගෙද්දි සොබාදහමෙන්ද ගින්නක් මතුවෙනවා. ඒ කිව්වෙ නුවරට තද නියඟයක් ඇතිවෙනවා. ඒ 1696දි. වැස්ස නැතිවීමෙන් ඇළදොළ ගංඟා හිදී යද්දි ගොවිතැන් බත් කරගැනීමට නොහැකි වෙනවා. ටිකෙන් ටික ආහාර හිඟවෙනවා. සතා සිව්පාවා මියයනවා. රජතුමාත් මේ නියඟයෙන් කලකිරීමට පත්වෙලා වැස්ස ලබාගන්ඩ කරන්ඩ පුළුවන් කියලා හිතෙන හැමදේම කරන්ඩ නිලධාරීනට උපදෙස් දුන්නාලු.

දෙවියන් වහන්සේට කන්නලව් කරන්ඩ පටන් ගත්තාලු
ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වුනාට පස්සෙ තමයි ජුසේවාස් පියතුමාටවත් යමක් කළහැකිදැයි බලන්නෙ. රජුටත් ජනතාවටත් විශ්වාසවන්තව සිටීමට උපදෙස් දෙන එතුමා අධික මර්ධන ක්‍රියාවලින් පස්සෙ දෙවියන් වහන්සේට කන්නලව් කරන්ඩ පටන් ගත්තාලු. මේක බලන්ඩ විශාල ජනතාවක් එකතුවෙලා තියෙනවා. ටික වෙලාවකින් එකපාරටම මහා වරුසාවක් කඩාගෙන වැටුනලු. ඒත් වැඩේ කියන්නෙ කොච්චර මහ වැස්සක් වැස්සත් පියතුමාත් ජූජාසනයත් එක වතුර බින්දුවකින් තෙමුනේ නෑලු.

වැස්ස ලැබීමත් එක්කම රජුත් ජනතාවත් පියතුමා කෙරෙහි පැහැදීමක් ඇතිකරගන්නවා. පියතුමාට තිබ්බ තාඩන පීඩන එක පැත්තකින් නැතිවෙද්දි අනිත් පැත්තෙන් රජු පියතුමාට සම්පූර්ණ නිදහස ලබාදෙනවා වගේම ගෝවෙන් තව පියතුමන්ලා කන්ද උඩරටට ගෙන්වා ගැනීමටත් අවසර ලැබෙනවා.

ඒ නිසා ටික කාලෙකින්ම ගෝවෙන් පියතුමන්ලා දෙදෙනෙක් පැමිණෙනවා. එතකොටම වාස් පියතුමා තීරණයක් ගන්නවා මෙතුවක් කල් දුකට සැපට තමුන් එක්ක හිටපු අතිජාත සහායකයා ගැන. ඔව් ජෝන්. එතුමා ජෝන්ව අමතන්නේ 'මගේ සහෝදරයා' කියලා. ඒවගේම අඩු කුලේ තැනැත්තෙකු වෙච්ච ජෝන්ට තමුන්ගේ 'වාස්' කියන වාසගම ලබාදෙනවා. ඉන්පසු ජෝන්ව ආපසු ගෝවට පිටත් කරන්නෙ ලිපියකුත් සමඟ. "අපි මෙහෙට එද්දි ජෝන් වාස් ලියන්න කියවන්න දැනගෙන හිටියෙ නෑ. ඒත් දැන් දෙවියන් වහන්සේ ඔහුට ඒ හැකියාවන් ලබාදී තිබෙනවා. දැන් ඔහුට ලතින් හා පෘතුගීසි බාසාවන් හොඳින් පුළුවන්. ඒවගේම සිංහල හා දෙමළත් පුළුවන්. ජෝන් මා යටතේ අවුරුදු දහයක් ධර්මය ඉගෙනගත්තා. ජීවිතේ පරදුවට තියලා මාත් එක්ක ආවා වගේම මා එක්ක හිරෙත් හිටියා. මා දන්නා තරමින් ඔහු පව්කාරයෙකු නොවේ. කරුණාකර ඔහුට පූජකවරයෙක් වීමේ අවස්ථාව ලබාදෙන්න. පූජකවරය පතා ඉගෙනගැනීමට ඔහු යොමුකරන්න" මේ විදිහට ගෝවෙට ගිය ජෝන් වාස් තමයි පූජකවරයට සුදුසුකම් ලද ඉන්දියාවේ පළමු අඩුකුලයේ පුද්ගලයා වෙන්නෙ.

ඊළඟට අන්තිම කොටහ..

60 comments:

  1. ඊලග කොටහත් ඉක්මන්ට දාන්ඩෝ...

    ReplyDelete
    Replies
    1. ළඟදීම දාන්නම්..

      Delete
  2. මම දැන් ඔය ෆිල්ම් එක බලනවෝ...හී හී...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් දැන් මේ කතාවෙ අගයක් නෑනෙ පොඩ්ඩි අක්කෙ..

      ෆිල්ම් එක බලලා විතරක් මදි.. ඒ ගැනත් ටිකක් කියන්න පුළුවන් නම් හොඳයි.. මොකද මම ඔය ෆිල්ම් එක බලලා නෑනෙ..

      ෆිල්ම් එක නොබැලුවත් එකම එක ලෝගුවක් තිබ්බ ජුසේවාස් පියතුමා හැමතැනම කිරි කිරි ලෝගු ඇඳලා ඉන්න බව පේනවා..

      Delete
  3. ඔන්න මේ කොටසත් කියෝ ගත්තා. ඉතුරු ටිකත් ඉක්මනටම ලියමු.

    ReplyDelete
    Replies
    1. පුළුවන් වෙලේක ලියන්නම්..

      Delete
  4. //..ඒ වගේම ඒකාලෙ තවත් බොහෝ යුරෝපීයයො කන්ද උඩරට රාජධානියෙ ජීවත්වෙලා තියෙනවා...//

    දෙවන රාජසිංහ සමයේ උඩරට ජීවත් වුණු [ජීවත් වුණා කියලා කියනවාටත් වඩා සිරකරුවන් විදිහට හිටිය] ප්‍රකටම පිරිස තමා ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් සහ පියා ඇතුළු 16 දෙනා. ඒ හැරෙන්න ප්‍රංශ ජාතික ලා නෝර්ල් වගේම එයාව දාලා ගිය නැවේ අද්මිරාල් වුණු ලා හායි සහ ජීන් ලා කෝවේ යන ප්‍රංශ ජාතිකයන් දෙදෙනා ඇතුළු තවත් ප්‍රංශ ජාතිකයන් 50 පමණ රජතුමාගේ සේවයට එකතු වෙලා ඉදලා තියෙනවා.

    //..ඒවගේම රජුගේ හිත දිනාගෙන රාජාධිකරණයේ තනතුරක් දරන්නත් නෝර්ල් සමත්වෙනවා...//

    මට මතක විදිහට මිනිහට හම්බවෙන්නේ මොහොට්ටාල තනතුරක් [ලේකම් වගේ පෝස්ට් එකක්]

    //...රජුත් ගන්ධදාම පුෂ්පදාමාවලම්භීත නා නා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත සිරියහන් ගබඩාවෙන් බැහැලා නෝර්ල් ඉදිරියට සම්ප්‍රාප්ත වෙනවා...//

    පුහ් :D

    //..ලංකාවට ඇවිත් අවුරුදු 19ක් තිස්සෙ හිරබත් කාලා පැනලා ගිහින් පොතක් ලියපු ආර්. නොක්ස් මහත්මයා කියන විදිහට විදේශිකයන් බොහෝදෙනෙක් උඩරට රජුගේ නිවාස අඩස්සියේ හිටියාලු....//

    ආර්. නොක්ස් කියනවාටත් වඩා ප්‍රසිද්ධ රොබට් නොක්ස් කියන එක. හැබැයි රොබට් නොක්ස් [කණිෂ්ඨ]. මොකද එයාගේ තාත්තගේ නමත් ඒකම තමා. එයා ලිව්ව පොත තමා An Historical Relation of Island of Ceylon.

    ඊළඟ කොටසත් හැකි ඉක්මනින් කියවීමට බලාපොරොත්තු වෙමි :D

    ReplyDelete
    Replies
    1. ආ.. අපි දැන් බලමුකො ඉතිහාසඥ හසිතගේ විස්තරය..

      රජතුමා මොකද ඒ ප්‍රංශයන්ට ආරක්ෂාව දුන්නේ? ඒ වගේම ඇයි ප්‍රංශයන්ව රජවාසල රාජකාරි වලට ඈඳාගත්තෙ?

      //...රජුත් ගන්ධදාම පුෂ්පදාමාවලම්භීත නා නා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත සිරියහන් ගබඩාවෙන් බැහැලා නෝර්ල් ඉදිරියට සම්ප්‍රාප්ත වෙනවා...// එහෙම කියන්නේ නැතුව.. බුදියගෙන හිටපු රජ්ජුරුවෝ කුණුකෙළ පෙරාගෙන නිදන කාමරෙන් එළියට ආවා කියන්නද?

      "ආර්. නොක්ස්" මම බැලුවේ මේක කියවන ඇත්තො කල්පනාවෙන් කියෝනවද බලන්න.. කල්පනාවෙන් නොකියෙව්වොත් එකපාරට මේ කියන්නෙ රොබට් නොක්ස් කියලා තේරෙන්නෙ නෑනෙ.. :)පොඩි වෙනසකටත් එක්ක..

      "An Historical Relation of Island of Ceylon. " එදා ඇළදිව

      ඉක්මනට ලියන්නම්.. ඒවගේම විස්තර වලටත් ස්තුතියි..

      Delete
    2. @ හරී

      //..රජතුමා මොකද ඒ ප්‍රංශයන්ට ආරක්ෂාව දුන්නේ? ඒ වගේම ඇයි ප්‍රංශයන්ව රජවාසල රාජකාරි වලට ඈඳාගත්තෙ?...//

      මෙතන ප්‍රංශ කියලාම දෙයක් නැහැ. කවුරුන් හරි විදේශිකයෙක් කියලා ගන්න ඕනේ. නොක්ස්ලටත් රජතුමා කියනවානේ රජ වාසල සේවයට එක් වෙන්න කියලා. ඒත් එයාලා එකතු වුණේ නැහැනේ.

      ඒකට හේතුව විදිහට මම හිතන්නේ නම් රජතුමා යුද්ධ කරපු ලන්දේසි කියන්නේත් යුරෝපා ජාතිකයන්. රජතුමා ගාව ඉන්නෙත් යුරෝපා ජාතිකයන්. ඒකෙන් කිසියම් විදිහකට උඩරට මිනිස්සුන්ගේ මොරාල් අප් කරන්න ඇති. ඒ වගේමයි යුරෝපීයන් එක්ක හැප්පෙද්දී ඒ ගොල්ලන්ගේ සටන් උපායන් දන්න කට්ටියත් තමන්ටත් ඉද්දී යුධ කටයුතුවලට වාසියිනේ

      Delete
    3. @ හසිත,

      ලන්දේසීන් උඩරට සමඟ සටන් කළාද? මට මතක නෑනෙ..

      Delete
    4. @ හරී

      දෙවන රාජසිංහ රජතුමයි ලන්දේසියි එකතු වෙලා පෘතුගීසීන් පැන්නුවාට තමන්ව ලන්දේසීන් රැවැට්ටුවා කියලා රජතුමාට තේරීමත් එක්ක ඒ යාළුකම හුටු හුටු වෙනවා. 1659 වගේ තමා සටන් පටන් ගන්නේ. මුලින්ම ලන්දේසීන් කල්පිටිය අල්ලගන්නවා. ඊළඟට 1665 දී ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු නැගෙනහිරි වෙරළබඩ තීරුවෙන් විශාල ප්‍රදේශයක් අල්ලාගන්නවා. පස්සේ සබරගමුවෙනුත් විශාල කොටසක් අල්ලා ගන්නවා.

      පස්සේ රජතුමා 1670 සහ 1675 අවස්ථා දෙකකදී යුද්ධ කරලා ලන්දේසීන් අල්ලා ගත්තු ප්‍රදේශවලින් ගොඩක් ආපහු උඩරටට යටත් කරගන්නවා. මේ නිසා ලන්දේසීන් නැවත වරක් රජතුමාත් එක්ක මිත්‍රශීලීව ඉන්න පටන් ගන්නවා.

      පස්සේ ආයේ 1760 දී සටන් ඇරඹෙනවා. 1765 දී සෙංකඩගල අල්ලා ගන්න පවා ලන්දේසීන් සමත් වෙනවා. පස්සේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එක්ක 1766 ගිවිසුමකට එලඹෙන ලන්දේසීන් ඒ හරහා විශාල වාසි ප්‍රමාණයක් ලබා ගන්නවා. 1780 ගණන්වල ඉංග්‍රීසී මැදිහත්වීම් එනකම් පොඩි පොඩි ෆයිට් එහෙමත් තිබිලා තියෙනවා..

      Delete
    5. @ හසිත,

      ඔව්.. ලන්දේසීන් බොහෝම යාප්පුවෙන් ක්‍රියාකළ බව තමයි මාත් අහලා තියෙන්නෙ.. ස්තුතියි.

      Delete
    6. @ හරී

      යාප්පුවෙන් හිටියේ දෙවන රාජසිංහ මුල් සමයේ සහ අවසන් සමයේ වගේම කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමය වෙනකම් විතරයි. ඒ කාලේ රජතුමාට ලියුම් යවද්දී ඔබවහන්සේගේ කොළඹ කොටුවේ කපිතාන් තැන වගේ කෑලි දානවලු. ඒ වගේමයි අවුරුද්දකට පාරක් රජතුමාට පුද පඬුරු අරගෙන යනවා. ඒ ගිහින් රජතුමා ඉදිරියේ දණ ගහලා පෙරලිලා වැදලා තමා එන්නේ :D

      Delete
    7. @ Hasitha,

      "ඒ ගිහින් රජතුමා ඉදිරියේ දණ ගහලා පෙරලිලා වැදලා තමා එන්නේ :D" ලංකාවෙ රජ්ජුරුවන්ටත් එහෙම පෙරලිලා වඳින සීන් තිබ්බද?

      Delete
    8. @ හරී

      උඩරටට ආපු මුල්ම ඉංග්‍රීසි නියෝජිත ජෝන් පයිබස් කියන විදිහට රජතුමා රජතුමා රාජ සභාවට සැපත් වෙලා සිංහාසනාරූඪව ඉද්දී තිර රෙදි 7 ක් ඉදිරියේ දමලා තියෙන්නේ. එකෙන් එක තමා විවෘත කරන්නේ.

      රජතුමාව පේන්න ගත්තාම නිලධාරීන් සියලු දෙනාම සම්පූර්ණයෙන්ම බිම දිගාවෙලා 6 පාරක් රජතුමා නමස්කාර කරලා ආශිර්වාද කරනවා....

      Delete
  5. කාතාව වගේ කියවගෙන යන්න පුළුවන් බං. පට්ටයි. ඊළඟ කෑල්ලත් ඉක්මනට දාමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ඉක්මනට දාන්නම්..

      Delete
  6. අසනීප ගතිය පැත්තක තියලා මේ ලිපි මාලාව කියවන්න පටන්ගත්තා. බොහෝ වෙලාවක් පරිගණක තිරය දිහා බලාඉන්න අමාරුයි. නමුත් ඉතිහාස කතා කියවන්න තියන ආසාව නිසා කියවනවා.

    කඩවත කියන්නේ දැන් කාලයේ අපි කියන 'රෝඩ් බ්ලොක්' එකක් හෝ 'චෙක් පොයින්ට්' එකක් වගේ. වෑඋඩ කියන ප්‍රදේශය මට බොහොම ලඟයි. ඒ ප්‍රදේශයේ කතෝලික පිරිස් ජීවත් වෙනවා. කන්ද උඩරටට යන එන අය පරීක්ෂා කරන්න හොඳ තැනක් ඒක. ඔබ දන්නවද 1988 - 90 කාලේ වගේම පහුගිය යුද්ධ කාලෙත්, වෑඋඩ ප්‍රදේශයේ, මහා පරිමාන 'රෝඩ් බ්ලොක්' එකක් තිබුනා.

    කන්ද උඩරට කතෝලික ආගමේ ව්‍යාප්තිය, එයට ලැබුණු රාජ්‍ය අනුග්‍රහය හෝ විරෝධය, ඉංග්‍රීසීන් කන්ද උඩරට යටත් කරගත් පසු ඇතිවූ වෙනස, ආදිය ගැනත් තොරතුරු ලියන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අයියෝ විචාරක මහත්මයා බ්ලොග් නම් කවදා ලියන්න කියවන්න බැරිද? පොඩ්ඩක් විවේක ගත්තා නම් තමා හොඳ..

      මම ඒ බ්ලොගේ බලලත් කමෙන්ට් එකක්වත් නොදැම්මෙ 'ඒවා කියවන්නයි උත්තර බඳින්නයි ඔබතුමාට අමාරු බව හිතලා'

      මම හිතන්නෙ වෑ උඩ කපොල්ලක් වෙන්න ඇති කියලා.. එතන ඉඳන් උඩරටට එන්නන් අල්ලා ගැනීමට පහසු බව එදා ඉඳලාම හෙළයෝ දැන හිටින්න ඇති..

      "කන්ද උඩරට කතෝලික ආගමේ ව්‍යාප්තිය, එයට ලැබුණු රාජ්‍ය අනුග්‍රහය හෝ විරෝධය, ඉංග්‍රීසීන් කන්ද උඩරට යටත් කරගත් පසු ඇතිවූ වෙනස, ආදිය ගැනත් තොරතුරු ලියන්න. " ඉස්සරහට ලියන්නම්..

      Delete
  7. //මේක බලන්ඩ විශාල ජනතාවක් එකතුවෙලා තියෙනවා. ටික වෙලාවකින් එකපාරටම මහා වරුසාවක් කඩාගෙන වැටුනලු. ඒත් වැඩේ කියන්නෙ කොච්චර මහ වැස්සක් වැස්සත් පියතුමාත් ජූජාසනයත් එක වතුර බින්දුවකින් තෙමුනේ නෑලු.
    //

    මේ කතාව වාචිකව පැවත එන එකක් නේද ? ලිඛිත සාක්ශි නෑ නේ ?

    ReplyDelete
    Replies
    1. "මේ කතාව වාචිකව පැවත එන එකක් නේද ? ලිඛිත සාක්ශි නෑ නේ ?"

      මොකෝ සඳමාල් විශ්වාස නැද්ද? :)

      කතෝලික ග්‍රන්ථවල නම් මේ බව තියෙනවා.. ඕනෑම තැනක ජුසේවාස් පියතුමා කිව්වොත් මේ සිද්ධිය ගන කියවෙනවාමයි..

      වෙනත් ඉතිහාස ග්‍රන්ථවල තියෙනවාද කියලා අහන්න වෙන්නේ හසිතගෙන් තමයි..

      හසිත මේ ඔබේ අවධානය පිණිසයි..

      Delete
    2. @ Sandamal, හරී

      ඇත්තටම මාත් මේ සිද්ධිය දැනගත්තේ මේ ලිපියෙන්.

      ඒ හැරෙන්න මම දැනුවත්ව නම් පොදුවේ පිළිගැනෙන ඉතිහාස පොත්වල නම් මේ කතාව ගැන සඳහනක් නැහැ. බොහෝ වෙලාවට බෞද්ධයන් හෝ භික්ෂූන් වහන්සේලා මේ කෘති ලියපු නිසා එහෙම දෙයක් වුණා වෙන්නත් පුලුවන්.

      Delete
    3. @හසිත,

      පිළිතුරට ස්තුතියි හසිත..

      Delete
  8. මේ කතාවේ කෑලි නම් අතනින් මෙතනින් කියවලා තියෙන බව දැන් තමයි මතක් වෙන්නෙ. මෙහෙම පෙළගස්සපු ලිපියක් කියෙව්වෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මම මේක කෙටියෙන් කියලා දාන්නයි ඇවිද්දෙ ඩූඩ් අයියෙ.. ඒත් පාඨකයො මරණීය තර්ජන කරනවනෙ එහෙම කරන්ඩ එපා කියලා..

      Delete
  9. හරී පුතා,

    මුලින්ම මට කියන්න මේ පිය තුමා පෘතුගීසි ජාතිකයෙක්ද ? ඉන්දියානු ජාතිකයෙකද කියලා. පොඩ්ඩක් පැටලුනා.. වයසක උදවියනෙ.. :-)

    මොකද අරයට ආර්. නෝක්ස් කියලා කිව්වෙ ?

    // එතුමාගේ භාරකරු වෙච්ච දිසාවේ පියතුමා //

    ඒ කියන්නෙ තව පිය තුමෙක් ඉඳලනෙ.. එහෙනම් ඇයි එච්චර කල් වතාවත් කර ගන්න බැරුව හිටියෙ.. ?

    // රජුත් ගන්ධදාම පුෂ්පදාමාවලම්භීත නා නා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත සිරියහන් ගබඩාවෙන් //

    ඈහ්හ්... !!!

    ReplyDelete
    Replies
    1. මෙතන කොමාවක් අඩුවෙලා බං.. :)

      // එතුමාගේ භාරකරු වෙච්ච දිසාවේ, පියතුමා පසුපස තමුන්ගේ මිනිස්සු එව්වාලු //

      Delete
    2. ඔව් නේන්නම්... :-) බලපන්කො පොඩි වුනාට කොමාවකට කරන්න පුලුවන් හපන්කොම...

      Delete
    3. @ සෙන්නා,

      "වයසක උදවියනෙ" පොඩි විහිළුවක් කළේ මචං... මම හිතුවේ නෑ ඒක හිතට අරන් කියලා..

      "පෘතුගීසි ජාතිකයෙක්ද ? ඉන්දියානු ජාතිකයෙකද" ඉන්දියානු බ්‍රාහ්මණ කුලයට අයත් කතෝලික දෙමාපියන් දෙන්නෙකුගේ දරුවෙක්..

      "ආර්. නෝක්ස්" රොබට් නොක්ස් කියනවට වඩා පොඩි ගතියක් තියෙනවා නේද? හරියට අර ආර්. ප්‍රේමදාස, ආර්. දුමින්ද සිල්වා වගේ..

      "එතුමාගේ භාරකරු වෙච්ච දිසාවේ පියතුමා " උත්තර ඕන නෑනෙ..

      // රජුත් ගන්ධදාම පුෂ්පදාමාවලම්භීත නා නා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත සිරියහන් ගබඩාවෙන් //
      මේ කියන්නෙ සුවඳවත් මල් වැල් එල්ලලා තිබුණ හා විසිතුරු වියනක් (සිවිලිමක්) සහිත නිදන කාමරෙන් කියන එක..
      මේ කොටස තියෙන්නෙ උමග්ග ජාතකයේ.. මතක හැටියට යොදාගෙන තියෙන්නෙ කේවට්ට බමුණාගේ නිදන කාමරය වර්ණනා කරන්න.. ඔය නිදන කාමරය දැකලා සන්තෝස වෙලානෙ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට උපාය කියලා දෙන්නෙ..

      Delete
    4. @ බුරා,

      ස්තුතියි..

      Delete
    5. // "වයසක උදවියනෙ" පොඩි විහිළුවක් කළේ මචං... මම හිතුවේ නෑ ඒක හිතට අරන් කියලා.. //

      මේක පැහැදිලි මදිනෙ.. කොතනදි විහිලුවක් කළේ... ?

      Delete
    6. http://dreamsofharee.blogspot.com/2013/01/blog-post_9.html?showComment=1357837075733#c876871070929759434

      Delete
  10. ආගමික නායකයන්, එතකොට ශාන්තුවරයන් වගේ අයගේ චරිත රඟපාන එක හොඳ නැති බවක් අසා තියෙනවා. ඒ ඇත්තද? මට සාරංගව දැක්කාම මතක් උනේ...

    විජය කුමාරණතුංග කියන නලුවා මියගියේ ඔහු ජේසුතුමා ලෙස රඟපෑවට පස්සෙද? නිකං හිතට ආපු ප්‍රශනයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. "ආගමික නායකයන්, එතකොට ශාන්තුවරයන් වගේ අයගේ චරිත රඟපාන එක හොඳ නැති බවක් අසා තියෙනවා." මම දැකලා තියෙන විදිහට කවුරුත් බුදුන් වහන්සේගේ චරිතය රඟපාන්නෙ නෑ නේද?

      "විජය කුමාරණතුංග කියන නලුවා මියගියේ ඔහු ජේසුතුමා ලෙස රඟපෑවට පස්සෙද?" ජේසුස් වහන්සේගේ චරිතය රඟපාන නළුවන්ට අපලයි කියන කතාව නම් කතෝලිකයන් අතර තරමකට තියෙනවා..

      පොඩ්ඩි අක්කා දන්නවාද පාස්කු නාට්‍යය ගැන? පාස්කු නාට්‍යය කියන්නෙ ජේසුස් වහන්සේගේ මරණයත් දුක්විඳීමත් නාට්‍යානුසාරයෙන් පෙන්වීම.. තවමත් ලංකාවෙ සමහර ප්‍රදේශවල මහා සිකුරාදාට පාස්කු නාට්‍යය පෙන්වනවා..

      ඉතින් මේ විදිහට නාට්‍යයක රඟපාපු නළුවෙක් කුරුස ගසේදීම මරණයට පත්වෙලා තියෙනවාලු.. හේතුව තමයි ජේසුස් වහන්සේගේ ඇණ ගැසීම ඇඟෙන් ලේ පැමිණීම පෙන්වන්න ඔහු ඇඳන් හිටපු රබර් වැස්මෙ හිටපු සතෙක් දෂ්ඨ කිරීම.. සතා කනකොටත් ඔහු නාට්‍යය වෙනුවෙන් ඉවසාගෙන් ඉඳලා තියෙනවා කියලයි මුතුන් මිත්තො කියන්නෙ..

      ඒ කාලයේ ඉඳන් තියෙන්ඩ ඇතැයි හිතෙන මේ මතය විජයගේ මරණයත් එක්ක තවත් තහවුරු වුනා..

      ජාත්‍යන්තර මට්ටමෙත් යම් තරමකට මේ කතාව තියෙනවාලු.. ඒත් ජේසුස් වහන්සේට රඟපාපු නළුවන්ට මොකුත් උනා කියලා නම් ආරංචියක් නෑ.. ඒත් The Passion of the Christ (2004) ෆිල්ම් එකේ ජේසුස් වහන්සේට රඟපාපු JIM CAVIEZEL ට ෆිල්ම එක රූගත කරන අතරතුර දෙපාරක් අකුණු වැදුනලු..

      බයවෙන්ට එපා අක්කෙ.. සාරංගට මොකුත් වෙන එකක් නෑ..

      Delete
    2. @ හරී

      //..මම දැකලා තියෙන විදිහට කවුරුත් බුදුන් වහන්සේගේ චරිතය රඟපාන්නෙ නෑ නේද?..//

      මා දන්න තරමින් සම්පූර්ණ බුද්ධ චරිතය ඇතුළත් වෙන චිත්‍රපටියක් නම් තනා නැහැ.

      ඒත් බුද්ධත්වය දක්වා වෙන චිත්‍රපටි උදාහරණයක් විදිහට මේ දවස්වල තිරගත වෙන්න සූදානම් වෙන "සිද්ධාර්ථ" වගේ චිත්‍රපටිවල නම් සිදුහත් කුමාර චරිතයට සහ බෝසත් චරිතයට නම් රංගන ශිල්පීන් යොදාගෙන තියෙනවා.

      බුද්ධ චරිතය ඇතුළත් වෙන අංගුලිමාල වගේ චිත්‍රපටිවලත් බුදු රැස් විහිදීම හරි එහෙමත් නැත්නම් බෙන් හර් චිත්‍රපටියේ ජේසුතුමා නිරූපණය කරන අයුරින් පෙන්වනවා හැරෙන්න මුහුණ පෙන්වීමක් සිදු කරන්නේ නැහැ

      Delete
    3. // විජය කුමාරණතුංග කියන නලුවා මියගියේ ඔහු ජේසුතුමා ලෙස රඟපෑවට පස්සෙද? //

      හැහ් හැහ්.. පොඩ්ඩි මම මේක සියවසේ ප්‍රශ්ණය හැටියට නම් කරනවා... ඔයා කවද හරි අහලා තියනවද මිය ගියාට පස්සෙ රඟපාපු නළුවෙක් ගැන එහෙම.. :-)

      Delete
    4. මම නම් හිතන්නේ මේක මිනිසුන් මානසීකව ඇති කරගත් මතයක් කියලා. අපේ ගමේ අවුරුදු ගානක් ජේසුට රඟපාපු නළුවන්ට නම් එහෙම ප්‍රශ්න ඇතිවුනා කියලා අහලා නම් නෑ.

      Delete
    5. @ හසිත,

      මමත් හැමතැනම දැකලා තියෙන්නෙ එවැනි නිර්මාණ තමයි.. ඉන්දියාවවත් බුදුන් වහන්සේගේ චරිතය ආශ්‍රයෙන් චිත්‍රපටයක් කරන්න පෙළඹිලා නෑ නෙ..

      @ සෙන්නා,

      මේකට පොඩ්ඩිම උත්තර දේවි..

      @ Gihan (ගිහාන්),

      මමත් කියන්න උත්සාහ කළේ ඒකම තමයි.. ඒත් උත්තරෙන් වෙන දෙයක් කියවෙනවද මන්දා..:)

      Delete

    6. @ සෙන්නා,


      මේක ලියලා තියනවා වැරදිද සෙන්නෝ? :(

      Delete
    7. @හරී - පාස්කු නාට්ය ගැන කියද්දී මේ බ්ලොග් පෝස්ට් එක මතක් උනේ වැදගත් තොරතුරක් තියනවා මෙන්න,,
      http://denuma-bedagamu.blogspot.it/2011/06/blog-post_04.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed:+blogspot/InXlW+%28%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%29

      Delete
    8. @ පොඩ්ඩි,

      :ඪ්

      @ ඩිලාන්,

      විස්තරයට බොහෝම ස්තුතියි ඩිලාන්.. ඒ කියන්නෙ මේ කතාවෙ යම් සත්‍යතාවක් තිබෙනවා.. මමත් අහලා තිබ්බෙ බොරලැස්සෙ කියලා තමයි... හැබැයි සිද්ධියෙන් පුද්ගලයා ඇත්තටම මැරුණාද නැද්ද කියන එක පෝස්ට් එකේ නෑනෙ..

      වැඩේ කියන්නෙ බ්ලොග් රචකයාගේ ලොකුතාත්තා වෙලත් වැඩි විස්තර අපෙන් අහන එකනෙ.. :)

      ආයෙත් ස්තුතියි..

      Delete
    9. බොරලැස්සේ පාස්කුවේ මමත් පොඩි කෑල්ලකට ඉදලා තියනවා,,ළමයෙක් විදිහට,,ඔය සිද්දියෙන් ඒ මනුස්සයා මිය ගියේ නෑ සෑහෙන අමාරු උනාලු,බොරලැස්ස පාස්කුවේ තිර රචනයට නඩුවකුත් ගියා අයිතිය සම්බන්දව.අදටත් පාස්කු දර්ශන තියනවා

      Delete
    10. ඒ කියන්නෙ ඩිලාන් බොරලැස්ස කිට්ටුව වෙන්න ඇති... ඔන්න සැඟවෙච්ච නළුවෙක් හොයාගත්තා.. මම හරියටම කියන්නද ඩිලාන් රඟපාපු තැන.. ගොබ් ඉරිදා දර්ශනයට නේද?

      "ඔය සිද්දියෙන් ඒ මනුස්සයා මිය ගියේ නෑ සෑහෙන අමාරු උනාලු" මේ පැත්තෙ අපේ සීයලා නම් කිව්වෙ මැරුණා කියලා.. කොහොමහරි දැන් ඇත්ත සිද්ධිය දැනගන්න ලැබුනනෙ..

      බොරලැස්ස පාස්කුව නම් කවදාවත් බලලා නෑ.. ඒත් දූවෙ පාස්කු එකපාරක් බැලුවා.. දූවේ පාස්කුවටත් නඩු හබ හරියට..

      Delete
  11. මම මේ ඉති හාසය යාන්තමට දැනගත්තේ නත්තලට ලියූ සටහන් අතරින්. ජුසේවාස් පියතුමා භික්ෂූන් වහන්සේගෙන් සිංහල ඉගෙන ගෙන මෙරටට කළ සේවය සදා අනුස්මරණීයයි. ඉතිරි විස්තරත් කියවන්න එන්නම්.

    ඉදිරියේදි ජාකෝමේගොන්සාල්වෙස් පියතුමා ගැනත් ලියයි නේද?

    ReplyDelete
    Replies
    1. "ඉදිරියේදි ජාකෝමේගොන්සාල්වෙස් පියතුමා ගැනත් ලියයි නේද?" එච්චර දුර යන්න බැරියෝ.. :)

      Delete
  12. හරී සහ හසිත යුගයේ තකට තක හ යනු දෙක... ජය වේවා !

    ReplyDelete
    Replies
    1. හි..හි... නියම කතාවක්නෙ ඒක.. :)

      Delete
  13. I think Rev.Fr.Jusse Vaaz is a Jesuit preist.

    ReplyDelete
    Replies
    1. @ AnonymousJanuary 25, 2013 at 2:18 AM

      He was an Oratorian. Even Fr. Gonsalvez was an Oratorian.

      You can get more details from this link.

      http://en.wikipedia.org/wiki/Oratory_of_Saint_Philip_Neri

      Delete
    2. බොහොම ස්තුතියි ගිහාන් සහෝදරතුමා පිළිතුරු දීම ගැන..

      Delete
  14. විස්තර ගොඩක් අහලා තියනවා අර පිල්ම් එකත් බලන්න ඕනා,,උඩරට වාස් පියතුමා හදපු පල්ලිය මොකද්ද හරී

    ReplyDelete
    Replies
    1. මමත් ඒ ෆිල්ම් එක බලලා නෑ.. පල්ලිය ගැන නම් හරියට කියන්න දන්නෙ නෑ ඩිලාන්.. බොහෝවිට අම්පිටියේ ගල් පල්ලිය වෙන්න ඕනෙ.. මම ටිකක් හොයලා බලන්නම්කො..

      Delete
  15. තව ඩිංගෙන් මේ පෝස්ට් එක අමතක වෙනවා.

    මේ හසිතයි හරියි අතර හැමදාම මරු සංවාදයක් යනවා.පොස්ට් එකට වඩා ඒක රසවත් වගේ.අන්තිම කොටසත් දාමු බලන්න ඉක්මනට.

    ReplyDelete
    Replies
    1. අන්තිම කොටහත් දාලා ඉවරයි..

      "මේ හසිතයි හරියි අතර හැමදාම මරු සංවාදයක් යනවා.පොස්ට් එකට වඩා ඒක රසවත් වගේ" සංවාදයක් මිස වාදයක් නෙමේ හොඳද? :)


      Delete
  16. හරී ගෙ භාෂා විලාසය ඔහුට දෙවියන්වහන්සේ දුන් දායාදයක් වෙන්න ඇති.මමත් මේ කතා අසා තිබුනත් හරි ගෙ කතා කියවීමෙන් බොහෝ දේවල් ඉගෙන ගන්නවා.ඒ වගේම මම දන්න දේවල් වුනත් හරිගෙ රසවත් කතා විලාසය නිසා නැවත කියවනවා
    ද ලා හේ සහ ලානරෝල් පවුල් ඇති වන්නෙත් මේ කාලයේමයි.ප්‍රංශයන්ට අමතරව ඕවේ ගීද ඇඇතුලු ඩේන් වරුනුත් මේ කාල්යේදීම ලංකාවට එනවා.රජතුමා යුරෝපීයයන් සැක කිරීම නිසා මේ කිසිවෙක් සමග ගිවිසුම් ඇති වන්නේ නෑ

    ප්‍රචලිත මතයක් තමයි ඉගුරු දී මිරිස් ගැනීම
    මේ කතාව වැරදියි.පෘතුගීසීන් තරම් දරුණු ජාතියක් නොවෙයි ලංදේසීන්.ඔවුන් උඩරට ආක්‍රමනය කළේ දෙපාරයි.විලම් බැරන් වැන් එක් යටතේත් මට මතක නැති තවත් ආන්ඩුකාරයෙක් යටතේත්.ඔවුනට පළාත් අයත් කරගන්නට වඩා අවශ්‍ය කළේ වෙළදාම

    මම වර්තමානයේ දරණ මතය නම් මේ යුරෝපීය ජාතීන් තුනම ලංකාවට ආපු එක හොඳ බවයි
    පෘතුගීසීන්ගේ පැමිනීමෙන් සිංහලයා පොලිශ් වුනා.පෘතුගීසීන්ගේ ප්‍රච්න්ඩත්වයත් ඔවුන්ගේ යුගයට සාපේක්ෂ දෙයක්.දරුණු අපරාධ වල නියැලුන අය පෘතුගීසි ජාතිකයන් නොවෙයි.දොමින්ගු කොරයා,සීමන් කොරයා වැනි අය අදටත් කියවෙන අපරාධ වලට වගකිවයුතු අයයි.පොඩි ළමයි බයිනෙත්තුවට අල්ලපු හැටි පොඩි ළමයි වනේ දාල කොටපු හැටි ලංකාව ලේ විලක් කරපු හැටි අහන අය පෘතුගීසීන්ට බැන්නට ඇත්තටම ඒ හැම දෙයක්ම කළේ සිංහලයො.

    සිංහලයන් වරෙක ඉල්ලා සිටියා තම ප්‍රධානීන් ලෙස පෘතුගීසීන් පත් කරන ලෙස.එයින්ම දේශීය ප්‍රධානීන්ගේ කෙරුවාව හිතාගත හැකිනේ

    මම නම් කොරය ලාගේ අපරාධ වලට පෘතුගීසීන්ටවත් කතෝලික ආගමටවත් දොස් කියන්නේ නෑ.1971 දි පොලීසිය මිනී මැරූ හැටි අපේ වැඩිහිටියන් කියනවා මා අසා තිබෙනවා.
    අපට ජීවන අත්දැකීම් ඇති 1989 දී කැරලිකරුවන් හා ආරක්ෂක අංශවල ක්‍රියාකාරීඑත්වය අපි ඇස් දෙකින්ම දුටුවා.මේ සියල්ල පුද්ගල උපවිඥානයේ ඇති ප්‍රචන්ඩත්වයයි.
    පරපීඩක කාමුකත්වය වගේ අස්වාභාවික මානසික තත්වයන් තිබෙන අය අවස්ථාව දුටුවිට කෲර දේවල් කරනවා.මේ අයට උසස් නිලතල ලැබෙනවා.

    යුරෝපීය ජාතීන් පැමිනීම ලංකා ඉතිහාසයේ මහා හැරවුම් ලක්ෂයක්
    යුරෝපීය ජාතීන් පැමිනීම නිසා ලංකාව මුස්ලිම් රටක් වීමෙන් වැලකීම,රාජාන්ඩුව අහෝසි වීම,වැඩවසම් වාදය අහෝසි වී වඩා සාධාරණ සමාජයක් ඇති වීම,මාර්ග පද්ධති හා ප්‍රවාහන පද්ධති සකස් වී ලෝකයට විවෘත වීම හා දූපතක සිරවී සිටි අපට ලෝක දැනුම ලැබීම දැක්විය හැකියි

    ReplyDelete
    Replies
    1. "හරී ගෙ භාෂා විලාසය ඔහුට දෙවියන්වහන්සේ දුන් දායාදයක් වෙන්න ඇති" මේ ගැන මගේ අවංක අදහස කිව්වොත් මම හිතන් ඉන්නෙ භාශා විලාශය හොඳ නෑ කියලා.. ඇත්තටම ඒ ගැන මම තෘප්තිමත් නෑ..

      රජතුමා ප්‍රංශයින්ට භයවුනේ ගිවිසුමේදී ඕලන්දයන් රජුව රැවට්ටුව නිසානෙ..

      "ප්‍රචලිත මතයක් තමයි ඉගුරු දී මිරිස් ගැනීම " ඔබගේ අදහසට එකඟයි.. මම හිතන්නෙත් ඔවුන් කතෝලිකයන්ට දරුණු විදිහට සැළකුවත් ඔවුන් රජු සමඟ සාමයෙන් ඉන්ඩයි බැලුවෙ.. හැබැයි ඔවුන් අනිත් ජාතීන් දෙකටම වඩා කට්ටයෝ හා හීන් නූලෙන් වැඩ දෙන්නෙ කියලා හිතෙනවා..

      හැම ජාතීන් යටතෙම ස්වදේශීකයින්ව තැලුවේ ස්වදේශිකයින්ම තමයි.. අපි ඉතිහාසය පැත්තක තියලා වර්තමානය ගැන කතාකරමුකො.. උදාහරණයකට විදේශීය ආයෝජකයන් මෙරට ඇතිකරපු ආයතනයක් ගමු.. ඒවාවල ඉන්න සේවකයින්ගේ අයිතිවාසිකම් නොදී සේවකයින්ගෙන් වැඩ ගැනීමට කටයුතු කරන්නේ විදේශීය අයිතිකරුවා නෙමේනෙ.. ඔහුගෙන් වාසි ගන්නට බලා ඉන්නා ස්වදේශීය පාලක පැලැන්තිය..

      මම පෞද්ගලිකව හිතන විදිහ කියන්නම්කො.. අපි අපේ පරණ රජවරු අරහෙමයි මෙහෙමයි කියලා පම්පෝරි ගැහුවට ඔවුන් කරලා තියෙන්නෙ තමන් සුර සැප භුක්ති විඳීම... ඒ වගේම ඒවා රජුට හිමිදේවල් විදිහටත් තමුන් දුක් විඳින්නෙ තමුන්ගේ දෛවය නිසා බවත් මිනිසුන්ගේ මනසට කාවද්දලා තියෙනවා.. බලන්ඩකො අදටත් තමුන්ගෙ ගෙදර කන්ඩ බත නැතත් රජ පවුලෙ ඉසුරුමත් බව දැකලා සතුටුවෙන මිනිස්සු නැද්ද කියලා.. ඔව්වා ජාන වලින් එන ඒවාද මන්දා?

      "යුරෝපීය ජාතීන් පැමිනීම ලංකා ඉතිහාසයේ මහා හැරවුම් ලක්ෂයක්" යුරෝපීය ජාතීන් අපේ රට සූරාකෑවා.. ඒක නෑ කියනවා නම් බොරුවක්.. නමුත් ඒ වෙනුවට ඔවුන් යම් යම් හොඳ දේවල් අපිට දුන්නා.. සුද්දා අපිව දාලා යද්දි අපි ආසියාවේ දෙවෙනි හොඳම ආර්ථිකය තිබුන රට.. ඒත් අද අපි ඉන්නේ කොතනද?

      Delete
    2. රජවරු ගැන හරිගෙ මතයට මම එකඟයි.රජකාලයට කවුරුහරි කැමතිනම් ඒ රජවරු ගැන නොදත් අය.කිසිම මානව හිමිකමක් නැති වහලුන් පිරිසක් පාලනය කල කෙනෙක් තමයි රජු කියන්නෙ.ජනතාවට ඔවුන්ගේ ජීවිතවත් දේපොළවත් අයිති නෑ.ඇත්තෙන්ම ඉංග්‍රීසීන් කළ ලොකුම යහපත තමයි මේ රටේ රාජාන්ඩුව අහෝසි කිරීම.එහෙම නොවුනානම් ......,බඩ,....... තිබෙන අපි වගේම මිනිහෙකුට ජාතික ආදායමෙන් ප්‍රතිශතයක් අදටත් වෙන් කරන්න වේවි.ඔහුව කේක් ගෙඩිය වාගෙ වඩම්මන්න වේවි.

      යුරෝපීය ජාතිකයන් ආවෙම සූරාකන්නනෙ .ඒත් ඒ ආගමනයෙන් අපට වක්‍රවාසි ලැබුනා.අපේ සිතිවිලි රටාව පවා වෙනස් වුනා.

      Delete
    3. @ ලියවරුන,

      මට හිතන හැටියට අපේ සාමාන්‍ය ජනතාවගෙන් බොහෝදෙනා රජකෙනෙකු යටතේ පාලනය වෙන්ඩ කැමති බවයි පේන්නෙ.. වසර 2500 ප්‍රෞඩ ඉතිහාසය කියන වැල් බයිලාව ගගහා ඉන්නවා මිසක් ඉස්සරහට කරන්ඩ ඕන දේවල් ගැන එකෙක්වත් හිතන්නෙ නෑ..

      රාජාණ්ඩු අහෝසි කිරීම ගැන නම් ඉංග්‍රීසීන්ට ණයගැතිවෙන්ට ඕනෙ.. මේක දැක්කම නම් සමහරු කියයි 'ඇයි සුද්දගේ රටේ තාම රජගොල්ලො ඉන්නෙ' කියලා..

      Delete
  17. උඩරට යුව රජ මැතිගණ නිතින - සිය නෙත විලස ගුරුකොට අදරින රකින
    ඇත්ත ලියපන්.. බොරුවෙන් වහන්න එපා!!

    නරේන්ද්‍රසිංහ රජු සෙල්ලක්කාරයෙක් විය. බෞද්ධ භික්ෂූන් ට වඩා මේ මිෂනාරීන්ට හිතවත් කමක් දැක්වූ ඔහු හඟුරන්කෙත මාළිගයේ වාසය කරන සමයේ දී ජුසේ වාස් හඟුරන්කෙතට කැඳවා මාළිගය අසලින්ම තබා ගැන්මට පවා උත්සාහ දැරීය. එසේම නිරන්තරයෙන් මේ පූජක වරුන් හා කැල්වින් පූජකවරුන් රජ සභයට කැඳවා ඔවුන් අතර විවාද පවත්වා කතෝලික පක්ෂය ජය ලැබීම සිදු වන විට ඊට සහාය පළ කරමින් සතුට පළ කළ බව පැවසේ. ජුසේ වාස් සිය බ්රාකහ්මණ මූලය පදනම් කරගනිමින් මායා කරුවෙකු ලෙසට පමණක් නොව ස්ත්රී න්ට දරු සම්පත් ලබා දෙන වඳ ස්ත්රී්න්ට දෙවියන්ගේ වරමින් දරු ගැබ් ඇති කරන විස්මිත පුද්ගලයෙක් ලෙසට ද මේ කාලයේ ප්රසසිද්ධ විය.
    පනය මන්නාරම ආදී පෙදෙස් වල කතෝලික ආගම පවත්වා ගෙන යෑමට ජුසේවාස් දැමූ අඩිතාලම නිසා දෙමළ කතෝලිකයන්ට රාජ්යද සේවයේ ඉහළ තනතුරු පවා හිමි වුණි.

    ඊළාම් රාජ්‍ය පිලිබඳ සංකල්පය දෙමල ජාතිවාදීන්ගේ නිර්මාණයක් වුවද එය සාර්ථක කරලීමට පසුබිම සකස් කරන ලද්දේ ද්‍රවිඩ පූජකවරුන්ය. උතුරු පළාත කතෝලික සේවාදායක රාජ්‍යයක් කරගැනීමේ පිපසාවෙන් පෙළුණු ඔවුහු ප්‍රභාකරන් ලවා එය ඉටු කරගැනීමට මාන බැලූහ. එය සාර්ථක නුවූ තැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පෙත්සම් ඉදිරිපත් කරමින් රාජද්‍රෝහී කුමන්ත්‍රණ වල යෙදුණහ. යුද්ධය හමාර වූවායින් පසු උතුරේ පදිංචි වීමට රිසි සේ සිංහලයන්ට ඉඩ නොදීමත්, රායප්පු ජෝශප් වැනි පූජකයන් පෙරටුකර සිය අතීත අරමුණු ඉටු කරගැනීම මේ බෙදුම්වාදීන් ගේ අරමුණයි.

    1710 වසරේ දී සිය අවසන් ලිපිය ගෝවට යොමු කරමින් ප්ර කාශ කර සිටියේ සිය දූත කාර්යය ඉතා සාර්ථක බවයි. 1705 වර්ෂයේ දී ජුසේ වාස් ගේ ඇරයුමින් මෙහි පැමුණු ගොන්සාල්වේස් නම් පූජකවරයා ජුසේ වාස් ගේ කටයුතු ඉදිරියට ගෙන යමින් බුදුදහමට විරුද්ධව පොත් පවා රචනා කරන්නට විය. දේව වේද පුරාණය, දේව නීති විසර්ජනය, වේදකාව්යොය ඔහු විසින් රචනා කරන ලද පොත් පත් වෙයි. නරේන්ද්ර සිංහ රජුගේ කාලයේදී උභය විහාරයේ විරෝධතාවය වැලිවිට හිමියන්ට එල්ල විය.

    එයට හේතුව වැලිවිට සිල්වත් සමාගම යනුවෙන් ප්රදසිද්ධ වූ කණ්ඩායම මහා විහාරයට ගරු සරු නොදැක්වීමයි. මේ අවස්ථාවෙන් ප්ර්යෝජනය ගත් ගොන්සාල්වේස් කොළඹ ප්රරධාන කතෝලික දේවගැති හා රහසේ මන්ත්රසණය කොට වැලිවිට හිමියන් ඝාතනය කරලීම සඳහා කාපිරි මිනිසුන් කීප දෙනෙකු නුවරට ගෙන්වා ගත්තේය.

    මන්දාරම් පුවතේ පැහැදිලිව කියනවා මෙයාගේ පැටිකිරිය..

    සරණංකර බිදන් හෙරණිඳු ගුණ නදන- වසදී නසනු වස් යෙදි කාපිරි දුදන
    දෙව් ගැතිගෙන් මහත් අල්ලස් ලබා ගෙන- සරණංකර හෙරණිඳු මරණ ලෙසින
    විස දීමට ආමුයි උන් කී බැවින - පසු දින යැවූ නරනිඳු වෙත උන් සදෙන

    http://si.wikibooks.org/wiki/%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A_%E0%B6%B4%E0%B7%94%E0%B6%BB_%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD-%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92_%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA

    ReplyDelete
  18. මම් බොරු ලිව්වෙ නෑ. දන්න දේයි ලිව්වෙ.

    ඔබ ලිව්ව ඉතිරි කාරණා ගැන තර්ක කරන්න යන්නේ නෑ. ඔබේ මතයක් විදිහට ඒ ටික තිබිච්චාවෙ.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...